ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, July 7, 2017

රටක් අැන්දීමට ට්‍රයි කළ පුහු බුලට් ඵක...!!!

රටරටවල වාසය කරන අපේ අය  අනෙක් අයට වඩා තමුන් උගත්,වැදගත් ,කුළවත් ,බලවත් යැයි පෙන්වීමට නොයෙක් වැඩ කරති .සමහරු අන් අය රැවටීමට මහා බොරු පම්පෝරි ගසති අනුන් හෙළා දකිති.පසුගියදා  ලංකාවටම කොකා පෙන්වූ බොරු බුලට් ඵකක් මාට්ටු විය.මේ ඒ අසාමාන්‍යය කථාවයි.


මේ දිනවල බූලට් එකක් ගැන යනවා.අපේ රටේ කෙනෙක් මිසයිල වූනත් අපට සතුටූයි.හැබැයි මට පොඩි ප්‍රශ්ණයක් තියනවා.පැරිසියෙත් ඉන්නවා සිංහල වාර්තාකරුවන් කිහිපදෙනෙක්ම.ඔවුන්වත් ඒ බූලට් එක ගැන වර්ථාකර නැත.
උත්සාහය ගැන අප සතුටූ වෙමි.ඒත් පැරිසියේ සිට පැරිසියේම අය රැවටිම නම් මා පූද්ගලිකව අනූමත නොකරමි.
.මෙය කියන්නේ ඉරිසියාවකටවත් තරහකටවත් නොව.වරදවා නොසිතන්න.ලංකාවේ කිහිප දෙනෙක් මේ ගැන මගෙන් ඇසා තිබූනා.මෙහි ඇත්ත නැත්ත විපරම් කර බැලුවා. සත්‍යය ටිකයි. නිසා මා මෙසේ ප්‍රකාශ කලේ
බූලට් එකේ කථාව.
(පිලිතුරු ප්‍රමාද වීම ගැන කණගාටූ වෙමි. )
මීට සති තුනකට පෙර ඉනෝකා ෆොන්සේකා වන ඔබගේ මූහූණූ පොතේ ඔබ විසින් පූවත්පතකට දී තිබූ අපව කුතුහලයකට පත්කල සාකච්ඡාව
1)කෑන්ස් උලේලට ඔබට ලැබූන ආරාධනාව
2)ඒ තුලින් ජාත්‍යයන්තරයේ ඔබ ලංකාවට අයිතිකරදූන් කීර්තිය.
3)රන් අකුරින් ලංකාවේ නම ඔබ ජාත්‍යයන්තරයේ ලියන්න බලාපොරොත්තු වන ආකාරය.
4)ඔබ පවසා ඇති පරිදි festival එකට සමගාමිව cannes හි පවත්වනවා යැයි කියන වෙනත් Fashion Shows
5)ඔබට ආරාධනා පත්‍රය ලැබූන ආකාරය
6)ඔබගේ නිර්මාන අති විශිෂ්ටයි කියා යම් අයකු ඔබට දූන් ආරාධනා පත,ඔහූට එසේ දීමට ඇති බලය.
7)දින 2ක දී ඔබ විසින් ඇඳූම් නිර්මාණ 12කට වඩා ප්‍රදර්ශනය කල ආකාරය.
8)ප්‍රංශයේ හිටපූ ජනාධිපති ප්‍රංශූවා හොලොන්ද් (François Hollande)ගේ බිරිඳ සෙගොලෙන් රෝයල්(Ségolène Royal) ඔබට සූභ පැතු බව
9)ඒ මොහොතේ රූපවාහිනි නාලිකා විකාශනය
10)ඔබ ලෝකයේ හෑම රටකම වාගේ සඟරාවල ඇඳූම් නිර්මාණ කරනයෙන්, MeCups, HerFashion අංගවලින් දායක වූ ආකාරය
11)ඇමරිකාව, ඉතාලිය, Vogue සගරාවේ ඔබගේ නිර්මාණය පලවූ බව
12)ප්‍රංශයේ ඔබ වසර කිහිපයක් සේවය කල O සගරාව
13)ඇත්තටම ඔබ පවසන පරිදි ඔබ මේ රතු පලස( Red-Carpet)තුලින් ඇවිද ගියාද?
