ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, July 22, 2017

කාළකණ්නි දේශපාලුවෙකුගේ තවත් එක් අපාධයක්....!!!

කඳපොල බෲක්‌සයිඩ් වතුයාය සුපිරි හෝටල් සංකීර්ණයකට බිලිදෙයි....!!! අක්‌කර 300යි බද්ද අවුරුදු 99යි...!!!

 උමා ඔයේ කඳුළු කඳුරටින් වියෑකී යන්නටත් පෙර තවත් කඳුළු කතාවක්‌ සීතල නුවරඑළියෙන් වාර්තා වේ. ඒ තවත් සුවිසල් හෝටල් ව්‍යාපෘතියක්‌ සඳහා නුවරඑළියේ අති සංවේදී ප්‍රදේශයක්‌ වන කඳපොල උඩපුස්‌සැල්ලාව වතු යායෙන් අක්‌කර තුන්සියයක්‌ අවුරුදු අනූනමය (99) බදු පදනම මත "කොම්පැණිකාරයකුට" විකුණන්නට කැබිනට්‌ අනුමැතිය ඉල්ලා සිටීම නිසාය.

අමාත්‍යාංශ මණ්‌ඩල සංදේශ අංක 2017/22 යටතේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය සහ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය යන අමාත්‍යාංශ දෙකේ අමාත්‍යවරුන් වන කබීර් හෂීම් සහ මලික්‌ සමරවික්‍රම යන ඇමැතිවරුන්ගේ අත්සනින් යොමුකර ඇති මෙම කැබිනට්‌ පත්‍රිකාව ප්‍රකාරව, නුවරඑළිය නගරයට නැගෙනහිරින් කිලෝ මීටර් 14 ක දුරින් හා මුහුදු මට්‌ටමේ සිට මීටර් 1761 ක උසකින් යුතු හෙක්‌ටයාර් 385 (අක්‌කර 962) කින් සමන්විත කඳපොල "බෲක්‌සයිඩ්" වතුයායේ අක්‌කර තුන්සියයක්‌ (300) මෙසේ දැවැන්ත හෝටල් ව්‍යාපෘතියක්‌ සඳහා ලබාදීමට අනුමැතිය ඉල්ලයි.


මෙසේ ඉදිවන හෝටල් සංකීර්ණය කාමර 100 බැගින් සමන්විත හෝටල් 4 කින් හා තවත් නිවාඩු නිකේතන 300 කින් සමන්විත වන බවට යෝජනා කර තිබේ.
ජනතා වතු සංවර්ධන මණ්‌ඩලය යටතේ පවතින බෲක්‌සයිඩ් වතුයාය, 1992 දී පටන් වසර 53 ක්‌ සඳහා එනම් 2045 දක්‌වා උඩපුස්‌සැල්ලාව වැවිලි සමාගමට බදු දී ඇත. එහෙත් එම බදු ගිවිසුම් උල්ලංඝණය කරමින් උඩපුස්‌සැල්ලාව වැවිලි සමාගම උප බදු පදනම මත යෑයි පවසමින් වෙනත් සමාගමක්‌ වන බෲක්‌ස්‌රේන්ඡ් පෞද්ගලික (වැවිලි) සමාගමක්‌ වෙත පවරා දෙන ලද්දකි.

මෙකී වතු යාය තවදුරටත් ඵලදායී නොවන මුඩු ඉඩම් බහුල වතුයායක්‌ සහ මෙම වතු යායේ තේ වගාව පවත්වාගෙන යැමේ ඵල ප්‍රයෝජනයක්‌ නැති බව පවසා මෙසේ අක්‌කර තුන්සියයක්‌ හෝටල් ව්‍යාපෘතියට ඉල්ලා සිටින ඉහත අමාත්‍යාංශ යුගලය හා අමාත්‍යවරුන් වැඩිදුරටත් කියා සිටින්නේ බෲක්‌ස්‌ රේන්ඡ් ඉන්වෙස්‌මන්ට්‌ පෞද්ගලික සමාගම නමැති තවත් සමාගමක්‌ විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයට ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති යෝජනාව සලකා බලා ඉහත අමාත්‍යාංශ දෙක විසින් 2016 ජුනි 15 දින ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්‌ඩල කමිටුව වෙත ඉදිරිපත් කරන ලද කරුණු දැක්‌වීම ප්‍රකාරව බෲක්‌සයිඩ් වතුයායේ සුවිසල් කොටසක්‌ මෙසේ හෝටල් ව්‍යාපෘතියට ලබාදෙන ලෙසයි.

