ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, August 31, 2017

ඒ.එස්.පී ලියනගේ වැනි සාමාන්‍ය දැනීමක් පවා නැති පුද්ගලයෙකු කටාර්හි තානාපති ලෙස පත් කළේ අපගේ අභිමානය විනාශ කිරීමට ද?

රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳව කිසිදු අත්දැකීමක් නැතිවා පමණක් නොව සාමාන්‍ය දැනීමක් වත් නැති ඒ.එස්.පී ලියනගේ  වැනි පුද්ගලයෙකු කටාර්හි තානාපති වරයා ලෙස පත් කෙළේ ශ්‍රී ලාංකිකයන් හැටියට රැකගත් තමන්ගේ අභිමානය විනාශ කිරීමටදැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  වෙත  ලිපියක් යවන කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකිකයෝ විමසති. ලංකානිව්ස් වෙතද එම ලිපියේ පිටපතක් සපයා ඇති අතර එම සම්පූර්ණ ලිපිය පහත දැක්වේ. 

තමන් කොමිසටම බොරු කී බව පර්පෙචුවල් සමාගමේ තාක්ෂණ ප්‍රධානියා පිළිගනියි

බැඳුම්කර කොමිසමේ විමර්ශන නිලධාරීන්ට තමන් බොරු කී බව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තාක්‍ෂණ අංශ ප‍්‍රධානී සචින්ද්‍ර දේවතන්ත‍්‍රී  පිළිගෙන ඇතැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා  බැඳුම්කර කොමිසමට ඊයේ (30) දැනුම් දී තිබේ.
මීට පෙර දින මෙම කොමිසම හමුවේ හෙළි වු කරණු සම්බන්ධයෙන් දේවතන්ත‍්‍රී  කැඳවා ලබාගත් ප‍්‍රකාශයේදී ඔහු මේ බව පිළිගෙන ඇතැයි ද ලිවේරා  දැනුම් දී ඇත.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තාක්‍ෂණික ප‍්‍රධානි සචින්ද්‍ර දේවතන්ත‍්‍ගෙන් කොමිසමේ විර්ශන නිලධාරීන් ලබාගත් ප‍්‍රකාශයේදී පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් ලබා ගත් හා එම සමාගමට ලැබුණු දුරකථන ඇමතුම් පටිගත වීම සඳහා මුලින් තිබු ක‍්‍රමවේදය ශ්‍රී ලංකා මහා බැංකුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ බලපත‍්‍රය තහනම් කළ පසුගිය ජුලි 06 වැනිදා ඉවත් කොට එදින සිට නව පද්ධතියක් ස්ථාපනය කොට ඇති බව හෙළි කොට ඇතැයි කී ලිවේරා  එම කරුණු සම්බන්ධයෙන් මෙම කොමිසම හමුවේ හෙළි වු කරුණු අනුව ඔහුගෙන් යළිත් වරක් ප‍්‍රකායක් ලබාගත් බවත් එහිදී තමන් මුල් අවස්ථාවේදී අසත්‍ය කරුණු පැවසු බව ඔහු පිළිගෙන ඇති බවත් එහිදී පැවසා තිබේ.
මේ අතර පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම බැඳුම්කර විමර්ශන ජනාධිපති පරීක්‍ෂණ කොමිසමට ඉදිරිපත් කොට ඇති “දත්ත ගබඩා පද්ධතියේ” (System of the Comiunication) අඩංගුව ඇත්තේ සත්‍ය වශයෙන්ම එහි ගබඩා වූ දත්ත නොවන බවත් ඒවා විකෘති කරන ලද මෘදුකාංගයක් එම පද්ධතියට ඇතුළත් කිරීමෙන් පසු ලබාගන්නා ලද ප්‍රතිනිර්මාණය කරන ලද දත්ත බවත් එකී පද්ධතිය ස්ථාපනය කරන ලද ආයතනයේ ප්‍රධාන ඉන්ජිනේරුවරයා පසුගිය 29වනදා කොමිසම හමුවේ සාක්‍ෂි සහිතව තහවුරු කරමින් කියා ඇත.

Wednesday, August 30, 2017

සජින් වාස් ඇප මත නිදහස් කර ගැනීමේ සුල මුල මෙන්න

රාජපක්ෂලාගේ වනචර දශකයේ නීලකාස හොරෙක් වූ සජින් වාස් ගුණවර්ධන පසුගියදා ඇප මත නිදහස් කරවා ගැනීමට අගමැතිවරයාගේ පුද්ගලික ලේකම් ලෙස පෙනී සිටින සුදත් චන්ද්‍රසේකර නමැති පරණ පොලිස් කාරයා කටයුතු කර ඇතැයි  වාර්තා වේ.
මොහු සජින් වාස් ගුණවර්ධනට විශාල ලෙස සහන ලබා දී ඇති අතර ඔහුට ඇමැති ආරක්ෂාවක් ලබා දීමට ද මැදිහත් වී තිබේ. මේ කටයුතු සඳහා සජින් වාස් ගුණවර්ධනගෙන් මුදල් ලබා ගෙන ඇති සුදත් චන්ද්‍රසේකර සියල්ල සිදුකර ඇත්තේ ‘පීඑම් කීවා‘ ‘පීඑම්ගේ ඕඩර්ස්‘ ආදී ලෙස කියමින් රනිල් වික්‍රමසිංහගේ නම විකුණමිනි. මෙවැනි අපත ක්‍රියා රැසක් හෙලි වීම නිසා අගමැතිවරයා මොහුට අරලියගහ මැදුර පැත්ත පළාතේ පස් පෑගීම පවා තහනම් කර ඇත.
සුදත් චන්ද්‍රසේකර සජින් වාස් ගුණවර්ධනට ඇප ලබා ගැනීමට ක්‍රියා කර ඇත්තේ රහස් පොලිසියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී. ආර්. එස්. ආර්. නාගමුල්ල සමග කුමන්ත්‍රණයක් කරමිනි. දෙදෙනා පොලිසියට සම්බන්ධ වූයේ එකට වන අතර දෙදෙනා ‘බැජ් මේට්ස්‘ ලා වෙති.

Monday, August 28, 2017

වාණිජ අර්ථක්‍රමය, ලිංගික අපරාධ හා නිරාමිස දිවිය

කසාය තිත්තය. නමුදු රෝග සුවය සඳහා තිත්ත කසාය වැළඳිය යුතුය. අප කසාය වැළඳිය යුතු යැයි කී විට එය කියනුයේ භික්ෂුවක් අරඹයා යැයි කෙනෙකුට සිතෙනු ඇත. ඒ මෙහි භාවිතා කර ඇති වැළඳීම යන ක්‍රියා පදය නිසාය. ගිහියෙකු නම් කසාය පානය යනුවෙන් දැක්විය යුතු බැවිනි. නමුදු මෙහි කර ඇති සඳහන ගිහි පැවිදි කිසිදු භේදයක් නැතිව අවශ්‍ය ඕනෑම අයෙකුට වලංගු කරගත හැකිය. තොප්පිය හරි නම් දාන්න යැයි සාමාන්‍ය සමාජයේ ව්‍යවහාරයක් පවතියි. ඒ අනුව තමන්ට සරිලන පරිදි රුචි පරිදි අප දක්වන අදහස් අනුගත කර ගැනිමේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය අපි ඔබට පිරි නැමීමට කැමැත්තෙමු. තිත්ත යැයි කියා කසාය විසි කර දමන කිසිදු රෝගියෙකු නැත. මන්ද රෝග සුවයට වෛද්‍ය නිර්දේශ පරිදි ඊට අදාළ කසාය පානය ඉතා වැදගත් බැවිනි. වෛද්‍යවරයෙකු රෝගියෙකුට ප්‍රතිකාර කරනුයේ නිකම් නොවේ. රෝග ලක්ෂණ, රෝගයේ ඉතිහාසය හා රෝගයට සම්බන්ධ සියලු දේ රෝගියා හා සාකච්ඡා කර රෝගය ඇති වීමට හේතුව විධිමත් ලෙස කළ රෝග විනිශ්චයකින් පසුව නිර්ණයකොට පසුව පමණක් රෝගය සුව වීමට අදාළ ඖෂධය නියමිත මාත්‍රාව අනුව නියම කිරීම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ ලක්ෂණයකි. එලෙස වෛද්‍යවරයෙකු විධිමත් ලෙස නිර්දේශ කරන ඖෂධයක් තිත්ත යැයි ඉවත නොදමනු ලබනුයේ එකී රෝගයට නියමිත ප්‍රතිකාරය එය බැවිනි. කසාය යන්නද සිංහල හෝ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අනුව නිර්දේශිත ඖෂධ වර්ගයි. කසාය වර්ග අතර ඉතා තිත්ත කසාය වර්ගයද තිබේ. යම් රෝගයකට නිර්දේශිත ඖෂධ වර්ගය එකී තිත්ත කසාය නම් එම කසාය පානය කළ යුතුමය. කසාය තිත්ත නිසා රෝගියා එය පානය කිරීමට අකමැති වීම සාමාන්‍ය ගතියකි.

