වළගම්බා රජු සඟුන්ට පූජා කළේ වෙනත් ස්ථාන හෝ දේශපාලකයන් පෝෂණය කිරීමට නොවන බව රංගිරි දඹුලු උරුමය සුරැකීමේ සංවිධානය පවසයි.
රංගිරි දඹුලු උරුමය සුරැකීමේ සංවිධානය විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එහි ප්‍රධාන සංවිධායක උපාලි රන්ජිත් සදහන් කළේ ඇමැතිවරයාගේ අරමුණ වී තිබුණේ පන්සල් අතර භේදයක් ඇති කොට මුදල් උත්පාදනය කරන රැකියා උත්පාදනය කරන වාණිජකරණයට නතු කිරීමේ වැඩපිළිවෙළක් ඇති කිරීම වන අතර ඇමැතිවරයාට වැරදුණු තැනද එය බවයි.
“ඇමැතිගේ අරමුණ වුණේ මධ්‍යම සංස්කෘතික අරමුදලට පවරා ගන්න. දැන් කියනවා සංරක්ෂණයට ඉඩ දුන්නේ නෑ කියලා….
මේ අමූලික බොරු කියලා ජනතාව රවට්ටන්න එපා. කරුණාකරලා සොයා බලන්න අතීතයේ සිටම දඹුලු විහාරය තුළ පුරාවිද්‍යා නිලධාරීන් කොපමණ සේවය කරලා තියෙනවාද, ඒ පිරිස වැටුප් අරගෙන තියෙනවාද කියලා. කවදාවත් සංරක්ෂණයට බාධා කරලා නැහැ. මේ පසුගිය දිනවල දඹුල්ල පවරා ගන්නා බවට පුරසාරම් දොඩවපු දවසේ තමයි මේ ප්රශ්නය ඇති වුණේ. දැන් එයාලා විවිධ මාධ්‍ය භාවිත කරමින් අපේ පන්සල් අතර භේදයක් ඇතිකරන උත්සාහයක නිරත වෙනවා. අපි දන්නවා මේ උගුලට අපිවත් දඹුල්ලේ භික්ෂූන් වහන්සේලාවත් හසුවන්නේ නැති විත්තිය.”
“සංරක්ෂණය මුවාවෙන් එන්න හදන්නෙ මොකටද? ඒ මොකක් වුණත් අපි සංවිධානාත්මකව එයට මුහුණ දෙන්න සූදානම්. අපේ උරුමය රැකගන්න අපි පෙරට එනවා.”