බුදුන් දවස විශාලා මහනුවර වැසියන් තුන් බියෙන් පසුවූවා සේ වර්තමාන ශ්‍රී ලාංකික බහුතර ප්‍රජාව ඩෙංගු බියෙන් පසුවෙති.පසුගිය සති කිහිපයේදී ඉතා අවාසනාවන්ත ඩෙංගු මරණ කිහිපයක් වාර්තා වූ අතර ඒ අතර විශ්ව විද්‍යාල හා පාසල් සිසුන්ද විය.2017 වර්ෂයේ ගත වූ මාස 07 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන්ක් 79118 දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත.කෙසේ වෙතත් වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සංඛයාව දිනෙන් දින ඉහළ ගියද රෝහල් වල පහසුකම් නොමැති වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඇතුළත්වන රෝගීන්ට දැඩි අපහසුතා ලක්වීමට සිදුව ඇත.
මේ පිළිබඳ අවධානය යොමු කරමින් වෛද්‍යවරයෙකු තැබූ සටහනක් ෆේස්බුක් වෙබ් අඩවියේ හුවමාරු වනු අපට දැකගන්නට ලැබුණි.එම සටහන සමගින් ඡයාරූපයක් ඔහු විසින් පළකර තිබුණ අතර එහි දැක්වුනේ රෝගීන් විශාල සංඛ්‍යාවක් රත්නපුර රෝහල් පරිශ්‍රයේ ඉදිරිපස සිටින ආකාරයයි...
‘‘වෙලාව රාත්‍රී 10.45.ඔවුන්ගේ දිවා අහාරය තවමත් මේස උඩ.මෙතරම් රෝගීන් ප්‍රමාණයක් බලාගන්න ඉන්නේ තරුණ දොස්තරලා දෙන්නෙක් විතරයි.මේ ඡයාරූපය අතින් අත යවලා සෞඛ්‍ය ඇමතිගේ පරිගණයට යවා ගන්න පුලුවනි නම් ඒක ගොඩාක් හොඳ දෙයක් වෙයි.ඔය දොස්තරලට ගල් ගහන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝම එන්න. තමන්ගේ වටිනා කාලය ලබාදීලා රෝගීන්ට උදව් කරන්න.අඩුම තරමේ ඔබ ජීවිතයක් හෝ බේරාගනීවි‘‘ යැයි එම සටහනේ සඳහන් වී තිබුණි.