ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, July 23, 2017

ලෝක උරුම කමිටුව දඹුලු විහාරය ස්‌මාරක ලැයිස්‌තුවෙන් ඉවත් කිරීමට කිසිම තිරණයක්‌ ගෙන නැත....!!!

පුරාවිද්‍යා උපදේශක සභාව බොරුවක්‌ දඹුලු සෙල්ලම තාම ඉවර නෑ..!!!
.මෙයින් පෙනී යන්නේ අගමැතිවරයාගේ සහ ඇමතිවරයාගේ බලය යටතේ මධ්‍යම සංස්‌කෘතික අරමුදල් පනත හරහා සිද්ධස්‌ථාන පාලනය කිරීමට ගත් නිහීන උත්සාහයකි. දෙමල ඩයස්‌ පෝරාවෙන් සහ එන්.ජී.ඕ. බත් බැලයන්ගෙන් යෑපෙන එමෙන්ම ජාත්‍යන්තර කමිටු ඉදිරියේ දණින් වැටෙන ආණ්‌ඩුව ඊට එරෙහි වන ඕනෑම බලයක්‌ ශූන්‍ය කිරීමට මුළු ගැන්වෙන බව මෙම සිද්ධියේදී පෙන්නුම් කර තිබේ. නව ව්‍යවස්‌ථාවක්‌ සැකසීමේදී ජාත්‍යන්තරය සහ ජගත් එන්.ජී.ඕ. වල ඉලක්‌කයක්‌ පරිදි ලංකාව අනාගමික රාජ්‍යයක්‌ බවට පත් කිරීම වත්මන් රජයේ අභිප්‍රායයි. බුද්ධාගම ප්‍රමුඛස්‌ථානය හිමිවන නව වන වගන්තිය ඒ මගින් අහෝසි වේ. පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ව්‍යවස්‌ථාදායක සභාවේ කමිටු නිර්දේශ මගින් එය තහවුරු වේ. දඹුලු විහාරය දළදා මාළිගය ඇතුළු සාංඝික දේපළ පාලනය සංඝයා වහන්සේලා වෙතින් ඉවත් කර රජය මගින් පාලනය කිරීම පිණිස පසුබිම සකස්‌ කරලීමට මධ්‍යම සංස්‌කෘතික අරමුදල යොදා ගැනීම මේ උපායයි. දඹුලු විහාර භාරකාරත්වය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යම් එකඟතාවකට පත්ව සිටිද්දී පවා එයට ඇමතිවරයා විසින් බාධා පමුණුවන්නේ එම කපටි උපාය සාර්ථක කරගැනිමටයි. එසේම ලෝක උරුම කමිටුව විසින් දඹුලු විහාරය ස්‌මාරක ලැයිස්‌තුවෙන් ඉවත් කිරීමට කිසිම තිරණයක්‌ ගෙන නොතිබියදීත් ජනතාව ඉදිරියේ බොරු බේගල් ඇදබාන්නේ ජාත්‍යන්තරය ඉදිරියේ පවා මහා සංඝරත්නය හෑල්ලුවට ලක්‌ කිරීමටයි. නමුත් අවසානයේ අසමත්භාවයට පත් වන්නේ පවත්නා ආණ්‌ඩුවම බව කවුරු කවුරුත් සිහි තබා ගත යුතුය.සම්පූර්ණ  හෙළිදරව්ව පහතින්....

