ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, July 14, 2017

නිර්ප්‍රභූ බුදු දහම හා ප්‍රභූ බුද්ධාගම

මෙරට විවිධ වර්ගයේ බෞද්ධ භික්ෂූහු සිටිති. බොහෝ අයගේ භික්ෂූත්වය ඇත්තේ නමේ සහ හැඳ පෙරවන කහ රෙදිවල පමණකි. චර්යාවෙන් නම් නොවේ. ඒ අතරිනුත් සමහරු රහත්හුය. සමහරුන්ට දේශපාලන උණ විකාරවල් වැළඳී ඇත.  සමහරු පාතාල මැරයන්, චණ්ඩීන් පරිදි වේදිකාවල රඟදෙති. අයෙකු අතපය විසි කර කතාබහ කරද්දී තවත් අය මරාගෙන මැරෙන්නට හදති. මේ රටේ ඇත්තේ මේ රටටම ආවේණීක පුදුම විදියේ බුද්ධාගමක්ය. මේකට ශ්‍රී ලාංකික බෞද්ධ මොඩලය යැයි කීවද වරදක් නැති තරමට එහි අනන්‍යතාව කැපී පෙනෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රභූ බුද්ධාගමත් තිබේ. නිර්ප්‍රභූ බුද්ධාගමත් තිබේ. ඒ අතරින් ප්‍රභූ බුද්ධාගමට අතීතයේ සිටම රාජ්‍ය අනුග්‍රහය ලැබී ඇත. අතීතයේ තිබූ රාජ්‍ය අන්‍රග්‍රහය එලෙස තබා ගැනීමට මෙකලද භික්ෂූ සංස්ථාව ලොකු උත්සාහයක් දරණ බව ජන සන්නිවේදන මාධ්‍ය තුළ දැකගත හැකිය. ප්‍රභූ බුද්ධාගම රාජ්‍ය උරුමය ලබා ගැනීමට හා ලැබූ රාජ්‍ය උරුමය එලෙසම රැක ගැනීමට ඈත අතීතයේ සිටම රජවරු උත්හාස දරන ලද බව ශ්‍රී ලාංකික ඉතිහාසය මනා සාධකයකි. ඈත අතීතයේ භාරතයෙහි බ්‍රාහ්මණයන් ඔවුන්ට හා හින්දු ධර්මයට රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීමට හා ලැබූ රාජ්‍ය අනුග්‍රහය එලෙසම පවත්වා ගැනීමට විශාල වෙහෙසක් දරණ ලද බව මනුස්මෘතිය හා භගවත් ගීතාව වැනි හින්දු මූලාශ්‍ර අනුව පැහැදිලි වේ. එසේම අතීත භාරතීය රජවරු රාජ්‍ය බලය ලැබීමට හා එය තහවුරු කර ගැනීමට හින්දු බ්‍රාහ්මණයන්ගේ අනුග්‍රහය පැතූ බවටද ඉහත එම කෘති සාධක සපයයි. මේ අනුව බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර යැයි කුල සතරකට බෙදී තිබූ පැරණි භාරතීය සමාජයේ වර්ණාශ්‍රම ධර්ම, කුලභේදය ආදී දේ දැඩිව බලපැවැත්විණ. පැරණි භාරතීය සමාජයේ බ්‍රාහ්මණ වංශිකයන්ට පහළින් සිටි ක්ෂිත්‍රියන්හට ඊට ඉහළින්ම සිටි බ්‍රාහ්මණයන්ගේ පක්ෂපාතීත්වය හා කැමැත්ත ලබා ගැනීමේ අවශ්‍යතාව තිබිණ. කුල ක්‍රමය අනුව ඉහළින් සිටියද බ්‍රාහ්මණයන්ට රාජ්‍ය බලය නොවූ බැවින් රාජ්‍ය බලය තිබූ ක්ෂිත්‍රියන්ගේ සහයෝගය සමාජයේ බලවත්කම ලැබීම පිණිස බ්‍රාහ්මණයන්ට උපකාරී විය. මේ නිසා බ්‍රාහ්මණයන් හා අතීත භාරතීය රජවරු රාජ්‍ය බලය සඳහාම එකිනෙකාගේ පිට කසා ගනිමින් උනුන් හා පක්ෂපාතීව කටයුතු කළහ. භාරතයට සමගාමීව ශ්‍රී ලංකාවේද ඈත අතීතයේ සිට බුද්ධාගම හා රාජ්‍ය බලය සමඟ දක්නට ඇත්තේ මීට සමාන තත්වයකි. විශේෂයෙන්ම මෙරට මහින්දාගමනයේ සිටම ව්‍යාප්ත වූයේ බුදුරදුන් ජීවමාන සමයේ භාරතයේ තිබූ බුදුදහමට වඩා වෙනස් අමුතු මොඩලයක වූ බුද්ධාගමකි.

