ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, August 31, 2017

ඒ.එස්.පී ලියනගේ වැනි සාමාන්‍ය දැනීමක් පවා නැති පුද්ගලයෙකු කටාර්හි තානාපති ලෙස පත් කළේ අපගේ අභිමානය විනාශ කිරීමට ද?

රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳව කිසිදු අත්දැකීමක් නැතිවා පමණක් නොව සාමාන්‍ය දැනීමක් වත් නැති ඒ.එස්.පී ලියනගේ  වැනි පුද්ගලයෙකු කටාර්හි තානාපති වරයා ලෙස පත් කෙළේ ශ්‍රී ලාංකිකයන් හැටියට රැකගත් තමන්ගේ අභිමානය විනාශ කිරීමටදැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  වෙත  ලිපියක් යවන කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකිකයෝ විමසති. ලංකානිව්ස් වෙතද එම ලිපියේ පිටපතක් සපයා ඇති අතර එම සම්පූර්ණ ලිපිය පහත දැක්වේ. 

ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජය
ශ්‍රී ලංකාව
කටාර්හි අපගේ ශ්‍රී ලාංකික පාසල සහ තානාපති කාර්යාලය අතර හටගෙන ඇති අර්බුදකාරි තත්වයේ සත්‍ය ඔබවෙත පැහැදිලි කිරීම සඳහා මෙම ලිපිය ඔබවෙත යොමුකිරීමට තීරණය කෙළෙමු.
ශ්‍රී ලංකා දරුවන්ගේ හැඳුනුම සහ ඔවුන්ගේ මතු ජාතික මමත්වය සඳහා ශ්‍රී ලංකා පාසැලක් බිහි වුයේ 2001 වසරේ දරුවන් 14 දෙනෙකිනි.
එයට අනුග්‍රාහකත්වය සැපයීමට ෆිර්දෝනි නම් කටාර්හි වැදගත් මහත්මයෙක් ඉදිරිපත් වුයේ එවකට කටාර්හි විසූ ඉතා සුළු පිරිසක්වූ ශ්‍රී ලාංකික ප්‍රජාවට සත්කාර ක්‍රියාවක් සඳහාය.
පාසලට වසර දහසයකට ආසන්න වන අද වන විට, එම‍ පාසල ශ්‍රී ලාංකික පවුල් සිය ගණනින් එක් කරමින් ලාංකික දරුවන් දහසකට අධික ප්‍රමාණයක් ඉගෙනුම  ලබනා තක්සලාවකි. එපමනක් නොව අද එය ඉතා හොඳ අධ්‍යාපනයක්‍ ලබාදෙන, සෑම වසරකම ඉතා හොඳ ප්‍රතිපල ලබාගන්නා පාසලක් බවට සමාජයේ පිළිගත් සහ එම පිළිගැනුම ඒ ආකාරයෙන්ම පවත්වා ගන්නා පාසැලකි.
අද වනවිට අපගේම තානාපති කාර්යාලය කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවටත් මෙම පාසලේ බාරකාර මණ්ඩලයටත්, ඔවුන්ට සහය දෙන්නන්ටත්  ජනාධිපති සහ තානාපති බලතල පාවිච්චි කරමින් නින්දා අපහාස කරන්නේ ඔබේ අනුදැනුම ඇතිවදැයි යන්න අපට තවම තේරුම් ගත නොහැක.  එය එසේ වන්නේ ගරු තානාපතිතුමා නිතරම " ජනාධිපතිගේ උපදෙස් පරිදි" යන්න නිතරම පවසන නිසාය.
