ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, August 8, 2017

ගල්කිස්‌සේ මත්ද්‍රව්‍ය සිද්ධියට හවුල් පොලිසියේ 2 ක්‌ ගැන පරීක්‌ෂණ...

ගල්කිස්‌ස හෝටල් පාරේදී පොලිස්‌ විශේෂ කාර්ය බළකාය මඟින් පසුගිය 5 වැනිදා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් අමාත්‍යාංශ නිලධාරියා සහ ඔහුගේ මිතුරන් තිදෙනාගෙන් ලැබුණු තොරතුරු මත ඊට සම්බන්ධ යෑයි සැකකරන සහකාර පොලිස්‌ අධිකාරිවරයකු සහ ගල්කිස්‌ස පොලිසියේ නිලධාරියකු පිළිබඳව පොලිස්‌ පරීක්‌ෂණ ආරම්භ කර ඇතැයි විශේෂ කාර්ය බළකා නිලධාරියෙක්‌ පැවසීය.මුහුණු පොතට සම්බන්ධ තරුණ තරුණියන් පිරිසක්‌ හවුල් කරගෙන ඉකුත් සෙනසුරාදා ගල්කිස්‌ස වෙරළේ පැවති සාදයක්‌ සඳහා මෙම මත්ද්‍රව්‍ය ගෙනැවිත් ඇති බව පරීක්‌ෂණවලදී හෙළිවී තිබේ.
එදින සවස ගල්කිස්‌ස වෙරළට වෙනදා නොමැති තරම් තරුණ තරුණියන් පිරිසක්‌ පැමිණ සිටීම පිළිබඳව සැක කළ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය ඒ පිළිබඳව සොයා බැලීමේදී මුහුණු පොතෙන් හඳුනාගත් තරුණ තරුණියන්ගේ සාදයක්‌ එදින පස්‌වරුවේ එහි පැවැත්වෙන බව දැනගෙන ඇත.

මෙම සාදයේ සංවිධායකයා පිළිබඳව තොරතුරු ලැබීමෙන් පසු ගල්කිස්‌ස හෝටල් පාරේ ධාවනය වූ 'පැජරෝ' රියක්‌ නවත්වා පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් සැකකාර අමාත්‍යාංශ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන තරුණයා සහ සගයන් තිදෙනා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

සහකාර පොලිස්‌ අධිකාරිවරයාගේ හැඳුනුම්පතක්‌ මෙම රිය තුළ තිබී හමුවීම හේතුවෙන් පොලිසියට බලවත් සැකයක්‌ මතුවිය. මෙම සිද්ධියට ගල්කිස්‌ස පොලිසියේ නිලධාරියකුගේ ද සහාය ලැබෙන්නට ඇතැයි සැකකෙරේ.

ඒ අනුව පොලිස්‌ පරීක්‌ෂණ කණ්‌ඩායම් දෙකක්‌ යොදවා මේ සම්බන්ධයෙන් පරීක්‌ෂණ පැවැත්වීමට පොලිස්‌පතිවරයා විසින් උපදෙස්‌ දී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවු දෙනාගෙන් අමාත්‍යාංශ සම්බන්ධීකරණ නිලධාරියා ඇතුළු දෙදෙනකුට අධිකරණය මඟින් ඇප නියම කර ඇති අතර තවත් එක්‌ තරුණයකු ලබන 10 වැනිදා දක්‌වා රිමාන්ඩ් භාරයට පත්කර ඇත.
 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.