14)ඔබ එම කල ක්‍රීයාව Canns festival office එක දැනූවත් කරනවාද?
15)ජාත්‍යයන්තර නාමයක් ලංකාවට ලබා දෙන්න ඔබ ක්‍රීයා කල ආකාරය නිවැරදි ද?
මෙහිදි මා විසින් මාගේ මූහූණූ පොතේ පලකල සටහන
https://www.facebook.com/photo.php?fbid=1347298678658458&set=a.376205849101084.90572.100001350155915&type=3&theater
සහ ඔබ ගේ සැමියා වන Chaminda Caldera ·
ඔබ තුමිය කාගේ හො කියුම් බහකට මෙය කලාදැයි මම නොදනිමි????
මෙහි ඔබ දකිනා අසත්‍ය කරුණාකර ඔබ මෙය මුහුණු පොතෙහි පලකළා සෙම මුහුණු පොතෙහිම පළ කර පැහැදිලි කරන්න.
මොකද ඒ බුලටිි එක මගෙ බිරිඳ ස්තුති .

ඉල්ලා සිටි පරිදි ඒ ගැන අප කල සොයා ගැනිම.
ttps://www.facebook.com/biendiutahd/posts/2012712018952640


මෙන්න සාක්ෂී සහිතව , ඔබ Canns ගිය ආකාරය අපට ලැබුන සත්‍ය තොරතුරු ඕනෑම අවස්ථාවක ප්‍රසිද්ධියේ සාකච්ඡා කල හැකිය.
Cannes International Film Festival එක තිබූ අවධියේ එම කාලයේම මෙහි ගොස් fashion show එකක් කිරිමට 'X' නැමැත්තා ඔබට සහ තවත් ඇඳූම් නිර්මාණ කරුවන් පිරිසකට සහභාගි වීමට අවසර දෙන්නේ ඔබ හා ඔවූන් මෙම සහභාගි වීම සඳහා ඔහූට මූදල් ගෙවීමට ගිවිසූමක් ඇති කරගෙනය.ඔබ Cannes මීට පෙර කිසිම දිනක දැක නොමැත.මෙහි ගිය ඔබ අර සියලුම දෙනා අතහැර දමා Festival එකට ඔලූව දමා ගැනීමට සිතුවේ ඔවූන් ද මූලා කරය. මෙතැන් සිට ඔබ සෙව්වේ cannes festival red carpet event එකට සහභාගී විය හැකි අවස්ථාවක් සොයා ගැනීමයි.සමහර පූද්ගලයන් හොරාට හො වෙනත් අයගේ ටිකට් මූදලට ලබා ගැනීම මෙහි නිතර සිදූවේ.එසේත් නැත්නම් මෙතැනට නිසි ලෙස සැරසී එන බොහෝ දෙනා මෙයට සහභාගී වන්නන්ගේ වැඩිපූර ඇති ටිකට් එකක් අයැද සිටි.මෙය මෙහි එන සාමාන්‍ය දෙයකි. මන්ද එය එතරම් අහඹූ සූපිරි අවස්ථාවක් බැවිනි.මෙහිදී ප්‍රථම දිනයේ ඔබ ලබාගත් ටිකට් 02ක ඔබ මූදල් ගෙවා ලබාගත් බව නොකියමි. නමූත් මෙය හොරෙන් ලබාගත් ටිකට් 02ක් බව කියමි.මෙම ටිකට් 02ක සමග ඇතුල්වීමට ඔබ ඔබගේ නිරූපිකාවකට නිල්පාට අඩනිරුවත් ගවූම අන්දාගෙන ගියද එම රෝසපාට ටිකට්පතට ඇතුල්වීම සදහා festival එකෙන් ලබා දෙන බැජ් එක අත්‍ය අවශ්‍ය බව ආරක්ෂක අංශය පවසා ඔබව ප්‍රතික්ෂේප කරන ලදි.මෙහිදී මේ සදහා (cannes festival)සහභාගීවීමට මෙහි ගමන් කරමින් සිටි ශ්‍රී ලාංකීයකු නමූත් ප්‍රංශ නලූවෙක් වන ලක්ෂාන් අබේනායක ගෙන් ද ඔබ ඔහූ අමතා, ඔබ ශ්‍රී ලාංකීක බවත් ඔහූගේ බැජ් එක පෙන්වා ඔබගේ නිරූපිකාවත් ඇතුලට රැගෙන යන ලෙස ඉල්ලා ඇත.මෙහිදී ඔහූ එය අපහසූවෙන් ප්‍රතික්ෂේප කර ඇත්තේ එය වැරදි ක්‍රියාවක් හා එහි සිටි ප්‍රංශ චිත්‍රපට සංස්ථාවේ හිටපූ සභාපති විසින් මෙවන් ක්‍රීයා කරන්න එපා ඒක වැරදියි කියා ඔහුට පවසා ඇති නිසාය.
