ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, July 23, 2017

නේපාලයේ ප්‍රජා රේඩියෝ විප්ලවයක පෙරගමන්කරුවා... සාගර්මාතා

ප්‍රජා රේඩියෝ (Community Radio) සඳහා ලොව පුරා පිළිගත් නිර්වචනයන් තිබෙනවා. ප්‍රජාව විසින් කළමනාකරණය කරන, ප්‍රජාව විසින්ම නඩත්තු කරනු ලබන හා නිශ්චිත භූමි පෙදෙසක ප්‍රජාවට සේවය කරන රේඩියෝ සේවයන් එම කාණ්ඩයට අයත්.රජයෙන් පවත්වා ගෙන යන රේඩියෝ, වාණිජ මට්ටමෙන් කරන රේඩියෝ යන කාණ්ඩ දෙකට සාමාන්තරව ප්‍රජා රේඩියෝ ද මෑත දශකවල ලොව බොහෝ රටවල දියුණු වී තිබෙනවා.

අපේ රටේ තවමත් ලෝක නිර්වචනයට අනුකූල වන ප්‍රජා රේඩියෝ කිසිවක් නැහැ. රජයේ ගුවන්විදුලි සංස්ථාව 1980 සිට ඉදිරියට පවත්වා ගෙන ගිය ග්‍රාමීය විකාශයන් කීපයකට මේ ප්‍රජා රේඩියෝ ලේබලය වැරදි සහගත ඇලවූ බව නම් අපි දන්නවා.

දකුණු ආසියාවේ සැබෑ ප්‍රජා රේඩියෝ ඇරඹුණේ හා වැඩිපුරම පරිණාමය වී ඇත්තේ නේපාලයේ. විසි වසරක ප්‍රජා රේඩියෝ අත්දැකීම් දැන් නේපාලයට තිබෙනවා. ඉන්දියාව හා බංග්ලාදේශයද ඊට පසු ප්‍රජා රේඩියෝ සඳහා අවසරදීම පටන් ගත්තා. ශ්‍රී ලංකාව (තොරතුරු නීතිය මෙන්) පමා වී හෝ මේ මගෙහි යයිද යන්න තවමත් පැහැදිලි නැහැ.

නේපාල ප්‍රජා රේඩියෝ පටන් ගත්තේ 1997 මැයි මාසයේ රේඩියෝ සාගර්මාතා (Radio Sagarmatha) සමඟයි. එය එරට අගනුවර පිහිටි කත්මණ්ඩු නිම්නයට තරංග විකාශය කරන එෆ්එම් රේඩියෝවක්. වොට් 100ක බලයකින් බෙදන තරංග හසු කර ගන්නා ප්‍රදේශයේ වෙසෙන බහුතරයක් දෙනා නාගරික හෝ අර්ධ නාගරික ජනයායි. ප්‍රජා රේඩියෝ ග්‍රාමීය ප්‍රජාවන්ට සීමා විය යුතු නැති බවට ද මෙය හොඳ උදාහරණයක්.

සාගර්මාතා යනු නේපාලයේ පිහිටි, ලොව උසම කන්ද වන එවරස්ට් කන්දට එරට වැසියන් සාම්ප්‍රදායිකව යොදන නමයි. 1997දී එය අරඹනු ලැබුවේ මාධ්‍ය සංවිධාන හතරක එකමුතුවෙන්. එනම් නේපාල පාරිසරික මාධ්‍යවේදී පර්ෂදය (NEFEJ)”, නේපාල පුවත්පත් ආයතනය, හිමාල් සංගමය හා වර්ල්ඞ්වීව් නේපාල්.

රේඩියෝ සාගර්මාතා අරඹන්නට පෙර නේපාලයේ වැසියන්ට තිබුණේ එකම එක රේඩියෝ විකාශයයි. ඒ 1951දී ඇරැඹි රජයට අයත් රේඩියෝ නේපාල් (Radio Nepal)’. පාලකයන්ගේ තොරතුරු හා අදහස් ඔවුන්ට රිසි පරිදි එයින් බෙදා හැරියත් සාමාන්‍ය ජනයාට සහභාගි වීමට තිබුණේ ඉතා සීමිත ඉඩක් පමණයි.
මෙය වෙනස් කරමින්, ප්‍රජා-මූලික රේඩියෝකරණයක් හඳුන්වා දුන්නේ සාගර්මාතායි. අද එය වාණිජ එෆ්එම් සේවා රැසක් හා රේඩියෝ නේපාල් සමඟ තරගකාරීව ක්‍රියාත්මක වනවා. දිනකට පැය 18 ක් ගුවනේ රැඳී සිටිනවා. http: //radio sagarmatha. org.np

