ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, July 30, 2017

නපුංසක අපතයන් කෝටි ගණනක අල්ලස් මත චීනයට පැවරූ හම්බන්තොට වරාය

අප්‍රිකාවේ නාවික මර්මස්ථානයට චීන හමුදාව ඇතුළු වේ.. චයිනා මර්චන්ට් .‘ගල්ෆ් මුතු ඇටය’ වු ඩිජිබවුටි වරාය ගත් ආකාරයෙන්ම පෙරදිග මුතුකැටය වූ ලංකාව අල්ලා ගත් හැටි..
 ලෝකයේ ව්‍යාපාරික නාවික කේන්ද්‍රයක් වන අප්‍රිකාවේ ඉතියෝපියාවේ අසල පිහිටි ඩිජිබවුටි Djibouti City රතු මුහුදේ පිහිටි ගල්ෆ් හි මුතු කැටය ලෙස විරුදාවලිය ලත් අතිශයින් වානිජ වශයෙන් වැදගත් රටකි. Link
එම රටේ ඇති වටිනාම සම්පත නම් එරට වරාය යි, ලෝකයේ මිලකල නොහැකි වටිනාම නාවික මාර්ග ඔස්සේ පිහිටා ඇති ඩිජිබවුටි වරාය අද වනවිට චයිනා මර්චන්ට් හෝල්ඩින්ගස් සමාගම මිලදි ගෙන ඇත.
Link
ඒ අනුව හම්බන්තොට වරාය මිලදි ගත චීනයේ චයිනා මර්චන්ට් හෝල්ඩින්ග් සමාගමේ පාලනය යටතේ චීනය ඇ.ඩොලර් බිලියන 15 ක් ඉදිරියේදී ඩිජිබවුටි Djibouti වරාය ආශ්‍රිතව කර්මාන්ත කලාපයක් හා වරාය සංවර්ධනයට ආයෝජන කිරීමට සුදානම් බැව් මෙම විඩීයෝව මගින් දැක ගත හැකිය. Link
මේ වනවිට චීනයෙන් පිට පිහිටවු චීනයේ පලමු නාවික කදවුර අප්‍රිකාවේ ඩිජිබවුටි Djibouti වරායේ පිහිටුවීමට චීන ආණ්ඩුව තීරණය කලේය. චීන ආණ්ඩුව විසින් චීනයෙන් පිට එසේ පිහිට වූ කදවුර වෙත චීන හමුදාව පිටත් කර යවන ලදි. Link 01 02
2017 ජූලි 29 වෙනිදා හම්බන්තොට වරාය චීනයට දීමට ශ්‍රීලංකා වරාය අධිකාරිය සහ චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගම අතර ගිවිසුමක් අත්සන් කලේය. ඒ අනුව ඉහත චීන සමාගමට හම්බන්තොට වරාය වසර 99 කට හෝ ඊට වැඩි ප්‍රමාණයකට දීමට තීරණය කලහ.
එහිදි සම්පූර්ණ වරායේ පාලනය මෙහෙයුම් 85% චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගමට ය. ඊට අමතරව වරාය ආශ්‍රිතව පොදු පහසුකම් සඳහා වෙනම ගිවිසුමක් අත්සන් කලේය, එහි 58 % චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගමට 42% ශ්‍රීලංකා වරාය අධිකාරියටත් අයත් ය. එහි කාර්යය වනුයේ අපද්‍රව්‍ය ඉවත් කිරීම ජලය විදුලිය හා මංමාවත් මෙන්ම ආරක්ෂාව වැනි පොදු කටයුතු සඳහා යි.
ලෝකයේ ආර්ථික මෙන්ම යුද බලවතකු වන චීනය සමඟ එලබි මෙම ගිවිසුම හරහා අප්‍රිකාවේ ගල්ෆ් මුතු කැටය ලෙස හැදින් වු ඩිජිබවුටි Djibouti City වරායට වූ ආකාරයෙන්ම චීනයෙන් පිට පිහිටුවීමට නියමිත දෙවෙනි චීන ආරක්ෂිත කදවුර නුදුරේදී හම්බන්තොට පිහිටුවා ඒ සඳහා චීන හමුදාව එන දිනය වැඩි ඈතක් නොවෙනු ඇත. 
හම්බන්තොට වරාය චීනයට බදු දෙයි...
වරාය සභාපති හා චයිනා මර්චන්ට්‌ කළමනාකාර
අධ්‍යක්‍ෂ ගිවිසුමට අත්සන් තබති



වරාය ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු ඇමැති මහින්ද සමරසිංහ  විසින් චීන නියෝජිතයාට සමරු තිළිණයක්‌ පිරිනැමූ අයුරු.



හම්බන්තොට වරාය බදු දීමේ ගිවිසුමට අත්සන් තැබීම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ චයිනා මර්චන්ට්‌ හෝල්ඩිංග්ස්‌ සමාගම අතර පසුගිය සෙනසුරාදා (29 දා) සිදුකෙරිණි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක, වරාය සහ නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එල්. සී. ජයම්පති  ශ්‍රී ලංකාව වෙනුවෙන් ද චයිනා මර්චන්ට්‌ හෝල්ඩිංග්ස්‌ සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ආචාර්ය බායි ජිංග්තාඕ  චීන රජය වෙනුවෙන් ද මෙම ගිවිසුමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේදී අත්සන් තැබූහ.

අනූනව අවුරුදු බදු ගිවිසුමක්‌ යටතේ හම්බන්තොට වරායේ සහ සාගර ආශ්‍රිත කටයුතු සඳහා ඉහත චීන සමාගම විසින් ඇමරිකානු ඩොලර් බිලියන එකකුත් මිලියන එකසිය විස්‌සක මුදලක්‌ ආයෝජනය කරනු ඇත. ගිවිසුමට අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරියට සියයට 42 ක්‌ ද චීන සමාගමට සියයට 58 ක්‌ ද අයිතිය පැවරේ.

හම්බන්තොට වරායේ සීමාව හෙක්‌ටයාර 1534 ක්‌ ලෙස සටහන්ව ඇති අතර හෙක්‌ටයාර 171 ක්‌ ඉහත සමාගම් වෙත බදු දීමට කටයුතු කෙරේ.

හම්බන්තොට වරාය බදු දීමේ ගිවිසුම අත්සන් කිරීම වෙනුවෙන් පැවැති උත්සවයට වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ, මුදල් ඇමැති මංගල සමරවීර  ද ඇමැතිවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, මලික්‌ සමරවික්‍රම  ද ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ද සහභාගි වූහ.



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.