කටාර් තානාපති කාර්යාලයේ වෙබ් අඩවිය තවදුරටත් ශ්‍රී ලංකාව පිළිබඳව‍ ලෝකයාට අවබෝධයක් ලබාදෙන වෙබ් අඩවියක් නොවේ. එය දැන් යොදා ගන්නේ ශ්‍රී ලාංකිකයන්ට ප්‍රසිද්ධියේ තර්ජන එල්ල කිරීමටය. මෙසේ එම වෙබ් අඩවිය මෙවන් කාර්යන්ට යොදා ගැනීමෙන් ශ්‍රී ලංකාවට සහ සමස්ත ශ්‍රී ලාංකිකයන්ට වන හානිය බාලයෙකු මෙන් හැසිරෙන ගරු තානාපතිට තේරුම් ගත නොහැකි බව අපට වටහා ගත හැක. පළමුව එය එතුමාට වටහා දීමට කටයුතු කරන්නේ නම් ඔබට බොහෝ කෘතඥ වෙමු.
මෙම පාසැල පිළිබඳව තානාපතිගේ සහ ශ්‍රී ලංකා රජයේ ඇති දැක්ම අපට තවම පැහැදිලි නැත. නමුත් තානාපතිගේ හැසිරීමෙන් අපට වැටහෙන්නේ,
1. දේශපාලනීකරණයට මෙම පාසැල ලක් කිරීම.
2. ආගමික සහ පටු අන්තවාදී අවශ්‍යතාවයන් මුල් කර ගැනීමට, සමගිව සිටි අප ප්‍රජාව බේද කිරීම.
3. හොඳින් පාලනය වූ පාසලේ දරුවන්ගේ ප්‍රතිපල තේරුම් නොගත් නවක ශ්‍රී ලාංකිකයන් එහි පරිපාලනයට දැමීම මගින් පාසැල පරිහානියට පත් කිරීම.
4. පාසැලේ වර්තමාන පාලකයන්ගේ කීර්ති නාමය හා අභිමානය මගින් බලධාරීන්ගේ හීනමානයට බලපෑම් වූ නිසා, පෙරලා එම ප්‍රභූන්ගේ කීර්ති නාමයට හානි සිදු කිරීම. 
5. පාසැලේ අභිවෘධියට වෙන්කර ඇති මුදල් තානාපති අනසකට යටත් කිරීමෙන්, සමාජ ව්‍යවසාය දායකත්වය වෙනුවට පෞද්ගලික බලාපොරොත්තු ඉටු කර ගැනීම.
6. පාසැලේ දුෂ්කර කාල වකවානුවල එයට සම්බන්ධ නොවුනු ව්‍යාපාරිකයන් සහ තානාපති කාර්යාලයේ සේවකයින් විසින් මෙම තානාපතිතුමන් අතකොළුවක් කරගෙන එකට එකතුවී සිටින්නේ, මෙතෙක් කලක් තමන්ගේ සමාජීය යුතුකම ඉටුනොකර සිට, දැන් කුඩා දරුවෙකු මෙන් හැසිරෙන තානාපතිතුමාව මෙහෙයවීම මගින් මෙම පාසැල තමන්ගේ පැවැත්මට කතිකාවත සහ ජීවිකාව කරගැනීමටය.
 ජනාධිපති, කරුණාකර මෙම ඉල්ලීම් අපගේ තානාපති ට පිළිතුරු ලබා දීම පිණිස යොමු කරන්න.
අ) නව ලාංකික පාසලක් ගොඩනගා ශ්‍රී ලාංකික දරුවන්ට වැඩිපුර අධ්‍යාපන අවස්ථාවන් උදාකර දීම. පාසල් අතර තරඟකාරීත්වයක් ඇතිකිරීමෙන් දරුවන්ට සියලු පහසුකම් සහිත උපරිම මට්ටමේ අධ්‍යාපනයක්‍ ලබා දීමට කටයුතු කිරීම.
ආ) මෙම දරුවන් මෙහි උසස් අධ්‍යාපනය සම්පුර්ණ කල පසු ඔවුන්ට ලංකාවේ විශ්ව විද්‍යාලවලට ඇතුලත්වීමේ පහසුකම් ලබාදීම.
ඇ) තානාපති කාර්යාලයට සහ ශ්‍රී ලාංකිකයන්ට මෙරටේදී නීතිය සහ තමන්ගේ අයතීන් පිලිබදව උපදෙස් ලබා දියහැකි නීතිඥ මහතෙක් පත්කිරීම.
ඈ) විවිධ චෝදනාවන්ට ලක්ව මෙහි සිරගතව සිටින්නන්ට අවශ්‍ය නීති සහය ලබාදී, ඔවුන්ව නිදහස්කර ගැනීම හෝ හැකි පමණ ඉක්මනින් ලංකාවට යැවීමට කටයුතු සම්පාදනය කිරීම.
ඉ) තානාපති කාර්යාලයේ සේවකයින් සඳහා රජයෙන් ලබාදී ඇති විනෝද දීමනා, දිනපතා ව්‍යාපාරිකයන්ට මත්පැන් සාද සහ පැදුරු සාජ්ජ දැමීමට වැය නොකර විවිධාකාර ප්‍රශ්නමත තානාපති කාර්යාලයේ පිළිසරණ පතා පැමිණෙන අසරණයන්ට පිහිටක් වීමට යෙදවීම.
