ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, July 31, 2017

උසස් අධ්‍යාපනය අනතුරේ හෙලන බෞද්ධ විශ්වවිද්‍යාල

අපේ රටේ මිනිසුන්ගේ නූගත්කම අඩු අධ්‍යාපන හැකියාව බුදු දහම වැනි විෂයක් පිළිබඳ ඇති මෝඩකමට එසේම බලපා ඇත. මේ මෝඩකම නොමනා අන්දමින් ආයුධයක් ලෙස භාවිතා කිරීමට මේ රටේ බොහෝ අය හුරුව සිටිති. බුදු දහම පිළිබඳව මේ රටේ සාමාන්‍ය ප්‍රජාවගේ ඇති නොදන්නාකම බහුලව අවභාවිතා කරනුයේ භික්ෂූන්ය. මේ භික්ෂූන් වර්ග කීපයකට බෙදිය හැකිය. එක වර්ගයක් නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ භික්ෂූ කොටසයි. ඔවුන්ද යළිත් අනු කොටස් කීපයකට බෙදිය හැකිය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා උපාධිධාරීයෙකු වූ නමුදු පාලි හා බෞද්ධ අධ්‍යයන විෂය ක්ෂේත්‍රයට අදාළව හා ඊට විරෝධී පරිබාහිර විෂය ක්ෂේත්‍රයකට අදාළ යැයි මේ අනු කොටසද යළිත් බෙදීමට ලක්කළ හැකිය. පාලි හා බෞද්ධ අධ්‍යයන විෂය ක්ෂේත්‍රයට අදාළවන උපාධි ලැබූ හා ලැබීම පිණිස විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන භික්ෂූ පිරිස ක්‍රමානූකූළව හීන වෙමින් පවතියි. ඒ අතර වෙනත් විෂය ක්ෂේත්‍රයන්වලට අයත් උපාධි ලැබූ හා ලැබීම පිණිස විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන භික්ෂු පිරිස අනුක්‍රමිකව වර්ධනය වෙමින් පවතියි. ගිහි පිරිස අතර මේ තත්වය වඩාත් නරක අතට හැරී ඇත. ගිහියන් අතරින්ද පුරුෂ පාර්ශවය වඩ වඩාත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට යොමුවීම ඉතාම අඩුව ඇත. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සමස්ත පිරිසගෙන් 65 % කටත් වඩා කාන්තාවන්ය.
ඒ නිසා සෑම විශ්වවිද්‍යාලයකම පාලි හා බෞද්ධ අධ්‍යාපනය ලැබීම පිණිස යොමුවන පිරිස අතරින්ද වැඩිම පිරිස කාන්තාවන්ය. භික්ෂූන්ටද වඩා මෙම පිරිස අධිකව ඇත. මෙයින් අපට අවසාන නිගමනය ලෙස ලැබෙන දේ කුමක්ද? අනාගතයේ මෙරට පාලි හා බෞද්ධ අධ්‍යාපන විෂය ක්ෂේත්‍රයට අදාළව මේ රටේ බිහිවන බුද්ධිමතුන් බහුතර පිරිස ගිහි හෝ පැවිදි පුරුෂ පාර්ශවය නොව කාන්තා පාර්ශවයට අයත්වන ලකුණු දැනටමත් විශ්වවිද්‍යාල අධ්‍යයන අංශවල විද්‍යමාන වේ.
