ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, July 9, 2017

පැවිදි ප්‍රභූ සමාජය හා බුදු දහම පිළිබඳ යළි කියැවීමක්....!!!

දළඳා මාලිගාව බුදු දහමේ මුදුන් මල්කඩ ලෙස සාමාන්‍ය බෞද්ධ ජනතාව අතර හැඳින්වේ.  බුදුරදුන් ජීවමානව වැඩ සිටින කළක මෙන් බෞද්ධ ජනතාව දළඳා මාලිගාවට ගරු සත්කාර සම්මාන දක්වති. මේ සියල්ලම සාමාන්‍ය බෞද්ධ ජනතාව සිදු කරනුයේ සැබෑ බුදු දහම පිළිබඳ නිවැරදි අවබෝධයකින්දැයි ගැටලුවකි. රැල්ලට, ගැම්මට, පරම්පරාවේ කමට, දෙමාපියන් බෞද්ධ හෝ උප්පැන්න සහතිකයේ තිබූ පමණින් බෞද්ධ වූ මේ බහුතර පිරිස බුදු දහමේ නාමයෙන් විවිධ අන්තවාදයන්ට දැන හෝ නොදැන ගොදුරුව සිටින බව ඉතා පැහැදිලිව දැකගැනීමට ලැබේ. බුදු සසුන යනු තථාගතවරුන්ගේ අනුශාසනාවයි. හෙවත් ඉගැන්වීම් ඇතුළත් අනුගමනකොට අවබෝධකරගත යුතු ලෙස දක්වා ඇති ධර්ම විනයයි. සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියොදපනං එතං බුද්ධාන සාසනං යන්නෙහි බුදු සසුන යන්නෙහි නියම නිර්වචනය ගැබ්ව තිබේ. එහිදී පාපයෙන් හා ළාමක අකුසලයෙන් වැලකීමත් කුසලය වර්ධනය කිරීමත් සිත මනාව රැක දමනය කරගැනීමත් සම්බුදු සසුන වන බව ඉතා පැහැදිලිව දේශනා කර ඇත. නමුදු අද මෙකල බොහෝ දෙනෙකු සුවිශාල බුදු පිළිම, දාගැබ්, විහාරාම ආදී කොන්ක්‍රීට් ඉදිකරවීම් බුදු සසුන යැයි සිතා සිටිති. කහරෙදි හැඳ පෙරව ගිහියන් මෙන් ගිහිකටයුතුවල නිරතව සිටින පැවිද්දන්ද බුදු සසුන යනුවෙන් සිතා සිටිති.
ඒ සියලු දේ බෞද්ධ සංකේත පමණකි. ඒවා සම්බුදු සසුන වන්නේ නම් ඒවා රැකීමට සිව්වනක් පිරිසේ අවශ්‍යතාවයක් ඇති නොවේ. ලෝකයේ දියුණුම නවීන තාක්ෂණික ගිනි අවිවලින් සන්නද්ධ ආරක්ෂක හමුදාවකට එබඳු දේ සිව්වනක් පිරිසකට වඩා හොඳින් රැකිය හැකි බැවිනි. කොන්ක්‍රීට් ඉදිරිකිරීම් හා කහරෙදි හැඳි පංචස්කන්ධ ටික රැක්ක පමණින් බුදු සසුන රැකීමක් සිදුවන්නේ නම් එබඳු සසුනක් රැකිමට යළිත් අමුතුවෙන් පින්පව් කුසල් අකුසල් හොඳින් දැන වටහා ගෙන කුසල් දහම් රකින සිත මනාව හික්මවු පිරිසකගේ අවශ්‍යතාවයක් මතු නොවේ. අවශ්‍යවනුයේ ලෝකයේ ඉතා දියුණු නවීන ගිනි අවිවලින් සන්නද්ධ ත්‍රිවිධ හමුදා පිරිසක් වන බැවිනි.
