ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, July 10, 2017

මහ සඟරුවනට නිග්‍රහකිරීම

ව්‍යවස්‌ථාව ගැන වාදය දිගින් දිගටම ඇදී යන බව පෙනේ. ත්‍රෙනිකායික මහ නාහිමිවරුන් නව ව්‍යවස්‌ථාවට විරෝධය පළ කිරීම ගැන පුරවැසි බලය නම් සංවිධානය කලබලයට පත් වී ඇත. එහි සාමාජිකයෝ දැන් මහා සංඝරත්නයේ ස්‌ථාවරය විවේචනය කරති. මොවුන්ගේ අරමුණ කුමක්‌ද? කෙසේ හෝ නව ව්‍යවස්‌ථාව සම්මත කර ගැනීමය. නව ව්‍යවස්‌ථාව මගින් රට සුරපුරයක්‌ වනු ඇත්ද? නැත. මේ ඊනියා සිවිල් සංවිධානවලට අවශ්‍යව ඇත්තේ හොඳින් හෝ නරකින් තම ඉලක්‌කය සපුරා ගැනීමය.
නව ව්‍යවස්‌ථාවක්‌ කෙටුම්පත් කළහොත් ඒ පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කරන බව ජනපතිවරයා මහනුවරදී පොරොන්දු විය. රටේ නායකයා වශයෙන් ජනපතිවරයා මහ සඟරුවනේ අදහසට ගරු කර ඇත. එය මෙරට සම්ප්‍රදායයි. නමුත් ඊනියා සිsවිල් සංවිධානවලට රටේ සම්ප්‍රදාය බලවත් ප්‍රශ්නයක්‌ වී ඇති බව පෙනී යයි. ඔවුන්ට අවශ්‍ය මහ නාහිමිවරුන්ගේ මතය අලුයම ලූ කෙළ පිඩක්‌ මෙන් ඉවත දමන්නද?. මේ සිවිල් සංවිධාන සැබැවින් ම සිංහල බෞද්ධ ස්‌ථාවරය පිළිගන්නා බවක්‌ පෙනෙන්නට නැත. සංහිඳියාව වෙනුවෙන් සිංහල බෞද්ධ ස්‌ථාවරය පිටුදැකිය යුතු යෑයි මොවුන් පවසන්නේද?

පුරවැසි බලයත් සමඟ දෙමළ සන්ධානය ද මහා සංඝරත්නයේ ප්‍රකාශ හරහා කලබලයට පත්ව සිටී. දෙමළ සන්ධාන යාපනය දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පසුගිය දිනක ප්‍රකාශ කර තිබුණේ ව්‍යවස්‌ථාව සම්මත කර ගැනීම සිදුකරන තෙක්‌ මේ රජය පෙරළීම කිසිවිටකත් සිදු නොකළ යුතු බවයි. එසේ නම් දෙමළ සන්ධානයේ කූට උපාය පැහැදිලි වේ. ඔවුනට අවශ්‍ය කෙසේ හෝ ෆෙඩරල් බලතල සහිත ව්‍යවස්‌ථාවක්‌ සම්මත කර ගැනීමය. එයින් ඒකීය රාජ්‍යය සුරක්‍ෂිත වන්නේද? කිසිසේත්ම නැත. මහා සංඝරත්නය නොබියව ඉදිරියට පැමිණියේ ඒකීය රාජ්‍යය ආරක්‍ෂා කර ගැනීම පිණිසය.

නව ව්‍යවස්‌ථාවට එල්ල වන විරෝධතා දැක්‌වීම නිසාම විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් ඇතුළු පිරිසක්‌ මහනුවරට ගොස්‌ මහ නාහිමිවරු හමුවීමට සූදානම් වන බව ද මේ අතර දැන ගන්නට ලැබේ. කවරක්‌ නමුත් කිසිම සිවිල් සංවිධානයකට මෙරට මහසඟරුවනට නිග්‍රහ කිරීමට ඉඩදිය යුතු නැත. උන්වහන්සේලා වසර දහස්‌ ගණනක සිට ක්‍රියාත්මක වන පොදුÊසම්මතය අනුව යමින් රජයට අනුශාසනා කරති. බටහිර න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානවලට මෙන්ම කොටි හිතවාදීන්ට නම් මහ සඟරුවනේ විරෝධතා වහකදුරු බවට පත්ව තිබේ.

මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර නාහිමියෝ ඊයේ 'දිවයින' පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක්‌ ලබා දෙමින් ප්‍රකාශ කර ඇත්තේ ද නව ව්‍යවස්‌ථාව මගින් සිදුවන්නේ ඒකීය භූමිය බෙදීමකට ලක්‌වන බවයි. සිංහලයන්ගේ භූමිය බෙදීමට එරෙහි වීම මහා සංඝරත්නයේ වගකීමයි. උන්වහන්සේලා ඒ වගකීම නිසි පරිදි ඉටු කරන විට එන්.ජී.ඕ. මාෆියාව කලබලයට පත්ව සිටිති. ඊට පුදුම විය යුතු නැත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.