වසරින් වසර විශ්වවිද්‍යාල ගතවන භික්ෂු පිරිස පාලි හා බෞද්ධ අධ්‍යයන විෂය ක්ෂේත්‍රයෙන් බැහැර වෙමින් සිටිති. ඒ වෙනුවට උපාධිය සමත්ව ලැබිය හැකි වෘත්තිය අභිමුඛ විෂය අධ්‍යයනයට භික්ෂුහු යොමුවෙති. පාලි හා බෞද්ධ අධ්‍යයන අංශ අද සෑම විශ්වවිද්‍යාලයකම ඇත්තේ හුදු නමට හා බෝඩ් ලෑල්ලකට පමණක් සීමාවී පමණකි. එබඳු අධ්‍යයනාංශ නඩත්තු කිරීමට අධ්‍යයන හා අනධ්‍යයන කාර්යමණ්ඩල වැටුප් හා වේතන ගෙවීම සඳහා වැය කරන මහජන බදුමුදල් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන නිකරුනේ නැති නාස්තිවී යයි. බෞද්ධ හා පාලි විෂය ක්ෂේත්‍රයට අදාළ විශ්වවිද්‍යාල පවා මේ රටේ ඇත. ඒවායේ තත්වයද මීට නොදෙවෙනිය. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනය, කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය සහ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමියද හුදු බෝඩ් ලෑලි පමණකි. පාලි හා බෞද්ධ අධ්‍යයනය විෂය ක්ෂේත්‍රයට අදාළව ඒවායේ කෙරෙන වැදගැම්මක් ඇති කිසිවක් නැත. මේවා ක්‍රියාත්මකවනුයේ මේ රටේ දුක්විඳින අහිංසක මහජනතාවගේ බදුමුදල්වලින් එම ආයතනවල සේවයේ යෙදී සිටින පිරිස ජීවත් කරවීම සඳහා එක්තරා ක්‍රමෝයපායක් වශයෙනි. මෙම ආයතනවලින් අපේ රටේ බුදු දහමට සිදු කෙරෙන කිසිදු මෙහෙවරක් නැත. නමුත් එම ආයතනවල දැක්ම හා මෙහෙවර හරි අපූරුවට වෙබ් අඩවිවල පළ වේ. ඒවා හරිම සීදේවීය. කියවන්නට ආසා හිතෙන විදිහට ඒවා ලියා ඇත. කෙතරම් හොඳ උසස් අධ්‍යාපන ආයතනදැයි එවිට සිතේ. නමුදු මේ සියල්ලම තනිකරම සෙප්පඩ විජ්ජාවල් පමණකි. මේවායින් කරන මෙලෝ රහක් ඇති දෙයක් නැත. මහජන බදු මුදල්වලින් පින් පඩිකෑම හැරුණුවිට අපේ විශ්වවිද්‍යාලවල කරන මෙලෝ වැඩක් නැත. හරියට උගන්නන්නේ නැත. සිසුන් ඉගෙන ගන්නේද නැත. රටේ පාලනයට එරහිව කරන සටන් ව්‍යාපාර, පාගමන්, උද්ඝෝෂණ, විරෝධතා ආදිය හැරුණුවිට සිසුන්ට එහි අධ්‍යාපනය ලැබීමට කාලයක් නැත. ඉගැන්වීමට සුදුස්සන් විශ්වවිද්‍යාලවල දැන් නැත. දැන් විශ්වවිද්‍යාලවල ඉන්නේ සුදුස්සන් කපාහැර විවිධ ඥාති හිත්‍රමිත්‍ර පුද්ගලික සබඳතා ආදී අයථාක්‍රමවේද ඔස්සේ අධ්‍යයන කාර්යමණ්ඩලවලට පත්ව සිටින නුසුදුස්සන්ය.
නමට බෝඩ් ලෑල්ලට මහාචාර්යවරු, ජ්‍යෙෂ්ඨ මහාචාර්වරු කියා ගන්නා පොත් කවර මහැඳුරන් මිසක සත්‍ය වශයෙන්ම විද්වතුන් මෙරට විශ්වවිද්‍යාලවල මෙකල නම් ඇත්තේම නැත. ඉස්සර විශ්වවිද්‍යාලවල සේවයකළ මහැඳුරෝ නම කිවූ පමණින් මෙරට හා ජාත්‍යන්තර කීර්තියට පත් උගත් විද්වත් බහුශ්‍රැත පඬිවරු වූහ. එකල මහැඳුරෝ ශාස්ත්‍රීය පර්යේෂණ කෘති මඟින් සිය කීර්ති නාමය විශ්වවිද්‍යාලයතුළ පමණක් නොව ඉන් බැහැරවද පතල කළහ. නමුදු අවාසනාවට