තරගකාරි චිත්‍රපටි දර්ශනයන් හා තරඟකාරී විශේෂ චිත්‍රපට දර්ශන දිනයේ විශේෂිත චිත්‍රපට දර්ශන සහ සාමාන්‍ය චිත්‍රපට දර්ශන main red carpet evens යනූ වෙන් මෙහි අවස්ථා කීහිපයක් ඇත.එය සදහා සහභාගී වන්නන්ගේ ඇඳූම් මෙහි දී ඉතාමත් විශේෂය. ඡයා රූපකරුවකු පවා එහි සිටිය යූත්තේ කලූ සුදූ යූරෝපීය ඇඳුමෙනි.(SOmking kit) නමූත් ඔබගේ ඡයාරූප පිටිපස සිටින ඔවූන් ගේ ඇඳූම් නොතියෙන්නේ ඇයි?එය සාමාන්‍ය අවස්ථාවක ගනූ ලැබූ එකක් බැවිනි.
එසේනම් ඇයි ඔබ රසිකයන් නොමග යවන්නේ.මෙය red carpet evens කියමින් ඔබ .විසින් මෙය වෙඩ් අඩවියේ පවසා ඇති ආකාරය.
'SRI LANKAN VERY FIRST FASHION DESIGNER From PARIS FRANCE Fashion Designer TO THE RED CARPET FOR 10 TIMES WITH HER BEAUTIFUL STUNNING ROBES - BEST RECORD IN CANNES!(https://www.facebook.com/biendiutahd/posts/2001869060036936)
INTERNATIONAL " FILM FESTIVAL CANNES 2017 FRANCE
"BEST RECORD IN CANNES" මොනවාද මේ කියන බොරු?? "RED CARPET FOR 10 TIMES"මොකද්ද මෙහි තේරුම?
ජංගියක්වත් ඇද නැතුව මෙවන් විලාසිතාවක් ඉදිරිපත් කිරිමට ඔබට අයිතිය ඇතත් මේ තුලින් ඔබ කුමන විදියේ ජාත්‍යයන්තර කීර්තියක් ලබා දුන්නද?මෙවන් නිරුවත් ඇදූම් තුලින් ලංකාවේ නම ඔබ පවසා ඇති පරිදි රන් අකුරින් ලියවේද...?
Cannes Film Festival හි මෝස්තර නිර්මාණ කාරියක ලෙස ශ්‍රී ලංකා නාමය රන් අකුරින් ඔබ ලියන්නේ කෙසේද?මෙය ජාත්‍යයන්තර අග්‍ර ගනයේ චිත්‍රපට ප්‍රදර්ශනයක් බව ඔබට වැටහෙන්නේ නැද්ද?
ශ්‍රී ලාංකිකයකු වූ විමූක්ති ජයසුන්දර මහතා "CAMERA D'OR" සම්මානය ප්‍රථමවරට ලබාගනිමින් අප මවූ බිමේ නාමය මෙහි ඉහලට රැගෙනවිත් හමාරය.ලෙස්ටර් ජේම් පිරිස්,ප්‍රසන්න විතානගේ,අශෝක හදගම,චන්න දේශප්‍රිය,මහේන්ද්‍ර පෙරේරා,කෞෂල්‍යා ප්‍රනාන්දූ යන මහත්ම මහත්මින් මෙම ස්ථානයේ ඔබට පෙර ඔවූන් ගේ චිත්‍රපට නිෂ්පාදන හා දක්ෂතාවයන් රැගෙනවිත් අප රටට ගෞරවය ගෙන දී වසර ගනනකි.
