ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, July 9, 2017

නපූ...ගේ පිං පෙට්ටි කැඩීමේ ව්‍යාපෘතිය....!!!

මුවේ රතු ආලේපන( Lipstic )  තවරා ගත් මුහුණේ පවුඩර් ද ගෑ අමුතුම සත්වයෙකු දැන් ඇමතියෙකුවී සිටියි.ඌ ගැහැණියකුද නොවේ  පිිරිමියෙකුද නොවේ සමරිසි සංගම් සාමාජිකයෙකී...ඵදා කුරුණෑගල පැත්තේ පොඩි කඩ කාමරයක් දමා සිටි මේ නපු... කොළුවා දුටු රනිල් තමන්ට හැකි පරිදි සත්කාර සම්මාන කළේය.පසුව මූගේ විවාහය නිසා උරණව සිටි රනිල් පසුව මෙතරම් රූමත් සම සංගම් සාමාජිකයෙකු සිය අතින් ගිලිහී යාම දැකීමට කැමති නොවී තාන්න මාන්න සම්පත් දී ඌ ළඟ තියා ගති.අද මේ අට පාස් නපූ... ඇමතියෙකී...!!! ඌ අද ඒ මේ අතට සෙල්ලම් දායී...පංසල් පිං කැටවලටද බැල්ම දාමින් සිටී.මේ ඒ අපූරු සත්වයාගේ සාකච්ඡාවකී....!!!
දඹුලු විහාරයේ ප්‍රවේශ පත්‍ර ආදායම
සංස්‌කෘතික අරමුදලට ගන්නවා...

ඇමැති අකිල කියයි
දඹුලු විහාරයේ ආදායම රු. කෝටි 2000ට වැඩියි...!!!

 දඹුලු රජමහා විහාරයේ සංචාරක ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබෙන ආදායම පෙර සේම මධ්‍යම සංස්‌කෘතික අරමුදලට ලබාගැනීම සඳහා නීත්‍යානුකූල පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති, එක්‌සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය මහා ලේකම් අකිල විරාඡ් කාරියවසම් පැවසීය.
ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබෙන රුපියල් කෝටි ගණනක ආදායම ගැන තමා කතා කරන විට එය පන්සලේ පිං පෙට්‌ටිය ලෙස අර්ථ දැක්‌වීමට ඇතැම් දේශපාලනඥයන් දරන උත්සාහය පිළිබඳ කනගාටු වන බව ද ඇමැතිවරයා කීවේය.සම්මුඛ සාකච්ඡාවකට එක්‌වෙමින් මේ බව සඳහන් කළ ඇමැතිවරයා පවතින දේශපාලන තත්ත්වය හා අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් මෙසේ අදහස්‌ පළ කළේය.

ප්‍රශ්නය - ප්‍රධාන පක්‍ෂ දෙක එක්‌ව පිහිටුවන ලද සම්මුති ආණ්‌ඩුවේ කාලසීමාව ලබන මාසයෙන් අවසන් වෙනවා. එතැනින් එහාට මොකක්‌ද වෙන්නේ?
පිළිතුර - එක්‌සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එක්‌ව සම්මුති ආණ්‌ඩුව පිහිටුවා ගත්තේ වසර දෙකක කාලයකටයි. දැන් ඒ වසර දෙක අවසන් වෙමින් යනවා. මේ තත්ත්වය මත සම්මුති ආණ්‌ඩුව තවදුරටත් ඉදිරියට ගෙනයැම සම්බන්ධව දැන් පක්‍ෂ දෙක අතර සාකච්ඡා ආරම්භ වී තිබෙනවා.
ප්‍රශ්නය - ගෙවුණ වසර දෙකක කාලය තුළ ජනතාවට දැනෙන යමක්‌ මේ ආණ්‌ඩුව නොකළ බවට රටේ මතයක්‌ තිබෙනවා. ඇත්තටම ආණ්‌ඩුවේ ගමන්මඟ මන්දගාමී බව ඔබ පිළිගන්නවද?
පිළිතුර - රටේ එහෙම මතයක්‌ නැහැ. මාධ්‍ය වුණත් ආණ්‌ඩුව කරන හොඳ වැඩ ගැන කතා කරන්නේ නැහැ.
පසුගිය ආණ්‌ඩුවට සාපේක්‍ෂව ගෙවුණ කාලය තුළ මේ ආණ්‌ඩුව නිහඬව විශාල වැඩ කොටසක්‌ සිදුකර තිබෙනවා. ජනතාව හා රට වෙනුවෙන් අපි කරන වැඩ ගැන අඬබෙර ගහන්න යන්නේ නැහැ.