ගවපාලන අපතයෝ දුම්රියත් විකිණීමට කැසකවයි...!!!

දුම්රිය සේවකයන් දිගින් දිගටම වර්ජන සිදු කළහොත් දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලිකකරණය කිරීමට සිදුවන බවට ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා , නව දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම්. අබේවික්‍රමගේ වැඩ භාරගැනීමේ උත්සවයට සහභාගී වෙමින් ප්‍රකාශ කර තිබේ.
ගුණාත්මක දුම්රිය සේවයක් පවත්වාගෙන යෑම තම අපේක්ෂාව බව සඳහන් කළ ඇමැතිවරයා ඒ සඳහා සියලුම වෘත්තීය සමිති නව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට සහාය ලබාදිය යුතු බවද එහිදී සඳහන් කර ඇත.

කුරුණෑගලටම ඵතනෝල් අරක්කු බෙදන දේශපාලන තිරිසනා ගේ නඩුවක්...!!!

පසුගිය රජය සමයේ සතොස ආයතනයේ සේවකයන් 153 දෙනකු දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීම තුළින් රජයට රුපියල් මිලියන 40ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු වෙළෙඳ ඇමැති සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු  ඇතුළු විත්තිකරුවන් තුන් දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අල්ලස් කොමිසමට කල් ලබා දී තීබේ.

ඔබට මතකද මේ අපතයා ...!!!

සජින් වාස් FCIDයට .....
විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද (28) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබේ.

Saturday, August 26, 2017

කපටි කරුප්පයියා තාම හොරකමේ....!!!

රවීට ඇමති ධුරයක් – අරලියගහ මන්දිරයෙන් කාමරයකුත් වෙන් කරයි...!!!
 බැඳුම්කර වංචාවට සෘජුවම සම්බන්ධ සමාගමක් වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් සන්තෝෂම් ලබාගැනීම සම්බන්ධයෙන් බැඳුම්කර කොමිසමේදී අනාවරණය වූ කරුණු අනුව විදේශකටයුතු අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට සිදු වූ හිටපු මුදල් ඇමති රවී කරුණානායකට කැබිනට් මණ්ඩලයට පිටින් කැබිනට් බලතල සහිත ඇමති ධුරයක් හා සමාන තනතුරක් ලබා දී ඇති බවත් ඔහු රාජ්‍ය ලාංඡන සහිත ලිපි ශීර්ස යොදාගෙන ඇමතිවරුන්ට හා මන්ත්‍රීවරුන්ට උදෙස් ලබාදීමේ බලය අග්‍රාමාත්‍යවරයා විසින් ලබා දී ඇති බව හෙළි වේ.
අරලියගහ මන්දිරයේ අංක 105 දරන කාමරයේ රවී කරුණානායකට අදාළ කාර්යාලය පවත්වාගෙන යාම සඳහා පහසුකම් සපා ඇති බවද අනාවරනය වේ.
ඔහු මේ කටයුත්තට යොදාගෙන තිබෙන්නේ ‘ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන – 2017’ නමැති ව්‍යාපෘතියයි.

මිනීමරු මුස්පේන්තුවාගේ රු. මිලියන 96 ඉලක්‌කය....!!!

අධිකරණ ඇමැතිවරයා ඉල්ලූ පරිදි එම මුදල ඉපැයූ ආකාරය හෙළි කරන ලියවිල්ලක්‌ ඉදිරිපත් කරන්නට සරත් ෆොන්සේකා ක්‍රියා නොකළේය. ඔහු එදා පටන් ම සෑම ප්‍රශ්නයකදීම අධිකරණ අමාත්‍යවරයා විවේචනය කරන්නට මුල් තැනක්‌ දුන්නේ එම කෝන්තරය මතය. කෝන්තරය සුළු පටු නොවීය. විජයදාස රාජපක්‍ෂ යම් ප්‍රශ්නයකදී සිට ගන්නේ යම් තැනක ද .... ෆොන්සේකා අනිත් පැත්තේ ඔහුට එරෙහිව සිට ගන්නේ මේ පරණ ගනුදෙනුව සමීපයට ගනිමිනි.
ඒ අනුව ෆොන්සේකාගේ ඊළඟ ඉලක්‌කය වූයේ තමන්ට කවදා හෝ මෙම මුදල ආපසු හිමිකර ගැනීමට නම් (රු. මිලියන 96) කෙසේ හෝ අධිකරණ ඇමැතිවරයා වෙනස්‌ කර ගත යුතුය කියාය.......... ඒ අවශ්‍යතාවය මත ෆොන්සේකාත් විඡේදාසගේ හොඳ හතුරෙකු ලෙස අවි අමෝරා ගත් බව පැහැදිලිය.සරත් ෆොන්සේකා නැමති කපටි කැණහිලා ඇතුළු අපතයන්ගේ සැබෑ මුහුණුවර කියවන්න ...

Friday, August 25, 2017

මුං පවුලම පට්ට හොරු...!!! වරාය හින්දවා කෑ සෙල්ලම නැවත පටන් ගෙන...!!!

ඇමති අර්ජුනගේ කුප්‍රකට සොයුරු ධම්මික රණතුංග යහපාලනයට මුවාවී සුපිරි ගැහිල්ලක....!!!

 ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංගගේ කුප්‍රකට සහෝදරයෙකු වන ධම්මික රණතුංග ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍යාංශයට අයත් ශී‍්‍ර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ සිලෝන් පෙට්‍රෝලියම් ස්ටොරේජ් ටර්මිනලස් ලිමිටඩි යන සමාගම් දෙකෙහිම සභාපතිත්වය දරන අතර ඔහු තම බලය යොදාගනිමින් මේ වන විට අතිදැවැන්ත දූෂණ-වංචා සිදුකරමින් සිටින බවට අනාවරණයවේ.
මීට ඉහත අධිකරණය අසලදී පවා මාධ්‍ය ඉදිරියේ ඉතා පහත් පෙළේ පාදඩ හැසිරීමක් පෙන්නුම් කළ කුප්‍රකට ධම්මික රණතුංග මේ වන විට ශී‍්‍ර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සහ සිලෝන් පෙට්‍රෝලියම් ස්ටොරේජ් ටර්මිනලස් ලිමිටඩි (CPSTL) යන සමාගම් තමාගේ මුදල් ඉල්ලම් සහ කාම සන්තර්පනාගාර බවට පත්කරගෙන ඇත.
මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් සමාගම් සේවකයින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු බලධාරීන්ට ලිඛිතව කරුණු ගෙන හැර දක්වා ඇත.
කුප්‍රකට ධම්මික රණතුංගගේ දූෂණ- අක්‍රමිකතා සහ ක්‍රියාකලාපය පිළිබඳ සම්පූර්ණ වාර්තාව පහතින්.

Thursday, August 24, 2017

ජාතියේ අම්මා වළඳා ඇති ජාතික ධනයෙන් අල්ප මාත්‍රයක් මාට්ටුවේ...!!!

හිටපු ආර්යාව දින 4කට කාපු කැමක්….2014 වසරේ Four Seasons Hotels හි රුපියල් දෙකෝටි පනස්ලක්ෂ වියදම් කල හැටි මෙන්න...!!
!

යුනෙස්කෝ වෙසක් උත්සවය පැවති 2014 වසරේ මැයි 20 වනදා සිට 24 වනදා තෙක් දින 04ක කාලයක් සඳහා පැරීසියට ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආර්යා ශිරන්ති රාජපක්ෂ සහ ඇ‍යගේ ඥාති කාන්තාවක වන ඩේසි ෆොරස් ඇතුළු සිව් දෙනෙකුගේ සංචාරය සඳහා වැය වූ රුපියල් දෙකෝටි පනස්ලක්ෂ අසූදහස් හයසිය අසූඑකයි ශත හතලිස් නවයක (රු. 2,508,0681.49) බිල්පත් සියල්ලම මෙ වනවිට අනාවරණය වි තිබේ.
මෙම සංචාරයට අදාල බිල්පත් සියල්ල මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී ඇති අතර එය පහතින් දැක් වේ.

Wednesday, August 23, 2017

හොරා නැවතත් පොලු තියයි....මාරුවෙයි....!!!

ප්‍රසන්න රණතුංග
නොපැමිණි නිසා මුදල් වංචා නඩුව කල්යයි...!!!

එම නඩුවේ සාක්‍ෂි සඳහා විභාගය පසුගිය වසරේ සිට ඊයේ දක්‌වා අවස්‌ථා හතරකදී කල්දැමීමට අධිකරණය විසින් විවිධ හේතූන් මත නියෝග කොට තිබිණි.

කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩම් කොටසක්‌ ලබාදෙන බව පවසා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක්‌ ලබාගැනීම ඇතුළු අධිචෝදනා 15 ක්‌ යටතේ ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ ඇතුළු තිදෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ සාක්‍ෂි විභාගය යළිත් වරක්‌ කල්දැමීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක  ඊයේ (23 දා) නියෝග කළේය.

රාජිතට එරෙහිව විශ්වාසභංගයක්‌ අද හෝ හෙට භාර දෙනවා...!!!

- රංජිත් සොයිසා කියයි
 රජයේ තක්‌සේරු මුදලට වඩා අඩු මිලට මෝදර ධීවර වරාය බදු දීම, අල්ලස්‌ කොමිසම හමුවේ ඇති පරීක්‌ෂණවලට පෙනී නොසිට මඟ හැර සිටීම ඇතුළු චෝදනා හතක්‌ රාජිත සේනාරත්නට එරෙහි විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කර ඇතැයිද සොයිසා  කීවේය.
චෝදනා හතක්‌ යටතේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්නට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (24 දා) හෝ හෙට (25 දා) කථානායකවරයාට භාරදෙන බව ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රී රංජිත් සොයිසා ඊයේ (23 දා) පැවසීය.

නැව් ගිලි මහ හොරාගේ විලි පොට ලිහා දමයි...!!! විලි ලැජ්ජයි රාජිත...!!!

අනුරගෙන් රාජිතට සැර චෝදනා...!!!
ජනාධිපති අරමුදලෙන් ලක්‌ෂ
100ක්‌ අරන් මවුන්ට්‌ එළිසබෙත් ගියා

ආණ්‌ඩුවත් එක්‌ක බිස්‌නස්‌ කරලා
එදා මන්ත්‍රීකම නැතිකර ගත්තා...!!!

 අනුර කුමාර දිසානායක  - රෝහල්වල යහපත් සෞඛ්‍ය සේවයක්‌ තිබෙනවා නම් ඇයි සෞඛ්‍ය ඇමැතිවරයා ජනාධිපති අරමුදලෙන් ලක්‍ෂ සීයක්‌ අරගෙන සිංගප්පූරුවේ එළිසබෙත් රෝහලට ගියේ? මොන හිඟන්නෙක්‌ද මේ.
 එතුමා කෝප වෙලා... ටොමියා ඇවිස්‌සිලා...

රට පුරා යහපත් සෞඛ්‍ය සේවාවක්‌ පවත්වාගෙන යන බවට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න  කළ ප්‍රකාශයක්‌ සම්බන්ධයෙන් විරෝධය දැක්‌වූ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක  ඊයේ (23 දා) පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය ඇමැතිවරයා විවේචනය කරමින් කතාකිරීම නිසා දෙදෙනා අතර උණුසුම් මත ගැටුමක්‌ ඇති විය.
දිස්‌ත්‍රික්‌ක කිහිපයක ජනතාව නියඟයෙන් පීඩා විඳින බවත් ඒ අතර වකුගඩු හා පිළිකා රෝගීන් සිටින බවත් ඔවුන්ට දිනපතා ප්‍රතිකාර කටයුතු කරගැනීමට ආර්ථික අපහසුතාවක්‌ ඇති බවත් දිසානායක කීවේය.video

ජනතාවට ජාතික රෝහල් බෙහෙත් සෞඛ්‍ය ඇමති පට්ට හොරාට සිංගප්පූරු ලක්‍ෂ 100 ප්‍රතිකාර ...!!!

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක  මහ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න  අතර උණුසුම් වචන හුවමාරුවක් අද දිනයේ පාර්ලිමේන්තුවේදී සිදුවිය. [Unedited Video]

හැට දෙලක්ෂයේ ජනවරම ජනාධිපතිවරයාට හෝ වත්මන් පාලනයට කිසිදා සමාව නොදෙන බව සදහන් කරමු...!!!

2017 ක් වු අගෝස්තු මස 23 වන දින දීය.

ප්‍රවෘත්ති  නිවේදනයයි.
බැදුම්කර කොමිසමේ පරීක්ෂණ කටයුතු අවසන් වනතෙක් අධිකරණ අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා සතුව තබාගත යුතු බව.


අධිකරණ අමාත්‍යවරයා ධුරයෙන් ඉවත්කිරීම පිළිබඳව අපට සුවිශේෂී විරෝධතාවයක් හෝ සුවිශේෂි ප්‍රශංසාවක් නොමැති බව සඳහන් කලයුතුය.අමාත්‍යවරයා ධුරයෙන් ඉවත්කිරීමට පාදක වන කරුණු අතර කැබිනට් සාමුහිකත්වය බිඳිමින් කටයුතු කිරීම,රාජපක්ෂවරුන්ට එරෙහි නඩු ප්‍රමාද කිරීම වැනි චෝදනා ඇතුලත්ය. කැබිනට් සාමුහිකත්වය බිද දැමු ප්‍රථම සහ එකම අමාත්‍යවරයා විජේදාස රාජපක්ෂ නොවන බව අපගේ මතයයි. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වරයාත්, මෙයට පෙර වරාය අමාත්‍යධුරය හොබවන ලද අර්ජුන රණතුංගත් එලෙස කටයුතු කරන ලද අයට නිදසුන් දෙකකි.එබැවින් කවුරුන් විසින් පිළිගනු ලැබුවද අධිකරණ අමාත්‍යවරයා ඉවත්කිරීම සම්බන්ධ මෙම ක්‍රියාමාර්ගය සැබෑ අරමුණ එය නොවන බව අප විශ්වාස කරමු.
 මේ සදහා පාදක වු සැබෑම අරමුණ පිළිබඳව අපි රටේ ජනතාවගේ අවධානය යොමුකරවමු. එදා මෙදා තුර ඉතිහාසයේ සිදුවු අති දූෂිත වංචාව වුයේ මහබැංකු බැදුම්කර වෙන්දේසියේදී සිදුවු වංචාවයි. එම වංචාව හෙළිදරව්වීමෙන් පසුව නීතීඥවරුන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර  එහි වංචාවක් සිදුවී නොමැති බව ආණ්ඩුවේ ප්‍රධාන කොටස්කරුවන් ප්‍රකාශ කල බව අමතක නොකල යුතුය. එමෙන්ම බැදුම්කර ගනුදෙනුව සම්බන්දයෙන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව විසින් සිදුකරන ලද විමර්ශනයේ වර්ථාවේ ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවයක එක් මන්ත්‍රීවරයකු හැර අනෙක්  මන්ත්‍රීවරුන් සියළුම දෙනා පාද සටහන් යොදමින් වාර්ථාව බෙලහීන කිරීමේ උත්සාහයක නිරත වු බවද සිහිපත් කරමු.

නව අධිකරණ ඇමතිනී තලතා බුද්ධ ශාසන ඇමති රවීන්ද්‍ර අද දිවුරුම් දෙති

නව අධිකරණ ඇමැතිවරයා ලෙස ඇමැතිනී තලතා අතුකෝරලද බුද්ධ ශාසන අමාත්‍ය ලෙස රවීන්ද්‍ර සමරවීරද  23 බදාදා ජනපති ඉදිරියේදී දිවුරුම් දීමට නියමිතය.
ඒ අනුව එම ඇමති ධූර දෙක හෙබවූ විජයදාස රාජපක්ෂට නිරායාසයෙන්ම එම ධූර අහිමිව යයි.
පසුගිය දිනවල ආන්දෝලනාත්මක සිදුවීම් වලින් පසු ඊයේ 22 පැවති කැබිනට් රැස්වීමට හෝ පෙරේදා 21 පැවති එජාප ප්‍රධානීන්ගේ රැස්වීමට විජේදාස රාජපක්ෂ පැමිණ නොතිබුණි.
ඔහුට ඉල්ලා අස්වන ලෙස එජාපය පවසා තිබුනත් තමන් වරදක් නොකළ බව කියමින් ඔහු එම තනතුරු වලින් ඉල්ලා අස්වූයේ නැත.

බැදුම්කර මගඩියට රනිල්-මලික්-අර්ජුන් කොටුවීම ස්ථිරයි.. විජේදාස එලවන්නේ එයින් බේරෙන්න නීතිපති පාලනය කරන්නයි..

මහ බැංකු බැදුම්කර වංචාවේ ප‍්‍රධාන විත්තිකරුවා වන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ බවත් එක්සත් ජාතික පක්‍ෂයට දැන් උවමනා වී ඇත්තේ බැදුම්කර කොමිසමේ කටයුතු ඉදිරියට යාම නැවැත්වීම බවත් කොළඹදී පැවති මාධ්‍ය හමු කිහිපයකදීම අදහස් පල විය.VIDEO

Sunday, August 20, 2017

මූ කථා කරන්නෙ කටින්මද....? ජනතාව රවටන අපතයා...!!!