රන්ගිරි දඹුලු විහාරයේ චිත්‍ර සංරක්‌ෂණය සහ ලෝක උරුම වගකීම පිළිබඳව පසුගියදා ඇතිවූ ඝට්‌ටනයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ගැන යළිත් වරක්‌ කතිකාවක්‌ මතු විය. නමුත් සාංඝික දේපළ පරිහරණය සහ එම වපසරිය තුළ පුරාවිද්‍යාවේ වගකීම කුමක්‌දැයි එහිදී වඩාත් පැහැදිලි නොවුණු බව පැවසිය හැකිය. ඊට හේතුව අනවශ්‍ය ලෙස අමාත්‍යවරයා මෙම ප්‍රශ්නයට මැදිහත්වීමයි. අමාත්‍යවරයාගේ නියෝගය මත සංරක්‌ෂණ කටයුතුවලින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉවත් වීමත් යළිත් දඹුලු විහාරයේ විහාරාධිපති හිමියන් සමඟ කරන ලද සාකච්ඡාවෙන් පසු එම කටයුතු යළි ආරම්භ කිරීමට එකඟත්වය පළ වූ අතර මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ උපදේශක කණ්‌ඩායමක්‌ අස්‌ගිරි මහා විහාරයට ගොස්‌ අස්‌ගිරි මහනායක හිමියන් සහ සංඝ සභාව මුණ ගැසී එම එකඟතාවය තවත් ශක්‌තිමත් කරගත් ආකාරයත් දැක ගන්නට හැකි විය. නමුත් මෙහි අලුත් තත්ත්වය නම් අමාත්‍යවරයාගේ අවසරය නොලබා සංරක්‌ෂණ කටයුතු ඇරඹීමට පුරාවිද්‍යා බලධාරීන්ට නොහැකි වන බවයි. පුරාවිද්‍යා පනතේ 23 වගන්තිය ප්‍රකාරව අමාත්‍යවරයාට එම බලය ඇතැයි නීති උපදෙස්‌ ලැබී ඇත. අමාත්‍යවරයා ජූනි 17 දින අස්‌ගිරියට පැමිණ අස්‌ගිරි සංඝ සභාවේ ලේකඛාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් බැහැ දැක කළ ප්‍රකාශනයෙන් ද ගම්‍ය වන්නේ ඔහු ආපස්‌සට පියවරක්‌ තැබීමට සූදානම් නොවන බවයි.


රන්ගිරි දඹුලු රජමහා විහාරය ලෝක උරුමයක්‌ ලෙස නම් කර ඇති බැවින් තමන්ට තිබෙන බලතල ප්‍රකාරව ප්‍රවේශ පත්‍ර අච්චු ගසා මධ්‍යම සංස්‌කෘතික අරමුදල මගින් මුදල් අය කිරීම ආරම්භ කරන බවට ඇමතිවරයා කීප වරක්‌ම ප්‍රකාශයට පත් කළේය. මධ්‍යම සංස්‌කෘතික අරමුදල ආරම්භ වූයේ 1980 වසරේ වුවද සංස්‌කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය පිළිබඳ අදහස මතුව එන්නේ පැරිස්‌ නුවරදී පැවැත්වුණු යුනෙස්‌කෝ සමුළුවේදීය. පසුව 1970 දී ලක්‌ෂ්මන් ජයකොඩි සංස්‌කෘතික ඇමතිවරයාගේ නියෝගයෙන් සංස්‌කෘතික ත්‍රිකෝණය නම් කර ඇත. සංස්‌කෘතික හා ආගමික ස්‌මාරක සංවර්ධනය කිරීමේ අරමුණින් පිහිටු වූ මධ්‍යම සංස්‌කෘතික අරමුදලෙහි සභාපතිවරයා වන්නේ නිල බලයෙන් අගමැතිවරයාය. සංස්‌කෘතික ඇමැති, සංචාරක ඇමැති, හින්දු සංස්‌කෘතික ඇමැති, පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල්, මුදල් අමාත්‍යංශ ලේකම් ඇතුළු රජයේ නියෝජිත පිරිසක්‌ද අගමැතිවරයා නම් කරනු ලබන පුද්ගලයන් දෙදෙනකුද මේ අරමුදල නියෝජනය වේ. 