දළඳා මැඳුරෙන් සංකේතවත් වන පැවිදි ප්‍රභූත්වය මෙකල ඉතාම වාණිජ මට්ටමට පත්ව ඇත. දේශපාලන බල අධිකාරියද ඊට සමගාමීව දළඳා මැඳුර වටා ගොනුව ඇත. පුරාණයේ රාජ්‍යත්වය හිමිව තිබීමේ සංකේතය ලෙස සලකනු ලැබුවේද දළඳාවේ භාරකත්වය හා අනුග්‍රහකත්වය හිමිව තිබීමයි. මේ හේතුව නිසා පුරාණයේ පටන්ම රජවරු තුළ සිය පක්ෂපාතීත්වය, භාරකාරත්වය හා අනුග්‍රාහකත්වය දළඳාවහට පිරිනැමීමට පැවතියේ නොමඳ තරඟකාරී රුචිකත්වයකි. වර්තමාන සමාජය රාජාණ්ඩුක්‍රමයෙන් පාර්ලිමේන්තු ක්‍රමය දක්වා පරිණාමය වීමේ දී නුතන දේශපාලන නායකත්වය පෙරදී රජවරු කළ ආකාරයටම දළඳාව වෙත හුදු පක්ෂපාතීත්වය පළකොට ඒ තුළින් ස්වකීය රාජ්‍යත්වය, දේශපාලන තනතුරු තහවුරු කර ගැනීමට මාන බලනවා විනා අවංක ශ්‍රද්ධාවකින් කරන කටයුත්තක් බව නම් නොපෙනේ. මෙහි ඇත්තේ හුදු පිටකසා ගැනීමේ ක්‍රියාදාමයක් පමණකි. සටකපට දේශපාලනඥයෝ හුදු දේශපාලන තනතුරු තහවුරුකර ගැනීම වෙනුවෙන් දළඳාව වෙත පක්ෂපාතීත්වය පළ කරන අතර තමන්ට දේශපාලනඥයන්ගෙන් ලැබෙන පිළිගැනීම, අනුග්‍රහය හා පක්ෂපාතීත්වය ඔස්සේ දළඳා මැඳුරේ පැවිදි නායකත්වය කුලීන සමාජයතුළ සිය පැවිදි ප්‍රභූත්වය තහවුරුකර ගැනීමේ ව්‍යායාමයක නිරතවේ. ඒ හැර මේ රටේ බහුතර සාමාන්‍ය ජනතාවට ප්‍රභූ සමාජ ඇසුරේ වැඩෙන උක්ත ගිහි හා පැවිදි දෙපිරිසගෙන්ම ඵලප්‍රයෝජනයක් නැත. බුදුදහම පර්යාප්තිය වැඩීමෙන් ප්‍රතිපත්තියටද, ප්‍රතිපත්තිය වැඩීමෙන් ප්‍රතිවේධයද තමා විසින් සලස්වා ගත යුතු යැයි උගන්වන ධර්මයක් නම් බුදුරදුන් විසින්ම ප්‍රතික්ෂේපිත බුදුරදුන්ගේ දන්තධාතුව වැනි බාහිර භෞතික සාධකයක්ට ගෞරව සත්කාර සම්මාන දැක්වූ පමණකින් ඉහතකී පර්යාප්තිය ප්‍රතිපත්තිය හා ප්‍රතිවේධය අනුක්‍රමිකව සම්පූර්ණ නොවේ. එබැවින් දැන හෝ නොදැන ගිහි පැවිදි දෙපක්ෂය විසින්ම මේ කරනුයේ උනුන් රවටා පිටකසා ගැනීමක් මිසක අන්යමක් නොවේ. මන්ද මුල් බුදු සමයේ පැහැදිලිව බුදුරදුන් විසින් ප්‍රතික්ෂේපිත කරුණු නියම බුදු සමය ලෙස හුවා දක්වා මිනිසුන් අන්දවා එයින් නිවන්ලබා දිය නොහැක.
