සමස්ථ
ලංකා වරාය පොදු සේවක සංගමය ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ (30) කොළඹ
දි පැවති මාධ්‍ය හමුවකදි හම්බන්තොට වරාය බදුදිම සම්බන්ධයෙන් අදහස් පලකර
සිටියා.
“හම්බන්තොට වරාය පිළිබඳ ගිවිසුම ඒ බොරු පොරොන්දු දිලා තාවකාලිකව අත්හිටවලා මේ හොර ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ. මේ ගිවිසුම අත්සන් කරන මොහෙතේ චීන නියෝජිතයා විසින් ප්‍රකාශ කළා දකුණු ආසියාවේ ප්‍රමුඛතම වරාය වශයෙන් ගොඩ නැගීම සිද්ධකරනවා කියලා. මේ ආණ්ඩුවේ ඇමතිවරු අත්පුඩි ගැහුවා. මේ හදපු වරායක් ක්‍රියාත්මක කරගෙන යන්න බැරි පාලක රැලක් පිටරටින් ආපු චීන නියෝජිතයාගේ ප්‍රකාශයට අත්පුඩි ගහන එක මොනතරම් විලිසංගයක් නැති වැඩක් ද? රටේ මේ පාලකයනේ වැරැද්ද මේ තියෙන්නේ. සියළු බලවේග එකතු කරලා ආණ්ඩුව ගෙන යන මේ වැඩපිළිවෙළ පරාජය කිරීම සඳහා වූ වැඩපිළිවෙළ අපි සකස් කරනවා.”
හම්බන්තොට වරාය බදු දීමේ ගිවිසුමට අත්සන් තැබීම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ චයිනා මර්චන්ට් හෝල්ඩිංග්ස් සමාගම අතර පසුගිය සෙනසුරාදා (29 දා) සිදුකෙරිණි.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක, වරාය සහ නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එල්. සී. ජයම්පති යන අය සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ද චයිනා මර්චන්ට් හෝල්ඩිංග්ස් සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය බායි ජිංග්තාඕ චීන රජය වෙනුවෙන් ද මෙම ගිවිසුමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේදී අත්සන් තැබූහ.
අනූනව අවුරුදු බදු ගිවිසුමක් යටතේ හම්බන්තොට වරායේ සහ සාගර ආශ්රිත කටයුතු සඳහා ඉහත චීන සමාගම විසින් ඇමරිකානු ඩොලර් බිලියන එකකුත් මිලියන එකසිය විස්සක මුදලක් ආයෝජනය කරනු ඇත. ගිවිසුමට අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරියට සියයට 42 ක් ද චීන සමාගමට සියයට ව58 ක් ද අයිතිය පැවරේ.