ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, July 22, 2017

කාමයේ වරදවා හැසිරීම සහ නූතන සමාජය....!!!

බෞද්ධ සමාජ ප්‍රතිමානය නම් පංචශීල ප්‍රතිපදාවයි. එය සමාජය කෙරෙහි මෛත්‍රී පූර්වකව පැවතිය යුතු මූලික ස්ථාවර පහක් පිළිබඳව පෙන්වා දෙනු ලබයි. මෙහි අන්තර්ගතව ඇත්තේ ප්‍රාණ ඝාතය, සොරකම, සාවද්‍ය මෛථුනය, මුසාවාදය හා මත්ද්‍රව්‍යය යන සමාජගත පැවැත්ම බිඳ හෙළීමට ආධාර වන මූලික කරුණු පහකින් වැළැක්වීම යහපත් ‍බව පෙන්වා දෙයි. මෙයින් කාමේසු මිච්ඡාචාරා යන තෙවන කරුණින් අදහස් වන්නේ සාවද්‍ය මෛථුනයෙන් වැළකීමයි. මෙහි සඳහන් සාවද්‍ය මෛථුනය යනු කුමක්ද? සාම්ප්‍රදායික අර්ථකථනයන්හි දැක්වෙන්නේ විවාහ දිවියෙන් පරිබාහිර ලිංගික ඇසුරෙන් වැළකීම සාවද්‍ය මෛථුනය බවයි.
මෙසේ අර්ථ දැක්වීම වැරදි නොවුණත් එම අර්ථ දැක්වීමේ එක්තරා සීමා සහිත බවක් පවතින බව පෙනෙයි. කිසියම් සංකල්පයකට නිර්වචනයක් සැපයීමේ දී අදාළ නිර්වචනය මඟින් එකී සංකල්පය මුළු මනින්ම විග්‍රහ නොවී එහි එක් දේශයක් පමණක් පැහැදිලි කිරීමේ දුර්වලතාවය මෙහි විද්‍යමානය. දැනට මෙරට ක්‍රියාත්මක වන රෝම ලන්දේසි නීති ක්‍රමය අනුව අන්‍යෝන්‍ය ප්‍රතිවිරුද්ධ ලිංගික ස්ත්‍රියක් හා පුරුෂයෙක් එක් වී ඔවුන්ගේ විවාහය නීත්‍යානූකූල ලෙස ලියාපදිංචි කිරිමෙන් අනතුරුව ඔවුන් අඹු සැමියන් ලෙස එක්ව ජීවත්වීම ඇරඹීම සම්ප්‍රදායයි. මෙකී අඹු සැමියන් ලෙස දිවි ගෙවීම යනු සමාජ සම්මත ලෙස විවාහ සංස්ථාවට ඇතුළත්ව ඔවුන් දෙදෙනා අතර පමණක් ලෙස සීමා කරනු ලබන නීත්‍යානූකූල ලිංගික ඇසුරයි. මෙහි කිසිදු ගැටළුවක් නොමැත. සමාජය මෙය එකහෙළා අනුමත කරන බැවිනි. විවාහ වී දූදරුවන් ලැබීම සමාජ සම්මතය ලෙස ද සැලකෙන හෙයිනි.