මිනීමරුවන්ට දඬුවම් දෙන්න තරාතිරමක් ඕන නෑ – තාජූඩීන් මරපු අය දේශප්‍රේමින් වෙන්න හදනවා...!!! 
හර්ෂ ද සිල්වා


මිනිමැරුම් කළ පුද්ගලයන්ට දඩුවම් ලබා දීමේදි ඔවුන්ගේ තරාතිරම එයට අදාළ නොවන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පවසයි.
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ‘හෙට දකින රනිල්’ ප්‍රදර්ශනය ඊයේ නැරඹී මෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. වීඩියෝ

ශ්‍රී ලංකාවේ හොඳම සමාධි පිළිමය ඇත්තේ අනුරාධපුරයේ නොවේ මෙතෙක් කල් සැඟවුණු රහසක් හෙළිවේ..!!!


ඒ 1980 දශකයේ මැද භාගයේ දිනයකි සුප්‍රකට ඡායාරූප ශිල්පියකු සහ ප්‍රතිමා කලා විචාරකයෙකු වන ස්විස්ටර්ලන්ත ජාතික උල්රිච් වොන් ශෝදර් (Ulrich Von Schroeder) ශ්‍රී ලංකාවේ පැරණි ප්‍රතිමා පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයනයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටියේය.එහිදී ජාතික කෞතුකාගාරයට පිවිසි මෙම ප්‍රතිමා කලා විචාරක වරයා එවක ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂකව සිටි ආචාර්ය සිරි නිමල් ලක්දුසිංහ මුණ ගැසිණි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෞතුක විද්‍යාඥයකු සහ ප්‍රතිමා කලා විශාරදයකු වන ආචාර්ය ලක්දුසිංහයන් ගෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිමා පිළිබඳ බෙහෝ තොරතුරු අසා දැන ගත් මේ ස්විස්ටර්ලන්ත ජාතික කලා විචාරකයා ලක්දුසිංහයන් සමගින් ගොස් කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති අනේක විධ ප්‍රතිමා සහ ඒවායේ ලක්ෂණ නිරීක්ෂණය කළේය

Saturday, August 19, 2017

සුණඛ රාජිතයාගේ ඵදා ගේම් ක්ලෝස් කළ ඩීල් දාස...!!!

රාජිතගේ රාජපක්‌ෂ විරෝධය කවරක්‌ද යන්න සලකා බැලිය යුතුය. විජයදාස සමඟ රාජිත උරණ වන්නේ අද ඊයේ නොව, ඔහුට 2001 දී පාර්ලිමේන්තු මන්ත්‍රීකම අහිමි වූ නඩු තීන්දුවේ සිට බව කිව යුතුව ඇත. එම නඩු තීන්දුවේදී ඔහුට මන්ත්‍රීකම අහිමි වූයේ ත්‍රිවිධ හමුදාවට සහ ඔසුහලට කල්ඉකුත් වූ ඖෂධ වර්ග ලේබල අලුතින් අලවා කරන ලද වංචාව හෙළිදරව් වීම නිසාය. නීති පොත්වල ඇති අලුත්ම නීති ගෙනැවිත් මේ වරද ඔප්පු කර රාජිත සහ සේනාරත්න ඇසෝෂියේෂන් සමාගම වරදකරුවන් කරන්නට ක්‍රියා කළ මහ මොළය වන්නේ ද විජයදාස රාජපක්‌ෂය. එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා මැතිනියගේ හා මංගලගේ උවමනාව මත ඩිලාන් පෙරේරා ලවා මහාධිකරණයේ නඩුවක්‌ පවරා සේනාරත්න ඇසෝෂියේෂන් නමැති ආයතනය චූදිතයා කළ නඩුව අදටත් නීති ක්‌ෂේත්‍රයේ බොහෝ අයට අමතක වී නැති බව පැහැදිලිය. එදා රාජිතගේ මන්ත්‍රී ධුරය අහිමි වූවේ විජයදාස රාජපක්‌ෂගේ කැපවීම නිසාය. ඒ ගැන විස්‌තරය වෙනම ලිපියකින් කියනු කැමැත්තෙමි. 
 (නීතිය නොනැමීමේ වරදට දේශපාලන දංගෙඩියට ගෙන යැමට සූදානම් කරන විජයදාස රාජපක්‍ෂ මෙහෙයුම පිළිබඳ විශේෂ ලියුම්කරුවකුගේ හෙළිදරව්ව.)

සිරිලිය ,හොරලිය ,හෙරලිය දේශපාලනේට...!!! අනේ අනිච්චං කිව්වලු...!!!

ශිරන්ති රාජපක්ෂත් දේශපාලනයට : සාටක සුණඛ බැසිල් අවධානයෙන් ...!!!


 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ  ක්‍රියාකාරි දේශපාලනයට පිවිසීමට නියමිතව බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එම කටයුතු ආරම්භ කිරීමට ශිරන්ති රාජපක්ෂ  සැලසුම් කරමින් සිටින්නේ හිටපු ජනාධිපතිවරයාගේ උපදෙස් මත බවයි වාර්තාවන්නේ.
පසුගිය සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ ශිරන්ති රාජපක්ෂ  කෙරෙහි පැවැති ජනතා හා මාධ්‍ය උනන්දුව මෙහිදී සැලකිල්ලට ගෙන තිඛෙනවා.

මහජන මුදලින් තවත් අපතයෙකුට රම්‍ය ,සුරම්‍ය,සුභ , මාළිගා...!!!

ආණ්ඩුවේ ඇමතියෙක් මහ දැවැන්ත මාලිගාවක් හදයි.. මේ තුන්වෙනි මාලිගාවයි..!!!


 ආණ්ඩුවේ ඇමතිවරයෙක් විසින් හේවාහැට ප‍්‍රදේශයේ අක්කර පහක පමණ විශාලත්වයෙන් යුතු ඉඩමක සුවිසල් නිවාසයක් ඉදි කරමින් සිටින බව වාර්තා වෙයි.
මෙම ඇමතිවරයාට මේ ආකාරයේම සුවිසල් නිවාස තවත් දෙකක් ඇති අතර එකක් උඩරටත් අනෙක කොලඹ බත්තරමුල්ලේත් වෙයි. මෙම එක් නිවසත් කලකට පෙර මාධ්‍යවල සියළු විස්තර සහිතව පල වුයේ පටබැදි නමක්ද සහිතවයි. ඉදිකරන නව නිවස ඔහුගේ පුත‍්‍රයා වෙනුවෙන් ඉදි කරන බවද පැවසෙයි.

ජනතාව අන්දන රොකට් රෝහිත...!!!

රෝහිත කොලඹ සරසවියේ අනධ්‍යයන සේවකයෙක්...?


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂ කොළඹ විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන සේවකයකු ලෙස කොළඹ විශ්වවිද්‍යාලයීය කාර්ය මණ්ඩල ලැයිස්තුවේ දක්වා තිබේ. අභ්‍යවකාශ ඉංජිනේරුවකු ලෙස තමන්ව හඳුන්වා ගත් රෝහිත රාජපක්ෂ, විශ්වවිද්‍යාලයක අනධ්‍යයන සේවකයකු ලෙස කටුතු කිරීම ගැටළු සහගත වන අතර, ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ද ගැටළුවක් මතු වී තිබේ. කොළඹ විශ්වවිද්‍යාලයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසන්නේ ඔහුගේ නම සඳහන්ව තිබුණද, කිසිදු ආකාරයකින් ඔහු විහ්වවිද්‍යාලයේ කටයුතු වලට සම්බන්ධ වී නැති බවයි.

අප රටේ ජනාධිපති පඹයා නිහඬව සිටිද්දී අභීත පිලිපීන ජනාධිපති රට වෙනුවෙන් පෙරමුණේ...!!! ලංකාවට ආදර්ශයක්...!!!

ලංකාවට මත්ද්‍රව්‍ය තොග පිටින් එද්දි පිලිපීනයේ මත්ද්‍රව්‍ය වෙළෙඳාමට සම්බන්ධ නගාරාධිපති ඇතුළු 6 ක් පිලිපීන පොලිසිය මරා දමයි..!!! පරයෙකු සහ වීරයෙකු අතර වෙනස


 පිලිපීන ජනාධිපති ඩුටාර්ටේ මත්ද්‍රව්‍ය විරෝධී වැඩපිළිවෙළට සමගාමීව පිලිපීන පොලිසිය විසින් පසුගිය දා පිලිපීන නගර සභාවක නගරාධිපති ඇතුළු 6 දෙනෙකු වෙඩිතබා ඝාතනය කලේය.
පිලිපීනය මේ වනවිට මත්ද්‍රව්‍ය භාවිතය නිසා දහස් ගනක් තරුණ ජීවිත විනාශ වන අතර එරටේ ජනාධිපති ඩුටාර්ටේ රොද්‍රිගෝ මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන් සම්බන්ධව දැඩි මර්දනයක් සිදු කරයි. දුටු තැන මත්ද්‍රව්‍ය වෙළෙන්දෝ සහ එයට සම්බන්ධ වූවන් ඝාතනය කිරීම එරටේ හමුදාව මගින් සිදු කිරීමට ජනාධිපතිවරයා නියෝග කොට ඇත.වීඩියෝ

හර්‍ර්‍ෂ සහ නාමල් රංගනය....!!!