මෙහි ඇති බැරෑරුම් තත්ත්වය වන්නේ බෲක්‌සයිඩ් වතුයාය සමඟ ජනතා වතු සංවර්ධන මණ්‌ඩලය මගින් 1992 දී අත්සන් තබන ලද බදු ගිවිසුම ප්‍රකාරව වසර 53 කට නියමිත බදු කාලය සංශෝධනය කර බෲක්‌සයිඩ් වතුයාය වසර 99 ක බද්දකට යටත් කර ඉහත හෝටල් ව්‍යාපෘතියට නතුකර ගැනීමට කටයුතු යෙදීමය.
එනම්, ඉහත අමාත්‍යාංශ දෙපළ යෝජනා කරනු ලබන්නේ ජනතා වතු සංවර්ධන මණ්‌ඩලය විසින් උඩපුස්‌සැල්ලාව වැවිලි සමාගමෙන් අක්‌කර 962 ක්‌ වන බෲක්‌සයිඩ් වතු යාය ගිවිසුම් අවලංගු කර ආපසු ලබාගෙන රජයේ තක්‌සේරු කරුගෙන් ලබාගත් තක්‌සේරුව මත බෲක්‌ස්‌රේන්ඡ් ඉන්වෙස්‌ට්‌මන්ට්‌ පෞද්ගලික සමාගමට නිවාඩු නිකේතන සහ යෝජිත ව්‍යාපෘතියට අදාළ අනෙකුත් පහසුකම් තෙවැනි පාර්ශ්වයන්ට උප බදු දීම සහිතව අවුරුදු 99 ක්‌ සඳහා කල්බදු ගිවිසුමකට එළැඹීම සඳහාය. මේ අනුව බෲක්‌සයිඩ්, සිල්වර්කැන්ඩි, ශාන්ත ජෝන්ස්‌ හා පහළ කොන්කොඩියර් නමැති බෲක්‌සයිඩ් වතුයායේ වසම්වල අක්‌කර 300 ක්‌ අවුරුදු 99 ක බද්දට යටත් කිරීමට ඉහත අමාත්‍යාංශ දෙපළ යෝජනා ඉදිරිපත් කර ඇත.
මෙසේ නව ගිවිසුමකට එළැඹීම සඳහා උඩපුස්‌සැල්ලාව වැවිලි සමාගම එකඟ වූ බවද පවසන ඒකාබද්ධ අමාත්‍යාංශ යුගලය, වැඩිදුරටත් පවසා සිටින්නේ මෙසේ අවුරුදු 99 ක්‌ සඳහා බදු ගන්නා බෲක්‌සයිඩ් වතුයායේ යෝජිත හෝටල් ව්‍යාපෘතියේ ඉඩම් කොටස හැර ඉතිරි කොටස්‌ වසර 35 ක්‌ සඳහා බෲක්‌ස්‌රේන්ඡ් පෞද්ගලික වැවිලි සමාගම සමඟ ජනතා වතු සංවර්ධන මණ්‌ඩලය අතර තවත් නව කල්බදු ගිවිසුමකට යා යුතු බවය. මේ අනුව පැහැදිළිවන්නේ ජනතා වතු සංවර්ධන මණ්‌ඩලය සතු බෲක්‌සයිඩ් වතුයායේ බදු ගිවිසුම උල්ලංඝණය කර උඩපුස්‌සැල්ලාව වැවිලි සමාගම මගින් බෲක්‌ස්‌රේන්ඡ් පෞද්ගලික වැවිලි සමාගම යටතට උප බදු පදනම මත නීති විරෝධීව පවරා දී ඇති බෲක්‌සයිඩ් වතුයාය, තවදුරටත් කැබිලි දෙකකට කඩා බෲක්‌ස්‌රේන්ඡ් වැවිලි සමාගමට හා හෝටල් ව්‍යාපෘතිය සඳහා ස්‌ථාපනය කර ඇති බෲක්‌ස්‌රේන්ඡ් ඉන්වෙස්‌ට්‌මන්ට්‌ පෞද්ගලික සමාගමට ලෙස තවදුරටත් සමාගම් දෙකේ කළමනාකාරීත්වයටම පවරා දෙන බවකි.

