ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, August 17, 2017

වසර 1500 ඉපැරණි වැවටත් පුත්තලමේ ව්‍යාපාරිකයෙක් හොර ඔප්පු සකස්කර අත්පත් කර ගනී…!!!


පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 606 මනල්තිව් ග්‍රාම නිළධාරි වසමේ පිහිටා ඇති වසර ගණනාවක් ඉපැරණි ‍ඵෛතිහාසික මෙන්ම ප්‍රෞරාණික වැදගත්කමකින් සමන්විත අක්කර 150ක පමණ භූමි වපසරියකින් සමන්විත වැවට ව්‍යාජ පිඹුරුපත් සකසමින් පුත්තලම ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයෙකු විසින් වැටකොටු ඉදිකර වැව් රක්ෂිතය අත්පත් කරගෙන ඇති බවට ප්‍රදේශවාසීන් තරයේ රජයේ වගකිව යුතු බළධාරින්ට චෝදනා කරති.
වසර 1500ක් පමණ ඉපැරණි මෙකී වැව එකල රජ දවස ඉදිකරන්නක් බවට ප්‍රදේශවාසීන් මත පලකරති. මන්ද වැව් හතක පිටාර ගලන වාන් ජලය ගබඩා කර තබා ගන්නා එකම වැව මෙම වැව බවත් ඒ නිසාවෙන් මෙම වැව ජනප්‍රවාදයේ විල්ලුක පසු කාලීනව විලුක බවට භාවිතා කරන  බව පැරන්ණන් පවසති.
නමුත් එහි වත්මන් තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන් උඩු යටිකුරු කර හමාරය, මේ දිනවල පුත්තලමට බලපා ඇති දරුණු නියගයත් සමග වැවේ තිබූ ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බැසීමත් සමග වැව් පිටිය පමණක් විනිවිදව දැක ගන්නට පුළුවනි. ඒ නිසාවෙන් මේ වන විට පුත්තලමේ  ප්‍රසිද්ධ හොර ඉඩම් සක්විතිලා පිරිසක් සහ සංවිධානාත්මක රාජ්‍ය නිළධාරින්ගේ එකතුවෙන් අදාල වැවට පිඹුරුපත් සකසමින් ඉතාමත් සූක්ෂමව ව්‍යාජ බලපත්‍ර සකස් කර ගන්නා මොවුන් පසුව පුත්තලම ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයින්ට අත්පිට මුදලට විකුණා ඇති බවයි කියති.


වැව් රක්ෂිත ඉඩම මිළට ගනු ලබන අදාළ ව්‍යාපාරිකයා කාර්යක්ෂම ඩෝසර් යන්ත්‍ර උපයෝගි කරගනිමින් ඉඩමේ සංවර්ධන කටයුතු සිදුකරන්නේද අම්මාගෙ අප්පගෙ බූදලේ තමන්ට සතුවූ බව සිතිමිනි. ඉවක් බවක් නොතකා වැව තුල මෙසේ ඉදිකිරීම් සිදු කරද්දි පුත්තලම ප්‍රාදේශීය ලේකම්, වසම භාර ග්‍රාම නිළධාරි, මුණිවත රැකීම බරපතල ගැටළු සහගත තත්ත්වයක් බවයි ජනතාව පෙන්වා දෙන්නේ
ප්‍රදේශයේ කුඹුරු අක්කර 250ට පමණ යල මහ යන කන්න දෙකෙහිම ජලය නොනන්වා මෙම වැව මගින් ජලය සැපයෙන අතර, තවද ප්‍රදේශයේ බහුතරයක් සුළු පන්න ධීවරයින් මෙම වැව ආශ්‍රීතව ධීවර කටයුතු වල නිරතව සිටියදීත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය මගින් නඩත්තු කරනු ලබන මෙවන් වැවකට අත්ව ඇති ඉරණම සුළුපටු නැත. කිසිදු වගකිව යුතු බළධාරියෙක්, නිළධාරියෙක් සිදුවන ඛේදවාචකය දෙස ඇස්කන් හැර නොබලන්නේ ධනවත් ව්‍යාපාරිකයාගේ මුදල් පසුම්බියට අතපා රුපියල් ශත පිටුපස කෙළ වගුරවන නිළධාරින් තවමත් මුණිවත රැකීම නිසාවෙනි.
අදාල ඉඩම් හිමිකරුවා මේ වන විට පොල් පැළ වගාකර පමණක් නොව ඉදිකිරීම්ද සිදු කර ඇත්තේ වැව් රක්ෂිතයට අයත් භූමියක බව ඔහු නොදැන නොවන නිසාවෙනි. තවද ව්‍යාජ ඔප්පු පෙන්වා ජනතාව බියවද්දවන මොවුන් වැව් රක්ෂිතය තුල පිහිටා ඇති දුර්ලභ ගණයේ කලපු අන්දර, කීරියා, හැළබ වැනි ශාක දම්වැල් කියත් ආධාරයෙන් කපා විනාශ කරන මොවුන් තබ්බෝව අභය භූමිය තුල පිහිටා ඇති වටිනාකමකින් ඉහල අගයක් ගන්නා තම්මැන්නා වැනි දැව කම්බි කණු සදහා යොදා ගෙන ඇත්තේ කෙසේදැයි පුත්තලම අඩවි වන නිළධාරින්ගෙන් විමසිය යුතුව තිබේ. නමුත් ඔවුන්ගේද හදවත් ගොළු වී හාමරය.