යහපාලන ආණ්‌ඩුවේ ගෙවුණු වසර දෙක තුළ යහපාලන අංගයන් රැසක්‌ රට තුළ ස්‌ථාපිත කිරීමට අපිට හැකිවුණා. තොරතුරු දැනගැනීමේ පනත ගෙනඒම, ව්‍යවස්‌ථාදායක සභාව ස්‌ථාපිත කිරීම, ස්‌වාධීන කොමිෂන් සභා ඇති කිරීම, විදේශ ණය ගෙන ආරම්භ කර තිබූ අසාර්ථක ව්‍යාපෘති යහමඟට ගැනීම, ජී. එස්‌. පී. ප්ලස්‌ ලබාගැනීම, අපට අහිමිව ගිය මත්ස්‍ය කර්මාන්තය නැවත ලබාගැනීම, ආයෝජකයන් ගෙන්වා ගැනීම, අපේ රට පිළිබඳව විදේශ රටවල ගිලිහී ගිය විශ්වාසය නැවත දිනාගැනීම ඇතුළු කරුණු බොහෝමයක්‌ ඉටුකිරීමට අපට හැකිවුණා. ඒ වගේම තව කළයුතු බොහෝ දේ තිබෙනවා.

පසුගිය කාලය තුළ අපේ ආණ්‌ඩුව වැඩිපුර කාලයක්‌ ගතකිරීමට සිදුවුණේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ ඒ ආණ්‌ඩුව ලබාගත් අසීමිත ණය කන්දරාව ගෙවා දමමින් විනාශ වී ගිය රටේ ආර්ථිකය ශක්‌තිමත් කිරීම සඳහා පියවර ගැනීමටයි.

වසර පහක්‌ සඳහා පත් කළ මේ ආණ්‌ඩුවේ නිල කාලය තව වසර තුනක්‌ තිබෙනවා. ඉදිරි වසරේ සිට නව සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරමින් රටේ සංවර්ධන ක්‍රියාදාමය ඉතා වේගවත්ව ගෙනයැමට අපි සැලසුම් කර තිබෙනවා. ඒ අනුව විරැකියාවෙන් පෙළෙන තරුණ තරුණියන්ට නව රැකියා අවස්‌ථා උත්පාදනය කර දී රට ආර්ථික වශයෙන් ශක්‌තිමත් කිරීම අපේ අරමුණයි.

මේ ආණ්‌ඩුවේ ඉදිරි ගමන ගැන ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඉතා හොඳ අවබෝධයකින් කටයුතු කරන බව කිවයුතුයි. මොන අභියෝග ආවත් ජනතාව හා රට වෙනුවෙන් ආණ්‌ඩුව ආරක්‍ෂා කරගෙන ඉදිරියට ගෙන යැම අපි හැමෝගෙම අරමුණයි.

ප්‍රශ්නය - රංගිරි දඹුලු විහාරය සහ එහි ආදායම පිළිබඳව මෑතකදී ඔබ කරන ලද ප්‍රකාශය ගැන මේ වන විට රට තුළ දැඩි ආන්දොaලනයක්‌ හටගෙන තිබෙනවා. හිටි හැටියේම මෙවැනි ප්‍රකාශයක්‌ කරන්න හිතුණේ ඇයි?

පිළිතුර - හිටිහැටියේම නොවෙයි මේ පිළිබඳව දිගු අධ්‍යයනයක්‌ කිරීමෙන් පසුවයි මා ඒ ප්‍රකාශය කළේ.

ප්‍රශ්නය - මේ ප්‍රකාශය තුළින් සංඝභේදයක්‌ ඇති කිරීමට ඔබ උත්සාහ කර තිබෙන බවට චෝදනාවක්‌ එල්ල වෙනවා.

පිළිතුර - මම හොඳ සිංහල බෞද්ධයෙක්‌. අපේ ප්‍රදේශයේ ගරු ස්‌වාමීන්වහන්සේ ඒ ගැන හොඳින්ම දන්නවා. බෞද්ධාගම හා රට වෙනුවෙන් මා ගෙන යන වැඩපිළිවෙළට උන්වහන්සේලාගේ ආශිර්වාදය නිරතුරුවම මට ලැබෙනවා.

මේ රටේ පුරාණ විහාර, බිතුසිතුවම්, පුරාවස්‌තු, ලෝක උරුමයන් ආරක්‍ෂා කිරීමට විෂයභාර ඇමැතිවරයා ලෙස මෙන්ම බෞද්ධයෙක්‌ වශයෙන් මට වගකීමක්‌ පැවරී තිබෙනවා.

