ඇමැති රවිට සිතාසි...!!!
විදේශ
කටයුතු අමාත්‍ය සහ හිටපු මුදල් ඇමැති රවි කරුණානායකගෙන්
සාක්ෂි ලබාගැනීම සඳහා අද (26 දා) යළි බැඳුම්කර ජනාධිපති
කොමිසම වෙත කැඳවනු ලැබ ඇත.
ඒ අනුව සිතාසියක් මගින් ඒ බව රවි කරුණානායක වෙත කොමිසම
විසින් දන්වා ඇතැයි කොමිසමේ ආරංචි මාර්ග හෙළි කරයි.
රවි කරුණානායකට ඊයේ (25 දා) ද කොමිසම හමුවට සාක්ෂි දීමට
පැමිණෙන ලෙස ද කොමිසම විසින් දැනුම් දීමක් කර තිබුණත්
කැබිනට් රැස්වීමක් හේතුවෙන් ඊයේ (25 දා) දින කොමිසමට
පැමිණීමට නොහැකි බව රවි කරුණානායක වෙනුවෙන් පෙරේදා (24
දා) කොමිසම හමුවේ පෙනී සිටි නීතිඥ සඳුන් ගමගේ කොමිසමට
දන්වා සිටියේය.
ඊයේ (25 දා) කොමිසම රැස්වීමට නියමිතව තිබුණත් රවි කරුණානායක
ඇමැතිගේ නීතිඥයා මෙසේ පෙරේදා (24 දා) සාක්ෂි විභාගය පවා
අවසන් වීමෙන් පසුව අවසාන මොහොතේදී ඇමැතිවරයාට පැමිණීමට නොහැකි
බව දැනුම් දීම නිසා ඊයේ (25 දා) දිනයේ කොමිසම රැස්වීමට නොහැකි
විය.
ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිsසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද
ලිවේරා කීවේ රවි කරුණානායක ඊයේ (25 දා) කොමිසම හමුවට
පැමිණෙන ලෙස දැනුම්දීම සිදුකළේ ඉකුත් සෙනසුරාදා (22 දා) බවයි.
එහෙත් අඩු තරමේ පෙරේදා (24 දා) සාක්ෂි විභාගය ආරම්භ වන
අවස්ථාවේ හෝ ඇමැතිවරයාට පැමිණීමට අපහසු බවත් දැනුම් දීමට
ඇමැතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා කටයුතු නොකළ බව ද ලිවේරා කීවේය.
කොමිසමේ කාලය ඉතා සීමාසහිත බැවින් ඇමැතිවරයාට වහාම පැමිණිය
හැකි දිනයක් දන්වන ලෙස කෙමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ
විනිසුරු කේ. ටී. චිත්රසිරි විදේශ ඇමැති රවි කරුණානායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සඳුන් ගමගේ අමතමින්
කීවේය.
මේ අනුව එදිනම (24) ඒ බව කොමිසමට දන්වන බව එම නීතිඥයා කොමිසමට
ප්‍රකාශ කළේය. ඒ අනුව රවි කරුණානායක ඇමැති අද (26 දා)
කොමිසමට පැමිණීමට නියමිතය. කොමිසම අද (26 දා) පෙ.ව. 10.00 ට
යළි රැස්වේ.
Tuesday, July 25, 2017
නැව් හොරා රාජිතයා මෙන්ම කරුප්පයියාද කොමිසම මඟහරී..!!!
Posted by
LANKANEWS ORAGANIZATION
at
July 25, 2017
Labels: arjun alosius, Bond Scam, corruptions ravi, fake ravi, ravi karunanayagam, ravi karunanayake, ravi karunanayake family, ravindran kaupayya, yahapalanaya
නැව් හොරා රාජිතයා මෙන්ම කරුප්පයියාද කොමිසම මඟහරී..!!!
2017-07-25T21:08:00+02:00
LANKANEWS ORAGANIZATION
arjun alosius|Bond Scam|corruptions ravi|fake ravi|ravi karunanayagam|ravi karunanayake|ravi karunanayake family|ravindran kaupayya|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
