ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, July 7, 2017

තනි මගේ ගේම...!!!

පිගන් කැඩෙනුයේ ඒවා සෝදන පුද්ගලයා අතිනි. වැඩක් කරන පුද්ගලයෙකු අතින් වැරදි සිදුවීම ස්වාභාවිකය . නමුත් ඔහු එය පිලිගැනීමට නිහතමානී විය යුතුවා මෙන්ම එය නිවරදි කරගැනීමට උත්සුක විය යුතුය. මහින්දගේ පාලනය ඉතිහාසයේ රන් අකුරින් ලියවුනු ජයග්රහන මෙන්ම අමිහිරි කලු පැල්ලම්ද එකතු කල යුගයකි. මූල්ය විනිවිදභාවය,අතුරු සන්නද්ධ ඒකක සහ ආගමික ත්‍රස්තවාදය ඉදිරියේ ඔහු දැක්වූ දියාරු ප්‍රතිපත්තිය ප්‍රශ්නකාරී විය . එය ප්‍රතිවාදියාට තුරුම්පුවක් විය.
2015 මැතිවරණයේදී රනිල්-සිරිසේන හවුල ජයග්රහනය කලද රට ගොඩ නැගීමට වැඩපිලිවෙලක් නොතිබිනි. දින 100 යේ වැඩ පිලිවෙල නරේන්ද්ර මෝඩිගේ තනි කොපියකි. එය පුස්සක් වූ හැටි රටම දු‍ටුවේය. මහින්ද පතුරු ගැසූ පුරවැසි බලය ඇතුලු එන්.ජී.ඕ නඩය අභිනව යහපාලනය ගැන වගවීම එදා සහතික කලේය. නමුත් අද දක්නට ඇත්තේ පල්වී ගද ගසන පාලන ව්‍යුහයකි. අද එන්.ජී.ඕ නඩය කරන්නේ ජනමධ්ය ගෙන්වා කතන්දර කීමය. පුද්ගලයෙකුට, ආයතනයක හෝ රටකට යම් ඉලක්කයක් කරා ලගා වීමට නම් නිෂ්චිත සැලසුමක් තිබිය යුතුය . ගමේ මරණාධාර සමිතියකට පවා ප්‍රකාශිත න්‍යාය පත්‍රයක්, වැඩ පිලිවෙලක් ඇත.

30 වසරක යුද්ධය එන්.ජී.ඕ සහ අවස්ථාවාදී දේශපාලකයන් හිගන්නාගේ තුවාලය මෙන් වවන් කෑවේය. එන්.ජී.ඕ කලේ ජනයාගේ දුක විකුනා ඩොලර් ගැරීමය. ජනයාගේ දුක ඔවුන්ගේ ආදායම් මාර්ගය විනි . ඔවුන්ගේ පැවත්මට යුද්ධය අවශ්ය විය. අද පුරවැසි බලය කරන්නේ මේහා සමාන ජාවාරමකි. ඔවුන් යහපාලන රජයේ මූල්ය අක්‍රමිකතා පිලිබද කෙල පොදක් නොසොල්වයි. මක්නිසාදයන් ඔවුන් ආන්ඩුවේ අල්ලස් හා ඩොලර් ඉදිරියේ කුජීත වී ඇති නිසාය. රජයේ දූෂණ පිලිබද කට ඇරිය හොත් එය තමන්ට බැක් ෆයර් වන බව ඔවුන් දනී. එහෙයින් මොවුන්ගේ එකම ගැලවුම් කරු ඥානසාර හිමිය. මක්නිසාදයත් එම ඛේදවාචකය අතුරු ආබාද නොවැතිව ඔවුන්ට අලෙවි කල හැක.