අද වන විට රංගිරි දඹුලු ලෙන් විහාර බරපතළ ලෙස විනාශයට ලක්‌ව තිබෙනවා. මේවා විධිමත්ව සංරක්‍ෂණය කර නෑ. මධ්‍යම සංස්‌කෘතික අරමුදල විදේශිකයන් සඳහා පමණක්‌ ටිකට්‌පතක්‌ නිකුත් කර ආදායමක්‌ ලබමින් මේ සම්බන්ධව කටයුතු කරගෙන එන අතරවාරයේ ස්‌වාමීන් වහන්සේලා එම නිලධාරීන් පලවාහැර ඒ ආදායම ලබාගත්තා. මේ සම්බන්ධව පැමිණිලි රැසක්‌ මට ලැබී තිබෙනවා. මම පමණක්‌ නොවෙයි හිටපු ජනාධිපතිතුමාට ලැබුණු පැමිණිලිත් මා සතුව තිබෙනවා.

වත්මන් විහාරාධිපති ස්‌වාමීන් වහන්සේත් මෙහි දූෂණ හා අක්‍රමිකතා සිදුව තිබෙන බවට මට පැමිණිලි කර ඒ ගැන පරීක්‍ෂණ කරන ලෙස ඉල්ලා සිsටියා පමණක්‌ නෙවෙයි ඊට පෙර සිටි විහාරවාසී ස්‌වාමීන් වහන්සේත් ලිත ඉල්ලීමක්‌ කර තිබෙනවා. ඒ වගේම මේ ගැන තවත් ස්‌වාමීන් වහන්සේලා ගණනාවක්‌ පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස ඉල්ලීම් කර තිබෙනවා. මේ සියලු ඉල්ලීම් සලකා බලා මේ සම්බන්ධව විධිමත් විගණනයක්‌ කරන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස්‌වරයාට මා දැනුම් දුන්නා.

එම විගණනයෙන් පසු බෞද්ධ කටයුතු කොමසාරිස්‌වරයාගේ වාර්තාවට අනුව 2000 වර්ෂය වන විට එක්‌ විදේශිකයකුගෙන් අය කරගෙන ඇත්තේ ඩොලර් 2-4 වැනි මුදලක්‌. ඒ අනුව 2000 වසරේදී රුපියල් ලක්‍ෂ 29 ක ආදායමක්‌ ලැබෙන බව තමා පෙන්වලා තියෙන්නේ. 2000 වසරෙන් පසු විදේශිකයකුගෙන් අයකර ගත් මුදල රුපියල් 1500 දක්‌වා වැඩි කර තිබෙනවා. එහෙම වැඩි කරලත් 2015 වසරේ ආදායම ලක්‍ෂ 29 යි.

මේ විනාශය බලා සිටිය නොහැකිව අපි මැදිහත්ව මධ්‍යම සංස්‌කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර නව තාක්‍ෂණයත් සමඟ විදේශ විශේෂඥවරු ගෙන්වාගෙන සංරක්‍ෂණ කටයුතු ආරම්භ කළා. ඒ අතර වාරයේ මම අපේ නිලධාරීන්ට උපදෙස්‌ දුන්නා අහඹු ලෙස දින කිහිපයක්‌ තෝරාගෙන දිනක ආදායම කොපමණද කියා විමර්ශනය කර බලන ලෙස. ඒ අනුව එක්‌ දිනක ආදායම ලක්‍ෂ 37 පමණ වන බව මට දැනුම් දුන්නා. සංචාරකයන් අඩු කාලසීමාවේ දිනක ආදායම ලක්‍ෂ 20-25 අතර ප්‍රමාණයක්‌ බව මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ කොමසාරිස්‌වරයා සිදුකළ සමීක්‍ෂණයෙන් හෙළිවී තිබෙනවා. මේ සියලු ආදායම් එකතු කර බලන විට දිනකට ලක්‍ෂ 20-80 අතර ප්‍රමාණයක්‌ ලැබෙනවා. නමුත් විහාරස්‌ථානය දිනක ආදායම වසරක ආදායම ලෙස පෙන්වා දී තිබෙනවා.

අඩුම තරමින් දිනකට ලක්‍ෂ 10-15 අතර ආදායමක්‌ ලැබුණත් වසරකට කෝටි 700 ත් කෝටි 1500 ත් අතර ආදායමක්‌ තිබිය යුතු බව නායක ස්‌වාමීන්වහන්සේ ප්‍රකාශ කරනවා. නමුත් අපිට තිබෙන වාර්තාවලට අනුව නම් කෝටි 2000 කට වැඩි ආදායමක්‌ ලැබිය යුතුයි. මේ මුදල්වලට වෙන්නේ මොකක්‌ද? ඒවා කොහෙටද යන්නේ කියා මහා සංඝරත්නය ප්‍රමුඛ විවිධ පාර්ශ්ව මගෙන් දිගින් දිගටම විමසා සිටියා. මෙවැනි පසුබිමක්‌ තුළ මට තවත් බලා ඉන්න පුළුවන්ද?