ජනතාව ඉදිරියේ බොරු රංගනයක යෙදෙන මුං සේරම ඵකයි.දැන්වත්  ඇත්ත තේරුම් ගන්න...!!!
දේශපාලන වේදිකාවේ ජනතාව හමුවේ වෛරය වපුරන මේ අසික්කිතයන් පසුබිමින් අඹ යහළුවන්වේ. මහින්ද සහ රනිලාද ඵසේය. සේස්සෝද ඵසේය.

ලක්‍ෂ 700 ක්‌ වැඩි මිලට පිළිකා රෝහලට 'පෙට්‌ සීටී' යන්ත්‍රය ගැනීමේ සූදානමක්‌...!!!

මහරගම පිළිකා රෝහල සඳහා මහජන ආධාර මත මිලදී ගන්නා පෙට්‌ සීටී ස්‌කෑනර් යන්ත්‍රය රුපියල් ලක්‍ෂ හත්සියයක්‌ වැඩි මිලට ගැනීමට යන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ යන්ත්‍රය මිලදී ගැනීම සඳහා මහජනතාව මෙන්ම පිළිකා රෝගීන්ගේ ඥතීන් ද දායකත්වය ලබාදුන් අතර ඒ සඳහා රුපියල් ලක්‍ෂ දෙදහසකට අධික මුදලක්‌ එකතු විය.

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ආහාර සංස්‌කෘතිය...

ලොව පවතින විශ්මයජනක වස්‌තුව ශරීරයයි. මෙහි එදිනෙදා පැවැත්මට ආහාර අත්‍යවශ්‍ය ය. මේ මගින් සියලු සත්ව, ශාක ඇතුළු සජීවි වස්‌තුවලට අවශ්‍ය ශක්‌තිය ලබා දේ. 'ආරෝග්‍යා පරමා ලාභා' යන බුදු වදනට අනුව මෙලොව එළිය දකින සෑම සත්ත්වයකු ම ලබා ගන්නා උතුම් ම ලාභය 'නිරෝගීභාවය' යි. සත්වයාගේ ආයුෂ, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව, සතුට, පෘෂ්ඨ§මත් බව යනාදී කායික මානසික තත්ත්ව ලැබෙනුයේ ආහාරයෙනි. ලොව පවත්නා සියලුම සංස්‌කෘතිවලත් නව වෛද්‍ය විද්‍යා ක්‍රමවලත් මූලික අභිප්‍රාය වන්නේ යහපත් සෞඛ්‍ය තත්ත්වයක්‌ ඇති කර නිරෝගී සම්පන්න ජනතාවක්‌ බිහි කිරීමයි.
ආහාරයෙන් ජන විඥානය ද සංස්‌කෘතිය ද සකස්‌ වන බව පිළිගත් විද්වත් මතයයි. රටක ජනතාව දෛනිකව ආහාරයට ගන්නා දෙයින් ඒ ජනතාව ගේ සංස්‌කෘතිය ද ජීවන රටාව ද ලොවට ප්‍රකාශ වෙයි. දුප්පත්-පොහොසත්, බාල-තරුණ-මහලු, උගත්-නූගත් හෝ ග්‍රාමීය-නාගරික යනාදී කිසිදු භේදයකින් තොර ව මෙලොව එළිය දකින සියලු ජීව සමූහයාට ම පොදු වූ 'කුසගින්න' නිවාලීමට සමත් බලවත් ම දෙය 'ආහාර' වෙයි. 'මුළු' යනු ආහාරය සඳහා සම්භාව්‍ය සාහිත්‍යයේ සඳහන් වචනයකි. මුළුගේ, මුළුතැන්ගේ යනුවෙන් ආහාර පිසින ස්‌ථානය නම් කිරීම අනුව මෙකී කරුණ වඩාත් සනාථ වේ.

සාටක පවුලේ පැටිකිරියෙන් බිඳක් මෙන්න....!!!

රාජපක්ෂලාගේ රුපියල් මිලියන 2873.92 ක දේපල ගැන විස්තර මෙන්න....!!! 

මෙතෙක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය සිදුකළ විමර්ශන වලින් රාජපක්ෂවරුන් විසින් ඔවුන්ගේ පාලන කාලය තුළ මුදල් විශුද්ධිකරණයෙන් (කළු සල්ලි ජාවාරමින්) අත්කරගෙන ඇති දේපල ප්‍රමාණය රුපියල් මිලියන 2873.32 වඩා අධික වන බව සියලු සාක්ෂි සහිතව අනාවරණය කරගෙන ඇත. පහත දැක්වෙන්නේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය මෙතෙක් සිදුකළ විමර්ශන වලින් සාක්ෂි සහිතව තහවුරු කරගන්නා ලද කළු සල්ලිවලින් අත්පත්කරගෙන ඇති දේපළ වල සවිස්තර සාරාංශයක

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කෝටි 71කට වෙච්ච දෙයක් දන්නේ නෑ

 පට්ට හොරෙකුවූ රවී කරුප්පයියා ගේ නම සඳහන්වූ කෙටි පණිවිඩයක් මාට්ටුවී ඇති අයුරු...
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලාභාංශ අතුරින් රුපියල් කෝටි 71කට අධික මුදලකට සිදුවූයේ කුමක්දැයි තමන්නොදන්නා බව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන බැඳුම්කර කොමිසම හමුවේ  (16දා)පැවසීය.
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලාභාංශ අතුරින් රුපියල් කෝටි 71කට අධික මුදලකට සිදුවූයේ කුමක්දැයි නොදැනීම බරපතළ සිද්ධියක් බව දැනුම් දුන් කොමිසමේ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන , සමාගමේ රුපියල් කෝටි 71කට අධික ලාභාංශවලට සිදුවූයේ කුමක්දැයි සොයාබලා වහාම කොමිසමට දැනුම් දීමට නියම කළේය.

යහපාලනේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති....!!!


යහපාලනය යනු කුමක්ද?

Friday, August 18, 2017

අපේ ෆේස් බුකිය කැළඹූ නිර්මාණ ...!!!

මාරම පට්ට ආර්‍යාවක්නෙ ඵයා....හික්ස්...!!!

ශිරන්ති විහාරමහා දේවියක් නම් බිලි වුනේ කාගේ පාපයකටද?..-මෙහෙම ජනාධිපති ආර්යාවක් ඉතිහාසයෙත් නැහැ…. ලොවෙත් නැහැ…. ලොවි ගහෙත් නැහැ….
“දිනේෂ් ගුණවර්ධන කියනවා ඉතිහාසයේ කවදාවත් සිදු නොවුණු ආකාරයට ජනාධිපති ආර්යාවකට මේ ආකාරයට සැලකුවේ නැහැ කියලා. ඒක ඇත්ත. ඉතිහාසයේ කවදාවත් මෙවැනි ජනාධිපති ආර්යාවක් ඉඳලා නැහැ. ඉතිහාසයෙත් නැහැ. ලොවෙත් නැහැ. ලොවි ගහෙත් නැහැ. විලියම් කුමාරයාත් මිල අධිකයි කියලා යන්න ප්‍රතික්ෂේප කරපු ප්‍රංශයේ හෝටලයකට ගිහිල්ලා අධික මුදලක් වැය කරලා කාමර ගත්තේ ඇය, තාජුඩීන්ගේ මිනීමැරුම සිදුවුණු වෙලාවේ හතළිහකට අධික දුරකතන ඇමතුම් පොලිසියට දුන්නේ ඇය තමන්ගේ සිරිලිය ගිණුම සඳහා මුදල් ගන්න 222222222ම කියන ජාතික හැඳුනුම්පත් අංකයක් තිබුණු ඉතිහාසයේ හිටපු එකම ආර්යාව ඇය. ඒ වගේම තමයි පැය 3ක් සිංහලෙන් කතා කරලා අන්තිම මොහොතේදී සිංහල අමතක වුණා කියපු එකම ආර්යාව ඇයමයි. ඒ නිසා ඉතිහාසයේ මෙවැනි ආර්යාවක් ඉඳලා නැහැ. වපුරපු විදියට තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. මේක අධිකරණයට භාරවුණු කාරණාවක්.”
“දිනේෂ් ගුණවර්ධන එහෙම කියලා අහනවා ඇයි මහින්ද රාජපක්‍ෂට බයද කියලා. අපිට කියන්න තියෙන්නේ ඔව් අපි බයයි කියලා. කවුද මැරෙන්න, අතුරුදන් වෙන්න, ගුටිකන්න බය නැත්තේ.”

රනිලාගේ නපූ නැවත කරළියට...!!!

