ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, August 11, 2017

කීර්තිමත් හොරාගේ තාවකාලික නික්ම යාම...!!!

නව දේශපාලන සංස්‌කෘතියක්‌
වෙනුවෙන් තනතුර කැප කරනවා

කරුපයියාගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්‌....


ශ්‍රී ලංකාවේ නව දේශපාලන සංස්‌කෘතියක්‌ වෙනුවෙන් තම තනතුර කැප කරන බව පවසමින් විදේශ ඇමැති රවි කරුණානායක ඊයේ (10 දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්‌ කර විදේශ කටයුතු ඇමැති ධුරයෙන් ඉල්ලා අස්‌වූවේය.

* දුකකින් නොවේ තීරණය ගත්තේ ආඩම්බරයෙන්
කිසිදු දුකකින් හෝ කම්පාවකින් හෝ නොව ආඩම්බරයෙන් යුක්‌තව මෙම තීන්දුව ගත් බව පවසමින් කරුපයියා විශේෂ ප්‍රකාශය අවසන් කර ඉදිරි පෙළ අසුනේ සිට පසු පෙළ අසුනකට ගොස්‌ අසුන් ගත්තේය. සිය ලිපි ගොනු ද රැගෙන කරුපයියා පසු පෙළ අසුන වෙත යද්දී ආණ්‌ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරුන් අත්පොළසන් දෙමින් ප්‍රසාදය පළ කරද්දී විපක්‍ෂයේ මන්ත්‍රීවරු ඝෝෂා කළහ.


කරුපයියා සිය විශේෂ ප්‍රකාශය කරද්දී විපක්‍ෂයේ මන්ත්‍රීවරු විටින් විට ඝෝෂා කරන්නට වූහ.
කරුපයියාගේ කතාවෙන් පසුව අගමැතිවරයා ද ඒ පිළිබඳ කතා කළේ විපක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ ඝෝෂාව මැද්දේය. අගමැතිවරයා කළ ප්‍රකාශයෙන් පසුව විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන්  ද
කරුපයියා ගත් පියවර අගයමින් ප්‍රකාශයක්‌ කළේය. සම්බන්ධන්  කතා කර සිය අසුනේ හිඳගත් අවස්‌ථාවේදී දිනේෂ් ගුණවර්ධන සම්බන්ධන්ට දොස්‌ නගමින් ඒ අසලට එද්දී ආණ්‌ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු ඝෝෂා කරමින් සභාව මැදට පැමිණීමට උත්සාහ කළහ.

කරුපයියා ඉල්ලා අස්‌වෙමින් සභාවේ කළ කතාව මෙසේය.වීඩියෝව

පසුගිය දින කීපයේ ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා මා සම්බන්ධයෙන් විවිධ ප්‍රවෘත්ති පළ වුණා. අදහස්‌ හුවමාරු වුණා. පාර්ලිමේන්තුවේදීත්, මන්ත්‍රීවරුන් යම් යම් මත පළ කළා. මට විරුද්ධව විශ්වාස භංග යෝජනාවකුත් භාරදී තිබෙනවා. ඒ නිසා මම හිතුවේ මේ ගරු සභාවට කරුණු පැහැදිලි කිරීමක්‌ කරන්නයි.

කොළඹ 03 මොනාක්‌ නිවාස සංකීර්ණයේ නිවසක මා පදිංචි වී සිටීම පිළිබඳව ප්‍රශ්නයක්‌ මතුවුණා. ඒ නිසා බැඳුම්කර කොමිසම හමුවේ මම කරුණු ඉදිරිපත් කළා. ඉතින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ හා වගකිවයුතු ඇමැතිවරයෙක්‌ හැටියට මේ ගරු සභාව ඉදිරියේ කරුණු පැහැදිලි කිරීම හා මගේ ස්‌ථාවරය ප්‍රකාශ කිරීම වැදගත් යෑයි මා සිතුවා. මම මුලින්ම මේ පිළිබඳ සත්‍ය කරුණු මේ ගරු සභාව ඉදිරියේ පැහැදිලි කරන්නම්.