එය රාජ්‍ය බලය හා ප්‍රභූත්වය හා සබැඳි බුද්ධාගමක් විය. මහින්දාගමනයක් සමඟ මෙරටට බුදු දහම ලැබීමේ ආරම්භක අවස්ථාවේදීම බුදු දහමේ ශ්‍රි ලාංකික අනන්‍යතාව වූ මහින්ද බුද්ධාගමේ මොඩලය හඳුනාගත හැකිය. මහාවංශය, වංශකතා සාහිත්‍යය බඳු ඓතිහාසික වාර්තා අනුව දෙවනපෑතිස් රජු හා මහින්ද හිමියන් අතර ඇති වූ බුද්ධිමය සංවාදයකින් පසුව මෙරටට බුදු දහම හඳුන්වා දුන් බව පැවසේ. එහිදීද සෘජුව බුදු දහම ගනුදෙනු කර ඇත්තේ සාමාන්‍ය පොදු ජනතාවගෙන් පරිබාහිර හුදු රාජ්‍යත්වය හා රාජකීයත්වය සමඟ බව පෙනී යයි. පසුව ඇති වූ භික්ෂු පැවිද්ද හා භික්ෂූණි පැවිද්ද පිළිබඳව සංසිද්ධීන්ගෙන් පවා මේ ලාංකික බුද්ධාගමේ ප්‍රභූ මොඩලය වඩාත් තහවුරුව කැපී පෙනෙයි. දෙවනපෑතිස් රජුගේ අමාත්‍ය මණ්ඩලයේ සිටි අරිට්ඨ ඇමතියා පැවිදි වීම හා විනය සංගායනා කිරීමෙන් ලාංකික ප්‍රභූ බුද්ධාගමේ මොඩලය මෙරට ස්ථාපිතවී යැයි මහින්ද හිමියන්ගේ මුවට නඟා ප්‍රකාශ කිරීම, අනුලා බිසව ප්‍රධාන ප්‍රභූ කාන්තා පිරිසක් සසුන්ගතවීමෙන් ලාංකික ප්‍රභූ භික්ෂූණි පැවිද්දේ මොඩලය ස්ථාපිත වීම ආදී සංසිද්ධින් මෙයට නිදසුන් ලෙස සැලකිය හැකිය. සාමාන්‍ය ජනතාවට වඩා රටක රජු ඇතුළු ප්‍රභූ පිරිස සමඟ ළංව කටයුතු කිරීමේ අවශ්‍යතාව හා අනන්‍යතාව මේ ලාංකික ප්‍රභූ බුද්ධාගමේ මොඩලයේ කැපී පෙනෙන සුවිශේෂී වූ අනන්‍යතාවක් ලෙස හඳුනාගත හැකිය. ශ්‍රී ලාංකික ඉතිහාසය විවිධ හැල හැප්පීම්වලට දිගින් දිගටම ලක්වූවද හුදු රාජ්‍ය බලය හා ප්‍රභූත්වය ලබා ගැනීමේ අවශ්‍යතාව ලාංකික ප්‍රභූ බුද්ධාගමේ මොඩලයට තිබූ ඇති බව මහා විහාරය, අභයගිරිය, ජේතවනරාමය ආදී විවිධ බෞද්ධ ගුරුකුල බිහිවීමේ හේතු සාධක සලකා බැලීමේ දී ඉතා හොඳින්ම පැහැදිලි වී යයි. රජවරු උසිගන්වා රාජ්‍ය බලය ලබා පසුව රාජ්‍ය බලය උපයෝගී කරගෙන විවිධ වරදාන, වරප්‍රසාද, ගම්බිම්, ඉඩකඩම් ආදී ලාභ ලැබීමේ අවශ්‍යතාව මේ ගුරුකුල බිහිවීමේ පසුබිමේ පැවති ආකාරය ශාසන ඉතිහාසය ගැඹුරින් අධ්‍යයනය කිරීමේදී දැකගත හැකිය