දඹුලු විහාරයේ ස්‌වාමීන් වහන්සේ සමඟ මගේ කිසි අමනාපයක්‌ නැහැ. මෙය මගේ පුද්ගලික කටයුත්තක්‌ නොවෙයි. මම කරන්නේ පුරාවිද්‍යා පනතින් ලබා දී තිබෙන අයිතිය මත මෙම මුදල් පෙර සේම මධ්‍යම සංස්‌කෘතික අරමුදලට අයකරගෙන රංගිරි දඹුලු ස්‌වාමීන් වහන්සේටත් යම් මුදල් ප්‍රමාණයක්‌ ලබාදී එහි සංරක්‍ෂණ කටයුතු අපි විසින්ම සිදුකර ඉතිරි මුදල් මේ රටේ සියලුම පන්සල්වල සංරක්‍ෂණය කටයුතු සඳහා යෙදවීමටයි.

මේ රටේ පුරාවිද්‍යා ස්‌ථාන ලක්‍ෂ දෙකක වැඩිය තිබෙනවා. මේ සියල්ල සංරක්‍ෂණය කළ යුතුයි. නිකරුණේ විනාශ වන හිටිහැටියේ අතුරුදන් වන මුදල් ඒ කටයුතු සඳහා යෙදවීමට ක්‍රියාකිරීම වරදක්‌ද, සෙසු විහාරස්‌ථාන නඟාසිටුවීමට එම මුදල් යෙදවීම වරදක්‌ද?

සීගිරියේ දිනක ආදායම රුපියල් කෝටිය ඉක්‌මවා යනවා. සීගිරියට පැමිණෙන අයගෙන් සියයට අසූවක්‌ (80%) පමණ රංගිරි දඹුලු විහාරස්‌ථානයට යනවා. මේ ලැබෙන ආදායම් තුළින් මේ වස්‌තූන් ආරක්‍ෂා කළ යුතුයි. විහාරස්‌ථාන නඟාසිටුවිය යුතුයි. අපේ රටේ තරම් අතීත උරුමයක්‌ ඉතිහාසයක්‌ කොහේවත් නෑ. ඒවා දැන් විනාශ වෙමින් යනවා. පසුගිය කාලේ කූරගල ඇතුළු බොහෝ තැන්වල මහා විනාශ සිදුවුණා. නමුත් ඒ සම්බන්ධව කවුරුවත් කට ඇරියේ නැහැ.

මේ රටේ පුරාවිද්‍යා පනතට අනුව ක්‍රියා කළා නම් සිදුවී ඇති විනාශයන් නතර කර ගැනීමට හැකියාව තිබුණ. නමුත් පසුගිය ආණ්‌ඩුවල සිටි පාලකයන් ඒ පනත සාක්‌කුවේ දාගෙන කටවහගෙන බලා සිටියා. යම් පුද්ගලයෙක්‌ පුරාවස්‌තු විනාශ කරනවා නම් එවැනි අය අත්අඩංගුවට ගත්තට පසු ඔවුන්ට ඇප ලැබෙන්නේ නැහැ. මේ පනත එතරම් ප්‍රබලයි.

බෞද්ධකම අපේ ඇඟේ තිබෙන නිසා මේ සිදුවුණ විනාශයන් හමුවේ මට නම් කට වහගෙන බලා ඉන්න බැහැ. ස්‌වාමීන් වහන්සේලාගෙන් අපි ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ අපිට මේ වැඩ කටයුතු සාර්ථකව ඉදිරියට ගෙනයැමට සහයෝග දෙන ලෙසයි. එහෙම නොවුණොත් පවතින නීතියට අනුව අකමැත්තෙන් වුවද කටයුතු කිරීමට අපට සිදුවෙනවා.

ප්‍රශ්නය - රංගිරි දඹුලු විහාරයට ලැබෙන ආදායම කිසි ලෙසකින්වත් මධ්‍යම සංස්‌කෘතික අරමුදලට හෝ වෙනත් පාර්ශ්වයකට හෝ ලබාගැනීමට කිසි ලෙසකින්වත් ඉඩ නොදෙන බව එම විහාරස්‌ථානයේ නාහිමියෝ පවසා තිබෙනවා. එහෙම වුණොත් ඔබ ගන්නා ඊළඟ පියවර මොකක්‌ද...?