මුල පටන්ම මේ ප්‍රජා රේඩියෝව ගැන උනන්දු වූ මා, මේ සතියේ කත්මණ්ඩු නුවරට ගිය වේලේ යළිත් එයට පුරෝගාමී වූ නේපාල මිතුරන් මුණ ගැසී තොරතුරු විමසුවා.
ප්‍රජා රේඩියෝ සංකල්පය නේපාලයට බෙහෙවින් අදාළ හා වැදගත් බව මුලින්ම වටහා ගත්තේ ජ්‍යෙෂ්ඨ පත්‍ර කතුවරයෙක්. ඔහුගේ නම භාරත් කොයිරාල (Bharat Koirala)’

සාක්‍ෂරතාව අඩු නේපාලයේ පත්‍ර කියවන ජන පිරිස සීමිතයි. කඳු ගහන රටක් නිසා පත්තර බෙදා හැරීමත් දුෂ්කරයි. පත්තර පිටපත් සමහර දුර බැහැර ප්‍රදේශවලට යන්නට දින ගණනක් ගත වනවා. එසේම රාජ-පක්‍ෂ ලෙසින් රටටම තරංග බෙදන රජයේ රේඩියෝව එතරම් ජනගත වී තිබුණේ ද නැහැ.

ප්‍රජා රේඩියෝ මේ සන්නිවේදන හිදැසට එක් හොඳ ප්‍රතිචාරයක් බව භාරත් තේරුම්ගත්තා. 1990 සිට රජකු රාජ්‍ය නායකයා ලෙස තබා ගෙන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට පිවිස සිටි නේපාලයේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට ජනමාධ්‍ය හා සන්නිවේදන සේවා ප්‍රජාවන් අතර ප්‍රචලිත කළ යුතු බව ඔහු දැන සිටියා.

ප්‍රජාව අතට රේඩියෝ විකාශ කිරීමේ අවසරය දීමට බොහෝ ආණ්ඩු පැකිලෙනවා. එහෙත් වාණිජ සමාගම්වලට එම අවසරය නොබියව දෙනවා. මෙය උභතෝකෝටිකයක්.

“විකාශ බලපත්‍රය ලබා ගන්න අපි විශාල උත්සාහයක් දැරුවා. ඒ සඳහා වසර හතරක් ගත වුණා. දේශපාලකයන්, නිලධාරීන් වගේම හමුදාවත් බිය සැක පහළ කළා සාමාන්‍ය ජනයා අතට රේඩියෝ කිරීමේ හැකියාව පත් වූ විට රට අස්ථාවර විය හැකිය කියා. අප ඔවුන්ට සාවධානව පහදා දුන්නා ලොව වෙනත් රටවල අත්දැකීම වන්නේ ප්‍රජා රේඩියෝ නිසා බිම් මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් සවිමත් වන බව. මේ ගැන ඒත්තු ගැන්වීමට හා අවශ්‍ය අවසරයන් ලබා ගන්නට 1993-1997 කාලය ගත වුණා” භාරත් කියනවා.

විකාශ බලපත්‍රයක් ඉල්ලුම් කර එය ලැබෙන තුරු භාරත් ඇතුළු පිරිස සංවිධානාත්මකව සූදානම් වුණා. අවශ්‍ය තාක්‍ෂණික උපකරණ හා හැකියාවන් සම්පාදනය කර ගත්තා. වැඩසටහන් නිෂ්පාදනය ගැන පිරිසක් පුහුණු කළා.
තනි රේඩියෝ විකාශනායතනයක් පිහිටුවනවාට එහා ගිය ප්‍රජා රේඩියෝ ජාලයක් හා ජනතා ව්‍යාපාරයක් (Mass Movement) බිහි කිරීමේ දැක්ම මේ පුරෝගාමී පිරිස සතු වුණා.

එෆ්එම් තරංග 102.4 ඔස්සේ විකාශය වන සාගර්මාතා, මුල පටන්ම ගතානුගතික රාජ්‍ය රේඩියෝවෙන් වෙනස් වුණා. එහෙත් වෘත්තීය මට්ටමකින් අන්තර්ගතය ඉදිරිපත් කළා. ප්‍රජාවේ ගැටලු හා සමාජ ප්‍රශ්න විවෘතව කථා කළා. වුවමනාවට වඩා පණ්ඩිත නොවී, අනවශ්‍ය ලෙසින් ජනප්‍රිය වීමට ද තැත් නොකර ක්‍රියා කළා. ටික කලෙකින්ම මේ නව සේවය අසන්නන්ගේ ප්‍රසාදය දිනා ගත්තා.