දඹුළු විහාරයේ ආදායමෙන් 15%ක් දඹුළු පන්සලට දෙනවා.. ඉතිරි 85% බෙදනවා..- අකිල විරාජ්....!!!
 දඹුළු ලෙන් විහාරය නැරඹීමට එන විදේශිකයින්ගෙන් ලැබෙන ආදායමෙන් 15%ක් දඹුළු පන්සලටත් ඉතිරි 85% වෙනත් පන්සල් අතර බෙදා දීමටත් වැඩපිලිවෙලක් සකසාගෙන යන බව ඇමති අකිල විරාජ් කාරියවසම් පවසයි.වීඩියෝ...

Thursday, August 17, 2017

කාළකණ්නි හොරා ඵසවූ අසාධාරණ බදු නැවත අඩු කෙරේ....!!!

ඉන්ටර්නෙට් බදු අඩු කෙරේ.. මෝටර් සයිකල් බදු අඩු කෙරේ.... මුදල් ඇමති මංගලගෙන්...!!!
අද(17) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර කලකට පසු සහන කිහිපයක්ම ඉදිරිපත් කළේය. අන්තර් ජාල සේවා සඳහා පනවා තිබු විදුලි සංදේශ බද්ද එළඹෙන සැප්තැම්බර් 1 වන දා සිට මුළුමණින් ඉවත් කරන බව ඔහු දන්වා සිටියේය. මෙය සියයට 10 ක්ව පැවතී ඇමති රවී සියයට 25 දක්වා ඉහළ දමා තිබුණි. එංජින් ධාරිතාව සීසී 150ට අඩු මෝටර් බයිසිකල් සඳහා වන ආනයනික බදු මුදල සියයට 90 කින් පහත දැමීමටද තීරණය කළ බව ඔහු දන්වා ඇත. ඒ අනුව අද(17) මධ්‍යම රාත්‍රියේ සිට මෙම අගයන් අඩු බව අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේය.

සමෘද්ධි සමීක්ෂණයෙන් රු.12.82, 50.000.00 කට කෙලවලා…-එස්.බී. ගෙන් වහාම අය කරගනු ...!!!

ආණ්ඩුව විසින් අද (16) දින අත්හිටුවීමට තීරණය කරන ලද සමෘද්ධි සහනාධාර සමීක්ෂණය සදහා වියදම් කරන ලද රු.12.82, 50.000.00 ක අති විශාල මුදල එස්.බී. දිසානායක අමාත්‍යවරයාගෙන් අයකර ගැනීමට පියවර ගත යුතුයි.
සමෘද්ධිලාභීන්ගේ දැඩි විරෝධය මත අද දින (16) ආණ්ඩුව විසින් අත්හිටුවන ලද සමෘද්ධි සහනාධාර සමීක්ෂණයෙහි වියදම සමීක්ෂණය සිදු කිරීමට තීරණය කරන ලද අමාත්‍ය එස්.බී. දිසානායකගෙන් අය කර ගැනීමට කටයුතු බව අප සංගමය මෙයින් අවධාරණය කරන්නෙමු.
මෙම අඩු ආදායම්ලාභී සමීක්ෂණය සදහා පිටු 17 කින් සමන්විත අයදුම් පත‍්‍ර ලක්ෂ 35 ක් රු.5,07,50,000.00 මුදලක් වැය කර සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මුද‍්‍රණය කර සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් වෙතම බෙදා දී තිබුනි. සම්පුර්ණ කරන ලද සමීක්ෂණ අයදුම්පත‍්‍රයක තොරතුරු පරිඝණක මෘදුකාංගය වෙත ඇතුලත් කිරීම සදහා එක් සමීක්ෂණ අයදුම් පතුයක් වෙනුවෙන් රු.20.00 බැගින් තාවකාලිකව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් බදවා ගන්නා අය වෙත රු.7,00,00,000.00 ක විශාල මුදලක් ගෙවීම් සිදු කර ඇත. තවද මෙම සමීක්ෂණ අධීක්ෂණය වෙනුවෙන් ඉන්ධන දීමනාව ලෙස සෑම ප‍්‍රාදේශීය ලේකම් වරයෙකු සිට ඉහල නිලධාරීන් වෙත රු.20,000.00 බැගින් නිලධාරීන් 375 දෙනෙකු වෙත රු.75,00,000.00 මුදලක් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ගෙවීම් කර ඇති අතර රු.12,82,50,000.00 ආසන්න අති විශාල මුදලක් මේ සදහා වියදම් කර ඇත. විද්‍යාත්මක පදනමකින් තොර මෙම සමීක්ෂණය අත්හිටුවීම මත අති විශාල මහජන මුදලක් නාස්ති වී ඇති බව අප මෙයින් පෙන්නා දෙන්නෙමු.

වසර 1500 ඉපැරණි වැවටත් පුත්තලමේ ව්‍යාපාරිකයෙක් හොර ඔප්පු සකස්කර අත්පත් කර ගනී…!!!


පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් 606 මනල්තිව් ග්‍රාම නිළධාරි වසමේ පිහිටා ඇති වසර ගණනාවක් ඉපැරණි ‍ඵෛතිහාසික මෙන්ම ප්‍රෞරාණික වැදගත්කමකින් සමන්විත අක්කර 150ක පමණ භූමි වපසරියකින් සමන්විත වැවට ව්‍යාජ පිඹුරුපත් සකසමින් පුත්තලම ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයෙකු විසින් වැටකොටු ඉදිකර වැව් රක්ෂිතය අත්පත් කරගෙන ඇති බවට ප්‍රදේශවාසීන් තරයේ රජයේ වගකිව යුතු බළධාරින්ට චෝදනා කරති.
වසර 1500ක් පමණ ඉපැරණි මෙකී වැව එකල රජ දවස ඉදිකරන්නක් බවට ප්‍රදේශවාසීන් මත පලකරති. මන්ද වැව් හතක පිටාර ගලන වාන් ජලය ගබඩා කර තබා ගන්නා එකම වැව මෙම වැව බවත් ඒ නිසාවෙන් මෙම වැව ජනප්‍රවාදයේ විල්ලුක පසු කාලීනව විලුක බවට භාවිතා කරන  බව පැරන්ණන් පවසති.
නමුත් එහි වත්මන් තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන් උඩු යටිකුරු කර හමාරය, මේ දිනවල පුත්තලමට බලපා ඇති දරුණු නියගයත් සමග වැවේ තිබූ ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බැසීමත් සමග වැව් පිටිය පමණක් විනිවිදව දැක ගන්නට පුළුවනි. ඒ නිසාවෙන් මේ වන විට පුත්තලමේ  ප්‍රසිද්ධ හොර ඉඩම් සක්විතිලා පිරිසක් සහ සංවිධානාත්මක රාජ්‍ය නිළධාරින්ගේ එකතුවෙන් අදාල වැවට පිඹුරුපත් සකසමින් ඉතාමත් සූක්ෂමව ව්‍යාජ බලපත්‍ර සකස් කර ගන්නා මොවුන් පසුව පුත්තලම ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයින්ට අත්පිට මුදලට විකුණා ඇති බවයි කියති.

footnote කල්ලිය වැඩේ වරද්දාගෙන…බැදුම්කර හොරුන්ගෙන් සල්ලි අරන්..

මේ ආණ්ඩුව තියෙන්නේත් තව අවුරුදු දෙකාහමාරයි, ඉතින් මේ විදියට තව තුන් පාරක් සාක්ෂි දෙනකොට මේ ආණ්ඩුව ඉවර බව දූෂණ විරෝධී හඩ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පවසයි.
“බැඳුම්කර වංචාව හොයපු කෝප් කමිටුවේ වාර්තාව සකස් කරද්දි පාද සටහන් (footnote )දාපු ගොඩක් අයට ලක්ෂ 150, 200 ය හම්බවෙලා තියනවා. එජාපයේ විරෝධය නීතිපති දෙපාර්තමේන්තුවට එන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි මේ බැඳුම්කර කොමිසමේ යන සාක්ෂි විමසීම් වලින් පාද සටහන් දාපු අය ගැනත් හෙළි වී තිබෙනවා ඒකට නීතිපති දෙපාර්තමේන්තුව යම් මැදිහත් වීමක් කරනවා ඒනිසා නීතිපත් දෙපාර්තමේන්තුව පරණ හොරු අල්ලන්නේ නැතුව අලුත් හොරු අල්ලන්න කිඅන එක තමයි චෝදනාව. අපිට තියන ආරංචි වල හැටියට රවී කරුණානායක තමයි විදේශ කටයුතු අමාත්‍යාංශය මෙහෙයවන්නේ. ජාතික ලොතරැයි මණ්ඩලය සංවර්ධන ලොතරැයි මණ්ඩලය මෙහෙය වන්නේ රවී කරුණානායක. තිලක් මාරපන සීට් එකේ ඉදගෙන ඉන්න එක විතරයි කරන්නේ.”

තජුඩීන්ගේ වාහනය පසුපසින් ශිරන්තිගේ ඩිපෙන්ඩරය එලෙවුවා...!!!