පිළිතුර - අපි පිං පෙට්‌ටිවලටවත් පන්සලේ ආදායමටවත් අත තියන්නේ නැහැ. අද පිංපෙට්‌ටිවලටත් ලක්‍ෂ ගණනක්‌ වැටෙනවා. ඒ වගේම පන්සලේ වෙනත් ආදායම් වාර්තා කෝටි ගණනක්‌ තිබෙනවා. මම කතා කරන්නේ මේවා ගැන නොවෙයි. මේ මුදල් ගණනය කර ඒවා නැවත පන්සලට භාරදීම බෞද්ධ කටයුතු කොමසාරිස්‌වරයා සිදුකරනවා. මේ මුදල්වලට ආණ්‌ඩුව තට්‌ටු කරන්න යනවා කියා අසත්‍ය අභූත චෝදනා එල්ල කරනවා. මේ මුසාවන් හමුවේ මුලා නොවන ලෙස අපි මේ රටේ බෞද්ධ ජනතාවගෙන් හා මහා සංඝරත්නය ප්‍රමුඛ අනෙකුත් පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ මුදල් පිංකැට තිබෙන ඒ පන්සල්වල හිමිවරුන්ටම නැවත ලබාදීමයි කොමසාරිස්‌ සිදුකරන්නේ.

නමුත් දඹුලු විහාරයට විදේශිකයන් සඳහා ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් ලැබෙන කෝටි ගණනක මුදල් ඒවායෙහි දියුණුව හා ආරක්‍ෂාව සඳහා විධිමත්ව යෙදවීමට හැකි පියවර අපි ගන්නවා. ඒක නතර කරන්න කාටවත් බැහැ.

ප්‍රශ්නය - යම් හෙයකින් එම මුදල් ඔබ ඉල්ලන පරිදි ලබා නොදෙනවා නම් ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමේ හැකියාවක්‌ තිබෙනවද?

පිළිතුර - අපට නීතිමය ක්‍රියාමාර්ගවලට යැමට හැකියාව තිබෙනවා.

ප්‍රශ්නය - කොහොමද මොන ප්‍රතිපාදන යටතේද නීතිමය පියවර ගන්නේ?

පිළිතුර - පුරවිද්‍යා පනතට අනුව ස්‌වාමීන්වහන්සේලාගේ එකඟත්වය මත නීතිමය පියවර ගත හැකියි.

ප්‍රශ්නය - ඉතිහාසයේ බලයට පත්වූ කිසිදු ආණ්‌ඩුවක්‌ මෙලෙස දඹුලු විහාරයට හෝ වෙනත් විහාරස්‌ථානයක කටයුතුවලට අත ගසා නෑ. නමුත් මේ ආණ්‌ඩුව ඊට අතගසා තිබෙන්නේ අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක ස්‌වාමීන් වහන්සේ විසින් ආණ්‌ඩුවේ ක්‍රියාකලාපය විවේචනය කරමින් නිකුත් කළ නිවේදනයෙන් පසුව බවට චෝදනාවක්‌ එල්ල වී තිබෙනවා නේද?

පිළිතුර - ඒ චෝදනාව මා තරයේම ප්‍රතික්‍ෂේප කරනවා. මොකද මම මේ කටයුත්තට අත ගැසුවේ මීට මාස ගණනාවකට පෙර සිටයි. මම මාධ්‍ය ඔස්‌සේ මේ ගැන කතා කරන්න ගියේ නෑ. නමුත් ස්‌වාමීන්වහන්සේලා දිගින් දිගටම මට විරුද්ධව පුවත්පත් සාකච්ඡා පවත්වමින් චෝදනා කළා.

අපි උදේ හවස වැඳුම් පිදුම් කරන ස්‌වාමීන්වහන්සේලාට හානියක්‌ කරන්න මම කැමැති නෑ. ඒකයි මම නිහඬව සිටියේ. කිසිදු ප්‍රකාශයකට උත්තර දෙන්න ගියේ නැහැ. එක්‌ අවස්‌ථාවක ස්‌වාමීන්වහන්සේ මාධ්‍ය හමුවක්‌ පවත්වා මාව විවේචනය කළාම එක්‌තරා රූපවාහිනි මාධ්‍යයක්‌ මගෙන් ප්‍රකාශයක්‌ ගන්න උත්සාහ කළා. නමුත් ඒ ඉල්ලීම පවා මා ප්‍රතික්‍ෂේප කර බලා සිටියා. නමුත් ස්‌වාමීන් වහන්සේලා දිගින් දිගටම මේ ප්‍රශ්නය ඇදගෙන ගියා. ඒ තත්ත්වය මත තවදුරටත් නිහඬව බලා සිටීමට මට හැකිවුණේ නැහැ.

මා නියෝජනය කරන කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ ජනගහනයෙන් ලක්‍ෂ තුනකට ආසන්න බෞද්ධ ජනතාව බහුතරය මට ඡන්දය ලබාදුන්නේ මා කෙරෙහි විශ්වාසය තබලයි. ඉතිං ඒ ජනතාවටත් රටේ සමස්‌ත ජනතාවටත් මේ ප්‍රශ්නයේ යථාර්ථය පෙන්විය යුතුයි කියා මා සිතුවා. ඒ අනුව තමයි මේ සාකච්ඡාව හෝ අද සිදුකරන්නේ.