මෙන් මෙකල මහැඳුරන් කවරෙක්දැයි විශ්වවිද්‍යාලයෙන් බැහැරව තබා අවම මට්ටමින් තමන් සේවය කරන විශ්වවිද්‍යාලවල ඔවුන්ගේ සිසුහු පවා නොදනිති. ආචාර්ය උපාධි ලැබීමෙන් පසු පතක් පොතක් නොකියවන පතක් පොතක් නොලියන කිසිදු ශාස්ත්‍රීය පර්යේෂණ කටයුත්තක නොයෙදෙන මෙබඳු මහැඳුරන් සිටිනුයේ මෙරට විශ්වවිද්‍යාලම පමණකි. මෙබඳු සමහර මහැඳුරන්ට ශාස්ත්‍රපති, විද්‍යාපති, දර්ශනපති ආදී උපාධි මිසක ආචාර්ය උපාධියක්ද නැත. අනුන් විසින් රචිත ශාස්ත්‍රීය කෘතිවල පිටකවර පමණක් වෙනස්කොට එම ශාස්ත්‍රීය කෘති සංස්කරණය කිරීමට අදාළව දර්ශපති, දර්ශනශූරී, දර්ශන විශාරද උපාධි ලබන මෙබඳු මහැඳුරන් විශ්වවිද්‍යාලවල හැඳින්වෙනුයේ පොත්කවර මහාචාර්ය යනුවෙනි. ඒ ඔවුන්ගේ මහැඳුරුකම් වලංගුවනුයේ හුදු පොතක පිටකවරයට පමණක් වන බැවිනි. මෙබඳු මහැඳුරෝ ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ ආදී පක්ෂ භේදයක් නැතිව මෙරට ජාතික තලයේ විශ්වවිද්‍යාලවල බහුලව සිටිති. දක්ෂයෙකු අධ්‍යයන කාර්යමණ්ඩලවල සේවයට එක්වනවාට අකමැති මෙබඳු පරපුට්ටන්ය. මන්ද එවිට ඔවුන්ගේ අදක්ෂතාවය කැපී පෙනෙන බැවිනි. උස කෙනෙකු අසල සිටින මිටි අයෙකුගේ ඒ මිටිකම වඩාත් කැපී පෙනෙන්නාක් සේ දක්ෂයා අසල සිටිනවිට අදක්ෂයාගේ අදක්ෂතාව කැපී පෙනෙන බැවිනි. එයට ඔවුහු බියපත් වෙති. ඒ බිය නිසා ඔවුහු තම අංශාධිපති කම, පීඨාධිපතිකම ආදී තනතුරු බලය උපයෝගී කරගෙන සුදුසුකම් ඇති දක්ෂයන් කපාහැරීමට මාන බලති. මේ අවකල් ක්‍රියාව අඩුවැඩි වශයෙන් මෙරට සෑම ජාතික තලයේ විශ්වවිද්‍යාලයකම අධ්‍යයන කාර්යමණ්ඩල බඳවා ගැනීම්වලදී සිදුවන බව එබඳු නොසණ්ඩාල ක්‍රියා නිසා අසාධාරණයට ලක්වූ මම හොඳින් අත්දැක සිටිමි.
හෝමාගම, පිටිපන, මොරගහ හේන පාරේ අංක 37 ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ඉහත කී අංශයෙන් තනිකරම සුදු අලියෙකි. දැනට වසරකට පමණ පෙර 2016 වසරේ මේ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්යමණ්ඩල පුරප්පාඩුව සඳහා බෞද්ධ අධ්‍යයන පීඨය යටතේ බෞද්ධ සංස්කෘතිය කථිකාචාර්ය තනතුර පුරප්පාඩුව සඳහා පුවත්පත් දැන්වීම් පළ කර තිබිණ. මමද ඒ අනුව මගේ බෞද්ධ සංස්කෘතිය විෂය යටතේ විශේෂවේදී ගෞරව ප්‍රථම පංති උපාධි,ඊට අදාළව දර්ශපති හා දර්ශන විශාරද(ආචාර්ය) උපාධි සුදුසුකම් සහිතව ඉහත කී තනතුරට අයදුම් කලෙමි. සම්මුඛ පරික්ෂණය සඳහා මාද ඇතුළු තිදෙනෙකු නම් කර එවා තිබූ  අතර අප තිදෙනා අතරින් දෙදෙනෙකු ගිහියන් වූ අතර එක් අයෙකු භික්ෂුවක විය. සම්මුඛ පරීක්ෂණයේදී වඩා ඉහළ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් තිබූනේ මාහට වන නමුදු මා දැඩි අසාධරණයකට ලක්කර කපාහැරදමා ඒ වෙනුවට පුද්ගලික ඥාතී හිතවත්කම මත වෙනත් අයෙකු තෝරාගෙන තිබිණ. ඒ බව දුරකථන මඟින් විමසූ විට විශ්වවිද්‍යාල ලේඛකාධිකාරි විසින් දන්වනු ලැබිණ. බෞද්ධ සංස්කෘතිය ආධුනික කථිකාචාර්ය තනතුරයි. එය විශ්වවිද්‍යාලයේ ස්ථිර තනතුරකි. මා කපා හැර වෙනත් නුසුදුසු අයෙකු ඊට තෝරාගත් පසුව යළිත් 2017. 