කාම යන පාලි වදන කැමති යන අර්ථය දේ. කාමෙති එය ක්‍රියා පදයක් ලෙස භාවිතා වන අකාරයයි. රාග හා තණ්හා යන වදන් දෙකට විශේෂණ වී කාමරාග හා කාමතණ්හා ලෙස ද මෙම වදන භාවිතා වේ. කාමය විඳීම කෙරෙහ ඇතිවන කැමැත්ත කාමඡන්දය ලෙස හැඳින්වේ. පොදුවේ කාම යන්නෙන් පසිඳුරන්ගෙන් ගන්නා අරමුණු කෙරෙහි සිතෙහි ඇතිවන කැමැත්ත අදහස් වේ. පංචශීල ප්‍රතිපදාවේ තෙවන ශික්ෂා පදය වන කාමේසු මිච්ඡාචාරා යන්නෙන් මෙහි දී ඇස, කණ, නාසය, දිව හා සම යන පංච ඉන්ද්‍රියානුසාරයෙන්ම ලබාගනු ලබන අරමුණු කෙරෙහි කැමැත්ත අදහස් නොවන අතර ඉන් අදහස් වන්නේ හුදෙක් මෛථුන සේවනයම බව අවධාරණය කර දක්වා තිබේ. මෙයට හේතුව ජීව වර්ගයා කෙරෙහි විද්‍යමාන වෙනත් ඉන්ද්‍රිය ධර්ම හා සැසඳීමේ දී ලිංගික ආවේදනයෙහි ප්‍රබලත්වය වඩා අධික බැවින් සත්ව චිත්ත සන්තානය ඒ කෙරෙහි වඩා පහසුවෙන් හා වේගවත්ව ග්‍රහණය වන බැවිනි. මේ හේතුව නිසා මිනිසුන් වරදට වඩා ප්‍රබල ලෙස පෙළඹීමක් ඇති වේ. ආදීනවයට වඩා ආශ්වාදය ‍කෙරෙහි අධික ලෙස පුහුදුන් සිත ඇදී යන හෙයිනි.
නීත්‍යානූකූල ලෙස සමාජ සම්මත විවාහ දිවියට ඇතුළත්ව අඹු සැමි සබඳතාව පැවැත්වීම සඳහා පැණවෙන කොන්දේසි එක් එක් සංස්කෘතියට, සමයට, දේශයට අනුව විවිධාකාරය. දැනට අප රටේ පිළිගත් රෝම ලන්දේසි විවාහ නීතිය අනුව ඒක භාර්යා ඒක ස්වාමි පුරුෂ විවාහ ක්‍රමය මෙරටෙහි ශිෂ්ඨ සම්මත විවාහ ක්‍රමය ලෙස ප්‍රචලිතය. නමුත් මෙම ක්‍රමයට පරිබාහිර වෙනත් සමාජ සම්මත විවාහ ක්‍රම ලෝකයෙහි වෙනත් රටවල, සංස්කෘතිවල හා සමයන්හි විද්‍යමාන බැව් අමතක නොකළ යුතුය. පුරාණ කාලවල දී ශ්‍රී ලංකාවේ ද ඇතැම් පළාත්වල පැවති එක ස්ත්‍රී හා බහු පුරුෂ විවාහ ක්‍රමය අනුව එකම පවුලේ සහෝදරයන් කිහිප දෙනෙකුහට එකම ස්ත්‍රියක් භාර්යාව ලෙස විවාහ කරදීම පැවතිණි. මුස්ලිම් ප්‍රජාව සතු සමය චාරිත්‍රයක් ලෙස එක් පුරුෂයකුහට ස්ත්‍රීන් සත් දෙනෙකු දක්වා විවාහ කරගැනීමට අවසර තිබේ. ලෝකයෙහි වෙනත් රටවල මෙයට ද වඩා විවිධ විවාහ චාරිත්‍ර විධික්‍රම සමාජ සම්මතව තිබේ. යම් හෙයකින් කාමේසු මිච්ඡාචාරා යන ශික්ෂා පදයෙන් අදහස් වන්නේ තමාගේ වෛවාහක දිවිය තුළ තමාට නීත්‍යානූකූල අවසරය ලැබෙන පරිදි කුමන හෝ ආකාරයකට කුමන හෝ පුද්ගලයෙකු හෝ පුද්ගලයන් සමඟ මෛථුන සබඳතා පැවැත්වීම නම් එම ශික්ෂාපදයෙන් ශික්ෂණය ලැබිය යුතු සීමාව පිළිබඳව බලවත් ගැටළුවකට එය සමාදන් වන පුද්ගලයාහට මුහුණ පෑමට සිදු වන බව පෙනේ.