අද ද බුදු දහම විනාශ කරන සැබෑ සාධක හමුවේ නිහඬව මුනිවත රකිමින් මේ බෞද්ධ ජන සමාජයතුළ තමාට උරුමව තිබූ බෞද්ධ පැවිදි ප්‍රභූත්වය ගිහිහෙන අවස්ථාවලදී පමණක් බංකොලොත් මාධ්‍ය නිවේදන නිකුත්කර එකී පාරම්පරික බෞද්ධ පැවිදි ප්‍රභූත්වය ආරක්ෂා කර ගැනීම සඳහාම පමණක් වෙහෙසෙන පිරිසකගෙන් මේ සමාජයේ දුක්විඳින තැලෙන පොඩිවෙන පෑගෙන සාමාන්‍ය බෞද්ධ ජනතාවට අත්වන සුගතියක් නැතිබව ඉතා මැනවින් පැහැදිලි වේ. මන්ද බුදු දහමේ හා කහරෙදිවල මුවාවෙන් එය පෙරටදමා ඊට සැඟවී මේ පිරිස සැබවින් රැකීමට උත්සාහ ගනුයේ තමන්ගේ සමාජ පංතිය බව පැහැදිලි වන බැවිනි. ප්‍රතිපත්තියට කුමක් වුවද තමන්ගේ සමාජ පංතිය ආරක්ෂා වේ නම් මේ බෞද්ධ ප්‍රභූ සමාජයට ගිහි පැවිදි පරතරයක්ද නැති බව ඔවුන් භුක්ති විඳින කාමභෝගී ඉන්ද්‍රීය ප්‍රීණනයෙන් අනූන නෙක සැප සම්පත් අනුව පෙනී යයි. කන බොන, හඳින පළඳින, යන එන සෑම දෙයකම ගැබ්ව ඇති උසස්ම සැපසම්පත් ගිහි පැවිදි කිසිදු භේදයකින් තොරව මේ බෞද්ධ ප්‍රභූ ගිහි හා පැවිදි සමාජ පංතිය භුක්ති විඳිති. මේ දෙපිරිසම බුදුදහම පිළිබඳ වැඩි දැනුමක් නැති සාමාන්‍ය ජන සමාජය වඩා පහසුවෙන් රවටති අන්දවති. මලක් පිදූ පමණකින් නැතහොත් අසුරු සැණෙකවූ ශ්‍රද්ධා මාත්‍රයකින් සැප ලැබිය හැකිබව ප්‍රචාරය කරවමින් ආමිෂ පූජාව අත්තනෝමතික හා සාහසික ලෙස අති උත්කර්ෂණයට නංවා බුදුදහම පිළිබඳ අඩු දැනුමක් සහිත සාමාන්‍ය ජන සමාජය වඩාත් පහසුවෙන් ආගමේ නාමයෙන් රවටමින් සුවසේ කාබී ගිහිපැවිදි භේද රහිතව ඉඳුරන් පිනවමින් වෙසෙති. නිස්සරණධ්‍යාශයෙන් සමාජය සුමඟට ගැනීමේ අභිප්‍රායෙන් නිවැරදි සත්‍යය ප්‍රකාශකරන පුද්ගලයන්හට ආගම්විරෝධී,ධර්මවිරෝධී ලේබල් අලවා අවීචිමහ නරක පෙන්වා බිය ගන්වා නිහඬ කිරීමට වෑයම් කරති. මේ සෑම දෙයක්ම බෞද්ධයන්ටය.නමුත් බුදු දහම විනාශ කිරීම පිණිස රහසේ හා ප්‍රසිද්ධියේ ක්‍රියාකරන අන්‍යාගමිකයන්ට මේ එකඳු හෙණපතයක් වත් නැතිව යෙහෙන් වැජඹෙති.
උතුම් බුදු දහම රකින ව්‍යාජයෙන් ඒ දහමට පිටුපා ඊට හාත්පසින්ම වෙනස් දෙයක් මෙරට අද බුදු දහමේ නමින් ක්‍රියාත්මක වේ. මේ බව වටහා ගැනීමට තරම් මෙකල සිටින ගිහි පැවිද්දන්ට දහම් දැනුමක් නොතිබීමේ අමතර වාසියද බුදු දහම විකුණාගෙන කන එම සරුවපිත්තලයන්ට හිමිව තිබේ. සමානාත්මතාව, සහජීවනය, සමඟිය, සමූපාකාර පැවැත්ම ආදී යහ ගුණාංග බෞද්ධ ඉගැන්වීම්වලින් විශදවන නමුදු මෙරට අද ක්‍රියාත්මකවනුයේ ඊට හාත්පසින්ම වෙනස් බුදු දහමකි. බුදු දහමේ ලේබලය ඇලවූ බ්‍රාහ්මණ ඉගැන්වීම් මෙරට ක්‍රියාත්මකවීමකට සමානව සෑම අංශයකින්ම මූලික ථේරවාදී බෞද්ධ ඉගැන්වීම්වලට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ධර්මකරුණු අද ඉතා වේගවත්ව සමාජගත වෙමින් පවතියි. මන්ද ඇතැම් බෞද්ධ ඉගැන්වීම්වලට වඩා වෙනස් බුදු දහමක් අද