06.05 දින එම තනතුරම එනම් බෞද්ධ සංස්කෘතිය ආධුනික කථිකාචාර්ය තනතුර සඳහා යළිත් පුවත්පත්වල දැන්වීම් පළකර තිබේ. නුසුදුස්සෙකු වුවද ඉහත කී ස්ථිර තනතුර සඳහා කළින් බඳවා ගත් පුද්ගලයා වෙනුවට වසරක් ගතවීමටට පෙර යළිත් මෙලෙස පුවත්පත් දැන්වීම් පළකර බඳවා ගැනීමක් සිදුකිරීමට හේතුව කුමක්ද? ජාතික තලයේ ඉහත කී පුවත්පත් දැන්වීමේ ප්‍රමාණයට දැන්වීමක් පළකරවීම සඳහා පමණක් රුපියල් ලක්ෂ ගණනක් මහජන බදු මුදල් මෙලෙස නිරපරාදයේ නැති නාස්තිකිරීමට මොවුන්ට අයිතිය ලබාදුන්නේ කවරහුද? අදාළ තනතුරට 2016 නුසුදුස්සෙකු බඳවා ගැනීමෙන් පසුව ඒ සියලු තොරතුරු මා විසින් විවිධ වෙබ් අඩවිවලට යැවූවෙමි. කෙසේ හෝ දැන් වැඩේ පත්තුවී තිබේ. ඔවුන් කළ අවකල් ක්‍රියාව යටපත් කිරීමට ඔවුන් විසින්ම සිදු කළ නුසුදුස්සාගේ පත්වීම අවලංගු කර යළිත් මෙලෙස වසරටකටත් අඩු කාලයකදී යළිත් පුවත්පත් දැන්වීම් දමා ඇත. ඔවුන්ගේ මේ දෙකයි පණහේ ක්‍රියාව නිසා අසාධාරණයට ලක්වූ මා විසින් ඊට එරෙහිව නීතියේ පිහිට පැතුවහොත් එයින් ගැලවීම පිණිස මෙලෙස කටයුතු කර ඇතිබව උපකල්පනය කළහැකිය. කෙසේ හෝ මා 2017.06.05 පුවත්පත් දැන්වීම නුදුටු නිසා මට එයට ඉල්ලුම් කිරීමට නොහැකිවිය. මා සිතන ආකාරයට එයට මොවුන් විසින් 2016 දී පත්වීම් ලබාදුන් පුද්ගලයාද අයදුම් කරන්නට ඇත. මා මෙවර අදාළ පත්වීමට අයදුම් කිරීමට පුවත්පත් දැන්වීම් නොදුටු බැවින් ඒ පත්වීම නීත්‍යානූකූල ලෙස පෙනෙන ආකාරයට 2016 දී බඳවාගත් පුද්ගලයාට ලබාදීමට දැන් ඔවුන්ට කිසිදු අවහිරතාවයක් නැත. පෙනේද සෙල්ලම්? මොවුන්ගේ මහැඳුරුකම් මෙබඳු නොපණත් දේවල්වලට මිසක කිසිදු ශාස්ත්‍රීය පර්යේෂණ කුසලතා හැකියාවකට නොවනබව මම දනිමි
ශ්‍රී ලංකාවේ බුද්ධාගමට සිදුවන දෙය නොපෙනෙන්නේද? ඉඳින් මොවුන්ට හැකියාවක් ඇත්තේවී නම් බුදුරදුන් ද, ත්‍රිපිටක ධර්මයද, ආර්යපුද්ගලමහා සංඝරත්නයද විකුණාගෙන කෑමට මොවුන් කිසිසේත් නොපැකිලෙනබව නොවැටහෙන්නේද?අෂ්ට ආර්යපුද්ගල මහා සංඝරත්නය නම් කිසිසේත්ම මේ කාසාව කණ්ටකයින් නොවේ. මේ වූකලී කලියුගයයි. ත්‍රිවිධ රත්නයටම ව්‍යාජ ආදේශක පැමිණ තිබේ. සත්‍ය යටපත්කොට ව්‍යාජ ආදේශක උඩට පැමිණීම සෑම අතින්ම කලියුගයේ ජයට මේ අයුරින් සිදු වේ. අහිංසක සත්‍යවාදී බුද්ධිමත්හු හිංසක ව්‍යාජ මෝඝ පුරුෂයන්ගේ පීඩනයට කපාහැරීම්වලට නිරතුරුවම ලක්වෙති. මේවා කියන්නේ හුදු පළිගැනීමට නොව අසාධාරණකම්වලට ලක්වූවන්ට තවතවත් අසාධාරණකම්වලට ලක්වීමට සිදුවීම හැර මේ රටේ පවත්නා ක්‍රමය අනුව සාධාරණයක් ලැබීම උගහට බැවිනි. මට විශ්වවිද්‍යාලවලින් සිදුවූ මෙබඳු අසාධාරණකම් ජනාධිපතුමාහට විශ්වවිද්‍යාල කොමිෂන් සභාවට ලිඛිතව විසඳුම්පතා අභියාචනා යැවූ නමුදු නිලධාරීන් අතර බෝලපාස් කිරීමට වඩා දෙයක් මට ඉටු නොවිණ. මේක මට අයිති නැත.