එවිට මෙරට සංස්කෘතියට අනුව විවාහ දිවිය ගෙවන්නන් හට තමන්ගේ ‍ෛමථුන හැසිරීම ඒක ස්ත්‍රී හා ඒක පුරුෂ අඹු සැමි සබඳතාවකට පමණක් සීමා කළ යුතු බව අවධාරණය කරන අතර වෙනත් රටක වෙනත් සංස්කෘතියකට අයත් යුග දිවි ගෙවන්නන්ට ඔවුන්ගේ මෛථුන හැසිරීම එම සංස්කෘතිය විසින් අනුදත් පරිදි බහු ස්ත්‍රී හා බහු පුරුෂ අඹු සැමි සබඳතාවයන් දක්වා ව්‍යාප්ත කරගැනීමේ ඉඩප්‍රස්තාව සැලසී තිබීම මෙම කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීමේ ශික්ෂා පදය අර්ථ විවරණය කිරීමේ දෝෂය මතු කරවා පෙන්වීමට ප්‍රධානතම හේතුවකි. පංචශීල ප්‍රතිපදාව පැණවී ඇත්තේ බෞද්ධයා විෂයෙහි පමණක් යැයි යම්කිසි කෙනෙකු පවසා මින් ගැළවී අත සෝදා ගැනීමට උත්සහ දරණු ලැබූවත් පංචශීල ප්‍රතිපදාවේ නිර්දිෂ්ට වී ඇති අනෙකුත් ශික්ෂා පද දෙස අවධානය යොමු කරන විට බෞද්ධ අබෞද්ධ ‍කිසිදු භේදයකින් තොරව ඕනෑම පුද්ගලයෙකු හට ඒවා තමන්ගේ ජීවිතයට එක් කරගෙන තමාගේ ජීවන මට්ටම ඉන් උසස් බවට පත් කර ගැනීමට එමඟින් සැලසී ඇති මෙහෙය සුළුපටු නොවේ.
ඒ පිළිබඳව සලකා බලනු ලබන විටක, තෙවන ශික්ෂා පදය මඟින් ද අර්ථවත් වන්නේ බෞද්ධ සමය සීමාවට වඩා පුළුල් අර්ථකථනයක් බව පැහැදිලි විය යුතුය. එම නිසා තෙවන ශික්ෂා පදය මඟින් සැබවින්ම අදහස් වී ඇත්තේ බෞද්ධ හෝ අබෞද්ධ කිසිදු භේදයකින් තොරව සියළු මිනිස් වර්ගයා විෂයෙහිම පැණවුන සමාජ ප්‍රතිමානයකි. දැන් ගැටළුක් ඇති වේ. එනම් තෙවන ශික්ෂා පදයෙන් සැබවින්ම අදහස් වන්නේ කුමක් ද යන්නයි. මේ මිච්ඡ යනු සාවද්‍ය වැරදි යන තේරුම දේ. චර ධාතුව හැසිරීම යන්න හඟවයි. ඒ අනුව සාවද්‍ය බව මෛථුන හැසිරීමේ වෙත් නම් එය කාමයෙහි වරදවා හැසිරීම වේ. මෙහි දී මෛථුන හැසිරීම සීමා කොට පෙන්වා දී තිබේ. එනම් අධික මෛථුනයෙන් හා විෂම, විකෘති, අසම්මත, අයථා ලිංගික ඇබ්බැහිකම් වලින් තොරව අඹු සැමි සබඳතා පැවැත්වීමයි. ආයුර්වේදයෙහි ද අධික මෛථුනය නිසා සිරුරෙහි සෞම්‍ය ධාතු ක්ෂය වී නොයෙක් දෝෂ තත්වයනට හේතු වන බව පැහැදිලි කර දී තිබේ. විශේෂයෙන් ස්වභාවිකත්වය පිටු පා සිදුවන දැඩි අස්වාභාවික ක්‍රියා සිත ගත දූෂ්‍ය කරවයි.

තෙවෙනි ශික්ෂා පදයට මේ අනුව නිශ්චිත අර්ථයක් ලැබෙන්නේ මෛථුනය කිසියම් සීමාවකට යටත්ව සිදු කරන විට පමණි. මෙම සීමාව අධික, විෂම හා අසම්මතයෙන් තොර බවයි. මේ අනුව තම වෛවාහික විවාහ සහකරු හෝ සහකාරිය සමඟ වුව ද පවත්වන අධික, විෂම හා අසම්මත ලිංගික ක්‍රියාකාරකම් නොසුදුසු බව පෙන්වා දිය හැක. එමඟින් චිත්ත ක්‍රියාකාරීත්වයට අයහපත් බලපෑමක් ඇති විය හැකි බැවිනි. නරක පුරුදුවලට ඇබ්බැහි වීම සිත ගත පීඩාවට පත් කරවන විවාහ දිවිය නීරස කරවන දෙයකි. විවාහ සහකරු හෝ සහකාරිය සමඟ කුමන අයුරින් මෛථු‍නයෙහි නිරත වුවත් ඉන් සමාජයට සිදු වන අයහපත් බලපෑම කුමක්දැයි මෙහි දී කිසියම් පුද්ගලයෙකුහට පැණයක් මතු විය හැකිය.