ඔබ අඩනිරුවත් ගවූමක් අප්‍රසිද්ධ කාන්තාවකට අන්දවාගෙන ගොස් කුමන ආකාරයේ ගෞරවයක් ලංකාවට ලබාදීමට බලාපොරොත්තු වේද? ඔබ පවසා ඇති පරිදි දින 02ක් තුල එක නිරූපිකාවකගෙන් සාමාන්‍ය දර්ශන වාර 02ක ඔබ මෝස්තර 12ක් කෙසේ පෙන්නූවාද?
ඔබ පවසා ඇති මෙම රූපවාහිනි නාලිකා විකාශනය සෑම වසරකම canns හි විශාල නිවසක පවත්වන 1500කට පමණ දෙනෙක්ට ආරාධනා කරන මත්පැන් සහිත රාත්‍රී ආහාර සපයන සජීවී වැඩ සටහනකි.මෙයට ඇතුල්වන අවස්ථාවේ ඔබ හා සාකච්ඡා කිරිමට එහි සිටි කැමරාකරු ආවේ ඔබේ විශේෂත්වය නිසාද?එසේ නොමැතිනම් නිරුවත් බව නිසාද?මෙය සජීවී විකාශන අවස්ථාවේදී ප්‍රේක්ෂකයන් දැක්වූ සජීවී ප්‍රතිචාර ඇති දර්ශන ඔබ සගවන්නේ ඇයි?එහි තේරුම ඔබම බලාගන්න.මේවා දූටූවිට ඔබට ලැජ්ජාවක් ඇති වන්නේ නැද්ද?ඔබ ලංකාවට කලේ අපහාසයකි.
රතු පලසේ දහවල් කාලයේ සාමාන්‍ය දර්ශන වාරයක් නැරඹීමට ගොස් එම රතු පලසේදීම ලබාගත් ඡයාරූප ඔබ main red carpet events යැයි පවසා ප්‍රචාරය කරන්නේ මන්ද?මෙම main red carpet evants එක පවත්වන්නේ රාත්‍රී කාලයේ (5h30 සිට 8h30) දක්වා කාලයේ පමණි.මෙහිදී ඡයාරූප කරුවකු පවා කලූ සූදූ (SMOKING kit)යූරෝපීය ඇඳූමින් අංගසම්පූර්ණ වී සිටිය යූතුමය.ඔබගේ රූප පසූතලයේ සිටින ඡයාරූප කරුවන් 05දෙනාගේ ඇඳූම් ඔබ දූටූවාද....? මේ දේවල් මෙතරම් දූරට සොයා බලා මා ලියන්නේ ඔබගේ සැමියාත් මේ සත්‍යය නොදත් වෙනත් ශ්‍රී ලාංකිකයන් මෙය පැහැදිලි කරන ලෙසට එක දිගට මාගෙන් ඉල්ලා සිටි නිසාය.
ඔබ දන්වා ඇති පරිදි ඇමරිකාවේ ඉතාලියේ "VOGUE" සගරාවල ඔබගේ නිර්මාණයන් පලවූනාද?එවා අපට දැකීමට පූලූවන්ද?මෙවා ඇත්තද?ප්‍රංශයේ ඔබ සේවය කල "O"සගරාව කුමක්ද?වසර 30ස් ගනන් සිටින අයකුවත් මේ ගැන අසා නැත.දැක නැත. මෙය සතිපතා,මස්පතා පලවූනාද?කොපි ප්‍රමාණය කොපමණද?මේ පවසා ඇති සියල්ලක්ම ඔබ සත්‍යයැයි කියා පෙන්නූවොත් ඔබ නිර්භීත එඩිතර දක්ෂමත් කාන්තාවකි.මේවා කිසිවක් සත්‍ය වශයෙන් නොදුටූ අප බූරූවෝය.