අප පදිංචි වී සිටි බත්තරමුල්ලේ නිවාසයේ අලුත්වැඩියා කටයුතු නිසා, වෙනත් නිවසකට යැමේ අවශ්‍යතාවයක්‌ මතුවී තිබුණා. මට නිල නිවාසයක්‌ ද තිබුණේ නෑ. ඒ නිසා පවුලේ උදවිය වෙනත් නිවාසයක්‌ සෙව්වා. නහිල් විෙ-සූරිය මහතාගේ දියණියට අයත් නිවාසයක්‌ ලැබුණ බව අපේ පවුලේ අය මට පැවසුවා. අප ඒ නිවසේ පදිංචියට ගියා.

නහිල් විජේසූරිය මහතාගේ දියණිය මගේ දියණියගේ පාසල් මිතුරියක්‌. නමුත් ඇය දේශපාලනඥයකුගේ නමට නිවස බදු දීමට අකමැති වී තියෙනවා. ඒ නිසා මේ දෙදෙනාගේම පාසල් මිත්‍රයෙක්‌ වූ අර්ජුන් ඇලෝසියස්‌ගේ සමාගමක්‌ වෙත මේ නිවස බදු දෙන ලෙස මගේ දියණිය යෝජනා කළා. ඒ සමාගමේ නමට නිවස බදු දුන්නා. අපේ දියණිය බදු මුදල් ඒ සමාගමට ප්‍රතිපූර්ණය කළා.

පසු කලෙක නිවස විකුණා දැමීමට හිමිකාරිය තීරණය කළ නිසා අපේ පවුලේ සමාගමක්‌ විසින් එය මිලදී ගත්තා. ඒ සඳහා සෙලාන් බැංකුවෙන් ණය මුදලක්‌ ලබා ගත්තා.  - CRDරැ2016 - 1535 29S 2016 දරන එම ණය මුදල සම්බන්ධ ලේඛන මම සභාගත කරනවා.

* නිවස බදු ගැනීම ගැන සැඟවීමට කිසිවක්‌ නෑ

මේ ණය වාරික ගෙවීම් සමාගම වෙනුවෙන් සිදු කළේ සමාගමේ සභාපතිවරයායි. මේ සියලු ගෙවීම් සමාගමේ ගිණුම් ගත වී තියෙනවා.

මේ ක්‍රියාදාමය පිළිබඳ සැඟවීමට කිසිවක්‌ නැහැ. සවිස්‌තර තොරතුරු අවශ්‍ය අධිකාරීන් වෙත, අවශ්‍ය අවස්‌ථාවන්හි ලබා දීමට අපට පුළුවන්.

ගරු කථානායකතුමනි,

මම දේශපාලනයට පිවිසුණේ අපේ රටේ හිටපු ශ්‍රේෂ්ඨ දේශපාලන නායකයකු වූ ලලිත් ඇතුළත්මුදලි මහතා සමඟ තිබුණු සමීප ඇසුර නිසයි. එතුමාත් දේශපාලනයෙන් හම්බකරපු කෙනෙක්‌ නෙවෙයි. ඒත් එතුමාටත් නැව් ගිලපු ලලිත් කියමින් අපහාස කළා. චෝදනා කළා. නමුත් කාලයත් සමඟ ඒ චෝදනා සියල්ල බොරු බව ඔප්පු වෙලා තියෙනවා. එතුමාගේ ඇසුර නිසා දේශපාලනයට අවතීර්ණ වෙත්දී මම සාර්ථක ව්‍යාපාරිකයෙක්‌. මම මගේ පුද්ගලික මුදල් දේශපාලනය නිසා නැති කරගත්තා මිස, දේශපාලනයෙන් මුදල් හම්බ කළේ නැහැ.

නීති විරෝධී ලෙස හෝ අනිසි ලෙස හෝ නිවසක්‌ ලබාගැනීමට තරම් අවශ්‍යතාවක්‌ මට නැහැ. මේ සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු බොහෝ දෙනෙක්‌ මගේ බත්තරමුල්ලේ නිවසට පැමිණ තියෙනවා. අපේ පැත්තේ මන්ත්‍රීවරු විතරක්‌ නොවෙයි. අනික්‌ පැත්තේ අයත්. විවිධ දේශපාලන සාකච්ඡාවලට ආවා. හිතවත්කමට ආවා. කාලා බීලා සතුටු වෙන්නත් ආවා. පක්‍ෂ මාරු කරන්නත් ආවා.

