ආණ්ඩුව කියනවා ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් දවසකට ලක්ෂ 80ක ආදායමක් ලබනවාලු. රු
1,500 ටිකට් එකක් විකුණලා දවසකට ලක්ෂ 80ක් හොයන්න දවසකට සංචාරකයින්
5,333ක් එන්න ඕනෑ. ඒ කියන්නේ වසරකට ලක්ෂ 19.5ක් සංචාරකයින් එන්න ඕනෑ දඹුලු
ලෙන් විහාරය නරඹන්න. නමුත් 2015 දී ලංකාවට පැමිණි මුළු සංචාරකයින් ගණන ලක්ෂ
18යි. මෙහෙම අතේ පත්තු වෙන බොරු ආණ්ඩුවේ ඇමතිවරුන් කියන්නේ සඟ රුවන පිළිබඳ
ගෞරවය විනාශ කරන්න. පන්සලෙන් ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න පටන් අරන් තවම
මාස 4යි. මීට කලින් ටිකට් විකුණුවේ ආණ්ඩුවෙන්. එහෙම නම් දඹුල්ලේ ටිකට්
විකුණලා හොයපු කෝටි ප්‍රකෝටි ධනයට මොකද ඇයි ඒ ධනයෙන් මේ චිත්‍ර සංරක්ෂණයට
කටයුතු නොකලේ කියන එක ආණ්ඩුව රටට කියන්න ඕනෑ.
ආණ්ඩුව අද දඹුළු විහාරය පිළිබඳ බොරු වපුරමින් සමස්ත ජාතිය නොමග යවමින්
ඉන්නවා. ස්වාමින් වහන්සේලා දඹුළු විහාරයේ ඓතිහාසික උරුමය විනාශ වෙන්න ඉඩ
හැරලා තිබෙනවා. ඇමතිතුමා උත්සාහ කරන්නේ මේ උරුමය රැක ගන්නයි කියලා වැරදි
මතයක් රට තුල හදන්න ආණ්ඩුව උත්සාහ කරනවා.
දඹුළු ලෙන් විහාර සොයා ගත්තේ ගිය මාසයේ නම් මේ කතාව විශ්වාස කරන්න
පුළුවන්. නැතිනම් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවා ගත්තේ ගිය මාසයේ
නම් මේ කතාව විශ්වාස කරන්න පුළුවන්. පසුගිය වසර 35 පුරා දඹුළු ලෙන් විහාරයේ
සංරක්ෂණ කටයුතු භාරව සිටියේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවයි සංස්කෘතික
ත්‍රිකෝණ අරමුදලයි. දැනට ඒ ආයතන දෙකම තියෙන්නේ අකිල විරාජ් කාරියවසම්
නපුංසක කාළකණ්නි ඇමති යටතේ. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවයි සංස්කෘතික ත්‍රිකෝණ
අරමුදලයි කියන මේ දෙපාර්ශවය අතර තිබුන ගැටුම නිසා තමයි මේ පන්සලට ලොකුම
හානිය සිදු වුණේ.
අස්ගිරි සංඝ සභාව කළ සිංහ නාදයෙන් ආණ්ඩුවේ රට බෙදන ව්‍යවස්ථා උගුල
නැත්තටම නැති වුණා. ඒ නිසා ආණ්ඩුවට කේන්තියි. මේ නිසා අස්ගිරි පාර්ශවයෙන්
පලි ගන්න තමයි දඹුළු විහාරයට හිරිහැර කරන්නේ. ඉතිහාසය පුරාම පැරණි විහාර
සංරක්ෂණය කලේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවයි සංස්කෘතික ත්‍රිකෝණ අරමුදලයි
නම් මෙ චිත්‍ර නිසි ලෙස සංරක්ෂණය වෙලා
නැත්නම් හානියක් වෙලා ඇත්නම් ඒකට වගකියන්න ඕනෑ ආණ්ඩුවම මිස විහාරාධිපති
හිමියන් හෝ මහා සංඝරත්නය නොවන බව අපි ඉතා වගකීමෙන් කියනවා .
ආණ්ඩුව බංකොලොත් නිසා තමයි අද පිං කැටයට අත තබා තිබෙන්නේ. මේක අළුත්
දෙයක් නොවේ. අනුරාධපුර යුගයේ සිටියා මහනාග කියලා රජ කෙනෙක්. එයත්
භාණ්ඩාගාරය හිස් වෙනකොට පිං කැට කඩලා පන්සලේ වස්තුව කොල්ල කෑවා. ඒ නිසා
මහවංශය කියන්නේ මහනාග චෝරනාග ලෙස ඉතිහාසයට එක් වුණා කියලයි.
ජනපති, මේ පිං කැට මංකොල්ලය නැවැත්වීමට ඔබ මැදිහත් නොවුණොත් මහනාග
චෝරනාග වුණා වගේ ඔබ ඉතිහාසයට එක් වන්නේ සිරිසේන චෝරසේන වෙලායි කියලා
අපි ජනපතිතුමන්ට ගෞරවයෙන් සිහිපත් කරනවා.
පුරා විද්‍යා උපදෙස් මත ලෙන් තුල හඳුන් කූරු පත්තු කිරීම නැවැත්වුවා.
එහි ප්‍රතිඵලයක් විධියට කුඹල් ගෙවල් චිත්‍ර මත බැන්ඳා. මෙහි ඓතිහාසික
වටිනාකම විනාශ කරමින් එහි පොළවට ටයිල් අල්ලන්නට කටයුතු කර ඇත්තේ පුරා
විද්‍යා දෙපාර්තමේන්තුව. ජනේල වැහුව්වා. ඒ හේතුවෙන් ගලේ රස්නය පිට නොවන
නිසා බදාම ගැල වී යන්න පටන් ගත්තා. මේ තොරතුරු මට ලබා දෙන්නට කටයුතු කලේ
විහාරාධිපති ස්වාමීන් වහන්සේ.
ලෙන් විහාරයේ චිත්‍ර සංරක්ෂණය ගැන පාරම්පරික දැනුමක් තිබෙන ගලේවල නිලගල
චිත්‍ර ශිල්පි පරපුර ඉන්නවා. කීර්ති ශ්‍රි රාජසිංහ රජු විසින් චිත්‍ර
සංරක්ෂණය සන්නසකින් භාර දුන්නේ මේ පරපුරට. අවාසනාවට දඹුලු ලෙන් විහාරයේ
සිතුවම් පිළිබදවම විශේෂඥයින් වන නිලගල පරපුරේ චිත්‍ර ශිල්පීන් චිත්‍ර
සංරක්ෂණයට සම්බන්ධ කර ගන්න පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කැමති නෑ. ඒ වෙනුවට
මේ චිත්‍ර පිළිබද මෙලෝ හසරක් නොදත් ඉතාලියෙන් ප්‍රංශයෙන් උපදේශකයින්
ගෙන්වීමට හදනවා.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, July 13, 2017
යහපාලන නපුංසක කාළකණ්නීන්ගේ බේගලය සහ ඇත්ත...!!!
2017-07-13T20:15:00+02:00
lankanews
Akila Viraj Kariyawasam|dambulu temple|gay akila viraj|gay mangala samaraweera|ranil gay partner|ranil wickramasinge|unp politicians|unp corruptions|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
