ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, July 25, 2017

කරුප්පයියා පට්ට හොරෙකු බවට අප පෙන්වා දුන් සියල්ල තවත් තහවුරුයි....!!!


ඇතැම් මාධ්‍ය රෙදි නැතුව කරුප්පයියා වැනි පට්ට දූෂිත දේශපාලන හොරුන් පිම්බීමට කඩේ යද්දී අප ලංකානිව්ස් ඇතුළු අතලොස්සක් පෙරමුණේ සිට නිර්භයවම මේ හොරුන්ට ඵක දිගට පහර දුනී. ඒ කළ හෙළිදරව් ප්‍රමාණාත්මකව වර්ධනය කරමින් තවත් දෑ කරළිය හමුවට ඵමින් පවතී මේ ඒ තවත් සිදුවීමකී. 
බැදුම්කර බෑණා ඇමති රවීට ලක්‍ෂ 14ක මාසික කුලියට ගෙයක් අරන් දීලා…
 මහ බැංකු බැදුම්කර මගඩියේ ප‍්‍රධාන චූදිතයෙක් වන පර්පෙච්චුවෙල් ට‍්‍රෂරීස් අධිපති අර්ජුන් ඇලෝෂියස් විසින් මුදල් ඇමති රවි කරුණානායකට කොළඹ පිහිටි අධි සුඛෝපබෝගී මහල් නිවාසයක් කුලී මුදල් ගෙවමින් ලබා දුන් බව බැදුම්කර මගඩිය සම්බන්දයෙන් පරීක්‍ෂා කරන ජනාධිපති කොමිසම හමුවේ හෙලි විය.

අදාල මහල් නිවාසය අයත් ව්‍යාපාරික කාන්තාව කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කියා සිටියේ ඇමති රවි කරුණානායකගේ බිරිදද එම නිවස පරික්ෂා කිරීම සදහා පැමිණි බවත් එහිදී ඇය දුන් දුරකථන ඇමතුමකින් අර්ජුන් ඇලෝෂියස්ද එහි වහා පැමිණි බවයි.
නිවසේ එක් මසක් සදහා කුලිය රුපියල් ලක්ෂ 14ක් බවත් ඇය එහිදී වැඩි දුරටත් හෙලි කලාය.
හිරු රූපවහිනිය සියළු විස්තර සහිතව මේ සම්බන්ධයෙන් විකාශණය කල ප‍්‍රවෘත්තිය මෙතනින්

 රවි බදුගත් සුපිරි
නිවසට මුදල් ගෙව්වේ
අර්ජුන් ඇලෝෂියස්‌

-මොනාක්‌ රෙසිඩන්සීස්‌ නිවාස
ඒකකයේ හිමිකාරිය බැඳුම්කර
කොමිසමට කියයි...!!!

 හිටපු මුදල් ඇමැති සහ වර්තමාන විදේශ කටයුතු ඇමැති රවි කරුණානායකගේ නිවස අලුත්වැඩියා කරන තෙක්‌ තමාට අයත් මොනාක්‌ රෙසිඩන්සීස්‌ හි පිහිටි සුපිරි මහල් නිවාස ඒකකය (apartment) බද්දට දුන් අතර ඒ සඳහා බදු මුදල් ගෙව්වේ අර්ජුන් ඇලෝෂියස්‌  විසින් ඔහුට සම්බන්ධ සමාගමක්‌ හරහා බවද ඉන් මාස අටකට පමණ පසු එම නිවස රවි කරුණානායකවිසින් රු. මිලියන 165 කට ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් අධ්‍යක්‍ෂ ධුර දරන සමාගමක්‌ හරහා මිලදී ගත් බවද එම නිවාස ඒකකයේ හිමිකාරිය වූ එම්. විනෝදනී මහත්මිය ඊයේ (24 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කීවාය.

එය මිලට ගත්තේ ග්ලෝබල් ස්‌ටාර් ලොජිස්‌ටික්‌ස්‌ පුද්ගලික සමාගම මගින් බවද ඇය කීවාය.