මේ සම්බන්ධයෙන් අප කල විමසුකදී විලුක ධීවර සමිතියේ සභාපති කේ.ධර්මදාස  පවසා සිටියේ මෙවැන්නකි.
මේ වැව අපේ මුතුන් මිත්තන්ගෙ කාලෙ ඉදලා තියෙන වැවවක් අද මේ වැවට කොහෙවත් යන කම්බ හොරු ටිකක් එකතු වෙලා උන් එව්වට අයිතිවාසිකම් කියලා ඒවා අත්පත්කර ගන්න හදනවා. ඒකටම තකට තක කියලා පුත්තලමෙ ඉන්න ප්‍රාදේශිය ලේකම්, වසමේ ග්‍රාම සේවක දැක්කත් නොදැක්කා වගේ ඉන්න එක අපිටත් පුදුමයි වසමෙ ග්‍රාමසේවකට කියපුවාම එයා කියනවා ගමේ අය දැනගන්න ඕනෙ ඔව්වා නවත්වන්න කියලා මේක මහ හතර බිහිරි කතාවක්නෙ. අපි කියන්නෙ මේ ඉඩම් කිසිම එකකට ඔප්පු නැහැ මෙව්වා සේරම හොර ඔප්පු ඒ නිසා කරුණාකාරලා මේ ඉඩම් අනවසරනේ අත්පත් කර ගැනීම නවත්තලා දෙන්න කියලා අපි තරයේ ප්‍රාදේශීය ලේකම්ගෙන් ඉල්ලා සිටිනවා.
මීලට අපත් සමග හඩ අවදි කලේ රෝහන ලක්ෂමන්  ඔහු පවසා සිටියේ මෙවැන්නකි.
අපි උගත් මිනිස්සු නෙවෙයි එදිනෙදා කුලියක් මලියක් කරලා ජීවත් වෙන අහිංශක ජනතාවක් ඉන්න ගමක් අපි කුඹුරක් කොටලා නැත්නම් වැවෙන් මාළුවෙක් අල්ලගෙන තමයි අපි ජීවත් වෙන්නෙ ඒකටත් වින කටින්න මේ කොහෙදෝ යන හෙනහුරො ටිකක් ඇවිල්ලා වැවටත් අයිතිවාසිකම් කියද්දි තව මොන කතාද? නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ කියලා කියද්දි මේ අවනඩුව අපි කාට කියන්නද? නිළධාරින් ටික හොරුවෙලා හොරු නිළධාරි උනාම ඔන්න ඕක තමයි සිද්ධ වෙන්නෙ. ඒ නිසා අපි කියන්නෙ රජයෙන් ලැබෙන වැටුප ප්‍රමාණවත් නැතිනම් ඒ ඉල්ලීම් ඉල්ලලා සටන් කරන්න එහෙම නැතුව අසරණ ජනතාව බිල්ලට දීලා රුපියල් දෙතුන් දාහකට ගමක් පවා දෙන්න එපා කියන ඉල්ලීම කරන්න අපි කැමතියි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රියාණි මහත්මිය පවසා සිටියේ මෙවැන්නකි.

