ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, July 7, 2017

දේශපාළු පාහරයන්ගේ නොනිමෙන ගැහිල්ල...!!!

වාහන ගන්නයි ගෙවල් හදන්නයි
ඇමැතිලා තවත් කෝටි 20ක්‌ ඉල්ලති
පරිපූරක ඇස්‌තමේන්තුව පාර්ලිමේන්තුවට

ඇමැතිවරුන් කිහිපදෙනකුට අලුතින් වාහන මිලදී ගැනීමට සහ නිල නිවාස අලුත්වැඩියා කිරීම වෙනුවෙන් වැය කළ රුපියල් දහනවකෝටි හැත්තෑ ලක්‍ෂ නවදහස්‌ තුන්සියයක (197,009,300) අතිරේක මුදලක්‌ ඉල්ලා  (07 දා) පාර්ලිමේන්තුවට තවත් පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ආණ්‌ඩුව විසින් ඉදිරිපත් කරන ලදී.
ආණ්‌ඩු පක්‍ෂයේ සංවිධායක, ඇමැති ගයන්ත කරුණාතිලක  මෙම පරිපූරක ඇස්‌තමේන්තුව පාර්ලිමේන්තුවට ගෙන ආවේය.
ඒ අනුව ඇමැතිවරුන්  දෙදෙනකුට, නියෝජ්‍ය ඇමැතිවරයකුට, උතුරේ ආණ්‌ඩුකාරවරයාට, ජනාධිපති කාර්යාලයට සහ විදේශයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල කිහිපයකට අලුතින් වාහන මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් දොළොස්‌ කෝටි දසලක්‍ෂ අනූඅට දහස්‌ හයසියයක්‌ ඉල්ලා ඇත.

විදේශ ඇමැතිවරයාට පසු ගමන් ආරක්‍ෂක රථයක්‌ සඳහා රුපියල් අනූලක්‍ෂයක්‌, මහවැලි සංවර්ධන නියෝජ්‍ය ඇමැතිවරයාට වාහනය සඳහා රුපියල් හාරකෝටි තිස්‌ ලක්‍ෂයක්‌, තැපැල් හා තැපැල් සේවා ඇමැතිවරයාට වාහනයක්‌ සඳහා රුපියල් හාරකෝටි තිස්‌ලක්‍ෂයක්‌, උතුරු නැගෙනහිර ආණ්‌ඩුකාරවරයාට මිලදී ගත් වාහනයක ඉතිරි මුදල සඳහා රුපියල් අටලක්‍ෂ හතළිස්‌ අටදහස්‌ හාරසියයක්‌, රෝමය, සීෂෙල්ස්‌, සිංගප්පූරුව, නයිරෝබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට වාහන මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් එක්‌කෝටි තිස්‌අට ලක්‍ෂ පනස්‌ නව දහසක්‌, ඕමාන් සහ බීජිංහි මෙරට තානාපති කාර්යාලවලට වාහන මිලට ගැනීම සඳහා වැය කළ රුපියල් එක්‌කෝටි හයලක්‍ෂ අසූපන්දහසක්‌ මෙන්ම ජනාධිපතිවරයාගේ තැපැල් බෙදාහැරීමට භාවිත කිරීම සඳහා ත්‍රිරෝද රථයක්‌ මිලට ගැනීම වෙනුවෙන් රුපියල් හත්ලක්‍ෂ හය දහස්‌ දෙසීයක්‌ ඉල්ලා මෙම පරිපූරක ඇස්‌තමේන්තුව ඉදිරිපත් කර තිබේ.
ඊට අමතරව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරියගේ නිල නිවස අලුත්වැඩියා කිරීම වෙනුවෙන් රුපියල් එක්‌කෝටි හතළිස්‌ අටලක්‍ෂ අනූදහසක්‌, පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිවරයාගේ නිල නිවස අලුත්වැඩියාව සඳහා රුපියල් එක්‌කෝටි තිස්‌ලක්‍ෂයක්‌, ප්‍රාදේශීය සංවර්ධන ඇමැතිවරයාගේ නිල නිවස අලුත්වැඩියාව සඳහා වැය කළ රුපියල් දෙකෝටි දහඅටලක්‍ෂ විසිපන්දහසක මුදල (සම්පූර්ණ එකතුව රුපියල් හාරකෝටි අනූහත් ලක්‍ෂ පහළොස්‌ දහසක්‌) මෙම පරිපූරක ඇස්‌තමේන්තුව මගින් ඉල්ලා ඇත.
තවද ජනාධිපතිවරයාගේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂවරුන් සඳහා කල්බදු ක්‍රමය යටතේ ලබාදී ඇති වාහනවලට බදු කුලී ලෙස රුපියල් එක්‌කෝටි පනස්‌දෙලක්‍ෂ හැට දහසක්‌, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට කල්බදු ක්‍රමය යටතේ ගෙන ඇති වාහන සඳහා බදු කුලී ලෙස රුපියල් හැටහත් ලක්‍ෂ හැටදහස්‌ හත්සියයක්‌, සමාජ සවිබල හා සුබසාධන අමාත්‍යාංයේ කල්බදු වාහනවල බදු කුලිය ලෙස රුපියල් ලක්‍ෂ තිස්‌පහක්‌, කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ වාහන සඳහා බදු කුලිය ලෙස රුපියල් හයලක්‍ෂ හැත්තෑපන්දහසක්‌ ද ලෙසින් රුපියල් එක්‌කෝටි හැටඑක්‌ ලක්‍ෂ අනූපන්දහස්‌ හත්සියයක මුදලක්‌ මෙම පරිපූරකයෙන් ඉල්ලා ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.