නමුත් මෙහි දී සිහි තබා ගත යුත්තක් නම් මෛථුන‍ ක්‍රියාවළිය විවාහ සංස්ථාවට පමණක් සීමා වුවත් එහි ප්‍රමාණයට වඩා ඇබ්බැහිය සමාජයට පසු කාලීනව කරදරයක් හිරිහැරයක් විය හැකි මට්ටම දක්වා වර්ධනය වීමේ අනතුරක් ද ඒ හා සමඟම විද්‍යමාන වන බවයි. තම විවාහ සහකාරු හෝ සහකාරිය කෙරෙහි පවා මෙම අසීමාන්තික බව අයහපත් ලෙස බලපානු ලබන බව වර්තමාන විවාහ සංස්ථාව කෙරෙහි බලපා ඇති නොයෙක් අර්බුද හා ගැටළු දෙස බලන විට හැඟී යයි. විටෙක තමාගේ විවාහ සහකරු හෝ සහකාරියගෙන් පමණක් සෑහීමකට පත් නොවීම දක්වා සිතෙහි කාම තෘෂ්ණාව ලියලා යාමට පවා සීමා රහිතව එහි නිරතවීමේ අසංවර ඇබ්බැහිකම හේතුවිය හැකි බව තරයේ සිහි තබා ගැනීම වැදගත්ය. විවාහය කාම සේවනය සඳහා ලබාදෙන නීත්‍යානූකූල බලපත්‍රයක් පමණක් සේ සැලකීම අනුචිතය. එහි පදනම පශ්චාත් කාලීන හුදකලා වෘද්ධ දිවියට කිසියම් පිළිසරණක් ලබාදීම බව තමාටම අවබෝධ වන්නේ දිවි ගමනෙහි පරිණත බවට පත්වන කාලවකවානු වලදීය.
ශරීරයට ඉතාමත් හිතකර ආහාර පානාදියක් වුවත් අධික ලෙස සේවනය කිරීම හානිදායක විය හැකි කරුණකි. බුදු දහමෙහි පැහැදිලි කර දී ඇත්තේ කුමන හෝ දෙයක මධ්‍යම ප්‍රතිපදාව අනුව කටයුතු කරන ලෙසයි. මේ අනුව ආහාර පාන ගැනීමේ දී, විහරණ පැවැත්වීමේ දී, සිරුරට හිතකර මට්ටම පමණ දැන සීමාවකට අනුව කටයුතු කිරීමයි. එසේම විකෘති, විෂම හා අසම්මත තත්වයෙන් තොරව ස්වභාවික ලෙස මනුෂ්‍යත්වට ඔබින සේ කටයුතු කිරීමයි. බුදු දහම කාමයෙහි ආදීනව හා නෙක්ඛම්මයෙහි ආනිසංශය වඩාත් අධිකව අවධාරණය කරන දහමක් වුව ද අර්හත් හා අනාගාමී සිතකට මිස සාමාන්‍ය පුහුදුන් සිතකට කාම වින්දනයෙන් මුළු මනින්ම එක්වරම ගැළවී ගත නොහැකි බව දක්වා තිබේ. එසේ හෙයින් විවාහ සංස්ථාවට ඇතුළත්ව සමාජ සම්මත ලෙස කාම වින්දනයෙහි යෙදීමේ දී පවා සිත තබා ගත යුතු වැදගත් දේ නම් පුහුදුන් සිතෙහි දුර්වලකම නිසා කාමයට සිත නතු වුව ද අවසන් විග්‍රහයේ දී බුදු දහමේ පරම නිෂ්ටාව වූ නෙක්ඛම්මය ‍හෙවත් වීතරාගී නිර්වාණ ධාතුව ලබා ගැනීමට උත්සුක වීම කෙරෙහි සෑම අයෙකුගේම අවධානය යොමු විය යුතු බවයි. මේ හේතුව නිසාම කාමයෙන් ලැබෙන විඳීම වුව ද පුහුදුන් මට්ටමේ දී ලබාගත යුතු වන්නේ පසුකාලීනව නෙක්ඛම්මම සංකල්පය වර්ධනය කිරීම තුළින් ලබන මාර්ගඵලාධිගමය වැනි සිත උසස් තත්වයට පත් කරවීමේ ව්‍යායාමයට කිසිසේත් හානිකර නොවන අයුරිනි. මේ නිසා අධික, විෂම හා අසම්මත කාම වින්දනය පුහුදුන් පුද්ගලයෙකුහට පවා කිසිසේත් යෝග්‍ය නොවේ.
