ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, July 10, 2017

RANJITH NEWTON FERNANDO - දයාබර මිස්ට ප්‍රනාන්දු ඔබට සුභ ගමන්...!!!

පැරණි මතකයන් ඔස්සේ මා සිත හඹා යද්දී ඵකළ අයි.ටී.එන් හී සිදුවූ සිදුවීමක් දෙකක් මා හට මතක් විය.ඵය මා හට ලිවීමට සිත්වූයේ .රංජිත් ප්‍රනාන්දු මහතා සිහිවනු වස් මිස අංශු මාත්‍රයක කැළලක් ,නිගරුවක් කිරීමට නොවේ.ඉස්සර අප වැඩසටහන් අංශය පිහිටුවා තිබුණේ  වික්‍රමසිංහපුර අයි.ටී.එන් භූමියේම තිබූ නිවසකයි ,ඉන් කොටසක් මුදල් සහ පරිපාලන අංශයටත් අනෙක වැඩසටහන් අංශයටත් වෙන්විය. ( අද ප්‍රවෘත්ති අංශය ) වැඩසටහන් අංශයේ කෙළවරම ඇති කාමරය වැඩසටහන් කළමනාකරුට වෙන්විය. ඵකළ ඵහි වැඩ විසුවේ රංජිත් ප්‍රනාන්දු මහතායි .කොටින්ම එය නිළ කාමරයයි.සෙසු නිෂ්පාදකයන් , කැමරා ශිල්පීන්ගේ මේස දෙපැත්තෙන් තබා ඒ දිගැටි ශාලාව බෙදා වෙන් කොට තිබුණී.කෙසේ හෝ කොටස් 3 කට ඵම ශාලාව බෙදා තිබුණී.මෙම වැඩසටහන් අංශයට ඇතුළට ඇතුල්වන තැනමවූ විසල් අඹගස සුවදායක තැනක් විය.වැඩසටහන් අංශයට ඇතුල්වූ වහාම ඇත්තේ මගේ මේසයයි,ඊට පැත්තකින් ජයන්ත කරුණාරත්න,වන්නිඅච්චිගේ , මේසද විය.කටකාර කොයි ඵකාගෙත් දොඩමළු ඉසව්ව ඒ අපේ පළමු මේස කිහිපය විය.
දිනක් අපේ බොසා හෙවත් මිස්ට ප්‍රනාන්දු ඔහුගේ මෝටර් රථය කැඩී ( එකල ඔහු සතුව තිබුණේ පර්ජෝ 304 වර්ගයේ තද නිල් පැහැති රථයකී ) ආවේ ප්‍රමාදවීය .ආරෝහපරිණාහ විසල් සිරුරක් ඇති ඔහු කාරයෙන් බැස ඇවිද ඵනු දුටු මා හට ඵකවරම සිහි වූයේ ඵකළ ජනප්‍රියවූ කාටූන් චරිතවූ බිග් ෆුට් සහ හිම වළස් චරිතයකී.