* නීති විරෝධීව මුදල් උපයා නෑ

ඒ ආපු හැමෝම මගේ වත්කම් ගැන දන්නවා. මම නීති විරෝධී විදියට මුදල් හම්බ කරලා නැති බවත් දන්නවා. මගේ ව්‍යාපාරික කටයුතු සඳහා කිසිම අවස්‌ථාවක දේශපාලන බලය පාවිච්චි කරලා නැති බවත් දන්නවා. මම දේශපාලනයෙන් මුදල් හම්බ කරලා නැති බව, මට විරුද්ධ විශ්වාස භංග යෝජනාව අත්සන් කරපු හුඟක්‌ අය පුද්ගලිකවම දන්නවා.

ගරු කථානායකතුමනි,

ඉස්‌සර ඇමැතිවරයෙක්‌ තියා ඇමැතිවරයකුට ගෑවුණු කෙනෙක්‌වත් කොමිෂන් ඉස්‌සරහට කැඳවලා නෑ. බලයෙන් ඔළුව පුම්බාගත්තු ඇමැතිවරු ඒ කාලයේ හැසිරුණු ආකාරය අපි දන්නවා. අගමැතිවරු කටයුතු කරපු හැටි අපි දන්නවා. ජනාධිපතිවරු කටයුතු කළේ රජවරු වගෙයි. ඒ අය තවමත් නීතියට මුවාවෙන්න උත්සාහ කරනවා.

* නීතියට ගරු කරනවා

අපි එහෙම නෑ. අපි නීතියට ගරු කරනවා. යුක්‌තියට හිස නමනවා. බැඳුම්කර කොමිසම වෙත සාක්‍ෂිකරුවන් ලෙස ගිහින් සාක්‍ෂි ලබාදී මා පෙන්නුම් කළේ ඒ නව දේශපාලන සංස්‌කෘතියයි. නව දේශපාලන සදාචාරයයි.

බැඳුම්කර කොමිසම පත් කළේ බැඳුම්කර නිකුත් කිරීමේ දී සිදුවූ කරුණු පිළිබඳව සොයා බලන්නයි. නමුත් දැන් ප්‍රසිද්ධ සංවාද පැවැත්වෙන්නේ පුද්ගලික සමාගම් හා නිවාස බදු දීමේ ප්‍රශ්නයක්‌ ගැනයි.

බැඳුම්කර කොමිසමේදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මගෙන් ප්‍රශ්න කළ ආකාරය පිළිබඳ අවස්‌ථා කීපයකදීම විනිශ්චයකාරවරුන් මැදිහත් වුණා. ඔහුට අවවාද කළා. කොමිසමේ විනිශ්චයකරුවන් මැදිහත් හා අපක්‍ෂපාතී ලෙස කටයුතු කොට සත්‍ය සොයා ගන්නා බව මට විශ්වාසයි.

අතිරේක සොලිසිටර් ජනරාල්වරයාගේ හැසිරීම ගැන හෝ වෘත්තීය නිපුණත්වයේ අඩුපාඩු ගැන හෝ මම මෙතන කතා කරන්න යන්නේ නෑ. ඔහු ඒ තරමටම ආවේගශීලීව හැසිරීමට හේතුව අපට ළඟදීම හෙළිදරව් වේවි. උසස්‌වීම් ලබා ගැනීමේ තරගයක ප්‍රතිඵලයක්‌ වෙන්නත් පුළුවන්. නැත්නම් වෙනත් හේතුවක්‌ වෙන්නත් පුළුවන්.

නමුත් මම මෙතන අවධාරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙන කරුණක්‌.

රජයේ නීතිපති දෙපාර්තමේන්තුවට, තමන්ගේම රජයේ ඇමැතිවරයෙක්‌ව ආවේගශීලීව වුණත් ප්‍රශ්න කරන්න පුළුවන් නිදහසක්‌ අද තියෙනවා. එදා ඇමැතිවරයෙක්‌ව ප්‍රශ්න කරන්න තියා ඇමැතිවරයෙක්‌ සම්බන්ධ ෆයිල් එකක්‌ ඇරලා බලන්නවත් නීතිපති දෙපාර්තමේන්තුවට නිදහස තිබුණේ නෑ. ශක්‌තිය තිබුණේ නෑ.