කෙසේ හෝ බෲක්‌සයිඩ් සම්පූර්ණ වතුයාය මෙසේ උඩපුස්‌සැල්ලාව වැවිලි සමාගමෙන් ව්‍යක්‌තකොට ඉහත පෞද්ගලික සමාගම් දෙක වෙත පවරාදීම වෙනුවෙන් ඒකාබද්ධ අමාත්‍ය මණ්‌ඩල සංදේශයෙන් යෝජනා හතරක්‌ සිදුකර තිබේ. ඒ අනුව,

1. ජනතා වතු සංවර්ධන මණ්‌ඩලය ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්‌ථාව හා උඩපුස්‌සැල්ලාව වැවිලි සමාගම් අතර 2045 වනතෙක්‌ ඇති ගිවිසුම අවලංගු කිරීම.

2. රජයේ තක්‌සේරුව මත බෲක්‌සයිඩ් වතු යායේ ඌණ උපයෝජිත යෑයි කියන ඉඩම් අක්‌කර 300 ක්‌ සඳහා බෲක්‌ස්‌රේන්ඡ් ඉන්වෙස්‌ට්‌මන්ට්‌ස්‌ පෞද්ගලික සමාගම හා ජනතා වතු සංවර්ධන මණ්‌ඩලය 99 වසරක බදු පදනම මත නව ගිවිසුමකට එළැඹීම.

03. බෲක්‌සයිඩ් වතුයායේ ඉතිරි ඉඩම සඳහා බෲක්‌ස්‌රේන්ඡ් පෞද්ගලික වැවිලි සමාගම සමඟ ජනතා වතු සංවර්ධන මණ්‌ඩලය වසර 35 ක නව ගිවිසුමකට එළැඹීම සහ,

04. දැනට බෲක්‌සයිඩ් වතුයායේ පවතින ඌණ උපයෝජිත ඉඩම් අක්‌කර 300 ඉල්ලුම් කර ඇති පරිදි යෝජිත හෝටල් ව්‍යාපෘතිය සඳහා තෙවන පාර්ශ්වයන්ට උප බදු දීම සහිතව නිදහස්‌ කිරීම කළ යුතු බවය.

මෙසේ නිදහස්‌ කරගනු ලබන අක්‌කර තුන්සියයකින් සමන්විත ඉඩම් ප්‍රදේශයේ ඉදිකරන්නේ යෑයි කියනු ලබන කාමර සියය (100) බැගින් වූ හෝටල් 4 හා නිවාඩු නිකේතන තුන් සියය (300) සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 120 ක්‌ ආයෝජනය කරනු ලබන බවද, ඉන් ඩොලර් මිලියන 72 ක්‌ සෘජු විදේශීය ආයෝජන බව කියනු ලැබේ. ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයේ ඇමරිකානු ඩොලර් මිලියන 12.5 කට වඩා වැඩි මහා පරිමාණ ආයෝජන ප්‍රවර්ධනයට මෙම ව්‍යාපෘතිය අයත්වන බවද, ව්‍යාපෘතිය මාස 60 කින් සම්පූර්ණ කිරීමට නියමිත බවද යෝජනා වේ දැක්‌වේ.