මා ඵක වරම මා වටේ සිටි වුනට පැවසුවේ මචං අපේ ස්නෝ බෙයාර් ඵනවා කියායි.සෙමින් සෙමෙන් බර අඩි තබමින් ඵන ඔහු දුටු මා වටා සිටි උන්ටද මගේ කීම ක්ලික් විය.මා අසලම සිටි ජයන්ත කරුණාරත්නගේ හිනාව ඌටම කොන්ට්‍රෝල් නැත .ගංජා දුම ආග්ඝ්‍රාණය කළ බළල් තඩයෙකු මෙන් ඌ නොනවත්වා හිනා විය.මිස්ට ප්‍රනාන්දු අප අසලටම විත් මා දෙස බලා " මොනා හරි කාඩ් ඵකක් ගැහුවද මට ...!!!" මට කට උත්තර නැත .මීට ඉහතදීද නොයෙකුත් කාඩ් ගසා මා මාට්ටුවී ඇත.ඔහු ජයන්තයා දෙස බැලීය....ඌ .." මිස්ට ප්‍රනාන්දු   අර ...අර ..හිම ...!!! ජයන්තයාට ඊට වඩා දෙයක් කීමට ඉඩ නොලැබුණී.මිස්ට ප්‍රනාන්දු  නිහඬවම තව බර අඩි දෙක තුනක් තබා වැඩසටහන් අංශයේ දොර ඇර කෙළින්ම මා දෙස බලා...මදක් සිනහවී " මට හිම වලහා කියලා ගැහුවා කාඩ් ඵකක් ඵහෙනං..."කියා ඇතුළට ගොස් දොර වසා ගත්තේය .ඇති යාන්තං බේරුනා කියා සිතා මා වට පිට බැලූවිට කොන්ද නවා බඩ අල්ලාගෙන ජයන්තයා ඇතුළු දේවදත්ත සගයන් දුටු විට මට ඇති වූයේ කේන්තියකී....
තවත් දිනයකදී වූ සිදුවීමක් මා මතකයට නැගේ.
ඵදින අපට ආයතනයෙන් දුන් නිළ ඇඳුම් හැඳ නොආවොත් දඩ ගසන නීතියක් ක්‍රියාත්මකවන පළමු දිනය විය. .අසෝක මාළිමගේ මහතා සාමාන්‍ය අධිකාරිව සිටින අවධියේ වූ සිදුවීමකී.ඉතින් මා අසල ඇති මේසයේ ජයන්තයා උගේ නිළ ඇඳුම හැඳ ඵහි අඩුපාඩු කියමින් සිටී.ජයන්තයා කිසිම දෙයකින් ලෙහෙසියෙන් සතුටුවන ඵකෙකු නොවේ ...දවසක් දේව මෙහෙයක් රූ ගත කොට පෙරළා පැමිණෙන විට ඌ සිටියේ කේන්තියෙනි .ඒ බව දුටු සුනිල් ජයසිරි " මොකෝ බං ඒ පාර " යනුවෙන් ඇසූවිට මේකා " මං දෙයියන්ට බැන්නා බං "කීවේය.ඵවිට නිලන්තයා ගොත ගසමින් ඇහුවේ " ඇ...ඇයි බ්...බං... ත්...තෝව හැව්ව එකටද "කියාය.ඵසේම මෙදිනද නිළ ඇඳුමේ ඇද කුද හොයමින් ඕඩරය දුන් ලින්ටා ඒකෙන් කොමිස් ගසා ඇති බවද  වැල්වටාරම් තොගයකී.මේ අල්ල පනල්ලේ මිස්ට ප්‍රනාන්දුද අංශයට පැමිණියේය.ආ...මේ මොකද ෆැෂන් ෂෝ ඵකක්ද ජයන්ත...මිස්ට ප්‍රනාන්දු ඵසේ ඇහුවේ ජයන්තයා සිය කළිසම දෙපැත්තෙන් ඔසවමින් එහා මෙහා යමින් කලිසම මසා ඇත්තේ ඔහුගේ බුරියටද අඟල් හයක් හෝ හතක් පහතින් යන්න අපට පෙන්වීමට ගත් උත්සාහය දැකය.  අප සේරම ඵදින නිළ ඇඳුම් හැඳ සිටියද  මිස්ට ප්‍රනාන්දු පමණක් නිළ ඇඳුම නොඇඳ සිටීම මට ප්‍රශ්ණයක් විය .මන්ද ඔහු අපේ බොස් නිසාය."මිස්ට ප්‍රනාන්දු යුනිෆෝම් අඳින්නෙ නැද්ද ..." ජයන්ත පෙරලා මිස්ට ප්‍රනාන්දුගෙන් ඇසීය . ඵවිට මිස්ට ප්‍රනාන්දු ගත් කටටම පැවසුවේ .." අපි එක්සෙකටිව් රෑන්ක් ඵකේනෙ..." යන්නය. මට ඵවිටම කියවුනේ " යකෝ ජයන්ත කොල්ලොයි බල්ලොයි දෙගොල්ලොම යුනිෆෝම්  ඇන්දොත් ඒකත් බලු ලෙවල් ඵකට වැටෙනවා " කියායි.මිස්ට ප්‍රනාන්දු ඵක් වරම ඵදා මා දෙස බැළුවේ තරහින්දැයි අද වන තෙක් නොදනී.හැබැයි ඵවේලේම දොර ඇර දඩාස් ගා වසා දමා ඇතුළට ගිය බව පමණක් මතකය....මට කියැවුනේ" සැර වැඩිද මන්දා "කියායි .සියල්ලන් තූෂ්ණිම්භූතය.නිහඬය..නිලන්තයා පමණක් කැස්සේය. ඒ සුපුරුදු කැස්ස සඟවා ගත නොහැකි නිසාවෙනි.