මෙරට තුළ ක්‍රියාත්මක වන බැවිනි. බුදු දහමේ කුලවාදය, ජාතිවාදය, ආගම්වාදය ආදී අන්තවාදී කිසිවක් පිලිනොගනියි. නමුදු මල්වතු අස්ගිරි පාර්ශවයන්හි සියම් බෞද්ධ නිකායික පැවිද්දට එළඹීමට ඉහළ කුලයේ අයට මිස ඊට පහළ කුලවල අයට අවකාශ නැත. පැවිදි වීමේ දී ජාති, කුල ගොත් විමසනු ලැබේ. බොහෝවිට පැවිද්ද එළඹීමට අපේක්ෂාවෙන් පසුවන අයගේ දෙමාපියන් ගේ වාසගම් විමසීමෙන් කුලය පිළිබඳ වැටහීමක් ලබා ගනු ලැබේ. පැරණි භාරතයේ කුලය අනුව ආගමික නිදහස ලැබීමේ මාර්ගය බ්‍රාහ්මණ දහම අනුව බ්‍රාහ්මණ වංශිකයන් වෙත පවරා දී තිබිණ. ඊට පහළ කුලවල ජනතාවට හිමිවූයේ බ්‍රාහ්මණ වංශිකයන් අත්විඳි ආගමික නිදහසට පහළ ස්ථානයකි. ශුද්‍ර ආදී පහළම කුලවල ජනතාවට කිසිදු ආගමික සාමාජික නිදහසක් නොවූවා පමණක් නොව ඔවුන්ව තිරිසන් සතුන්ගේ පහත් මට්ටමට දමා සලකනු ලැබිණ. බුදුරදුන් ජීවමානව වැඩවිසූ සමයේ සුනීත, සෝපාක බඳු ශුද්‍ර ජනතාවට ද උපාලි වැනි කොණ්ඩා රැවුල් කැපී කරණවෑමි කුලවල ජනතාවටද බුදු දහමේ ආශ්වාදය ලැබීමට පමණක් නොව එහි අවසාන නිෂ්ඨාව ලෙස සැලකූ මහ රහත්ඵලයේ සුවය පවා රිසි සේ ලැබීමට බුදුරදුන් ඉඩ සලසා දී තිබිණ. බුදුන් පිරිනිවී කළ දහමට අත්වූ ඉරණම ඛේදජනකය.
දළඳා මාලිගාවේ ප්‍රධාන දොරටු විවෘතවනුයේ සැබෑවටම අවංක බෞද්ධයන්ට නොවේ. මුලු ජීවිත කාලය තුළ විශාල වෙරවෑයමකින් බෞද්ධ ප්‍රතිපත්ති ක්‍රියාවට නඟා ඒ අනුව ජීවත්වූ පුද්ගලයන්ට නොමැති පිළිගැනීමක් මෙකල දළඳා මාලිගාවෙන් ලැබෙනුයේ පාපී අකුසලයට බරවූ එහෙත් සමාජයේ ප්‍රභූත්ව වරප්‍රසාද භුක්තිවිඳින කාමුක සල්ලාල පුද්ගලයන්ට බව පුද්ගලිකව අත්දැක තිබේ. එම අත්දැකීම ලැබීමේදී අවංකවම හැඟීගියේ අද බුදු දහමට අත්වී ඇති ඛේජනක ඉරණමයි. ඥාතීත්වයෙන් මාහට සීයාවන දිගු කලක සිට ගිලන්ව ඇඳ විවේකය ලබමින් සිටි වයස අවු. 99 වයෝවෘද්ධ පුද්ගලයෙකු ඉතා අපහසුතාවෙන් වත්තම් කරගෙන දළඳා මාලිගාවට ගියේ ඔහුගේ අවසන් ඉල්ලීම දළඳා සමිඳුන් වැඳපුදා ගැනීම වන බැවිනි. මේ ලිපිය ලියන මොහොත වන විට ඒ සීයා මියපරලොව ගොස් වසර කීපයක් ගතවී ඇත. අනේක දුෂ්කරතා මැද දළඳා මැඳුරට ගියද අපහසුතා, දුක පවසා සීයාට දළඳා වහන්සේ දැක ගැනීමට අවසර ලබාදෙන මෙන් ආයාචනා කළද බිහිරන්ට වෙණගායනා බඳු විය. නමුදු ඒ ක්ෂණයකින් දැකගත හැකිවූයේ සමාජයේ ප්‍රභූවරයෙකු ලෙස සැලකෙන සැලකෙන නමුදු චරිතය අතින් නරක අයෙකු දළඳා මැදුර තුළ සිට සිනාමුසු මුහුණින් ඉවතට යන ආකාරයයි. දුරබැහැර සිට පැමිණෙන අහිංසක ප්‍රතිපත්තිගරුක ජනතාව පොලීම් ගැසී දහදුක් විඳිමින් බුදුරදුන්ගේ දන්තධාතූන්වහන්සේ වැඳ ගැනීමට පොරකද්දී ඉහතකී සල්ලිකාර,ප්‍රභූ,සල්ලාල පුද්ගලයා ඉතා විවේකීව දළඳා වහන්සේ ආසන්නයටම ගොස් වැඩි කරදරයක් නොමැතිව සල්ලිබලය හා සමාජ තත්වය පිහිටෙන් තමාගේ පව් වසාගෙන කටයුතු කළ ආකාරයයි.