ප්‍රශ්නය - පසුගිය කාලය පුරාවට මධ්‍යම සංස්‌කෘතික අරමුදල ලෙන් විහාරයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු සිදු කළාද?

පිළිතුර - විධිමත්ව සිදු කළේ නැහැ.

ප්‍රශ්නය - මධ්‍යම සංස්‌කෘතික අරමුදලට ප්‍රවේශ පත්‍රයක්‌ නිකුත් කිරීමේ නෛතික අයිතියක්‌ තිබෙනවද?

පිළිතුර - ඔව්. අයිතියක්‌ තිබෙනවා.

ප්‍රශ්නය - මෙපමණ කාලයක්‌ එය සිදුකර නැති බව ද ඔබ කියන්නේ.

පිළිතුර - ඔව් මෙතෙක්‌ එහෙම කරලා නැහැ. මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ නිලධාරීන් එළවා දමා තිබුණා. බලයට පැමිණි දේශපාලනඥයන් මේ විරෝධය නිසා මේ වැඩේට අත ගැසුවේ නැහැ. නමුත් අද මං මේ කරන්නේ උඩුගම් බලා පීනන එකයි. මොන ප්‍රශ්න මොන අභියෝග එල්ල වුණත් රට වෙනුවෙන් මෙයට අත ගැසිය යුතු යෑයි මා තීරණය කළා. හරි දේ කරන්න කාටවත් බය වෙන්න ඕන නැහැ.

ප්‍රශ්නය - අද රටේ සිදුවන ඇතැම් සිද්ධීන් සම්බන්ධව මහා සංඝරත්නය ඇතුළු අනෙකුත් බලවේග ආණ්‌ඩුව සම්බන්ධව වැරැදි මතයක්‌ ජනගත කරන්න උත්සාහ කරන බවට බරපතළ විවේචනයක්‌ මතුව තිබෙනවා. මේ සිද්ධිදාමයන් පිටුපස කිසියම් දේශපාලන හස්‌තයක්‌ සිටිනවා යෑයි ඔබ විශ්වාස කරනවා.

පිළිතුර - ඇත්තටම මේ බලවේග පිටුපස දේශපාලන හස්‌තයක්‌ ක්‍රියාත්මක වන බව ඉතා පැහැදිලියි.

පසුගිය ජනාධිපතිවරණයේදී මෙරටේ ජනතාවට අපි පොරොන්දු වුණේ රටට අලුත් ව්‍යවස්‌ථාවක්‌ ගෙන එන බවටයි. ඒ පොරොන්දුව ඉටුකර දීමට ආණ්‌ඩුවක්‌ වශයෙන් අපි කටයුතු කරගෙන යන විට ගෞරවනීය ස්‌වාමීන් වහන්සේලා අලුත් ව්‍යවස්‌ථාවක්‌ ගේන්න එපා කියා කියනවා නම් මහජන නියෝජිතයන් ලෙස අපි ගතයුතු ක්‍රියාමාර්ගය කුමක්‌ද?

ප්‍රශ්නය - ඔබ ඔය කියන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සකස්‌ කර මහා සංඝරත්නය වෙත ලබාදී තිබෙනවා නම් එහි තිබෙන අඩුපාඩු පෙන්වා දී එය රටට නොගැලපෙනවා නම් ඊට විරුද්ධ වීමට මහා සංඝරත්නයට අයිතියක්‌ තිබෙනවා නේද?

පිළිතුර - එහෙම ව්‍යවස්‌ථාවක්‌ අපි තවම හදලා නැහැ. අඩුම තරමින් ව්‍යවස්‌ථාව සැකසීමට අදාළ කෙටුම්පතවත් සකස්‌ කර නැහැ. ව්‍යවස්‌ථාව සම්පාදනය කළ වහා එහි පිටපතක්‌ මහා සංඝරත්නය වෙත ලබාදී උන්වහන්සේලාගේ අනුශාසනා ලබාගැනීම අපේ ආණ්‌ඩුවේ අරමුණයි. මහා සංඝරත්නයට පමණක්‌ නොව සියලුම ආගමික නායකයන් වෙත එය ලබා දෙනවා.

ප්‍රශ්නය - ඔබ ඔය කියන විදිහට තවම කෙටුම්පත් නොකළ එසේ නොදුටු ව්‍යවස්‌ථාවකට විරුද්ධ වන්නේ කොහොමද?

පිළිතුර - ඒක තමයි ප්‍රශ්නය. ඇතැම් දේශපාලන බලවේග ඔවුන්ගේ පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් අද මහා සංඝරත්නය නොමඟ යවනවා.