දැන්වීම්කරුවන්ට මුළුමනින්ම නතු නොවීම පිණිස සාගර්මාතා දානපති ආධාර හා දෙස් විදෙස් සංවර්ධන ආයතනවල ආධාර ලබා ගත්තා. එහෙත් අන්තර්ගතය ස්වාධීන ලෙසින් පවත්වා ගත්තා.

නේපාලයේ වෙනත් රේඩියෝ සේවා මෙන් ඉන්දියාවෙන් එන හින්දි ගී ප්‍රචාරය නොකර, නේපාලයට ආවේණික ජන ගී ප්‍රචාරයට සාගර්මාතා විශේෂ අවධානයක් යොමු කළා. මේ හරහා ජන ගී පිළිබඳ නව පිබිදීමක් ඇති වුණා.

සාගර්මාතා සංවර්ධන ප්‍රශ්න ගැන කථා කළේ සරල හා ළයාන්විත ලෙසින්. රාජ්‍ය නොවන සංවිධානවල බසින් නොව මාධ්‍යවේදී බසින්.

1997-2007 දශකය නේපාලයේ අතිශයින් කැළඹිලි සහගත වකවානුවක්. රාජ්‍ය විරෝධී මාවෝවාදී ගරිල්ලන් ප්‍රචණ්ඩ කැරැල්ලක් ඇරඹුවා. එය අන්තිමේදී හමාර වූයේ 17,000ක් මරණයට පත් වූ පසුවයි. රාජ්‍ය හමුදා සෙබලුන්, කැරලිකරුවන් හා නිරායුධ සිවිල් ජනයා ඒ අතර සිටියා.
මේ සිවිල් යුද්ධ වකවානුවේ ප්‍රවෘත්ති විකාශය කිරීම මහත් සේ සීරුවෙන් කළ යුතු වුණා. සන්නද්ධ අරගලයේ දෙපාර්ශ්වයම මාධ්‍යවලට ප්‍රබල බලපෑම් කළා.

මාවෝවාදී කැරැල්ල උග්‍ර වූ විට 2005 පෙබරවාරි 1 වනදා ඥානේන්‍ද්‍ර රජු ඡන්දයෙන් පත්ව සිටි රජය ඉවත් කොට සියලු බලතල අන්තනෝමතික ලෙස සියතට ගත්තා. හමුදාවට අසීමිත බලතල ලබා දෙමින් ඔහු දැඩි මාධ්‍ය මර්දනයකටද යොමු වුණා.

සංගීතමය වැඩසටහන් හැර ප්‍රවෘත්ති ප්‍රකාශයක් කිරීම ප්‍රජා රේඩියෝවලට හා වාණිජමය එෆ්එම් රේඩියෝවලට තහනම් කෙරුණා. එය පිළිපැදීම අධීක්ෂණයට මාධ්‍ය ආයතනවල නිවුස්රූම්වල හමුදා භටයන් රඳවනු ලැබුවා.

සාගර්මාතා ඇතුළු ප්‍රජා රේඩියෝ සේවා කිහිපයක් සූක්‍ෂ්ම හා නිර්මාණශීලී ලෙසින් මේ තහංචියෙන් රිංගා ගියා. ඔවුන් කළේ ප්‍රවෘත්ති සුපුරුදු පරිදි කියවනවා වෙනුවට ගීත ස්වරූපයෙන් ගායනා කිරීමයි.!

“රාජාණ්ඩුව අපට අණ කළේ සංගීතමය අන්තර්ගතය පමණක් ප්‍රචාරය කරන්නයි. ගීතවල කුමන අරුතක් තිබිය යුතුද නැද්ද කියා තිබුණේ නැහැ. ඉතින් අපි ප්‍රවෘත්ති මෙන්ම රටේ ව්‍යවස්ථාවේ වැදගත් වගන්ති ද අපේ විකාශයෙන් දිනපතා ගායනා කළා” යයි එම දුෂ්කර කාලය සිහිපත් කරන එක් සාගර්මාතා මාධ්‍යවේදියෙක් කියනවා.

රජුට එරෙහිව යුද්ධ කරමින් සිටි මාවෝවාදී නායක පුෂ්ප කමාල් දහාල් හෙවත් “ප්‍රචණ්ඩා” BBC නේපාලි සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන්නේ මේ කාලයේයි. සැඟවුණු ස්ථානයක පටිගත කරනලද එම සාකච්ඡාව ප්‍රති-ප්‍රචාරය කරන්නට සාගර්මාතා කර්තෘ මණ්ඩලය තීරණය කළා.