අනෙක් අතට කාමය වනාහී මහත් උත්කර්ෂණයෙන් යුක්තව වර්ණනා කළ යුතු අමුතු සිදුවීමක් නොවේ. කාමය තුළ සැබවින්ම අති‍ශයෝක්තියෙන් හුවා දක්වන තරමේ උත්කෘෂ්ට අරුමෝසම් බවක් ගැබ් වී නැත. එය මනුෂ්‍යයා සේම තිරිසන් සත්වයාහටත් පොදු සාමාන්‍ය ජීව විද්‍යාත්මක ක්‍රියාකාරීත්වයක් පමණි. ආහාර පාන, වාසස්ථාන, ආරක්ෂාව වැනි පොදු සත්ව අවශ්‍යතාවයන්ගෙන් එකක් ලෙස මෛථුනය ජීව හා සමාජ විද්‍යාත්මක පක්ෂයෙන් අර්ථ දැක්විය හැකිය. තම වර්ගයා නොකඩා, නොසිඳ පවත්වා ගැනීමේ එක්තරා ක්‍රමවේදයක් ලෙස මෛථුනය දැකිවිය හැක්කේ මෛථුනයෙන් පරිබාහිරව පවා තම වර්ගයා නොසිඳ පවත්වා ගැනීමේ ක්‍රියාවළිය විද්‍යමාන හෙයිනි. ශාක හා ඇතැම් ක්ෂුද්‍ර ජීව විශේෂ  මෛථුන ක්‍රියාවළියෙන් පරිබාහිරව තම පැවැත්ම නොසිඳ පවත්වා ගැනීමට සමත් ‍වන බව නිදසුන් ලෙස පෙන්වා දිය හැකිය.
 

ඇතැම් සත්ව වර්ගයා තුළ ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයක් ලෙස පවතින මෛථුන ක්‍රියාවළියෙහි පවා සැබෑ තත්වය නම් එය දැන් මහත් සේ උත්කර්ෂණයට නංවා පෙන්වන කෘතිම අගය නොවන බව දත යුතුය. මිනිසා සෙසු ජීව හා සත්ව විශේෂයන්ට වඩා උසස් වන්නේ බුද්ධිමත් නිර්මාණශීලී උසස් මානසික මට්ටමක් මිනිසාට උපතින්ම හිමිව ඇති හෙයිනි. ඒ නිසා වෙනත් ජීව හෝ සත්ව විශේෂ අතර සිදුවන මෛථුන ක්‍රියාවළියට වඩා මිනිස් හැසිරීම උසස් තළයක පැවතීම අනිවාර්යෙන් සිදුවිය යුතුමය. මෛථුන ක්‍රියාවළියට සමගාමී ලෙස ආදරය, ප්‍රේමය හා සෙනෙහස වැනි සංවේදී මානුෂික හැඟීම් ක්‍රියාත්මක විය යුත්තේ ඒ නිසාමය. එවැනි සංවේදී මානුෂික හැඟීම්වල උසස් බව විදහා පෙන්වන කලා හා සාහිත්‍ය කෘති මිනිසා අතින් නිර්මාණය ද වී තිබේ. එම කලා හා සාහිත්‍ය කෘති වල කාමය ශෘංගාර රසය, අනුරාගය වැනි මටසිලිටි ස්වරූපයෙන් උසස් රස වින්දනයක් ලැබෙන සේ ප්‍රතිනිරූපණය කර ඇත්තේ ඒ ඔස්සේ මිනිස් සංජානන, ආවේදන හා චර්යා පැතිකඩ ශික්ෂණය වන පරිදිය. මෙවැනි කලා හා සාහිත්‍ය නිර්මාණ විශ්ව සම්භාව්‍ය කලා කෘති සේ සලකනු ලබයි.