ජන කොටස් අතර විසදා ගතයුතු විවිධ ආරවුල්, මත ගැ‍ටුම් පැවතීම ස්වාභාවිකය. එවන් ප්‍රශ්නයක්දී මැදිහත්වන පාර්ශවයන්හි සද්භාවය ප්‍රශ්නකාරී නොවිය යුතුය. චීවරය දේශපාලනයට ආවේ අද ඊයේ නොවේ. 2004 වසරේ සෝම හිමි අපවත් විනි. එය ස්වභාවික මරණයක්ද , ඝාතනයක්ද පිලිබද සැකයක් ජනයා තුල විය. මෙම සිද්ධියේදී චම්පික-රතන ඇතුලු කල්ලියක් එක් පාර්ශවයකින් මතුවිය. අනෙක් පැත්තෙක් මතුවූයේ ක්රිස්තියානි ෆාස්ටර් කල්ලියකි. මෙම දෙපාර්ශවයම කලේ ජනතාව රවටා ගොඩ යාමය. හලාල් පිලිබද හුඹස් බියක් අතිකලේ ඩිලන්ත-ඥානසාර කල්ලිය විසිනි. පුරවැසි බලය නම් අන්තවාදී පිරිසට ඔවුන් වේදිකාවක් තැනුවේය. ඥානසාර සහ පුරවැසි බලය යනු එකම කාසියේ දෙපැත්තය.
එදා යුද්ධය පවතිද්දී මුස්ලිම් ජනතාව සිටියේ මහින්ද සමගය, යුනයිටඩ් නේෂන් එක ලංකාවට එරෙහිවූ විට ගැලවුමට සිටියේ මුස්ලිම් ප්‍රජාවය. යුධ සමයේ වික්‍රමබාහු ඇතුලු පුරවැසි බලය සිටියේ කොටි ඔඩොක්කුවේය. උලමා සබාව මහින්ද බේරා ගැනීමට ජිනීවා යනවිට වික්‍රමබහුලා එහි බඩගෑවේ කොටි ඩයස්පෝරාව වෙනුවෙනි. පල්ලි කඩන තුරු බලා සිට විල්පත්තුවෙන් ඉඩම් ඔප්පුවක් දී පාඩුව හිලව් කිරීමට මහින්ද සැලසුම් කලේය . ඥානසාරලාට මෙන්ම මොහොමඩ්ලාට එකවර ආතල් සැපයිය හැකි යයි මහින්ද සිතුවේය.
බොදු බල සේනා යනු මැදමුලන පාත්රයට පහල වූ හෙනහුරෙක් විය. මැතිවරනයට පෙර සෑම මුස්ලිම් නගරයකම විශාල රූපවාහිනී තිර යොදා අලුත්ගම සිද්ධිය පෙන්නුවේය. අලුත්ගම සිද්ධියෙන් කෙලවුනේ රාජපක්ෂලාට පමනක් නොවේ මැද මාවතේ අතාවුල්ලාට- හිස්බුල්ලලාටද ඇඩ්‍රස් නැතිවිය. අලුත්ගම ඩෙගාව 2020 මැතිවරනයේදීද ප්‍රතිවාදියාට ආයුධයක් වනු ඇත. තත්වය වෙනස් කිරීමට නම් ක්‍රියාකාරී තරුන මුස්ලිම් ප්‍රජාව සමග සංවාදයකට යා යුතුව ඇත. මෙය පටන් ගත යුත්තේ තම බඩ වියත වෙනුවෙන් මැදමුලනට රිංගන මුස්ලිම් දේශපාලකයන් හෝ ව්‍යාපාරිකයන් සමග නොව අන්වර් මනතුංගලා වැනි මොඩරේඩ් සමාජය සමගිනි.