ටීවි එකේ නම් අපේ ධීවර ඇමති තුමා වැව් ගාණක් සංවර්ධනය කරන වැඩ කෝටියක් කරනවා කියලා දිගට හරහට දානවා. හැබැයි අපේ වැව තව හදලා තියා හිතලවත් නැහැ එක පාරක් හැදුවා කියලා එකක් කෙරුවා ලොකු ලොකු ලොක් ටිකගෙ බඩ කටනම් හැබැයි අත දිග හැරලා පුරවා ගත්තා. ඒත් කමක් නැහැ හොරා කාලා හරි පැත්තකට වෙලා ඉන්නවනම්. දැන් බලද්දි ඒදා කාපු හොරා කෑම මදිවෙලාද කොහෙද මෙන්න කොහෙවත් යන එකෙකුට වැවත් විකුණන තැනට වැඩ කරලා. මොකද මෙව්වා එකපාරටම අහසින් පාත්වුණාද, නැහැ මෙව්වා උනානම් වුනේ වසමෙ ග්‍රාමසේවක කියන තැන ඉදලා තමයි මුළ පිරුණෙ. කියන  එක මම කියන්න කැමතියි. අද මේ නිළධාරි පගාව ගන්නෙ තේ වීදුරුවටයි. සිගරට් එකටයි. ඕක දුන්නහම ඔහොම නම් කිරි තේ එකක් දුන්නොත් කොහොම හිටියිද කියලා තේරෙනවා ඇතිනෙ නෙහෙද? අපි කියන්නෙ යහපාලන ආණ්ඩුවට ලොකු හොරු පස්සෙ අල්ලන්න මේ ගම්වල හොරා කන හොර නඩය අල්ලලා ඉන්න කියලයි මොකද මේ මහ සහගහන අපරාධයක් කරලා තියෙන්නෙ.
නැගෙන චෝදනාව සම්බන්ධයෙන් දුරකථනය ඔස්සේ අප කල විමසුමකදී අදාල ඉඩම් හිමිකරු මාධ්‍ය හමුවේ පවසා සිටියේ…..
මම ඔය ඉඩම ගත්තෙ ඔප්පුවෙ අක්කර පහක් කියලා තියෙන නිසා. ඉස්සර මේක ලොකු කැලයක් එතකොට මම අක්කර දෙකක් විතර කපලා සුද්ධ කරලා පොල් පැල හිටෙව්වා. නැවතත් මම සුද්ධ කලා එතකොට ඒක ලොකු ඉඩමක් වගේ පේනවා. මම මේකට ලක්ෂ තුනහමාරක් දීලා  ඔප්පු ලියලා ගත්තෙ. ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ මේ ඉඩමේ මුල්පිටපත තියෙනවා. (මව් ඔප්පුව) මේක අපිට රජයෙන් ලබා දීලා තියෙන්නෙ
නැගෙන චෝදනාව සම්බන්ධයෙන් දුරකථනය ඔස්සේ කල විමසීමකදී පුත්තලම ප්‍රාදේශීය ලේකම් වන්නිනායක මහතා පවසා සිටියේ මෙවැන්නකි.
මේ සම්බන්ධව මාධ්‍ය මගින් මීට සුළු මොහොතකට පෙර අපව දැණුවත් කිරීමක් කරලා තියෙනවා. ඒ පණිවිඩය අපේ සහකාර ප්‍රාදේශීය ලේකම් තුමා දැණුවත් වෙලා තියෙනවා. ඉන්පසු ග්‍රාම නිළධාරි මහතාව දැණුවත් කරලා යවලා තියෙනවා අදාල ස්ථානය නිරික්ෂණය කිරීම සදහා පසුව ඒ කාරණය ටිකක් බරපතල් ඒ නිසා පොලීසියෙ පැමිණිල්ලක් දාන්න අවශ්‍ය කටයුතු සිදු කරන්න කියලා වසම භාර ග්‍රාම නිළධාරිව නැවත වතාවක් දැණුවත් කරලා තියෙනවා. (ඒ.ඕ) මහත්තයව අපි හෙට යවනවා මේ සම්බන්ධයෙන් නිරික්ෂණයක් කරලා වසමෙ සිතියම් පරික්ෂාකරලා බලලා සුදුසු පියවරක් ගන්න ඉන්පසුව මේ සිද්ධිය ගැටළු සහගතව සිදුවෙලා තියෙනවනම් අපි නීතිමය වශයෙන් කටයුතු කරනවා.
සටහන සේයා රූ
පුත්තලම කේ.ප්‍රියංකර
 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.