වර්තමාන සමාජයෙහි විද්‍යමාන නොයෙකුත් ඇබ්බැහිකම් අතර කාම වින්දනයෙහි සීමා මායිම් නොමැති බව පැහැදිලිවම කැපී පෙනේ. එයට නූතන තාක්ෂණය නිසා දියුණුව ඇති අන්තර් ජාලය, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධාන දායකත්වයක් සපයනු ලබන බව පැහැදිලිවම දක්නට ඇත.  මේවායෙහි කාමය අමු අමුවේ ඉදිරිපත් කරන්නේ මිනිස් සිත් සතන් ආවේගශීලී වන ආකාරයටය. සිනමාව හා නාට්‍ය කලාව වැනි කලා මාධ්‍යය මඟින් පවා මිනිසාගේ රස වින්දන හැකියාව හා රසඥතාවය දියුණු කොට ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යනවා වෙනුවට අඳුරෙන් අඳුරට යොමු කිරීමේ අදූරදර්ශී පිලිවෙතකට මුදලට පමණක්ම ගැති වූ අය පෙළඹීම මහත්ම අවාසනාවකි. කලා මාධ්‍ය කිසියම් වාරණයකට යොමු කර හෝ ප්‍රමිතියකට ගෙන එන්නට කටයුතු කරනු ලැබූවත් අන්තර් ජාලය වැනි මාධ්‍යවලට එබඳු තහංචි පැණවිය නොහැකි පමණට එය ව්‍යාප්ත වී තිබේ. විශේෂයෙන් කාම වින්දනය අධික, විෂම හා අසම්මත අයුරින් දැඩි උත්කර්ෂණයෙන් නිරූපණය කොට මිනිස් සිත පහසුවෙන් ගොදුරු කරගත හැකි අයුරින් සකස් කරන ලද සුවිශේෂී වෙබ් අඩවි හා විද්‍යුත් පිටු අන්තර් ජාලයෙහි බහුල ලෙස ඇත.
විදේශීය වශයෙන් පෙර ව්‍යාප්තව තිබූ මෙවැනි දේ වර්තමානයෙහි දේශීය වශයෙන් වඩා අධිකව විද්‍යමානය. මෙයින් වඩාත්ම සමාජ හානියක් සිදු වන්නේ පාසැල් සිසුන්, කුඩා දරුවන් හා ස්ත්‍රීන්හටය. පාසැල් යන වයසෙහි කුඩා දරුවන් අතර මහත් ජනප්‍රිය face book වැනි අන්තර්ජාල පිටු මේ අතර ප්‍රධානය. ඔවුන් මෙවැනි දෙයට යොමු වන්නේ මිතුරු මිතුරියන් ඇසුර වැනි අහිංසක දේ අරමුණකොට වුවත් කුඩා දරුවන්ගේ නොමේරු ළමා මනස පහසුවෙන් ඔද්දල් හා අපවිත්‍ර කළ හැකි අධික, විෂම හා අසම්මත ලිංගික ක්‍රියාකාරකම් සහිත අශ්ලීල අසභ්‍ය පුවත්, ඡායාරූප, වීඩියෝ දර්ශන මේවා තුළට ගැබ්කර ඇත. කුඩා කළ පටන් දරුවන් විභාග සමත්වීම සඳහාම තරඟකාරී රටාවකට පුරුදු පුහුණු කරනවා මෙන්ම සාරධර්ම වැනි සමාජ සම්මත අගයන් පෞරුෂය වටිනාකම් ලෙස සැලකීමට ගුරු දෙගුරු දෙපක්ෂය සැලකිලිමත් වීම අනාගත යහපත් පුරවැසියන්ගෙන් සමන්විත දේශයක් ගොඩනැඟීමට නිසැකවම උපස්ථම්භක වන බව පෙන්වා දිය හැකිය. 

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ (PhD)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.