මුලතිව් කෙප්පාපිලව්
අක්කර 189 ක්
මුල් හිමිකරුවන්ට භාරදෙයි....!!!
මුලතිව්, කෙප්පාපිලව් ප්‍රදේශයේ අක්කර 189 ක් මෙසේ යළි මුල් හිමිකරුවන්ට ලබාදී තිබේ. කෙප්පාපිලව් ප්‍රදේශයේ එම ඉඩම් මුහුදුබඩපත්තු ප්‍රදේශීය ලේකම් කාර්යාලයේදී මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික විසින් ජනතාවට නිල වශයෙන් භාරදීම සිදුකෙරිණි.මුලතිව් දිස්ත්‍රික්කයේ මහජනතාව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ ඉල්ලීමකට අනුව අදාළ ඉඩම් නිදහස් කර ඇත.
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය සතුව තිබූ කෙප්පාපිලව් ප්‍රදේශයේ ඉඩම් අක්කර 243 ක් ද මුල් හිමිකරුවන්ට පසුගිය ජනවාරි මස 25 වැනිදා ලබාදී තිබිණි.