වසීම් තාජුඩීන් මරණයට පත් වූ දා රාත‍්‍රියේ වතුර බෝතලයක් ගන්නට කඩයක් අසල වාහනය නතර කල බවත් ඉන් පසු එම රථය පසුපසින් ශිරන්ති රාජපක්‍ෂගේ පදනමේ ඩිෆෙන්ඩර් රථය ගිය බවත් තජූඩීන්ගේ මරණයෙන් පසු ඩිෆෙන්ඩරයේ පැහැය තුන්වරක් මාරු කර ඇති බවත් ජවිපෙ නායක අනුර දිසානායක  පවසයි.

අලිමංකඩ පාමංකඩ හරහා වැලිමංකඩට දැක්කිය යුතු පට්ට හොරා...!!!

අලිමංකඩ යනවා කියලා පාමංකඩ ගිය රවි කරුණානායක ඊළගට වැලිකඩට…
ඒකාබද්ධ විපක්‍ෂය විසින් කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මයෙන්දිරයේදී ‘බැඳුම්කරේ කාගේ කරේ’ යන තේමාව යටතේ විශේෂ සම්මන්ත්‍රණයක් සංවිධානය කොට තිබිණි.
මෙම සම්මන්ත්‍රණය අමතා ආචාර්ය නාලක ගොඩහේවා, ශ්‍රී ලංකා පොදුජන පක්‍ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්  ද පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, වාසුදේව නානායක්කාර, ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ, ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ කැඳවුම්කරු බන්දුල ගුණවර්ධන, ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායක දිනේෂ් ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද අදහස් දැක්වූහ.
එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල  කළ කතාව.
‘බැඳුම්කරේ හොරකම ගැන අවුරුදු දෙකක් තිස්සේ අහලා අපිට දැන් ඇතිවෙලා තියෙන්නේ. රවි කරුණානායකගේ ඇමතිකමත් දැන් අහිමි වෙලා ඉවරයි. එහෙමනම් දැන් තියෙන්නේ මීලගට කළ යුත්තේ කුමක්ද? මේ සටන මෙතනින් ඉදිරියට ගෙනයන්නේ කොහොමද කියන එකයි.  ඒයයි අපි ඉදිරියේ ඇති අභියෝගය.

ශිරන්තිට සීඅයිඩියේ දී හදිසියේම සිංහල බැරි වෙයි..!

සිංහල බෞද්ධයන්ගේ ගැලවුම්කරුවන් සේ පෙනී සිටින පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ ප්‍රිය බිරිඳ ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ “තමා සිංහල කියවීමට දන්නේ නැතැයි“  (16) රහස් පොලිසියේ දී කියා සිටියා ය. 
පැහැරගෙන ගොස් වධ දී ඝාතනය කර රිය අනතුරක් සේ ඇඟවූ රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ තිරශ්චීන ඝාතනය ගැන සිදුකරගෙන යන පරීක්ෂණ වලදී ඝාතකයන් භාවිතා කළ ඩිෆෙන්ඩර් රථයේ ඒ වන විට අයිතිකාරිය වූ ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂගෙන් ඒ පිළිබඳ කට උත්තරයක් ලබා ගැනීම සඳහා කොළඹ රහස් පොලිස් මූලස්ථානයට ඇයව ඊයේ කැඳවා තිබිණ.
පැය ගණනාවක ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් පසු එය කියවා ඊට අත්සන් කරන්නැයි රහස් පොලිස් නිලධාරීන් ශිරන්තිට කී විට ඇය තමාට සිංහල කියවීමට දන්නේ නැතැයි කියමින් නීතිඥයාගේ සහාය අවශ්‍ය යැයි දන්වා සිටියා ය. ආරම්භයේ දී ද ශිරන්තිගෙන් ප්‍රශ්න කරද්දී තමාට හෝ තම නීතිඥයාට ලඟ සිටිය හැකිදැයි මහින්ද රාජපක්ෂ රහස් පොලිසියෙන් ඉල්ලා සිටි නමුත් රහස් පොලිසිය එය ප්‍රතික්ෂේප කර තිබිණ.

Tuesday, August 15, 2017

අවදානම ගැනීමයි ව්‍යාපාරයක සාර්ථකත්වය

චන්ද්‍රා වික්‍රමසිංහ / සභාපති - Theme රිසෝට්ස් 

ඔබ සංචාරක හෝටල් ගණනාවක හිමිකරුවෙක්...
ව්‍යවසායකයෙක් කියනවා නම් ඊට වඩා කැමැතියි. නිර්මාණකරුවෙක්... ඇ‍ඟේ ‘උණක්’ තියෙන මනුස්සයෙක් කියන්නත් පුළුවන්. මඩ වගුරක වුණත් මනස්කාන්ත පරිසරයක් මවන, සංස්කෘතිය - කලාව - විද්‍යාව මිශ්‍ර කරපු අමුතු හෝටල් හදන මහා අමුතු ම මනුස්සයෙක් කියන්නත් පුළුවන්. ඇත්තට ම මේ කොයි හැඳින්වීමත් මට ගැළපෙනවා....

මවුකිරි බැංකු

රේඛා චායිද්වාල් උදායිපූර්හි රවින්ද්‍රනාත් තාගෝර් ශික්‌ෂණ රෝහලට පැමිණියේ ඇගේ බිළිදු දියණියට ප්‍රතිශක්‌තිකරණ එන්නතක්‌ ලබා ගැනීමටය. ඒ ගමනේදී ඇය අමුතු නාමපුවරුවක්‌ දුටුවාය. -දිව්‍යා මවුකිරි බැංකුව- ඒ නාමපුවරුවෙහි ලියවී තිබිණ.
මේ නාම පුවරුව දැක රේඛා එහි ඇතුළු වූවාය. තම දරුවන්ට මවු කිරි දෙන්නට හැකියාව නැති මවුවරුන්ගේ දරුවන් වෙනුවෙන් මෙහි පැමිණෙන කාන්තාවන් මවු කිරි දන් දී යන ආකාරය ඒ මවුකිරි බැංකුවේ කළමනාකාරවරයා වූ භව්නා ජෝෂි රේඛා චායිද්වාල්ට විස්‌තර කළේය. ඒ විස්‌තරය ඇසූ රේඛා චායිද්වාල්ද එසැණින්ම මවුකිරි දන් දෙන්නියක බවට පත් වෙන්නට තීරණය කළාය.වීඩියෝ

නීතිපති දෙපාර්තමේන්තුව හෑල්ලූවටලක්කිරීම හෙළාදකිමු..!

එතෙක් පැවැති තත්ත්වයට වඩා සැබෑ සුබදායක වෙනසක් බලාපොරොත්තුවෙන් 2015 ජනවාරි මස 08 වන දින සිය ඡන්දය ප‍්‍රකාශ කළ ජනතාව මේ වනවිට යහපාලන රජය කෙරෙහි දක්වන ආකල්ප ද පෙර පාලන කාලයටටත් වඩා සුබදායක නොවන බව පෙනෙන්නට තිබේ. පෙර සිටි පාලකයින් කෙරෙහි වූ ජනතා අප‍්‍රසාදය තියුණු වෙමින් පැවැතියාටත් වඩා වැඩි වේගයකින් යහපාලනයේ ඇතැම් පාර්ශවයන්හි අක්‍රමිකතා සහ දූෂණ සීඝ‍්‍රයෙන් හෙළිවෙමින් තිබීම මෙයට හේතුවයි.

නව පාලනයේ දින සියය ඉක්මයාමට මත්තෙන් මහබැංකුව හා රටේ ප‍්‍රධාන මර්මස්ථාන පාලනය කරන අධිකාරිය විසින් සිදු කළ බවට හැඟෙන දූෂණ වෙනුවෙන් දැන් දැන් වැඩි කාලයක් මිඩංගු කිරීම හේතුවෙන් පෙර පැවැති රජයේදූෂණ හා අක‍්‍රමිකතා පිළිබඳව නැගුණු චෝදනා යටපත්වන බවක් ද පෙනෙන්නට තිබේ. මේ තත්ත්වය හමුවේ රජයේ නීතිපති දෙපාර්තමේන්තුව සහ පත්කළ කොමිෂන් වල කාර්යයභාරය ද පෙරටත් වඩා ජනතා අවධානය දිනාගන්නට සමත්ව ඇත.

Monday, August 14, 2017

අප්පච්චි මළෝ ...!!! බැසිලා පැන්නෝ....!!!