ව්‍යාපෘති යෝජනාව අනුව මෙම ප්‍රදේශයේ ජනතාවගේ සුබසාධනය සඳහා පියවර රැසක්‌ ගන්නා බවද යටිතල පහසුකම් රැසක්‌ ලබාදෙන බවද යෝජනා කර තිබුණත්, පරිසරවේදීන් හා දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ මෙය හුදෙක්‌ කඳපොළ වැනි අතිශය පාරිසරික වටිනාකමක්‌ සහිත හා අතිශය භූගෝලීය සංවේදී ප්‍රදේශයක්‌ වන මෙහි ඉඩම්වල අයිතිය පෞද්ගලික අංශය සතුකර ගැනීමට දරණ උප්පරවැට්‌ටියක්‌ විය හැකි බවයි. එසේම ඔවුන් වැඩිදුරටත් පවසන්නේ නාය යැමේ දැඩි අවදානමක්‌ සහිත නුවරඑළිය, කඳපොල ප්‍රදේශයේ අති සංවේදී වතුයායක්‌ වන බෲක්‌සයිඩ් වතුයාය සඳහා මෙවන් දැවැන්ත ව්‍යාපෘති කිසිසේත් සුදුසු නොවන බවයි. එසේම දැනටමත් උඩපුස්‌සැල්ලාව වැවිලි සමාගම මගින් රජය සමඟ බදු ගිවිසුම් උල්ලංඝණය කරමින් තෙවැනි පාර්ශ්වයක්‌ සඳහා උප බදු පදනම මත බෲක්‌සයිඩ් වතුයාය වෙනත් සමාගමකට පවරා දීම නීති විරෝධී බැවින් ඒ පිළිබඳ සොයා බලා නීතිය මගින් කටයුතු කළ යුතුව තිබියදී එය තවදුරටත් සාධාරණීය කරමින් තවත් සමාගමකට අවුරුදු 99 බදු පදනම මත නව ගිවිසුමකට එළැඹීමට යෝජනා කිරීම නීති විරෝධී වන බවය.

මීටර් 1761 ක්‌ තරම් උසින් යුත් අතිශය සංවේදී ප්‍රදේශයක පිහිටි අතීතයේදී මෙරටට රන් අස්‌වනු ලබාදුන් වටිනා තේ ඉඩම් සංවර්ධනය කර තවදුරටත් රටට විදේශ විණිමය ගෙන එනු වෙනුවට වත්මන් යහපාලන රජයේ සංවර්ධන උපාය මාර්ග පිළිබඳ අමාත්‍යාංශ කඳුකරයේ තේ වගාව නංවනු වෙනුවට ඒ භූමියට හෝටල් ව්‍යාපෘති යෝජනා කිරීම කොතරම් සාධාරණ වේදැයි විමසා බලනු වටී. මෙම ව්‍යාපෘතිය ඔස්‌සේ කඳුකරයට රැකියා අවස්‌ථා 1200 ක්‌ නිර්මාණය වනු ඇති බවට හා සමස්‌ථ මානව සම්පත අවශ්‍යතාවෙන් 90% ක්‌ වතු හා ඒ ආශ්‍රිත ප්‍රදේශයෙන් බඳවා ගන්නා බවට කියන ව්‍යාපෘති යෝජනා ප්‍රකාරව කඳුකරයේ වතු කම්කරු ජනයාට සාධාරණයක්‌ අත්වේදැයි විමසා බැලීම කඳුකරය නියෝජනය කරන දේශපාලනඥයන්ගේ තීරණාත්මක වගකීමක්‌ බවද මෙහිදී සිහිපත් කළ යුතුව තිබේ.