එය මිලට ගැනීමට පෙර මුලින් බද්දට සිටියදී ඒ සඳහා සියලු ගනුදෙනු වාචිකව කතා කළේ අර්ජුන් ඇලෝෂියස්‌ මහතා සමඟ බවද ඒ සඳහා තමාට ඇලෝෂියස්‌ මහතා මුදලින් රුපියල් මිලියන 1.4 ක්‌ සහ චෙක්‌පතකින් තවත් මිලියන 10.2 ක්‌ වශයෙන් රු. මිලියන 11.6 ක මුදලක්‌ ලබාදුන් බවද ඇය කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීවාය.

මේ මිලියන 11.6 ට මාස දෙකක නැවත ගෙවන තැන්පතුවක්‌ද ඇතුළත්ව තිබූ බව ඇය කීවාය.

තමා බද්දට ගත්තත් මෙහි රවි කරුණානායක  ඇතුළු පවුලේ සාමාජිකයන් පදිංචි වී සිටින බව ඇලෝෂියස්‌ මහතා තමාට වාචිකව ප්‍රකාශ කළ බවද ඇය කීවාය.

මෙයට අදාළ බදු ගිවිසුම අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ  විසින් ඊයේ කොමිසමට ඉදිරිපත් කරන ලදී.

අදාළ බදු ගිවිසුම අත්සන් කරන ලද්දේ තමා සහ වෝල්ට්‌ ඇන්ඩ් රෝ පුද්ගලික සමාගම සමඟ බවද විනෝදනී මහත්මිය කොමිසමට හෙළි කළාය.
මෙය කොළඹ 03, මොනාක්‌ රෙසිඩන්සීස්‌ හි පිහිටි නිවාසයක්‌ බවද Y/F1/U-2 හා Y/F1/U-3 අංක දරන මෙම නිවාසය තමා 2015 වසරේ අප්‍රේල් මාසයේ දී සුසන්ත රත්නායකගෙන් රු. මිලියන 120 කට මිලදී ගත් එකක්‌ බවද විනෝදනී මහත්මිය කීවාය.
තම පියාගෙන් තිළිණයක්‌ ලෙස ලද මුදලින් තමා මෙම මහල් නිවාස ඒකකය මිලදීගත් බවද, එය මිලදී ගැනීමෙන් පසු එය අලුත්වැඩියා කිරීම සඳහා තවත් රු. මිලියන දහයක්‌ පමණ වැයකළ බවද ඇය කීවාය.

මුලින් මාස හයක කාලයක්‌ රවි කරුණානායක මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් මෙහි සිටි බවත්, ඉන්පසු ඔවුන්ගේ නිවසේ අලුත්වැඩියා කටයුතු නිමවී නොතිබූ නිසා තවත් මාස දෙකක්‌ එම මොනාක්‌ රෙසිඩන්සීස්‌හි තම මහල් නිවාස ඒකකයේ රවි කරුණානායක පවුලට සිටීමට ඉඩ ලබාදුන් බවත් විනෝදනී මහත්මිය කොමිසමට හෙළි කළාය.

එය වර්ග අඩි 4000 කින් පමණ සමන්විත එපාර්ට්‌මන්ට්‌ දෙකක්‌ එකට බද්ධකොට ඇති විශාල නිවාස ඒකකයක්‌ බවත්, ඒ නිසා මොනාක්‌ රෙසිඩන්සීස්‌ කළමනාකාරිත්වය විසින් එය "පෙන්ත්හවුස්‌ එපාර්ට්‌මන්ට්‌" ලෙස නම්කර තිබූ බවත් ඇය කියා සිටියාය.

තමා එම නිවාස ඒකකයේ අයිතිකරු බවත්, එය බද්දට ගන්නා පුද්ගලයා වූයේ අර්ජුන් ඇලෝෂියස්‌ මහතා බවත් එහි නැවතී සිටියේ රවි කරුණානායක පවුල බවද ඇය කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුර දෙමින් පිළිගත්තාය.

නිවාස ඒකකය බැලීමට පැමිණි 2016 ජනවාරි 27 දින එම හමුවෙන් දින කීපයකට පසුව අර්ජුන් ඇලෝෂියස්‌ මහතා සමඟ සාකච්ඡා කර තමා එම නිවාස ඒකකය බදුදීම පිළිබඳ සාකච්ඡා කර අවසන් වාචික එකඟතාවට පත්වූ බවද ඇය කොමිසම හමුවේ තවදුරටත් පිළිතුරු දෙමින් ප්‍රකාශ කළාය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.