රටේ තීරණාත්මක කටයුත්තකදී ඇතැම් මාධ්‍ය දියත් කරන බොරු ප්‍රචාර හා ඇතැම් දේශපාලනඥයෝ හන්දි ගානේ කියන දේ විශ්වාස කර රට හමුවේ ප්‍රකාශ නිකුත් කිරීම ඉතා භයානක තත්ත්වයක්‌.

ප්‍රශ්නය - හත ශේ්‍රණියේ භූගෝල විද්‍යාව පෙළපොත අලුතින් මුද්‍රණය කළේ කෘත්‍රිම කඩදාසියේ. මේ පොත දරුවන්ගේ සෞඛ්‍යයට හානිකර බවට වාර්තාවක්‌ තිබෙනවා.

පිළිතුර - කිසිම අහිතකර තත්ත්වයක්‌ නැහැ. අපි පෙළපොත් මුද්‍රණයේදී නව තාක්‍ෂණයට යැම අවශ්‍යයි. වසරකට පෙළපොත් මුද්‍රණයට බිලියන තුනක්‌ පමණ වැය වෙනවා. මෙවර අපි තීරණයක්‌ ගත්තා පෙළපොත මුද්‍රණය සියයට 40 කින් අඩු කරලා. පෙළපොත් නැවත පරිහරණය දිරිමත් කරන්න. ඒ අනුවයි කෘත්‍රිම කඩදාසියේ පොත් මුද්‍රණය කිරීමට යෝජනා වුණේ . මොකද සින්තටික්‌ කඩදාසියේ ආයු කාලය වැඩි නිසා. භූගෝල විද්‍යාව විෂයයට රූපසටහන් ඡායාරූප විශාල ප්‍රමාණයක්‌ අයත් වෙනවා. සින්තටික්‌ කඩදාසියේ මුද්‍රණය කෙරෙන රූපසටහන්, ඡායාරූප කාලයක්‌ ගත වුණත් වෙනස්‌ වෙන්නේ නැහැ.

මේ සියල්ල සලකා බලා අදාළ අංශවල අනුමැතිය මත කැබිනට්‌ සංදේශයක්‌ ඉදිරිපත් කළා. මේක නියමු ව්‍යාපෘතියක්‌. මුද්‍රණකරුවන් කිව්වෙ පොතේ ආයු කාලය වසර අටක්‌ කියලා. වසර පහක වගකීම් කාලයක්‌ ඒ අයදී තිබෙනවා. ඒ නිසා අපි තීරණය කළා මේ පොත පස්‌ වසරක්‌ පාවිච්චි කරන්න. පෙළපොත් මුද්‍රණය සඳහා යන වියදම වසරකට සියයට දොළහක්‌ පහළොවක්‌ අතර ප්‍රමාණයකින් ඉහළ යනවා. මේ සියලු කරුණු අපි සැලකිල්ලට භාජනය කළා. මේ පොත කිසි ලෙසකින්වත් දරුවන්ගේ සෞඛ්‍යයට හානිදායක නැහැ.

ප්‍රශ්නය - මේ පොත දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර බවට ජාතික ප්‍රමිති හා තාක්‍ෂණ ආයතනයෙන් නිකුත් කළ වාර්තාවක්‌ පිළිබඳව ඔබ දැනුවත් ද?

පිළිතුර - එවැනි වාර්තාවක්‌a නිකුත් කර තිබෙනවා කියල මට දැනගන්නට ලැබුණා මම ඒ තත්ත්වය පැහැදිලි කරන්නම්. පාසල් නිල ඇඳුම් රෙදි ලබා දෙන විටත් ඔය ප්‍රශ්නය ආවා. පෞද්ගලික අංශයෙන් ආනයනය කරන රෙදිවල ප්‍රමිතිය හොඳයි කියන ආයතන සතොසෙන් ඉදිරිපත් කරන රෙදිවල ප්‍රමිතිය නැහැ කියලා ප්‍රතික්‍ෂේප කරනවා. පෞද්ගලික ආයතනයකින් හා සතොසෙන් ආනයනය කළ එකම වර්ගයේ රෙදිවලටත් මේ ආකාරයට දෙවිධියක තීරණ ආවා. මට ඒක ඔප්පු කරන්නත් පුළුවන්. ප්‍රමිතිය තීරණය කරන ආයතන ගැන අපිට ගැටලු තිබෙනවා. ඒ අයට විවිධ බලපෑම් එල්ලවෙනවා. මේ දක්‌වා පෙළපොත් මුද්‍රණය කරමින් සිටි ආයතනත් මේවට බලපෑම් කරන බව කියන්න ඕනෑ. ඒ ආයතන පෙළපොත් මුද්‍රණයෙන් හම්බ කරන්නමයි සූදානමින් ඉන්නේ. ඒ අය අලුත් දේවල්වලට යන්න අකැමැතියි. මොකද අලුතින් මුදල් වැය කළ යුතු නිසා. ඒ නිසා අලුත් ක්‍රමයකට යද්දි බලපෑම් වැඩියි.