අරයට කියන්න.යළිත් අයදුම් කරන්න වැනි විසඳුම් මිසක වෙනත් සාධාරණයක් මට ඔවුන් වෙතින් නොලැබිණ. මට ඉතිරිව ඇත්තේ ජනතා අධිකරණය පමණකි. මා ඒ පිළිබඳව මෙලෙස ජනතා අධිකරණය හමුවේ තැබූවේ අවසාන වශයෙන් මට තව කළහැකිව ඇති එකම විසඳුම අවංකවම මෙය වන බැවිනි. ඉඳින් මෙයිනුත් වන සෙතක් නොමැතිවී නම් කලියුගයේ ප්‍රතිපත්තිමය බුදු දහමේ අවසානය පිළිබඳව ධර්ම සංවේගයට පැමිණ හිත හදාගන්නවා හැරණුවිට වෙනත් කළහැකි දෙයක් මට නැත.
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල තරම් ශාස්ත්‍ර ඝාතනයක් ලෝකයේ වෙනත් කිසිදු රටක සිදු නොවන බවක් මෙයට කලකට ඉහත මෙරට සිටි වයෝවෘද්ධ ජ්‍යෙෂ්ඨ මහැඳුරුවරයෙකු පැවසූබව මට මතකය. මගේ මතකය නිවැරදි නම් ඒ මහැඳුරු සුචරිත ගම්ලතුන් විය යුතුය. මා එතුමාගේ සිසුවෙකු හෝ අනුගාමියෙකු නොවුවද එම සඳහන නම් ඉතා නිවැරදි බව කිය යුතුමය. සප්ත වාර්ෂික නිවාඩු ලබමින් රට රාජ්‍යවල සවාරි ගසමින් කිසිදු ශාස්ත්‍රීය පර්යේෂණ කටයුත්තක් ඉටුනොකොට හුදෙක් විශ්වවිද්‍යාලවල අධ්‍යයනාංශවල පුටුරත් කරමින් සිටීම මෙරටට උචිත මහැඳුරුකමේ ලක්ෂණයක් වියයුතුය. ඒ හැරුණුවිට බලයේ සිටින දේශපාලන පක්ෂවලට කඩේයාම හා තමන්ට වාසි ලබාගත හැකි දේශපාලන පක්ෂ බලයට පත්කරවීම සඳහා දරදිය ඇදීම වැනි ක්‍රියාවල නිරතවීමද එමඟින් අධ්‍යයනාංශවල විවිධ තනතුරු ප්‍රතිලාභ වරප්‍රසාද ලැබීම මිසක අඩුම වශයෙන් විද්වතෙකුට උචිත සේ ශාස්ත්‍රීය හෝ බාහිර කටයුතුවල නිරතවීමක් මෙරට බහුතර ශාස්ත්‍රාලීය මහැඳුරුවරු වෙතින් විද්‍යමාන නොවීම මෙරටේ අවාසනාවකි. මෙබඳු රටක උගතෙකු බුද්ධිමතෙකු විද්වතෙකු වී ඉපදීමත් කාලකණ්ණිකමක්දැයි මට සිතෙන වාර අනන්තය. මේ රටේ මෙසේ සිතෙන හැ‍ඟෙන පළමු හෝ අවසාන පුද්ගලයා මා පමණක් නොවන බවද මම හොඳින්ම දනිමි. ඉදිරියටද මේ අවකල් ක්‍රියාදාමට මෙසේම පවතිනු ඇත. හුදු මේ පාපක්‍රියා සියල්ල විවිධ පුද්ගලයන්ගේ දේශපාලන ගිණුම්වලට බැරකර ඊට අදාළ පුද්ගලයන් අතපිස දමාගනු ඇත. නමුදු සිය හෘදය ශාක්ෂියට එකඟව රියසක පසුපස එන සෙවනැලි පරිදි තමාකළ පාපය කෙදිනක හෝ විපාක දෙනු ඇත.

රාජකීය පණ්ඩිත, ත්‍රිපිටචාකාර්ය, අභිධර්ම විශාරද
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ (PhD)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.