ඔබ පවසා ඇති ප්‍රංශ හිටපූ ජනාධිපති (francois hollande) ගේ බිරිඳ සෙගොලෙන් රොයල්(segolene royal)සත්‍ය වශයෙන් ඔහූගේ මූලින් සිටි පෙම්වතියක් පමණි.ඇය ගෙන් පසූ ඔහූ ගේ පෙම්වතිය වැලරි ත්‍රීවයිලර්(Valérie Trierweiler)ය.ඔහූ දැනට සිටින්නේ ජූලි ගැයියේ (Julie Gayet)සමගය.
මෙහිදී ද ඔබට ප්‍රංශය ගැන ඇති දැනූම බලා ගත හැකිය.
ඔබ ලෝකයේ හැම රටකම වාගේ සගරාවලට ඇඳූම් නිර්මාණ Makeup, hair dressing ආදියෙන් දායක වූ බව ඔබගේ වචන වලින් ම පවසා ඇත.ලෝකයේ රටවල් කොපමණ තිබේද කියා ඔබ දන්නවාද?මේවාට ඔබට සත්‍යය පෙන්විය හැකිද?
පැරිසිය යනූ මෝස්තර ලෝකයේ අගරැජීනය.මෙහි පූරවැසියන් ඉතා ඉහල පාසල්වල මෙම විෂය හදාරා ඔවූන් ගේ නිර්මාණ එකක් ඔය එක සගරාවක පලකරගැනීමට කොපමණ වෙහෙසෙයිද....?
මෙතරම් අපට අප්‍රසිද්ධ ඔබට ලෝකයේ ඕනෑම සගරාවක ඔබගේ ඕනෑම නිර්මාණයක් පලකර ගැනීම ඉතා පහසූ බව ඔබ පෙන්වා දී ඇත.
" Naomi Campbell" නැමති ප්‍රසිද්ධ ඇඳූම් නිර්මාණ ශිල්පිය විසින් ඇයගේ භාරකාරත්වයෙන් තවත් ප්‍රසිද්ධ නිරූපිකාවක් සමග එක්තරා සංගමයකට ආධාර ලබාදීම සදහා පමණක් Fashion show එකක් පවත්වා ඇත.
අවසන් වශයෙන් ඔබට මේ සම්බන්ධව ලැබුන නීතිමය පිලිතුර මෙන්න
."cannes international film festival "එකේ ප්‍රධාන නිලධාරියා ලෙස සිටින සියලූම භාරකාරත්වයන් ඇති පූද්ගලයා පැවසූයේ මෙයයි.Enoka Fonseka නමින් කිසිම අයූරකින් කිසිම අවසර පත්‍රයක් (Badge)නිකුත් කර නැති බවත් ,කිසිම ඇතුල්වීම් ටිකට් පතක් ඔබ වෙත ලබා දී නැති බවත් එම badge එක නොමැතිව "main red carpet events" එකේ යා නොහැකි බවත් (සාමාන්‍යය දර්ශණ සදහා badge එක අවශ්‍ය නැත) red carpet නොවේ ඔබ RED list එකට ඇතුල් විය යුතු අයකු බවත් ඔහූ පවසයි.
මේවා සැමටම උත්තර දීම ඔබගේ වැඩකි.මාහට දැනට පැවසිය හැක්කේ මෙපමණකි. 
පසූව දෙවන දිනයේ ද මෙලෙසින්ම ඔබ ඔබගේ නිරූපිකාව සමග මේ ස්ථානයේ සිටින අතර මෙම ලක්ෂාන් අබේනායකගෙන් නැවත නැවත ඔබ එම ඉල්ලීම කරද්දී ඔහූ ඉතාමත් අපහසූවෙන් නිරූපිකාව පමණක් ඇතුල්කර දීමට එකගව එය කර දී ඇත. මෙහිදී ඔබට කිසිවකු මෙම Cannes Film Festival එකට ආරාධනා කර නොමැති බව පැහැදිලි වේ.ඔබගේ නිර්මාණ ඉදිරිපත් කිරිමට කිසිවක ඔබට ආරාධනා කර නොමැත. නමූත් ඔබ මේ ගැන පවසන්නේ පූවත්පත් වලට මෙය කියවන්නන් නොමග යන ආකාරයටය.
ඉන්දු අබේනායක ප්‍රංශයේ සිට





ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.