“පාන්දර දෙකට එන්න කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි රනිල් වික්‍රමසිංහට බලය දුන්නේ. මම ගෙදර යනවා. ඒක කිව්වම අපි සද්ද නැතුව හිටියා. බැසිල් නැගිටලා තවුසන් ටෝක් එකක් දුන්නා. මම කිව්වා මහින්දානන්දට මචං අද මම මූට දෙකක් කියනවා කියලා. මම නැගිටින්න හදනකොට මහින්දානන්ද මගේ අතින් අල්ලලා කිව්වා වඩක් නැහැ මචං වාඩිවෙයන් කියලා. ඒ පාර  වාඩි උණා. හත්දෙයියනේ ගෙදර ගිහින් බලනකොට මූ යනවා මුගේ රෙද්දත් නෑ, බැනියමත් නෑ, මුගේ සාටකයත් නෑ කලිසමයි ෂර්ට් කැල්ලක් ඇදගෙන ඇමරිකාවට, කවුද? ජාතික සංවිධායක. පිහිට වෙන්න කවුරුත් නැහැ. මම බැලුවා මෙන්න යකෝ අපිත් එක්ක හිටපු එකානේ ජනාධිපති වෙලා තියෙන්නේ. මට හිතුණා දුරකතන ඇමතුමක් අරන් බලන්න.”
“මම කතා කළා සර් මම, එකපාරටම කිව්වා අගමැති යූඑන්පී ජනාධිපති ශ්‍රි ලංකා කියලා. හත්තිලව්වේ මට ඉබ්බා දියේ දැම්මා වගේ මට ඇන්නෑවේ කියවුණා. මම කිව්වා පවුලට ලෑස්තිවෙනවා ඕයි යන්න ජනාධිපතිතුමා හම්බවෙන්න කියලා. අනේ මට නම් බෑ තමුසේ යනවා කිව්වා. මම බැලුවා කඩවලුත් වහලා.

මම දන්නේ නෑ නෝනා මට කිව්වේ නෑ...!!!

ලූණු බික ඉවත් කිරීමෙන් මේ ප්‍රශ්නය විසද ගන්න ඉඩ දෙන්නේ නෑ..ලූණු ගෝණිය තියන අර්ජුන් අල්ලලා ඇතුලට දාන්න....!!!
“රවි කරුණානායක ඇමති ආවනේ ජනාධිපති කොමිසමට. රවිගෙන් දැන් ප්‍රශ්න අහනවා. ඔබ පදිංචි වී සිටින්නේ කොල්ලුපිටියේ ඒ නිවස තියෙන්නේ, ඔබ දන්නවාද මේ නිවසට කුලිය ගෙවන්නේ කවුද කියලා. මම දන්නේ නෑ. ඒක ගත්තේ කාගේ නමටද මට මතක නෑ. එතකොට අහනවා අරජුන් ඇලෝසියස් ද මුදල් ගෙව්වේ එතකොට කියනවා මම දන්නේ නෑ නෝනා මට කිව්වේ නෑ. අපේ නෝනා අලුතින් ලස්සන ගවුමක් ඇදගෙන හිටියොත් ෂා ලස්සන ගවුම කියන්න ඉස්සල්ලා අහන්නේ නැද්ද උඹට ඔය ගවුම කොහෙන්ද කියලා. එහෙම දේවල් වෙන්න පුළුවන්ද? අසු වුණේ ලූණු බිකක් ලු එහෙමනම් ලූණු ගෙඩිය අතේ තියන අර්ජුන් ඇලෝසියස්වත් ඇතුලට ගත යුතුයි, ලූණු ගෝණිය තියන අර්ජුන් මහේන්ද්‍රන්ද ඇතුලට ගත යුතුයි. ඒ නිසා ලූණු බික ඉවත් කිරීමෙන් මේ ප්‍රශ්නය විසද ගන්න ඒකාබද්ධ විපක්ෂය ඉඩ  දෙන්නේ නැහැ.”

මං ආපසු එනවා.. විදේශ ඇමතිකමට කවුරුත් පත් කරන්න එපා..- රවි දන්වයි..

මාසයක් දෙකක් ඇතුලත තමන් යලිත් විදේශ කටයුතු ඇමති ධුරයට පැමිණෙන නිසා එම ධුරය සදහා ස්ථිරව කිසිවෙකු පත් නොකරන්නැයි හිටපු ඇමති රවි කරුණානායක  අගමැති රනිල් වික‍්‍රමසිංහට දන්වා ඇති බවට මාධ්‍ය වාර්තා පල වෙයි.
මහනුවරදී අගමැතිවරයා හමුවී මෙම ඉල්ලීම කර ඇති අතර ඒ අනුව තිලක් මාරපන  විදේශ කටයුතු ඇමති ලෙස තාවකාලිකව පත් කරනු ඇතැයිද වාර්තාවන්හි දැක්වෙයි.

Sunday, August 13, 2017

පාරෙ ඉන්න හිඟන්නො වගෙද අපි...හොර කරුප්පයියා කියයි...!!!

අහෝ ... මේ ජාතික හොරාට පිරිත් නූල් බඳින මෙහෙමත් නිවට මහණුන්...!!!හොරා නැවත ජාතික ඇඳුමට බැහැලා...!!!


මට කල දේ කැරකිලා ඒවා කරවු අයටත් බලපානු ඇති බව මෑතකදී ඉල්ලා අස්වූ හිටපලු විදේශ හා මුදල් ඇමති රවි කරුණානායක  පවසයි.
ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.වීඩියෝ

මහජන ධනය විලිලැජ්ජාවකින් තොරව හොරාකන හොරු රැලක්

යහපාලන ආණ්ඩුවේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරේ…  ඒ හොරත්, මේ හොරත් හැර තවත් හොරු සිටිත්ද?

මහජන ධනය විලිලැජ්ජාවකින් තොරව හොරාකන හොරු රැලක් හෙළිදරව් වෙමින් තිබීම පින් ඇති මහත්තුරුයැයි වන්දනාමාන කරමින් සිටි ජනතාවට හොඳ .
 පාඩමක් බව නිවේදනයක් නිකුත් කරමින් ජාතික භික්‍ෂු පෙරමුණ පවසයි.
ඒ හොරත්, මේ හොරත් හැර තවත් හොරු සිටිත්ද?
යහපාලන ආණ්ඩුවේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙන තවත් මහා සොරකමක් මේ වන විට රට හමුවේ හෙළිදරව් වී ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස විදෙස් ඇමතිව සිටි හා ඊට පෙර මුදල් ඇමතිව සිටි රවී කරුණානායක මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ඇමතිවරයෙකුට දූෂණ චෝදනා ඇතිවිට ධුරයෙන් ඉල්ලා අස්වී පරික්‍ෂණවලට සාධාරණය ඉටුකිරීම මහත්මා දේශපාලනය වුවත් රවී කරුණානායකගේ ඉල්ලා අස්වීමෙන් ඒ මහාත්මා දේශපාලනය පෙන්වා නැත.
සිදු වූයේ ජනතාවාදී දේශපාලන පක්ෂ හා ජනතාවත්, මාධ්‍යයත්, කෝප් කමිටුව, දූෂණ විරෝධී හඬ, වෘත්තීය සමිති, හා ජාතික භික්‍ෂු පෙරමුණ වැනි බලපෑම් කණ්ඩායම් බොහෝ වෙහෙසදරා කළ නොනවතින අරගලයක ප‍්‍රතිඵලයක් ලෙස ඉල්ලා අස්වීමට සිදුවූවා මිස මහත්මයෙකු මහාත්මාකම පෙන්වීමක් නොවේ. ආණ්ඩුව හා ධනපති කල්ලි කණ්ඩායම් සියල්ල සමගින් ඇතැම් මාධ්‍ය උත්සාහ කළේ මේ මහබැංකු සොරකම වසන් කර හොරු රැකිමටයි.

විදේශගත ඔබට ලංකානිව්ස් වෙතින් පණිවිඩයක්....!!!

විදේශ රටවල ජීවත්වන ශ්‍රී ලාංකික ඔබ දේශීය එළවළු පළතුරු ගැනීමට ඇතැම් කඩවලට යන බැව් නොරහසක්.ඒ ඵළවළු පැහැයෙන් ඉතාම අළුත් සේ දිස්වුවද ඒවා මිළදීගෙන ගෙදර ගෙනගොස් දිනක් පසුවන විටම අවපැහැ ගැනී නරක්වී යාම සුලභය.මෙයට හේතුව ඒ කූට වෙළඳ අපතයන් උදේ සහ රාත්‍රී ඵම ඵළවලු අසුරා ඇති රාක්ක වටා කුඩා සේලයින් බට හෝ ඵවැනි සිහින් බට යොදා ඔක්සිටොසීන් ( OXYTOCIN) නම් ඉතා විෂ රසායනිකයක් ස්ප්‍රේ කිරීමය..සමහර ඵළවලු වර්ග ඩයි දමා සෝදති.මේ විවිධවූ රසායනිකයන් නිසා පිළිකා සිට මාරාන්තික ආබාධ ද ඇතිවේ.බොහෝ ද්‍රවිඩ කඩවල මේ දෙය නොනවත්වා සිදු කරති .එම නිසා හැකි සෑම විටම ඔබ ජීවත් වන රටේ පිළිගත් සුපර්මාකට් තුළ ඇති ප්‍රමිතියෙන් යුතු ඵළවලු සහ පළතුරු මිළදී ගන්න.ඔබගේ හිතවතුන්ටද කියන්න....බලන්න පහත වීඩියෝ ..

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.