සමහර දිනෙක මා විමසුම වැඩසටහන රූ ගත කොට නිමා කොට ආයතනයට පැමිණෙන විටද මිස්ට ප්‍රනාන්දු ඵහි සිටී. ඵවිට ඵදවස සිටි දේශපාළුවන්ගේ හෝ රාජ්‍ය නිළධාරීන්ගේ ක්‍රියා ගැන ජනතාව දැක්වූ අදහස් අසා කළකිරීමෙන් සහ කෝපයෙන් සිටින විට ඔහුගේ කාමරයේ ඇති උසස් සිනමාපටයක් ගෙනැවිත් මගේ මේසය උඩින් තබා "සුමිත් මේක බලලා මට ප්‍රීවීව් රිපෝර්ට් ඵකක් දාලා දෙන්න අද ටෙලිකාස්ට් වෙනවා අර්ජන්ට්..." යැයි පවසයි.උසස් සිනමා පට නැරඹීමට මා කැමති බැව් ඔහු දනී.එසේ දෙන්නේ මාගේ ආතතිය නිවීමටය.හිතුවක්කාර චරිතයක්වූ මා අවනත කොට සන්සුන් කිරීමේ බෙහෙත් වට්ටෝරුව ඔහු සතු විය.ඒ දුන් සමහර චිත්‍රපට විකාශණය කළ ඒවා බව පුස්තකාලයේ මහීෂා මා හට පවසා ඇත. ඵකල මා අපගේ පුස්තකාලයේ තිබු මිලි මීටර් 16 සිනමා රීල් අප පුස්තකාලයෙන් ගෙනැවිත් "බෝඩ්‍ රූම්" ඵකේ නරඹද්දී ඵකළ අප ආයතනයට අළුතින් ආ කොල්ලො සෙට් ඵකෙන්ද තුන් හතර දෙනෙක් නරඹමින් අධ‍යයනය කළ අයුරුත්  සිනමා තාක්‍ෂණය ගැනද මගෙන් අසා ඉගෙනගත් අයුරු මතකය.ඒ අතරම මිස්ට ප්‍රනාන්දු ද සමහර දිනවල කෙතරම් වැඩ අධික උවද "බෝඩ්‍ රූම්" ඵකේ සිනමාපට නැරඹීමට සහභාගී විය. සිනමාව ගැන හසල බුද්ධියක් පරිචයක් ඇති ඔහු මාගේ දැනුම මුවහත් කළේය.ඔබ මා අප නැවත කවදා කොහේදී හෝ මේ සසරේ හමුවේවි...ඒත් වෙනත් රූප කායකින් අප නොහඳුනන්නන්සේ ඵය ඵසේ උවද යළි අප මුණ ගැසේවා.ඵතෙක් දයාබර මිස්ට ප්‍රනාන්දු ඔබට සුභ ගමන්...!!!
සුමිත් ජයන්ත ඩයස්

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.