අනික්‌ අතට, මේ අවස්‌ථාවේ පිටු 8803 ක්‌ පැය 48 ක පමණ කෙටි කාලයක්‌ තුළ විමර්ශනය කරන්නට නීතිපති දෙපාර්තමේන්තුව සමත් වුණා. එය යහපත් ලක්‍ෂණයක්‌.

* නීතිපති දෙපාර්තමේන්තුවේ මේ කාර්යක්‍ෂමතාව ඉදිරියටත් අවශ්‍යයි.

අප නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ රටට ලබා ගන්නා ණය ආධාර සම්බන්ධයෙනුත් ඒ ආකාරයෙන්ම කඩිනමින් ක්‍රියා කරන ලෙසයි. යහපාලනය වෙනුවෙන් රජය ගෙන එන පනත් පිළිබඳවත් ඒ ආකාරයෙන්ම කඩිනමින් ක්‍රියා කරන ලෙසයි. කලින් රජයේ මැති ඇමැතිවරුන්ගේ දූෂණ හා වංචා සෙවීම සම්බන්ධ කාර්යයන්හිදීත් මේ කාර්යක්‍ෂමතාව පවත්වාගෙන යන ලෙසයි. පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය විසින් පරීක්‍ෂණ පවත්වා අවසන් කර නීතිපති දෙපාර්තමේන්තුවට ලබා දී ඇති ලිපිගොනු 87 සම්බන්ධයෙන් ද මේ ආකාරයෙන්ම කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

ගරු කථානායකතුමනි,

මම එක්‌සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් අවුරුදු 32 ක්‌ තිස්‌සේ වෙහෙසුණා. පක්‍ෂයේ දුෂ්කර කාලයන්වලදී ඒ අභියෝගයන්ට මුහුණ දුන්නා. මගේ පුද්ගලික අභිලාශයන් සියල්ල පක්‍ෂය වෙනුවෙන් කැප කළා. ඒ නිසාම මට ජීවිත තර්ජන ආවා. මට බොරු චෝදනා එල්ල කරමින් නඩු පැවරුවා. මාව අත්අඩංගුවට ගන්න උත්සාහ කළා. විදේශ විනිමය නඩුවකට මාව පටලවා අවුරුදු 10 ක්‌ තිස්‌සේ නඩුව ඇහුවා. අන්තිමේදී මාව නිදොස්‌ කොට නිදහස්‌ කළා. ඒ නඩුවෙන් චෝදනා ලැබූ රා- රාජරත්නම් මහතා ළඟ සේවය කළ ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා අද මහ බැංකුවේ අධිපති. මා මේ කරුණු කියන්නේ විපක්‍ෂයේ දී අපව දේශපාලන පළිගැනීම්වලට ලක්‌ කළ බව පෙන්වා දෙන්නයි. ඒ කාලේ දේශපාලන වශයෙන් පළිගත්තා. දැන් චරිත ඝාතනය කරනවා.

ඒ කාලයේ පීඩනයට පත් කළේ මාව විතරක්‌ නොවෙයි. අංශභාගය සැදී අසනීපයෙන් සිටි මගේ අම්මා ට මිනී ඔළු එව්වා. බිරිඳ සහ දරුවන්ට මිනිස්‌ අතපය එව්වා. ඒ සියලු දෙනා භීතියට පත් කෙරෙව්වා. ඒ සියල්ල මැද මම එක්‌සත් ජාතික පාක්‍ෂිකයන් වෙනුවෙන් මගේ සේවය අකුරටම ඉටුකළා. පක්‍ෂය දෙකඩ කරන උත්සාහයන් වැළැක්‌වූවා. නායකත්වය වෙනස්‌ කිරීමේ කුමන්ත්‍රණ පරාජය කළා. පක්‍ෂයත්, පක්‍ෂ නායකතුමාත් ආරක්‍ෂා කළා.