සමාරම්භක යුගයේදී මේ තත්වය හුදු මාර්ගඵල අවබෝධයට බාධාකාරී නොවූ බව එකල මඟඵල ලාභීවූ සුවිශාල පිරිස අනුව සැලකිය හැකිය. නමුදු මේ තත්වය පසුකාලීනව වෙනස් විය. බටහිර ජාතීන් මෙරට රාජ්‍ය බලය අත්පත් කරගැනීම මෙරටේ ස්ථාපිතව පැවති ලාංකික ප්‍රභූ බුද්ධාගමේ මොඩලයට ඉතාම අහිතකර ලෙස බලපානු ලැබීය. බටහිර ජාතීන් කතෝලික, ක්‍රිස්තියානි ආදී ඒක දේවාදය කේන්ද්‍රකරගත් ආගමක් ඇදහීමද එහි ආභාෂය ලැබූ බටහිර සංස්කෘතියද ඊට ප්‍රබල ලෙස හේතු විය. මෙහි උච්චතම අවස්ථාව 1815 උඩරට ගිවිසුම අනුව නීත්‍යානූකූලවම බ්‍රිතාන්‍යයන්හට මෙරට රාජ්‍ය බලය හිමිවීමයි. මේ අවස්ථාව වනවිට මෙරට භික්ෂූ සාමණේර පැවිද්ද පවා නොමැති මට්ටමකට ලාංකික ප්‍රභූ බුද්ධාගමේ මොඩලය පිරිහී පැවතින. එකල මෙහි තිබූ උඩරට ප්‍රභූ බුද්ධාගමේ මොඩලයට අනුව ලංකාවේ විසූවේ ගණින්නාන්සේලා නමින් හැඳින්වු පිරිසකි. මොවුහු භික්ෂූන් නොවූහ. මේ ගණින්නාන්සේලා නමින් හැඳින්වූයේ ගිහියන් ලෙස ආවාහ විවාහ ආදියට ඇතුළත්ව දූදරුවන් ලබා කෘෂි කර්මය ආදී රැකියාවන්හි නිරත වූ එසෙම පාංශුකූල ආදී ආගමික කටයුතු කිරීමට අවශ්‍ය වූ අවස්ථාවලදී කහ රෙද්දක් ඇඟ දවටාගෙන ඒ කාර්යයන් ඉටුකර ඊට නියමිත කුලය ගෙන පසුව යළිත් ගිහියන් ලෙසම ජීවත්වූ ගිහි වත හා පැවිදි වත යන දෙකටම අයත් ක්‍රියා කරමින් කාලය ගතකළ අර්ධකාලීන ආගමික පූජක පිරිසකි. පසුකාලයකදී වැලිවිට සරණංකර හිමි සියම් උපසම්පදාව මෙරටට ගෙන ඒමතුළ මෙරට වියැකී ගොස්තිබූ අතීත ලාංකික ප්‍රභූ බුද්ධාගමේ මොඩලය යළිත් ප්‍රකෘතිමත් කිරීම දැකිය හැකිය. පසුව සියම් මල්වතු අස්ගිරි රාමඤ්ඤ අමරපුර ආදී වශයෙන් නිකාය භේදය වර්ධනයවූයේද මෙරටතුළ වර්ධනය වූ ලාංකික ප්‍රභූ බුද්ධාගමේ මොඩලය තුළ සාමාන්‍ය ජනතාව හා කුලීන ප්‍රභූ රාජ්‍යත්වය හා පක්ෂපාතී බව දැක්වූ පිරිස අතර