ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, July 10, 2017

ඩෙංගු මදුරු දෂ්ටනයෙන් බේරීමට ස්‌වභාවික මදුරු විකර්ශක ගල්වන්න...!!!

මේ දිනවල රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු උණ රෝගයට හේතු වී ඇති ඩෙංගු මදුරුවන්ගේ දෂ්ට කිරීම වැළැක්‌වීම සඳහා පැඟිරි තෙල් ඇතුළු ස්‌වභාවික මදුරු විකර්ශක සිරුරෙහි ආලේප කරන ලෙස වසංගත රෝග විශේෂඥයෝ මහජනතාවගෙන් ඉල්ලා සිටිති.
මදුරුවන් දෂ්ට කිරීමෙන් වැළකී සිටීමට පැඟිරි තෙල්, කුරුඳු තෙල්, ලෙමන් යුකැලිප්ටස්‌ තෙල්, සේර තෙල් සම මත මදුරුවන් දෂ්ට කරන ස්‌ථානවල ආලේප කළ යුතු බව ඔවුහු කියා සිටිති.
මෙයට අමතරව මදුරුවන් දෂ්ට කෙරෙන උදැසන හා සවස්‌ කාලවල නින්දට යන කුඩා දරුවන්, ඇවිදීමට නොහැකි ඇඳෙහි සිටින වැඩිහිටියන් හා රාත්‍රි කාලයේ සේවය කරන සේවකයන් මදුරු දැලක්‌ භාවිත කිරීම අත්‍යවශ්‍ය බව ජ්‍යෙෂ්ඨ වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්‌  පැවසීය.

දොර හා ජනෙල් සඳහා යොදනු ලබන තිර රෙදි, වායුසමීකරණ යන්ත්‍ර ද මදුරු දෂ්ටනය අඩු කරලන බව පර්යේෂකයන් විසින් සොයාගෙන ඇති අතර මදුරුවන් කැමති තද පැහැති වර්ණයන්ගෙන් යුතු ඇඳුම්වලට වීම නිසා ලා පැහැති වර්ණවලින් යුතු අත් දිග ඇඳුම් ඇඳීමට ළමා, තරුණ හා වැඩිහිටියන් පියවර ගත යුතු බව වෛද්‍ය නිලධාරියා කීවේය.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ඩෙංගු මදුරුවකු ඩෙංගු වෛරසයෙන් ආසාදිත වූ විට ජීවිත කාලය පුරාම ඩෙංගු රෝගය පැතිරවීමේ හැකියාව ඇති වන අතර එම මදුරු කීටයන්ට අධි ශීතකරණ තුළ පවතින අයිස්‌ මිදීමට යොදා ගන්නා ජලය තුළ ද වර්ධනය වීමේ හැකියාව පවතී.

මෙම වසරේ ගත වූ මාස හයක කාලය තුළදී දිවයිනෙන් ඩෙංගු රෝගීන් 80,732 දෙනකු වාර්තා වී ඇති අතර ඩෙංගු මරණ 245 ක්‌ සිදුව තිබේ. මේ වන විට දිවයිනේ ප්‍රධාන පෙළේ රජයේ රෝහල්වල වාට්‌ටු ඩෙංගු රෝගීන්ගෙන් පිරී ඇතැයි වාර්තාවේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.