* පක්‍ෂයත් පාක්‍ෂිකයාත් නායකයාත් රකිනවා

මම ඒ ප්‍රතිපත්තිය වෙනුවෙන් දිගටම පෙනී සිටිනවා. අපේ පාක්‍ෂිකයාත්, පක්‍ෂයත්, පක්‍ෂ නායකත්වයත් ආරක්‍ෂා කරනවා. එතනදී මගේ පුද්ගලිකත්වයට වඩා පක්‍ෂය ගැන හිතනවා. රට ගැන හිතනවා.

2015 ජනාධිපතිවරණයේදී රාජපක්‍ෂ පාලනය පරාජය කිරීමට සියලු ප්‍රගතිශීලී බලවේග එක්‌විය යුතු බව අප විශ්වාස කළා. පොදු අපේක්‍ෂකයකු ඉදිරියට ගෙන ආ යුතු බව අප පැවසුවා. මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයා ලෙස නම් කළ අවස්‌ථාවේ ජනාධිපතිවරණය සඳහා හංසයා ලාංඡනය ලබා දුන්නේ ද මමයි. ඒ සියල්ල කළේ රටේ අනාගතය වෙනුවෙනුයි.

ගරු කථානායකතුමනි,

දැන් මට මගේ ස්‌ථාවරය ප්‍රකාශ කිරීමට අවසර දෙන්න.

මම මගේ අමාත්‍ය ධුරය පාවිච්චි කළේ ජනතාවට සේවය කරන්නයි. අවුරුදු 20 ක්‌ පමණ තිස්‌සේ විවිධ අසාධාරණයන්ට ලක්‌වුණු අපේ පාක්‍ෂිකයන්ට සාධාරණය ඉටුකරන්නයි. රට වෙනුවෙන් හරි දේ කරන්නයි. පැය 24 ම මගේ දුරකථනය විවෘතව තිබුණු බව මේ සභාවේ ඉන්න පක්‍ෂ, විපක්‍ෂ සැවොම දන්නවා. මම තනතුර පාවිච්චි කළේ සේවය කරන්න මිස බලය හා වරප්‍රසාද භුක්‌ති විඳින්න නොවෙයි.

* තනතුරු මැති ඇමැතිකම් තාවකාලිකයි

මේ තනතුරු, මැති ඇමැතිකම්, බලය ආදිය තාවකාලිකයි. සදාකාලික වන්නේ අප කළ සේවයයි. අපගේ ගුණයහපත්කමයි. අපගේ අවංක කමයි. නමුත් මේ බව බොහෝ දෙනෙක්‌ වටහා ගන්නේ නෑ. ඔවුන් තනතුරු සදාකාලික බව සිතනවා. බලය සදාකාලික බව සිතනවා. ඒ නිසා බලයෙන් පහ වුණාට පසුවත් බලය පිළිබඳවම සිහින මවනවා. බලය ලබා ගැනීම සඳහා ඕනෑම බාල වැඩක්‌ කරනවා. තමන්ට බලය ලැබෙනවා නම් රටට හෙණ ගැහුවත් ඔවුන්ට කමක්‌ නෑ.

නමුත් ජනවාරි 08 වැනිදා විප්ලවයෙන් අප වෙහෙසුණේ ඊට වඩා වෙනස්‌ සමාජයක්‌ බිහිකරන්නයි. මට එල්ල කරන චෝදනාවන්ට කිසිම පදනමක්‌ නෑ. ඒ කිසිවකට මා සම්බන්ධ නැහැ. නමුත් සමහර කණ්‌ඩායම් සහ මාධ්‍ය දැනටම මා වැරැදිකරුවෙක්‌ කර තියෙනවා. පසුගිය දින දහය දොළහ තුළ අපේ ජනමාධ්‍ය මා සම්බන්ධව කටයුතු කළේ ඉතිහාසයේ කිසිම අවස්‌ථාවක කටයුතු නොකළ ආකාරයකටයි. ඔවුන් මාව කුරුසියට දක්‌කා ඇණ ගැසිය යුතු බව පවසනවා. මම ඒවායින් සැලෙන්නේ නෑ. යේසුස්‌ ක්‍රිස්‌තුන් වහන්සේ ට අපවාදවලට මුහුණ දීමට සිදු වුණා. බුදුරජාණන් වහන්සේටත් අපවාදවලට මුහුණ දීමට සිදු වුණා.