තිබු වෙනස වඩ වඩාත් පැහැදිලි පරතරයකට පත්වූ බැවිනි. සියම් මල්වතු අස්ගිරි පාර්ශව මේ අනුව ලාංකික ප්‍රභූ බුද්ධාගමේ මොඩලය නියෝජනය කළ අතර රාමඤ්ඤ අමරපුර ආදී පාර්ශව ලාංකික නිර්ප්‍රභූ බුද්ධාගමේ මොඩලය නියෝජනය කළේය. මේ නිකාය භේදය මුල්කාලීනව උපසම්පදාව ගෙනපැමිණි රට මුල්කරගෙන ඇති වුවද පසුකාලීනව ඒ ඒ නිකායට අනුව පැවිදි කළයුතු අයගේ කුලය, ජන වර්ගය, මව්පිය පෙළපත් නාමය ආදී වශයෙන් මුල්කාලීන පාලි ත්‍රිපිටක බුදු දහමේ බුදුරදුන් ප්‍රතික්ෂේප කර වදාළ කරුණුවලට මුල්තැන ලබාදී ඇති ආකාරය පැහැදිලිව දැකගත හැකිය. මේවාට ඔවුන් විසින් ලබාදී ඇති හේතුසාධක දුටුවිට සිහිපත්වනුයේ රා  බීමට කිතුලට නැග්ග මිනිසාගේ උපමාවයි. රජු දුටු විට කුලහීන පැවිද්දන් නැගිටීම මෙසේ හීනකුල යැයි සම්මත පවුල්වල දරුවන් පැවිදි කරගැනීම ප්‍රතික්ෂේප කරගැනීමට හේතුව ලෙස සියම් මල්වතු ආදී නිකාය දක්වන හේතුව සැබෑ ථේරවාදී පාලි ත්‍රිපිටක බෞද්ධ ඉගැන්වීම්වලට අනුව නම් අමූලික අසත්‍යයක් බව ඉඳුරාම පැහැදිලි වේ. මේ අනුව සියම් හෝ මල්වතු නිකායක පැවිද්ද ලැබීමට නම් ගොවිගම හෝ උඩරට රදළ ආදී ඉහළ කුලයක වීම අනිවාර්ය සාධකයකි. මෙය බුදුන් වදාල සැබෑ ඉගැන්වීම් අනුව පිලිගත නොහැක.
බුදුරදුන් ජීවමාන කාලයේදී හත් හැවිරිදි වියේදීම පැවිදි උපසම්පදාකර පසුව අර්හත්වය ලැබූ සුනීත, සෝපාක යන දෙදෙනාම අතීත භාරතීය ජන සමාජයේ නින්දාවට පරිභවයට ලක්වූ පහත්ම කුලයවූ ශුද්‍ර කුලයට ලක්වූ අයයි. එසේම බුදුරදුන් ධරමාන සමයේදී පැවිදිව අර්හත්වය ලබා විනයධර තෙරුවරුන් අතර අග තනතුර හෙබ වූ උපාලි තෙරුන් රජ මැදුරේ ක්ෂත්‍රිය කුමාරවරුන්ගේ කොණ්ඩා රැවුල් කැපූ කරණවෑමියාය. මේ ආකාරයටම මුල් කාලීන බුදු සසුනේ පැවිද්ද ලබා පසුව අර්හත්වයට පත්වූ පිරිස අතර සුවිශාල පිරිසක් පහත් යැයි සම්මතවූ කුලවල ජනතාවගෙන් සමන්විතව සිටි අතර බුදු හිමියන්ගේ ඔවුන්ගේ කුලය ජාතිය ආදී භේද