රජු මෙයින් මහත් සේ උරණ වී සාගර්මාතා රේඩියෝව සීල් තැබුවා. සිද්ධියට සම්බන්ධ මාධ්‍යවේදීන් පස් දෙනකු අත්අඩංගුවට ගත්තා. එහෙත් සාගර්මාතා පාලක මණ්ඩලය එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. දින දෙකක් තුළ තහනම ඉවත් කරගත් ඔවුන් යළිත් විකාශයන් ඇරඹුවා.

2005-2006 මාස ගණනක් තිස්සේ පැවති ජනතා උද්ඝෝෂණවලින් පසු 2006 අප්‍රේල් මස ඥානේන්‍ද්‍ර රජු නැවතත් පාර්ලිමේන්තුව ප්‍රතිස්ථාපනය කළා. රජුගේ අත්තනෝමතික බලතල ක්‍රමයෙන් සීමා කළ පාර්ලිමේන්තුව, 2008 මැයි මාසයේ රට ජනරජයක් බවට පත් කළා.

සිවිල් යුද්ධය හමාර වීමෙන් පසු මාවෝවාදී පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී මගට පිවිසුණා. ඉක්බිතිව පැවති මැතිවරණයෙන් වැඩි ආසන ගණනක් දිනූ ප්‍රචණ්ඩා නායකයා නේපාල අගමැති වුණා. මෙසේ දේශපාලන වශයෙන් තීරණාත්මක වකවානුවක නේපාල ජනයාට පුවත් හා විග්‍රහයන් ලබා දීමට සාගර්මාතා ප්‍රමුඛ ප්‍රජා රේඩියෝ ලොකු දායකත්වයක් දී තිබෙනවා.

ග්‍රාමීය ප්‍රදේශයක් වන පල්පාහි 2000දී ඇරැඹි රේඩියෝ මදන්පෝකරා (Radio Madanpokhara) එරට දෙවන ප්‍රජා රේඩියෝවයි. සාගර්මාතා නාගරික ප්‍රජාවකට සමීප වන අතර මදන්පෝකරා රේඩියෝව ග්‍රාමීය ප්‍රජාවගේ තොරතුරු හා සංවර්ධන සන්නිවේදන සඳහා නව ආකෘති සකසා ගත්තා.

අද මේ ආකෘති දෙකම තවත් බොහෝ ප්‍රජා රේඩියෝ අනුකරණය කරනවා. ග්‍රාම සංවර්ධනය, කාන්තා අයිතිවාසිකම් තහවුරු කිරීම, කුල භේදය මත පදනම් වූ අසාධාරණයන් පිටු දැකීම, සිවිල් යුද්ධයෙන් පසු සාමය හා සංහිඳියාව ආදි පොදු අරමුණු රැසක් ප්‍රජා රේඩියෝ සේවාවන් සිය එදිනෙදා වැඩසටහන්වලින් ප්‍රවර්ධනය කරනවා.

ප්‍රජා රේඩියෝ 400ක් පමණ නේපාලය පුරා අද හමුවනවා. මේ ආයතනවල ස්වයං ජාලකරණයක් ද තිබෙනවා.
සාගර්මාතාවෙන් ඇරඹි නේපාල ප්‍රජා රේඩියෝ විප්ලවය ලෝක අවධානයට හා පිළිගැනීමට ලක්ව තිබෙනවා. ආසියාවේ නොබෙල් ත්‍යාගය ලෙස හැඳින්වෙන, අසාමාන්‍ය ගණයේ ආසියානුවන්ට වාර්ෂිකව පිලිපීනයෙන් පිරිනමනු ලබන මැග්සයිසායි ත්‍යාගයක් භාරත් කොයිරාලට 2000දී පුද කෙරුණා. එයට අදාළ හේතු පාඨයේ ඔහු ප්‍රජා රේඩියෝ ප්‍රවර්ධනයට කළ සේවය විශේෂයෙන් හුවා දැක්වුණා.

රේඩියෝ සාගර්මාතා නේපාලයේ වැදගත් සමාජ විප්ලවයකට මුල පිරූ බව එරට ප්‍රවීණ මාධ්‍යවේදී හා නේපාලි ටයිම්ස් පත්‍රයේ කතුවර කුන්ඩා ඩික්සිත් (Kunda Dixit)කියනවා.
රටේ සමාජ, ආර්ථික හා දේශපාලනික අර්බුද මැද වුවත් ප්‍රජා රේඩියෝ විකාශයන් 400ක් බිහිවීම ඔහු දකින්නේ වැදගත් ජනතා ජයක් හැටියටයි.