1998 පුරාවස්‌තු සංශෝධනය මගින් සුදුසු ස්‌ථානවලින් මුදල් අය කිරීමට අධ්‍යක්‌ෂ ජනරාල්ට බලය ලැබුණි. එහෙත් සුදුසු ස්‌ථාන ලෙස අර්ථ ගැන්වෙන්නේ රජයේ ඉඩමක පවතින සිද්ධස්‌ථානයක්‌ හෝ ස්‌මාරකයක්‌ පමණකි. ඇමැතිවරයාට හෝ මධ්‍යම සංස්‌කෘතික අරමුදලට බලය ලැබෙනුයේ එවැනි ස්‌ථානවලින් මුදල් අයකර ගැනීමටයි. ඒ අනුව ස්‌ථාන විසිනවයකින් දැනටමත් ඔවුහු මුදල් අය කිරීමට ප්‍රවේශ පත්‍ර නිකුත් කරති. වර්තමාන රජය පත් වූ පසු අධ්‍යාපන ඇමතිවරයා හීන් සීරුවේ මධ්‍යම සංස්‌කෘතික අරමුදල් පනතට සංශෝධන කීපයක්‌ ගෙනවුත් තිබේ. අගමැතිවරයාට තිබෙන බලතලවලට අමතරව රේ‚ය අමාත්‍යවරයාටද ලේකම්වරයාටද බලය ලැබෙන පරිදි එහිදී කරන ලද වෙනස්‌කම් මත අද වන විට මෙම ආයතනයට සේවකයන් 1600 ක්‌ පමණ බඳවා ගෙන ඇති බව දැන ගන්නට ඇත. වර්ෂයකට රුපියල් දශ ලක්‌ෂ 3600 ක්‌ පමණ දළ ආදයමක්‌ මෙම ආයතනය උපයා ගනී. එයින් සියයට විසිපහක්‌ පමණ පුරාවිද්‍යා සංරක්‌ෂණ කටයුතු පිණිස නිදහස්‌ කිරීමටද එකඟතාවක්‌ තිබේ. එහෙත් පසුගිය කාලයේදී විශේෂඥයන්ගේ හිඟය නිසා මෙම මුදලෙන් දෙපාර්තමේන්තුව භාවිත කොට තිබෙන්නේ සියයට පහක්‌ දහයත් අතර ප්‍රමාණයකි. එලෙසම මධ්‍යම සංස්‌කෘතික අරමුදල විසින් තමන් ලද වාර්ෂික ආදායමෙන් වියදම් කොට තිබෙන්නේ රුපියල් දසලක්‌ෂ පන්සීයක්‌ පමණක්‌ බවද දැන ගන්නට ඇත. එසේ වූ විට තවදුරටත් දඹුල්ල වැනි සිද්ධස්‌ථාන වලින් මුදල් අය කිරීමට කැස කවන්නේ කුමන කරුණකට දැයි සැකයක්‌ මතුවේ.
1931 විහාර දේවාලගම් පනත 1940 පුරාවස්‌තු ආඥා පනත මෙන්ම 1980 මධ්‍යම සංස්‌කෘතික අරමුදල් පනත ආදී සියල්ල ඉංග්‍රීසීන්ගෙන් රට භාර ගත් පසු ඔවුන්ගේ නීති රීති පද්ධතිය යටතේ මෙරට වර්තමාන ආණ්‌ඩු විසින් ඇති කරන ලද නීතිමය ලියවිලි වේ. නමුත් මෙම නීතිවලට ඉහළින් මෙරට සාම්ප්‍රදායික ව්‍යවස්‌ථා ලියවිලි කීපයක්‌ තිබේ. ඒවා නීති පොතේ නොමැති වුවත් ගලේ කොටවා තිබෙන බව ද ඉර හඳ පවතිනා තාක්‌ කල් වලංගු වන බවද පෙන්වා දිය යුතුය. එයින් එකක්‌ නම් අනුරාධපුර ඡේතවන විහාරය ආසන්නයේ රත්න ප්‍රාසාද භූමියේ පවතින දහවන සියවසට අයත් පස්‌වන කසුප් රජුගේ සෙල් පුවරු ලිපියයි. එහි 53 වන ඡේදයේ මෙලෙස සඳහන් වේ. 'පිරිවෙන ලදුවන් තමන්ට නියම කළ වස්‌තුවෙන් වැඩි ඉතිරි වූ තාක්‌ දෙයින් සංඝයාගේ දාසයන්ට උපස්‌ථාන කොට කර්මාන්ත නව කර්මාන්ත පූජා චිත්‍ර කර්ම කොට වැඩියෙන් ඇතොත් ඉඩම් ගැනීම මැනවි.'
මෙයින් කියෑවෙන්නේ කුමක්‌ද ගම් බිම් වලින් සහ රජය විසින් නියම කළ දීමනාවන් ගෙන් ලබන ලද ආදායම පරිහරණය කරන ආකාරයයි. විහාර දේවාලගම් පනතින් යම් ආකාරයකට ආවරණය වන්නේ ද මෙම සම්ප්‍රදායයි. එබැවින් දඹුලු විහාරයෙන් යම් මුදලක්‌ එකතු කරන ලද්දේද ඒම වස්‌තුව පරිභෝග කිරීමේ සම්පූර්ණ අයිතිය හිමිවන්නේ විහාර පාලනය කරන මහා සංඝරත්නයටයි. එම මුදල් පරිපාලනය කිරීමට රජය මැදිහත් විය හැකි නමුත් ඒවා වෙනත් කටයුතු වලට යෙදීමෙන් හෝ පුද්ගලික පරිභෝජනයට යෙදවීමෙන් බලු කපුටු වන්නට හැකි බවද එම සෙල් ලිපි පාඨවල සඳහන් වේ.