බැසිල්ගේ බිම් මට්ටම් , ගෝටාගේ වියත් ගමන් පරණ බෝතලයේ අලූත් වයින් පුරවන ව්‍යාපෘතිය. රනිල්ගේ පර්ශවය මුස්ලිම් ප්රජාව සමග මොඩරේට් කථිකාවකට එලබ ඇත. ඔවුන් අද ගනුදෙනු කරන්නේ රටේ ප්රධාන මුස්ලිම් ධාරාවට පවා අභියෝග කරන රැඩිකල් තව්හීද් ජමාත් සමගය. මෑතකදී බහුතර මුස්ලිම් ප්රජාවේද විරෝධය නොතකා තමිල්නාඩු තව්හීද් ජමාත් නායක පී.ජෙනුලාබ්ඩීන් ලංකාවට ගෙනාවේය. මෙම පුද්ගලයා චන්ද්‍රිකා සමයේ ඩිපෝට් කල අයෙකු වීම විශේෂයකි. එසේම බුදුහිමිට අපහාස කාලා යැයි අධිකරනයෙන් වරදකරු කලේ මෙම කන්ඩායමය. එහීදී උලමා සභාව බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටියේය
මෑතකදී තව්හීද් ජාමාද් සංවිධානය විසින් කුරානය සිංහලට පරිවර්ථනයට කලේය . එහි ප්රථම කොපිය පිලිගැන්වූයේ රනිල්ගේ හවුල්කාර දඹර අමිල හිමි වෙතය. ඒ පසුගිය ජූනි මස 26 වෙනි දිනය. රාජපක්ෂලාට මැදමාවතේ මුස්ලිම් ප්රජාව සමග අත්වැල් බැදගැනීමට තවත් ප්රමාද නැත
ලංකාවේ මුස්ලිම් ජනතාව ප්රධාන වශයෙන් සම්ස්ථ ලංකා ජමිය තුල්ලා උලමා සභාව වටා රොක්වී ඇත. සුලු පිරිසක් තව්හීද් ජමාත් නිකාය වටා ගොනුවී ඇත. තව්හීද් ජමාත් යනු ප්රතිසංස්කරණවාදීන්ය. විශේෂයෙන් ශ්රී ලංකා තව්හීද් ජමාත් සංවිධානය (SLTJ) යනු උලමා සභාවවටද අභියෝග කරන පිරිසකි. කතෝලික පල්ලියට අභියෝගකරන ක්රිස්තියානි පල්ලි පද්දතියක් ඇත. ත්රෛ නිකායික පන්සල් වලට වෙනස් අරහත් සමන්තබද්ර හිමි වැනි ආශ්රම නිකායක් ඇත. උලමා සභාව සහ තව්හීද් ජාමාද් ද මීට සමානය. ඔවුන් අතර විවිධ මතගැ‍ටුම් ඇත
වහාබි වාදයයනු 17 වන සියවසේ විසූ මුහම්මද් ඉබ්නු අබ්දුල් වහාබ් විසින් පන පෙවූ රැඩිකල් හර පද්දතියකි. මොහු විසින් ඇති කලා වූ පුනරුදය සද්භාවයෙන් කලා වුවද දේපාලකයන් එදා සිටම ඔහු සහ සහ ඔහුගේ ඉගැන්වීම බලය සදහා අතකොලුවක්සේ බාවිතා කර ඇත. එය මුලින්ම ආරම්භ වූයේ ප්රාදේශීය පාලකයන්ගෙනි. ඉන්පසු සෞදි රජපවුල භූමිය දික්විජය කිරීමට අවියක් ලෙස යොදා ගත්තේ වහාබ් වාදයයි. කල් යත්ම එය ඛේදාන්තයක් දක්වා වර්ධනය විය. යුදෙව්වන් සහ බ්රිතාන්යයන් විසින් ඔටොමන් අධිරාජ්යට එරෙහිව සටන් කිරීමට වහාබ්වාදය බල්ල් අතක් සේ භාවිතා කලේය. එම තත්වය අදටද එසේමය.