පෙළපොතට විතරක්‌ නෙමෙයි අලුතින් ඩෙස්‌ බංකු ගන්න යන එකටත් බලපෑම් තිබෙනවා. කරන්න දෙන්නෙම නැහැ. සමහර නිලධාරීන් පවා එහෙමයි. පැරණි ක්‍රමයටමයි යන්න උත්සාහ කරන්නෙ. මීට පෙර යකඩ කම්බි නවලා, හදලා තිබෙන ඩෙස්‌පුටු කට්‌ටලය සඳහා රුපියල් අටදහස්‌ ගණන් වැය කරලා තිබෙනවා. සමහර කට්‌ටල රුපියල් දස දහසක්‌ වෙලා. ඊට අඩු මුදලකට ප්‍රමිතියෙන් යුත් ඩෙස්‌ පුටු කට්‌ටල ආනයන කරන්න පුළුවන්නේ. මේ සෑම තැනම මාෆියාවක්‌ තියෙන්නෙ. එක එක ආයතන ඒ ඒ විධියට දූෂිත තත්ත්වයට පත්වෙලා තිබෙන්නේ. අපි නිවැරැදි දේ කරන්න උත්සාහ කළත් ඒක අනිත් පැත්තට හරවන්න පුළුවන් දැවැන්ත ව්‍යාපාර ක්‍රියාත්මක වෙනවා. අපි ඒවට බය නැහැ. ගත යුතු නිවැරැදි තීන්දු අපි අරං තිබෙනවා. බෙල්ල ගියත් අපි ඒවා ක්‍රියාත්මක කරනවා. අපි කොමිස්‌ ගහන්නෙ වංචා කරන්නෙ නැහැ. මේ නිසා අපි බයත් නැහැ.

ප්‍රශ්නය - ප්ලාස්‌ටික්‌ ඩෙස්‌ පුටු ගැනීමේ ව්‍යාපෘතියේ තාක්‍ෂණික ඇගයීම් කමිටුවෙන් සාමාජිකයන් තිදෙනෙක්‌ ඉවත් වෙලා.

පිළිතුර - ඔව්. අපේ ප්‍රතිපත්තියට අනුව කටයුතු කිරීමයි තාක්‍ෂණික ඇගයීම් කමිටුවෙන් අපේක්‍ෂා කරන්නෙ. ලී ඩෙස්‌ පුටු අවශ්‍යයි කියලා ඒ අය ඉවත් වෙනවා නම් වැරදියි. ඒක තීරණය කරන්නෙ අපි. මේ හැමතැනම ප්‍රශ්න තිබෙනවා.

ප්‍රශ්නය - කෘත්‍රිම කඩදාසිය ලෝකයේ කිසිම රටක පෙළපොතක්‌ මුද්‍රණයට භාවිත කරල නැහැ නේද?

පිළිතුර - ජපානයේ භාවිත කරනවා.

ප්‍රශ්නය - පෙළපොතක්‌ හැටියට?

පිළිතුර - පෙළපොත සඳහා නෙමෙයි වෙනත් දේ සඳහා භාවිත වෙනවා. මා ළඟ ඒ වාර්තාවත් තිබෙනවා.

ප්‍රශ්නය - ජාතික පාසලේ ගුරු පුරප්පාඩු පිරවීම සඳහා තව කොපමණ කාලයක්‌ ගත වෙයිද?

පිළිතුර - ඉදිරි මාස දෙක තුන ඇතුළත සියල්ල අවසන් කරනවා.

ප්‍රශ්නය - එකම ජාතික පාසලේ දස වසරකට අධික කාලයක්‌ සේවය කරන ගුරුවරුන් මාරු කිරීමේ තීරණයට මොකද වුණේ.

පිළිතුර - සියලුදෙනා මාරු කරනවා. එහෙම නොකළ නිසා තමයි හිටපු ජාතික පාසල් අධ්‍යක්‍ෂ ඉවත් කළේ. දැන් නව ජාතික පාසල් අධ්‍යක්‍ෂවරයෙකු පත් කළා. මාස දෙකක්‌ ඇතුළත මාරුවීම් ක්‍රියාත්මක කරන්න කියලා උපදෙස්‌ දී තිබෙනවා. අනිවාර්යයෙන්ම අපි එය ක්‍රියාත්මක කරනවා.

සාකච්ඡා කළේ
පියසේන දිසානායක සහ නිලන්ත මදුරාවල

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.