නොසලකා හුදු ඔවුන්ගේ දක්ෂතාව හා ආධ්‍යාත්මික හැකියාව අනුව අග්‍ර තනතුරු ලබාදීමෙන් හා සෑම අයෙකුටම ශාක්‍යපුත්‍ර වූ ශ්‍රමණ යන නාමය ලබා දීමෙන් බුද්ධකාලීන භික්ෂු හා භික්ෂූණී සංස්ථාතුළ සමානාත්මතාව තහවුරුකර තිබේ. මේ තත්වය වෙනස්වීමේ හැරවුම් ලක්ෂය බුදුරදුන් පිරිනිවීමෙන් පසුව මාස 03 කට පසුව පැවැත්වූ ප්‍රථම ධර්ම සංගායනාවේදී දැකගත හැකිය. සැරියුත්, මුගලන් දෙනම මෙන්ම මහා කාශ්‍යප හිමියන්ද බ්‍රාහ්මණ සමාජයට අයත් වූවෙකි. බුදුරදුන්ද ක්ෂිත්‍රියෙකු බැවින් බුදුන් ජීවමාන කාලයේදී භික්ෂු භික්ෂුණි සංස්ථා තුළ බ්‍රාහ්මණ බලය මැඩ පැවතී තිබිණ. නමුදු බුදුරදුන් පිරිනිවීමෙන් පසුව එම අධිකාරී බලය අහෝසිව ගිය බැවින් යළිත් භික්ෂු භික්ෂුණී සමාජයතුළ බ්‍රාහ්මණ බලයට නැගී සිටීමට අවස්ථාව සැලසිනි. ප්‍රථම සංගායනා අවදිය එහි කැපී පෙනෙන අවස්ථාව සනිටුහන් කරන්නකි. ධර්මසංගීතිය සඳහා යෝග්‍ය භික්ෂූන් 500 ක් මහා කාශ්‍යප හිමි විසින් එහිදී තෝරා ගන්නා ලද අතර ඊට වඩා සුවිශාල භික්ෂූ පිරිසකට ධර්ම සංගීතිය පැවති රජගහ නුවරටවත් පැමිණීමට නොහැකි සේ අජාසත් රජු ලවා රාජානුග්‍රහයෙන් රකවල් කරවා තිබූ බව ධර්ම සංගයනා වාර්තාවල සඳහන්ය. එලෙස ධර්ම සංගිතියට සහභාගීවීමට නොහැකිවූ සුවිශාල සංඝ පිරිසට අයත් වූ විශාල ශිෂ්‍ය භික්ෂු පිරිසකගේ ආචාර්වරයෙකුවූ මුල්ශ්‍රාවක පිරිසට අයත් ශාසනභාර මහතෙර නමකවූ දක්ඛිණ ගිරියේ විසූ පුරාණ හිමි ධර්ම සංගිතිය පැවැත්වීමෙන් පසුව රජගහ නුවරට පැමිණි අවස්ථාවේදී මහා කාශ්‍යප හිමි ධර්ම සංගිතිය පිළිබඳව අනුමැතිය අපේක්ෂා කළ නමුදු පුරාණ හිමිගේ පිළිතුර වූයේ සංගිතිය හොඳින් සිදු වුවද තමන් ඇතුළු පිරිස බුදු මුවින් දේශනා කර ඇති ආකාරයටම බුද්ධ දේශනා පිළිගන්නා බවකි. මෙහි ව්‍යංගාර්ථය බුද්ධ දේශිත වූ සැබෑ බුදු දහමේ නිර්ප්‍රභූ මොඩලය මිසක සංගීතිකාරක බ්‍රාහ්මණ ප්‍රභූ මොඩලය තමන් නොපිළිගන්නා බවයි.