පැරණි විහාරවල නව කර්මාන්ත හෝ සංරක්‌ෂණ කටයුතු සිදු කරන ලද්දේද මහා සංඝ රත්නයේ මූලිකත්වයෙනි. එම ශිල්පීන්ට කලාකරුවන්ට දීමනා ගෙවීම ආදිය සියල්ල උන්වහන්සේලා ගේ වගකීම බව මෙම සෙල් ලිපි පාඨවලින් පැහැදිලි වේ. ඒ අනුව මධ්‍යම සංස්‌කෘතික අරමුදල විසින් ආරෝපණය කරනු ලැබ ඇත්තේ මෙම බලයයි. එය අනිසි ලෙසට භාවිත කිරීමට හෝ සංඝයා වහන්සේලාගේ කැමැත්ත නැතිව පාලනය කිරීමට මධ්‍යම සංස්‌කෘතික අරමුදලට හෝ ඇමතිවරයාට හේ අගමැතිවරයාට නොහැකිය. රෝලන්ඩ් සිල්වා හිටපු පුරාවිද්‍යා කොමසාරිස්‌වරයාගේ කාලයේදී එලෙස අත්තනෝමතික ලෙසට සිද්ධස්‌ථාන සංරක්‌ෂණය කරලීමට යැමෙන් තිවංක පිළිමගෙය වැනි අගනා තැන් විනාශ මුඛයට ගිය හැටි අපට අසන්නට ලැබේ.

පුරාණ සෙල් ලිපි පාඨවලින් මෙලෙස මහා සංඝරතනයේ බලය ප්‍රකාශ වන අතර වර්තමාන පුරාවිද්‍යා පනත අනුව පුරාවිද්‍යා සංරක්‌ෂණ කටයුතු වල වගකීම පැවරෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටයි. පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල්වරයාට උපදෙස්‌ සැපයීමට පුරාවිද්‍යා උපදේශක කමිටුවක්‌ පුරාවිද්‍යා පනතේ 39අ(1) වගන්තිය යටතේ අමාත්‍යවරයා විසින් ගැසට්‌ කළ යුතුය. අස්‌ගිරි මල්වතු මහානායක ස්‌වාමීන් වහන්සේලා හෝ උන්වහන්සේලා විසින් නම් කරන ලද නියෝජනයක්‌ද ඇතුළත්ව මෙම කමිටුවට පුරාවිද්‍යා ක්‌ෂේත්‍රය ආවරණය කරන විද්වතුන්ද නීති ක්‌ෂේත්‍රය ආවරණය කරන විද්වතුන්ද පත් කළ හැකිය. එම කමිටුවෙන් බලාපොරොත්තු වනුයේ යම් සංරක්‌ෂණ කටයුත්තකදී හෝ තහවුරු කරලීමකදී හෝ ගැටලුවක්‌ පැන නැගුණ කල්හි උපදෙස්‌ ගැනීමයි. දීඝවාපී ස්‌ථූප ප්‍රතිසංස්‌කරණයේදී ඡේතවන දාගැබ ප්‍රතිසංස්‌කරණයේදී නීලගිරි දාගැබ කැණීම් කටයුතු වලදී එලෙස පෙර පැවති උපදේශක කමිටුව විසින් පුරා විද්‍යා පනතට අනුව මෙන්ම මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදි නිසි උපදෙස්‌ ලබා දී තිබේ. යම් සංවර්ධන කාර්යයකදී පුරාවිද්‍යා හානි අගැයුමක්‌ කරන කල්හි ඇතිවන ගැටලුවකදී ද මෙලෙස මෙම කමිටුවට උපදෙස්‌ ලබා දිය හැකිය. නමුත් මෙම වටිනා කමිටුව 2015 නව රජය පත්වූවායින් පසු නම් කර යළිත් ගැසට්‌ගත කර නොමැත.එය අනවශ්‍ය බව ඇමතිවරයා කීප වරක්‌ම ප්‍රකාශ කළ බව දැන ගන්නට ඇත. වත්මන් දඹුලු විහාර ප්‍රශ්නයේ දී අධ්‍යක්‌ෂ ජනරාල් වරයාට සෘජු තීරණවලට සහ සිය වගකීම් ඉටු කරලීමට බාධාවක්‌ වී ඇත්තේ මෙම පත් නොකිරීමයි. ඒ වෙනුවට මධ්‍යම සංස්‌කෘතික අරමුදලට යාවුණු කමිටුවක්‌ පත් කර ගෙන තිබේ. පසුගියදා අස්‌ගිරි සංඝ සභාව ඉදිරියේදී එම කමිටුව තමන්ගේ අනන්‍යතාවය පැහැදිලි කර දී තිබේ.

 මතුගම සෙනෙවිරුවන්
 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.