කෙසේ හෝ "සිලෝන් ටී" යෑයි ලොව පුරා ප්‍රකට ශ්‍රී ලංකාවේ තේ නාමය ක්‍රමයෙන් වියෑකී යන පසුබිමක්‌ තුළ, එම ශ්‍රී නාමය රැකගන්නට පියවරක්‌ නොගන්නා දේශපාලනයක්‌ තුළ කඳුකරයේ තේ ඉඩම් හෝටල් ව්‍යාපෘති සඳහා යෝජනා වීම එක්‌ අතකින් අරුමයක්‌ නොවේ. කඳුරට සංවර්ධන නොවිය යුතු යෑයි හෝ මෙරට සංචාරක ව්‍යාපාරය දියුණු නොවිය යුතු යෑයි අපි නොකියමු. නමුත් එම සංවර්ධනය තිරසාර විය යුතු බව අද රටම පිළිගන්නා කරුණකි. එහෙත් සිදුකෙරෙන බොහෝ ව්‍යාපෘතිවල විනිවිද බව පිළිබඳ ප්‍රශ්න තිබේ. උමාඔය ව්‍යාපෘතියේ ඇත්තේ තාක්‍ෂණික දොෂයන්ය. එහෙත් ඇතැම් ව්‍යාපෘති එන්නේ දේශපාලකයන් ඇතුළු ජාවාරම්කරුවන්ගේ මනදොළ පුරවාලීම සඳහාය. ඇතැම් ව්‍යාපෘති මගින් රටේ කැලෑ ඉඩම් අක්‌කර දහස්‌ ගණන් විනාශ කරනු ලබයි. තවත් ව්‍යාපෘති කඳුකර ඉඩම් බිමට සමතලා කරනු පෙනේ. නැතහොත් යෝජනා කරන ව්‍යාපෘතිය නොකර සිදුකරනු ලබන්නේ ඉඩම් මංකොල්ලයකි. බෲක්‌සයිඩ් වතුයායේ හෝටල් ව්‍යාපෘතියද තවත් එසේ ව්‍යාපෘතියක්‌ වීමට ඉඩ තිබේ. මෙය හුදෙක්‌ වටිනා කඳුකර ඉඩම් පෞද්ගලික අංශයට පවරා ගන්නා ව්‍යාපෘතියක්‌ වීමටද ඉඩ තිබේ. ඒ නැතිව මහා පරිමාණ හෝටල් ව්‍යාපෘතියක්‌ යෝජනා කළ පමණින් හෝ සාදා නිමකළ පමණින් හෝ ඒ ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරය දියුණු වනවා යෑයි කීම හුදෙක්‌ අනුමානයක්‌ පමණකි. එවන් පසුබිමක්‌ තුළ බෲක්‌සයිඩ් වතුයාය හෝටල් ව්‍යාපෘතියකට යොදවා ගැනීමත්, අනූනව අවුරුදු බදු යටතේ තෙවැනි පාර්ශ්වයකට පවරා දීමක්‌ දෙවරක්‌ සිතා බැලිය යුතු සංවේදී තත්ත්වයකි. ඒ සඳහා රජය විනිවිද බවකින් කටයුතු කළ යුතු අතර, වතුකරයේ දේශපාලනඥයන්ද මේ තත්ත්වය පිළිබඳ අවධානයෙන් කටයුතු කිරීම යහපත් බව අපගේ හැඟීමයි. පරිසර හිතවේදීන්ගේ අදහස්‌ අනුව නම් අතිශය සංවේදී හා නාය යැම් බහුල නුවරඑළියට, කඳපොල ප්‍රදේශයට මෙතරම් සුවිසල් හෝටල් ව්‍යාපෘතියක්‌ කිසිසේත්ම සුදුසු නොවේ. මන්ද හෝටල් සනීපාරක්‍ෂාවේදී බැහැරලන කසළ හා අපද්‍රව්‍ය හා අප ජලයද කඳුකරය දූෂණයට ලක්‌කළ හැකි බැවිනි. එසේම, බෲක්‌සයිඩ් වතුයාය මෙරට තේ ක්‍ෂේත්‍රයේ නම්දැරූ වතුයායකි. දිනකට තේ දළු කිලෝ ග්‍රෑම් 15,000 ක්‌ තේ බවට පත්කරන කර්මාන්තශාලාවක්‌ ඇති මෙහි ඌව සහ නුවරඑළිය රසයෙන් යුත් සුවිශේෂ තේ වර්ග නිපදවනු ලබයි. එවන් තේ වතු යායක්‌ හෝටලයක්‌ සඳහා බිලි දෙන්නේ කිනම් අඥානයින් පිරිසක්‌ ද?

ජගත් කණහැරආරච්චි

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.