ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, July 10, 2017

බැඳුම්කර මගඩිය සහ මෑන් ඔෆ් ද මැච්...!!!

ගිය ආණ්‌ඩුව අවුරුදු දහයක්‌ තිස්‌සේ ඇනූ ඇනිල්ල මේ ආණ්‌ඩුව විසින් අවුරුද්දක්‌ තුළ අනා නිම කරන ලද බවත්, මෙහෙම ගියොත් ආණ්‌ඩුවක්‌ නැති රටක්‌ හෝ රටක්‌ නැති ආණ්‌ඩුවක්‌ බිහිවීමට ඉඩ ඇති බවත් අපි පසුගිය සතියේ කතුවැකිය මගින් කීවෙමු. එසේ කියා දින හතරක්‌ ගත වූ කල මේ ආණ්‌ඩුව අප සිතන තරම් කොන්ද පණ නැති ආණ්‌ඩුවක්‌ නොවන බැව් පසක්‌ විය. ඒ ඉදිරි මාස හය තුළ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම ව්‍යාපාර කටයුතුවලින් ඉවත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව දුන් නියෝගය නිසාය. ශ්‍රී ලංකා මහ බැංකුව ආණ්‌ඩුවේ ආයතනයකි. පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ යනු ශ්‍රී ලංකාවේ සුවිශාලතම මූල්‍ය අපරාධය ලෙස සැලකෙන බැඳුම්කර මගඩියට සම්බන්ධ බවට සැක කෙරෙන ආයතනයය. මේ ආයතනය මූල්‍ය වෙළෙඳපොළේ ගනුදෙනුවලින් හය මාසයකට ඉවත් කරමින් දුන් තීන්දුවේ තිගැස්‌ම මේ වන විට රට පුරා පැතිර ගොස්‌ තිබේ. එයින් දුර්මුඛ වූ සියලු හොරු ද සියලු වංචනිකයෝ ද මේ මොහොතේදී සිය වල්ග මුව තුළ රුවාගෙන හප හපා සිටිති. ඔවුන් මේ සිටින්නේ හොඳකට නොවන බව ආණ්‌ඩුව වටහා ගත යුතුය. ආණ්‌ඩුව දුර්වල වන ඊළඟ ආසන්නම මොහොත එළැඹෙන තුරු ඔවුන් බලා සිටිනවා ඇත. ඒ මොහොත එළැඹුන වහාම ඊළඟ බැඳුම්කර වංචාවට හෝ ඒ හා සමාන මූල්‍ය වංචාවකට ඔවුන් පිවිසෙනු ඇත්තේ තප්පරයට කිලෝ මීටර් හැටේ වේගයෙනි. බිස්‌නස්‌ නැති හය මාසයක්‌ යනු ඉතාම නිද්‍රශීලී කාලයකි. එහි අරුමය දන්නේ බිස්‌නස්‌ කරමින් සිට ඇනගත් උදවිය පමණි.
බැඳුම්කර මගඩියට එරෙහිව මේ ආණ්‌ඩුව කිසිත් කරනු ඇතැයි කවුරුවත් කල්පනා කළේ නැත. බැඳුම්කරය මෙන්ම ආණ්‌ඩුවත් යූ.එන්.පී. නිසා හැමෝම කල්පනා කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නිහඬව සිටිනු ඇත යනුවෙනි. එහෙත් වැඩිකල් නොගොස්‌ම බැඳුම්කර වංචාව විමසනු පිණිස මෛත්‍රී ජනාධිපතිතුමා කොමිසමක්‌ පත් කළේය. පසුව එහි කාලය දීර්ඝ කළේය. අපගේ වැටහීමට අනුව කොමිසමේ කාලය දිගු කරන ලද්දේ හොරු ඇල්ලීමට කාලය බාධාවක්‌ නොවනු පිණිසය.

බැඳුම්කර කොමිසමේදී හෙළි වූ කරුණු ඇඟ සීතල කරවන සුළුය. එමගින් රටටත් අර්ථසාධක අරමුදලටත් සිදුÊවී ඇතැයි කියන පාඩුව කිසි ලෙසකින්වත් නොතකා නොහැරිය යුතුය. බැඳුම්කර කොමිසම පටන් ගෙන හතළිස්‌ නවවැනි දවසේදී සාක්‍ෂි දුන් විගණකාධිපති ගාමිණී විඡේසිංහගේ මතය වූයේ බැඳුම්කර මගඩි නිසා ආණ්‌ඩුවට පාඩු බවය. වසර 2015 පෙබරවාරියේ සිට වසර 2016 මාර්තු දක්‌වා කාලය තුළ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම රුපියල් බිලියන 800 ක්‌ ආදායම් ලබා ඇති බව හෙළි විය. රුපියල් බිලියන 800 ක වාර්ෂික ආදායමක්‌ බැංකුවකට හැර අන් කිසිදු ආයතනයකට ලැබිය හැකි නොවන බවය අපගේ අදහස.

සේවක අර්ථසාධක අරමුදල යනු මේ රටේ සිටින හිඟන්නාගේ පාත්තරයයි. පෞද්ගලික අංශයේ සේවය කරන, විශ්‍රාමික වැටුප් අහිමි මිලියන ගණනක්‌ වූ ශ්‍රමික ප්‍රජාව තම විශ්‍රාම කාලය එළැඹෙන තුරු කට ඇරගෙන බලා සිටින්නේ සේවක අර්ථ සාධකය තුළ තමන්ට හිමි මුදල ලැබෙන තුරු ය. හුඟදෙනෙක්‌ තමන්ට කියා නිවසක්‌ සාදා ගන්නේත්, දුව කසාදබන්දා දෙන්නේත්, ජීවිතයේ අවසාන කාලයේදී හිඟා නොකා සිටිනු පිණිස ආයෝජනය කරන්නේත් මේ අර්ථ සාධක මුදල් යොදවා ය. පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සිද්ධියෙන් අර්ථ සාධකයට ද බර පාඩු වී ඇතැයි දැන ගන්නට ඇත. අප ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ ඒ මුදල් ඒවා කොල්ල කෑ අයගෙන් ආපසු ලබාගෙන අර්ථ සාධකයට යොමු කරන ලෙසය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.