අටලෝ දහමට අනුව මෙවැනි අවස්‌ථාවන් හා අභියෝගයන් ඕනෑම කෙනකුගේ ජීවිතවලට එල්ල වෙනවා. ඒ අභියෝගයන්ට මුහුණ දීමේ ශක්‌තිය මට තියෙනවා. නමුත් මට විරුද්ධව ඇති චෝදනා පදනම් කර ගනිමින්, යහපාලන රජය අස්‌ථාවරත්වයට පත් කිරීමේ කුමන්ත්‍රණයක්‌ දියත් වන බව මට වැටහෙනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමේ උත්සාහයක්‌ ක්‍රියාත්මක වන බව මට දැනෙනවා. ජනතාව ප්‍රතික්‍ෂේප කළ අය, දූෂණ හා වංචා චෝදනාවලට ලක්‌වූ අය, අපරාධ සිදු කළ අය, මේ කුමන්ත්‍රණකාරී උත්සාහයන් පිටුපස ඉන්නවා. තමන්ගේ වැරදිවලට ලැබෙන දඬුවම් වලින් ගැලවීම සඳහා ඔවුන් යළි බලය ලබාගැනීමට උත්සාහ දරනවා.

ගරු කථානායකතුමනි,

මේ බලලෝභී අවස්‌ථාවාදී කුමන්ත්‍රණකරුවන්ට එක්‌සත් ජාතික පක්‍ෂය විනාශ කරන්නට ඉඩ දෙන්නට බැහැ. මේ බලලෝභී කුමන්ත්‍රණකරුවන්ට යහපාලන රජය බිඳ දමන්නට දෙන්න බැහැ. මේ කුමන්ත්‍රණකරුවන්ට ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත් ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න දෙන්න බැහැ. ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමයෙන් විනාශ වූ රට යළි ගොඩනැඟීමේ වෑයම දුර්වල කරන්න දෙන්න බැහැ. ඒ නිසා මුළු රටටම ආදර්ශයක්‌ දෙමින්, අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්‌වීමට මම තීරණය කළා.

* ඉතිහාසය සහ කාලය මට හිමි තැන තීරණය කරාවි

ගරු කථානායකතුමනි,

ඉතිහාසය සහ කාලය මට හිමි තැන තීරණය කරාවි.

අපේ පක්‍ෂයේ ප්‍රබලයන් ගණනාවකට මෙවැනි චෝදනා එල්ල වුණා. ශ්‍රීමත් ජෝන් කොතලාවල, ඩඩ්ලි සේනානායක, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, ආර්. ප්‍රේමදාස, ෙ-. ආර්. ජයවර්ධන, මැතිතුමන්ලා සියලු දෙනාටම චෝදනා එල්ල වුණා. නමුත් ඒ සියල්ල පදනම් විරහිත බව ඉතිහාසය ඔප්පු කර තිබෙනවා.

ශුද්ධ වූ කුර්ආනයේ මෙසේ සඳහන් වෙනවා.

"සත්‍යය වසන් කිරීමට කෙතරම් උත්සාහ දැරුව ද, සත්‍යය කිසිවකට යටපත් නොවන්නේය. සත්‍යය වසන් කිරීමට උත්සාහ දරන්නන්ට හිමි වනුයේ අන්ත පරාජයයි."

ඉතිහාසය සහ කාලය මට හිමි තැන තීරණය කරන බව මම පවසන්නේ ඒ නිසයි.

තිරුක්‌කුරල් නම් දෙමළ කාව්‍ය සංග්‍රහයේ මෙහෙම කවියක්‌ තියෙනවා. "සදාචාරාත්මකව නිවැරැදි දේ කරන්න. හැම අවස්‌ථාවකදීම, හැම තැනකදීම."