“වසර විස්සක් පුරාම අපේ රටේ පළාත් පාලන ආයතනවලට ජනතා නියෝජිතයන් පත් කර ගන්නා මැතිවරණ පැවැත්වූයේ නැහැ. මේ නිසා බිම් මට්ටමේ ආණ්ඩුකරණයේ ලොකු හිදැසක් පැවතියා. ජනතාවට තම ප්‍රශ්න මතු කර විසඳුම් ලබා ගන්නට අවස්ථා සීමිතව තිබුණා. මේ හිදැස යම්තාක් දුරට පිරවූයේ ප්‍රජා රේඩියෝ විසින්. නිලධාරි තන්ත්‍රය හා පුරවැසියන් අතර සන්නිවේදන සඳහා පුරවැසියන් විසින් නිර්මාණශීලී ලෙස ප්‍රජා රේඩියෝ යොදා ගත්තා. එදිනෙදා ප්‍රායෝගික ගැටලු විසඳීමට අමතරව ප්‍රජා මට්ටමේ නොවිධිමත් අධ්‍යාපනයට හා තොරතුරු ගලනයට ප්‍රජා රේඩියෝ සේවා කළ මෙහෙය අතිවිශාලයි.” ඔහු මේ වසරේ මැයි මාසයේ සිය පත්‍රයේ කතුවැකියකින් කීවා.

දශක දෙකකට පසු 2017 වසරේ නේපාලය පළාත් පාලන මැතිවරණ අදියර තුනකින් පවත්වනවා. මේ වනවිට අදියර දෙකක් පවත්වා අවසන්. මේ නිසා බිම් මට්ටමේ පාලනය පිළිබඳ නව පිබිදීමක් හටගෙන තිබෙනවා.
මේ අතර භාරත් කොයිරාල සංවර්ධනය සන්නිවේදනයේ නොනිමි අරගලයක් හා අභියෝගයක් දකිනවා.
මුළුමනින් වාණිජ පදනමින් පවත්වාගෙන යන එෆ්එම් රේඩියෝ සේවාවන් සමඟ සෘජුව තරග කිරීමට ප්‍රජා රේඩියෝවලට අමාරුයි. සමහර ප්‍රජා රේඩියෝ දැන්වීම් ලබා ගනිමින් යම් තරමකට වාණිජකරණය වී තිබෙනවා. එසේම තමන්ටම ආවේණික අන්තර්ගතයන්ට සමාන්තරව වෙනත් ප්‍රජා රේඩියෝ සමඟ පොදු අන්තර්ගතයන් (syndicated content) ඔවුන් බෙදා ගන්නවා. සමහර ප්‍රජා රේඩියෝ පවත්වා ගත නොහැකිව වැසී ගොස් තිබෙනවා.

“මහජන සේවා අරමුණු සඳහා ප්‍රජා රේඩියෝ පවත්වා ගෙන යෑම අවශ්‍යයි. එයට ප්‍රජාවගේ සහභාගිත්වය මෙන්ම මූල්‍යමය දායකත්වයත් ඕනෑ කරනවා. ආදායම් අඩු රටක වුවද අප යමක් අගය කරනවා නම් එයට සම්මාදම් වීමට අප පෙරට ආ යුතුයි. රාජ්‍ය මාධ්‍ය, වාණිජ මාධ්‍ය හා ප්‍රජා මාධ්‍ය යන මේ තුන් වර්ගයම සමාජයක පැවතීමට අවශ්‍ය පසුබිම අප සකස් කළ යුතුයි” ඔහු කියනවා.

‘නේපාල අත්දැකීම සෙසු දකුණු ආසියානු රටවලටත් අදාළ කර ගත හැකියි. එහෙත් ප්‍රජා රේඩියෝ අවභාවිතය ගැන අනිසි බියක් බොහෝ රජයන්ට තිබෙනවා. රජයන්, සිය ජනතාව විශ්වාස කිරීමට අවශ්‍යයි. ප්‍රජාතන්ත්‍රවාදය හා මාධ්‍ය නිදහස තහවුරු කළ රටවල පවා විද්‍යුත් මාධ්‍ය විකාශ බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේද සංකීර්ණයි. සමහර නීති හා නියාමන ක්‍රම මේ ඉන්ටර්නෙට් යුගයේ යල් පැන ගිහින්. මේවා විමර්ශනය කොට සංශෝධනය කළ යුතුයි. විද්‍යුත් චුම්බක තරංග පොදු දේපලක්. එයින් කොටසක් භාවිතයට ප්‍රජා කණ්ඩායම්වලට ඉඩදිය යුතුයි’ භාරත් කියනවා.

  නාලක ගුණවර්ධන

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.