ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, August 19, 2017

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කෝටි 71කට වෙච්ච දෙයක් දන්නේ නෑ

 පට්ට හොරෙකුවූ රවී කරුප්පයියා ගේ නම සඳහන්වූ කෙටි පණිවිඩයක් මාට්ටුවී ඇති අයුරු...
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලාභාංශ අතුරින් රුපියල් කෝටි 71කට අධික මුදලකට සිදුවූයේ කුමක්දැයි තමන්නොදන්නා බව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන බැඳුම්කර කොමිසම හමුවේ  (16දා)පැවසීය.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලාභාංශ අතුරින් රුපියල් කෝටි 71කට අධික මුදලකට සිදුවූයේ කුමක්දැයි නොදැනීම බරපතළ සිද්ධියක් බව දැනුම් දුන් කොමිසමේ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන , සමාගමේ රුපියල් කෝටි 71කට අධික ලාභාංශවලට සිදුවූයේ කුමක්දැයි සොයාබලා වහාම කොමිසමට දැනුම් දීමට නියම කළේය.

2015 පෙබරවාරි මස පළමුවැනිදාත්,2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කරතිබෙන ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි (සභාපති)ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්‍ෂි විභාග කිරීම සිදුකෙරේ.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් පෙනීසිටින ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දුගේ මෙහෙයවීම යටතේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන  සාක්‍ෂි දෙමින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ මූල්‍ය වාර්තා පිළිබඳ කරුණු ඉදිරිපත් කළේය.
ඒ අවස්ථාවේදී කොමිසමේ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන සාක්‍ෂිකරු අමතමින්, ඔබගේ වාර්තාවන්ට අනුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලාභාංශ අතුරින් රුපියල් මිලියන 712ට (රුපියල් කෝටි 71කට අධික) සිදුවූයේ කුමක්දැයි විමසීය.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන , ඊට පිළිතුරු දෙමින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලාභාංශ අතුරින් රුපියල් කෝටි 71කට අධික මුදලකට සිදුවූයේ කුමක්දැයි මා දන්නේ නැහැ. ඒ පිළිබඳ සොයාබලා දැනුම් දෙන්නම්* යැයි පැවසීය.
ඔබ සමාගමේ අධ්‍යක්‍ෂවරයෙක් දැයි කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්‍රසිරි සාක්‍ෂිකාර පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන ගෙන් විමසූ විට ඊට පිළිතුරු දෙමින් තමන් පර්පචුවල් ඇසට් මැනේජ්මන්ට් සමාගමේ විධායක නොවන අධ්‍යක්‍ෂවරයෙකුබවත්, තමන් සමාගමේ රැස්වීම්වලටද සහභාගි වන බවත් පැවසීය.
මෙය බරපතළ තත්ත්වයක් බව දැනුම් දුන් කොමිසමේ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන , පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ රුපියල් කෝටි 71කට අධික ලාභාංශවලට සිදුවූයේ කුමක්දැයි සොයාබලා වහාම කොමිසමට දැනුම් දීමට නියම කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.