මගේ ෙච්තනාව නිවැරැදි දේ කිරීමයි මගේ අරමුණ අවංකව සේවය කිරීමයි. කවර චෝදනාවක්‌ එල්ල වුණත්, මම දිගින් දිගටම සත්‍යය වෙනුවෙන් පෙනී සිටිනවා. අපරාධ හා දූෂණ මෙරටින් තුරන් කිරීම වෙනුවෙන් සටන් කරනවා. අපේ පාක්‍ෂිකයන් රැකබලා ගැනීම සඳහා වෙහෙසෙනවා. ජනවාරි 08 වැනිදා විප්ලවයෙන් අප ආරක්‍ෂා කරගත් දේශපාලන හා සමාජ අගයයන් වෙනුවෙන් කැප වෙනවා.

ගරු කථානායකතුමනි,

මම ඉල්ලා අස්‌වීමේ තීරණය ගත්තේ දුකකින් හෝ කම්පාවකින් නොවෙයි. ආඩම්බරයෙන්.

මම මගේ තනතුර කැප කරන්නේ මේ සභාවේ ගරුත්වය වෙනුවෙන්. මම මගේ තනතුර කැප කරන්නේ අපේ පක්‍ෂයට සැබැවින්ම ආදරය කරන මැති ඇමැතිවරු සහ පසු පෙළ මන්ත්‍රීවරු වෙනුවෙන්, කොළඹ දිස්‌ත්‍රික්‌කයේ මගේ ඡන්දදායකයන් වෙනුවෙන්, අපේ පක්‍ෂයට ආදරය කරන සියලු දෙනා වෙනුවෙන්. මම මගේ තනතුර කැප කරන්නේ ශ්‍රී ලංකාවේ නව දේශපාලන සංස්‌කෘතිය වෙනුවෙන්. මම මගේ තනතුර කැප කරන්නේ ශීලාචාර පාලන ක්‍රමයක්‌ වෙනුවෙන්. මම මගේ තනතුර කැප කරන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන්. මම මගේ තනතුර කැප කරන්නේ ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත් යහපාලන සම්මුතිවාදී රජය වෙනුවෙන්. ඒ නිසා මේ තීරණය ගැන ආඩම්බර වෙනවා.

මෙතනදී මගේ බිරිඳ සහ දරුවන් මුහුණ පා ඇති මානසික පීඩනය ගැනත් සඳහන් කළ යුතුයි. අපේ සමහර මාධ්‍යයන් සහ පුද්ගලයන් මගේ බිරිඳගේත්, දූවරුන්ගේත් චරිත ඝාතනය කරනවා. ඔවුන්ටත් පහර ගහනවා. ඔවුන් දැන් ඉන්නේ ඒ සියලු පීඩනයන් හා අපහාස විඳිමින්, ඒ සියල්ල මැදත්, ඔවුන් මට මේ තීරණය ගැනීමට ශක්‌තියක්‌ වුණා. ඒ ශක්‌තිය මට ලබාදීම ගැන, මෙලා ඔබටත්, ඔනෙල්ලා, ෂෙනෙල්ලා, මිනෙල්ලා දියණියන්ටත් ස්‌තුතියි. ඔබ මට හැමදාමත් ආදරෙයි. මගේ ආදරය ඔබ ළඟයි.

ගරු කථානායකතුමනි,

බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ධර්මය අඩංගු ධම්ම පදයේ එක්‌ ගාථාවක මෙසේ දැක්‌වෙනවා. "යමෙක්‌ අනුන්ට ද්වේෂ නොකළ, නිරපරාධ වූ පිරිසිදු පුද්ගලයකුට අපරාධයක්‌ කරයි ද, උඩු හුළඟට දැමූ දූවිල්ලක්‌ සේ, එහි පව එය කළ පුද්ගලයා කරාම එයි." ධම්ම පදයේ තවත් ගාථාවක මෙහෙම සඳහන් වනවා. "ඝන ගල් පව්ව සිව් දිගින් හමන සුළඟින් නොසෙල්වෙන්නේ යම් සේ ද, එසේම නින්දා ප්‍රශංසා දෙකේදි පණ්‌ඩිතයෝ නොසැලෙති."

අන්න ඒ නිසා ම මගේ පක්‍ෂය සහ මගේ රට වෙනුවෙන් මම අද ගත් මේ තීරණය පිළිබඳව මම නැවතත් ආඩම්බර වෙනවා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.