උපතින්ම ක්ෂිත්‍රියෙකු වූ බුදුරදුන් ජීවමාන යුගයේ භාරත සමාජයේ බ්‍රාහ්මණ බලය ඉහළින් වැජඹුනු අතර බුදු සසුනතුළට එම තත්වය ඇතිවීම වැලැක්වීමට බුදුහු ක්‍රියා කළහ. වේද සාහිත්‍ය රචනාකොට තිබූ බ්‍රාහ්මණයන් ඉතා උසස්කොට සැලකූ සංස්කෘත භාෂාවට පොදු ජනතාවගේ භාෂාව මාධ්‍යය ලෙස එකල සැලකූ මාගධී ( පාලි ) බසින් තිබූ බුදුරන්ගේ ඉගැන්වීම් පරිවර්තනය කිරීමට බුදුන්වහන්සේගෙන් අවසර ඉල්ලාසිටි අවස්ථාවේ බුදුරදුන් එයට එරෙහිවීම නිර්ප්‍රභූ බුදු දහම ප්‍රභූ බුද්ධාගම බවට පත් කිරීමට බුදුරදුන් දැක්වූ අකමැත්තට හා විරෝධයට නිදසුන් ලෙස දැක්විය හැකිය. ලක්දිවට මහින්ද හිමි රැගෙන පැමිණියේ එවකට භාරත සමාජයතුළ විනාශවී යාමේ තර්ජනයට හසුව පැවති භාරතීය බ්‍රාහ්මණ ප්‍රභූ මහා කාශ්‍යප මොඩලයයි. භාරතීයේ තිබූ මුස්ලිම් ආක්‍රමණ විවිධ තර්ජන හමුවේ සැබෑ බුදු දහමේ නිර්ප්‍රභූ ගවම්පති මොඩලය විනාශවී නැත්තටම නැතිවී ගියේය. මහින්දාගමනයට පෙර බුදුන් ශ්‍රී ලංකාවට වැඩමවූ බවට සඳහන්ය.චූලෝදර මහෝදර සොයුරු නාරජවරුන්ගේ ප්‍රශ්නයකට වැඩි අවස්ථාවේදී එය සංසිඳවා මැණික් පුටුව මතහිඳ දම් දෙසූබව කියවේ.එසේ නම් ඒ අවස්ථාවේදී බුදුරදුන් ජීවමාන කාලයේදී භාරතයේ තිබූ නිර්ප්‍රභූ අව්‍යාජ බුදු දහම මෙරට පොදු ජන සමාජයට හඳුනා ගැනීමට අවස්ථාව ලැබී ඇත. නමුදු මහින්දාගමනයේන් පසුව මෙරට ප්‍රභූ බුද්ධාගම ස්ථාපිතවූ ආකාරයට එය මෙරටතුළ ස්ථාපිත නොවීමට හේතුව කුමක්ද? නිර්ප්‍රභූ බුදු දහමේ මොඩලයට වඩා ප්‍රභූ බුද්ධාගමේ මොඩලයට ලංකාවාසී ජනතාවතුළ පැවති පිළිගැනීම ඊට හේතුවක්ද? ජීවමාන බුදුන් විසින්ම ව්‍යාප්තකළ නිර්ප්‍රභූ මොඩලයට වඩා ඒ බුදුරදුන්ගේ පශ්චාත් කාලීන අනුගාමිකයෙකු වූ මිහිඳු හිමිගේ ප්‍රභූ මොඩලය බලවත්වූයේ මන්ද? මෙරට ප්‍රජාව තුළ තිබූ අනන්‍යතා ලක්ෂණ මැනවින් හඳුනා ගැනීමට මිහිඳු හිමි දැක්වූ අනූකූලතාව වෘක්ෂ පර්වත වන්දනාව වෙනුවට ආරාම, බෝධි වන්දනාව ජනප්‍රිය කරවීම බුදු දහමේ නිර්ප්‍රභූ මොඩලයේ ප්‍රතිපත්ති පූජාවට අභිබවමින් ප්‍රභූ බුද්ධාගමේ මොඩලයේ ආමිෂ පූජාව ඉදිරියට පැමිණීමේ පැහැදිලි හැරවුම් ලක්ෂයකි. නුවර යුගයට අයත්වූ බුද්ධාගම පිරිහුනු කාලවකවානුවතුළ ප්‍රතිපත්තියට වඩා ආමිෂය කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණීම ආමිෂ පූජාවට අයත් දළඳාවට අතිමානුෂික ගෞරව කිරීමේ ප්‍රභූ බුද්ධාගමතුළ පැහැදිලිව දැකගත හැකි ලක්ෂණයකි. ඒ ප්‍රභූ බුද්ධාගමේ මොඩලය සියම් මල්වතු අස්ගිරි පාර්ශව වෙත ලැබෙන රාජ්‍ය අනුග්‍රහ මඟින් නිරූපණය වේ.

රාජකීය පණ්ඩිත, ත්‍රිපිටචාකාර්ය, අභිධර්ම විශාරද
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ (PhD)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.