ඊ) එතුමා කළ පැමිණිල්ල මත මෙරටේ අධ්‍යාපන කමිටුව පාසැල සම්බන්ධයෙන් කළ පරීක්ෂණයේ සම්පූර්ණ වාර්තාව ජනතාවට දැනගැනීම පිණිස එළිදැක්වීම.
උ) මාධ්‍යවේදින් දුටු පමණින් බොරු ගොතා කීමේ පුරුද්දෙන් මිදීම. (මෙයට සාක්ෂි එතුමාගේම තානාපති වෙබ් අඩවිය ලබාදේ.)
අගෝස්තු 24 වැනි දින එතුමාගේ අත්සනින් යුතුව නිකුත් කර ප්‍රසිද්ධකර ඇති  ලිපියේ දැක්වෙන්නේ "පාසැල අධීක්ෂණය කිරීමට මෙරටේ අධ්‍යාපන කමිටුව අගෝස්තු 26 වැනි දින පැමිණෙන බවත් පාසැල අගෝස්තු 27 වැනි දින  අනිවාර්යෙන්ම නව වාරය සඳහා ඇරඹිය යුතු බවයි.
නමුත් අද කොළඹදී ගරු නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යය හමුවීමෙන් අනතුරුව පිටතට පැමිණෙන එතුමා මාධ්‍යවේදින් දැක අමන්දානන්දයට පත්ව පවසන්නේ "එතුමා දින දහයකට පෙර, පාසැල බාරගත් බවත්, මෙම දින දහය තුල  එතුමා පාසලට විද්‍යාගාරයක් සාදවා වායුසමීකරණ සියල්ලම අලුතෙන් සවිකළ බවයි. එසේම පාසැල සැප්තැම්බර් 10 වැනි දින නැවත අරඹන බවයි".
(මෙසේ පවසද්දී එතුමාගේ මුහුණ වෙනස්වන සැටි හොඳින් නිරීක්ෂණය කරන්න)
මෙවන් මුසාවාද සාමාන්‍ය කෙනෙක් කියනවානම් අපට සමාව දියහැකි නමුත් මෙවන් වගකිවයුතු තනතුරක් දරන්නෙක් මෙසේ කීම කෙතරම් සුදුසුද?
විශේෂයෙන්ම නිසි ප්‍රතිපත්තියක් හෝ සමාජය තුල පිළිගැනීමක් නොමැති, එමෙන්ම රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳව කිසිදු අත්දැකීමක් නැති   මෙවන් පුද්ගලයන් තානාපති තනතුර වැනි ගරු කටයුතු තනතුරු වලට පත්කිරීමෙන් ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද?
රටක තානාපති කාර්යාලයක වෙබ් අඩවියක වටිනාකමවත් වටහා ගැනීමට  තරම් සාමාන්‍ය දැනීම නැති එතුමා මේ කිරීමට සුදානම් වන්නේ මෙතෙක් කලක් මෙරටේ ශ්‍රී ලාංකිකයන් හැටියට අප රැකගත් අපගේ අභිමානය විනාශ කිරීමටද?
මෙය එතුමාට තේරුම් ගැනීමට නොහැකි වුවාට, ඔබතුමාට තේරුම් යන බවට අපට සැකයක් නොමැත.
එම නිසා අප ඔබතුමාගෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටින්නේ තානාපතිට අපගේ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය සහ අභිමානය විනාස කිරීමට ඉඩ නොදී මෙම ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන ලෙසයි.
ස්තුති,
මෙයට අවංක,

කටාර්හි ශ්‍රී ලාංකිකයන්

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.