2015 ආන්ඩු පෙරලිය සිදුවූයේ පූරුවේ කරුමයකටය. ඔවුන්ට ජනතා අභිලාශ ඉටුකිරිමට වැඩ පිලිවෙලක් තිබුනේ නැත. එහෙයින් ඉදිරි දෙවසරද එක තැන පල් වෙනවා විනා සුගතියක් නොමැත.2020 පිලිබද සැලසුම් කිරීමට දැන් කාලය පැමින ඇත. සිදුවූ අඩු ලුහුඩු කම් පිලිබද ස්වයං විවෙචනයකට එලබිය යුතුය. වැරදුනු තැන් නිවරදි විය යුතුය . තැන ලැබිය යුත්තේ සුදුස්සන්ටය. නව වැඩ පිලිවෙලකට අත ගැසිය යුත්තේ සදලුතලයෙන් නොව ගෙන්දගම් පොලොවෙනි. ගෝටාගේ වියත් මග, බැසිල්ගේ බිම් මට්ටම් හරසුන් නාටක පමනි . රනිල්ගේ නව ආන්ඩු ක්රම බහුබූතය තානපති ඔඩොක්කුවේ කොටසක් මිස ජනයා ඉල්ලන දේ නොවේ.
එදා ජේ.ආර් ගේ රජයේ යෞවන කටයුතු ඇමති වරයා ලෙස ඉටුකල සේවයෙන් දශමයක් වත් ඉටු කිරීමට අගමැති රනිල් අසමත් වී ඇත. මහින්දගේ දේශපාලනයේ ප්රධාන අරමුන නාමල්ට හෙටක් සැදීමය. නමුත් නාමල්ට ගෙන්දගම් පොලවේ රියලිටිය පිලිබද අවබෝදයක් නොමැත. බුකියේ සරල සුගම සෙල්ෆි වලින් ජනතාව රැවටිය නොහැක. ගෑරුප්පුවෙන් කිරිබත් කන දඩා-මමි ස්ටයිලිය පොදු ජන හදගැස්ම නොවේ. දොරේ හඩයි පඩේ හඩයි සිංහල දෙමල මුස්ලිම් කවරෙක් වුවද මැනෙවින් හදුනනේය.
ඩබල් ගේම්, ජාතිවාදය සහ ජනතාව රැවටීම සහගහන අපරාදයකි . රනිල්ගේ ආන්ඩුක්රම සංශෝධන මගඩිය භයානක ක්රීඩාවකි. එය සිදු නොවන බව ඔහුද දනී. ඉතිහාසය අපට පාඩම් කියා දී ඇත. චන්ද්රිකා විසින් 2000 වසරේදී නව ආන්ඩු ක්රමයක් ගෙන ආවේය. මුස්ලිම් කලාපය යෝජනා කලේ ඇය විසිනි. ඇයගේ ඩබල් ගේමේ වින්දිතයා වූයේ අෂ්රොප්ය.
අසාත් සාලිලා විජේදාසලා දේශපාලන ශරීරය. වේදිකාවෙන් ඔබ්බට ඔවුන්ගේ කථා වලින් ගත යුතු යමක් තැත. එවා ජාතිවාදී අර්ථයෙන් හුවා දැක්වීම භයානකය. මහින්ද සහ රවිරාජ් එදා අයිය මලෝ ස්නේහයෙන් යුතු විය. අයියා අයියා කියා ඇමතූ රවිරාජ් මහින්දව විශ්වාස කලේය. නමුත් මහින්ද හෝ රවිරාජ් දෙදෙනාම නොසිතූ අයුරින් ඔහුට මරු කැදවූයේය. ඒ කප්පම් කථාව පාර්ලීමේතුවේ හෙලි කීරීම නිසාය.
අසාත් සාලිට සිරිසේනගෙන් විශේෂ අනුග්රහයක් ලැබිය හැක නමුත් හෙට දිනයේ අසාත් සාලිට තනි අතේ ගේමක් දීම සිම්පල් වැඩකි . එහි වාසිය යන්නේ එල්ලෙන්න වැල් නැතිව සිටින රනිල්ටය. බොර දියේ පමනක් නොව , බොර නොමැති නම් වතුර බොර කර හෝ මාලු බෑම දේශපාලනයේ ස්වභාවයයි.
 විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.