එය දුටු මගේ සිතට වහාම නැඟුනේ දැඩි කළකිරීමකි. ලාබාල යොවුන් වියේ සිට මධ්‍යම වයස දක්වා ජීවිතයේ විශාල කාලසීමාවක් කැප කර පර්යාප්තිය, ප්‍රතිපත්තිය ආදී අංශවලින් බුදු දහමේ ඉගැන්වීම් අනුව ජීවත්වන මට නොමැති සැලකිල්ලක් පස්පව් දස අකුසල්වලින්ම ජීවත්වන පුද්ගලයන්ට දක්වයි නම් එබඳු ස්ථාන නියම බුදු දහම සංකේතවත් කරන තැන ලෙස සැලකිය නොහැකි බවයි. දළඳා මාලිගාව යනු හුදු බුදු දහමේ රාජකීය මුද්‍රාවයි. වෙනත් ලෙසකින් කිවහොත් බුදු දහමේ පැවිදි ප්‍රභූ සංකේතයයි. ඒ හැර සැබෑ බුදු දහමේ සංකේතයක් දළදා මැදුරෙන් සංකේතවත් නොවේ. බුදුන් වහන්සේගේ ශාරීරික ධාතූන්වහන්සේ දළඳාව බව සත්‍යයකි. නමුදු ඒ සංකේතය හුදු භෞතික සංකේතයකි. බුදුරදුන් ජීවමානව වැඩවිසූකළ තමන්වහන්සේගේ ශරීරයද ත්‍රිලක්ෂණ ධර්මතාවයට යටත්බව දේශනා කළ සේක. වක්කලී තෙරුන් අමතා කළ ප්‍රකාශය එකට අගනා සාක්ෂියකි. සිය බුදු සිරුර වුවද මහඵවීමට, දිරායාමට පත්වන බවද අබලන්වූ රථයකට පිළියම්කර ප්‍රකෘතිමත් කරන ආකාරයට සිය සිරුරද උපමාකර ආනන්ද හිමිවන්ට ධර්ම දේශනා කර ඇත. වක්කලී හිමියන්ට දේශනා කර ඇත්තේ හුදු තමන්ගේ සිරුරට නොව දේශනා කරන ලද ධර්ම විනයට, හේතුඵල ධර්මයට ගරුකර එය පිළිපැද ඒ තුළින් බුදු හිමියන් දැකීමට හුරුවිය යුතුබවකි. ඒ අනුව හුදු භෞතික වස්තුවක්වූ බුදුරදුන්ගේ ශාරීරික ධාතූන්වහන්සේ හට පුද සත්කිරීම නොව බුදුන්ගේ ඉගැන්වීම්වලට අනුව පර්යාප්තියට,ප්‍රතිපත්තියට අනුව ක්‍රියාකර ප්‍රතිවේධය ඉන් සලස්වා ගත යුතු බව සැබෑ බුද්ධ දේශනාව බව සැලකිය හැකිය. එසේ නම් දළඳා මැඳුරතුළ බුදුන්ගේ ශාරීරික ධාතූ වැඩමවා තබාගැනීම මඟින් අපේක්ෂා කර ඇත්තේ කුමක්දැයි ගැටලුවක් මතුවේ. නුවර යුගයේදී බුදු දහම අනුක්‍රමිකව පරිහානයට යමින් පැවතිනි. තත්යුගයෙහි එක පෙළට බලයට පැමිණි නායක්කර්වංශික රජවරුන් බුදු දහම පිළිබඳව නොදැනීම ඊට එක් හේතුවක් විය. අනුරාධපුර යුගයේ මහින්දාගමනයෙන් ආරම්භවූ බුදු දහම ඉතා දියුණු මට්ටමක පැවතිනි. පර්යාප්ප්තිය, ප්‍රතිපත්තිය හා ප්‍රතිවේධය යන ත්‍රිවිධ සසුනම පැහැදිලිව දීප්තිමත් විය. එකල ගම්වැසියන්ට වී වේලාගැනීමටවත් නොහැකි මට්ටමට සෘද්ධිමත් රහත් මාර්ගඵලලාභී භික්ෂූහූ උදය දිවා කාලයන්හි සිය සිරුරුවලින් සුර්යාලෝකය වසා සඟවා ගනිමින් අහසින් වැඩිබවට ජනප්‍රවාදයේ සඳහන්ය.

                                        රාජකීය පණ්ඩිත, ත්‍රිපිටචාකාර්ය, අභිධර්ම විශාරද
                                           ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ (PhD)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.