ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, July 23, 2017

පස් වැනි වරටත් සීනි සමග කොකේන් කිලෝ 160 ක් අල්ලයි..!!! රිෂාඩ් නිදහසේ ...!!!

පසුගිය වසරේ ජුනි 14 වෙනිදා සිට හය වැනි වරටත් මහා පරිමාණ කොකේන් තොගයක් ඊයේ රත්මලාන බොරුපන රජයේ ආර්ථික මධ්‍යස්ථානයට ආනයනය කරන ලද සීනි කන්ටේනරයක තිබී අල්ලා ගන්නා ලදී. මෙය සීනි සමග කොකේන් අල්ලා ගත් පස්වන අවස්ථාවයි. එක් අවස්ථාවක් ඉක්වදෝරයේ සිට ආ තේක්ක ලී කන්ටේනරයක් තුල කොකේන් තොගයක් තිබිණ. ඊයේ ඇල්ලූ තොගයට කොකේන් කිලෝ 160 ක් අඩංගු වූ අතර ඒවා කිලෝ 16 පැකට්ටු ලෙස පැකට් 10 ලෙස තිබිණ. ඒවායේ වටිනාකම රුපියල් කෝටි 300 ක් පමණ වේ.

මෙම සීනි තොගයද පෙර ඒවා මෙන්ම බ්‍රසීලයේ සිට ගෙන්වන ලද ඒවා ය. සීනි ආනයනය කළ ව්‍යාපාරිකයා ද කලක් තිස්සේම සීනි ආනයනය කරන්නෙකි. සතොස සහ රජයේ ආයතනට වලට අවශ්‍ය සීනි සැපයීම සඳහා ටෙන්ඩර් කැඳවා සැපයුම් කරුවන්ට බාර දෙන අතර එවැනි ලියාපදිංචි සැපයුම්කරුවන් දස දෙනෙකු වෙති. ඊයේ කොකේන් හසුවූ සීනි ආනයනකරුවාද ඒ දස දෙනාගෙන් අයෙකි. මොවුන් කලක් තිස්සේම සීනි ආනයනය කරන බැවින් රේගුවේ දී නිසි පරීක්ෂාවකට ලක් නොවේ. මෙම වැටලීම කෙළේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහගේ මෙහෙයැවීම යටතේ පොලිස් කණ්ඩායමක් විසිනි.
6 වන වතාවටත් සීනි සමග කොකේන් හසුවුනද මේ සීනි ආනයන කරුවන් කියන්නේ තමන් ඒ ගැන නොදන්නා බවයි. පුදුමය නම් පොලිසිය විසින් අල්ලා ගැනීමකින් තොරව සීනි ආනයන කරුවන්ටම තමන්ගේ කන්ටේනර් වල කොකේන් තිබී කිසිදු අවස්ථාවක හමු නොවීමයි. (නමුත් සමහර සීනි ආනයන කරුවන් මේ වන විට බ්‍රසීලයෙන් සීනි ආනයනය අත්හිටුවා තිබේ.) එමෙන්ම පොලිසියද කොකේන් තොග අල්ලනවා විනා මේ දක්වා ඊට සම්බන්ධ කිසිදු පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙනද නැත. ඒ ඇයි..? වෝඩ් පෙදෙසේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කෝටිපතියා ඇල්ලුවායින් පසු අද දක්වා සුදනුන් සේ පෙනී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ පසුබිමේ සිටිනා මහා පරිමාණ කෝටිපතියන් කිසිවෙකු අත් අඩංගුවට ගෙන නැත. (වෙලේ සුදා යනු සිල්ලර මත්ද්‍රව්‍ය වෙළෙන්දෙක් මිස මහා පරිමාණ මොළකාරයෙක් නොවේ) මැලේසියාවට වී සිටින මුජහෙඩීන් ලා තවම නිදැල්ලේ ය.
මේ කොකේන් ජාවාරම සම්බන්ධයෙන් පසුගිය මාර්තු 13 වැනිදා ලංකා ඊ නිව්ස් “සීනි කන්ටේනර් සමග කොකේන් කිලෝ ගණන් ගෙන්වූ මහ මොළ කාරයා හසුවුනත් පොලිස්පති සහ මත්ද්‍රව්‍ය නාශක ලොක්කා එකතු වී ලිස්සා යවයි..! “ මැයෙන් ප්‍රවෘත්තියක් පළ කෙළේය. එහිදී අප හෙළිකර සිටියේ මෙම ජාවාරමට සම්බන්ධ දෙහිවල ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු හසුවුවද පොලිස්පති පූජිත ජයසුන්දරගේ උපදෙස් මත ඔහුව නිදහස් කර යැවූ බවයි. එම ව්‍යාපාරිකයා මත්ද්‍රව්‍ය නාශක අංශයට කැඳවූ අවස්ථාවේ දී එහි එන කාගේ වුව වාහනයේ විස්තර සටහන් තැබෙන නමුදු ඒ වත් සඳහන් නොකර, ඔහුගෙන් ප්‍රශ්න කළා යැයි සඳහනක් හෝ නොමැතිව ඔහු සමග සතුටු සාමීචියේ යෙදී යන්නට දුන්නේ ය.
මීට පෙර කොකේන් තොග ඇල්ලූ අවස්ථා මෙසේය…
ජුනි 14 දා සීනි කන්ටේනර් වල තිබී විශේෂ කාර්ය බලකාය විසින් කොකේන් කිලෝ 85 ක් ද,
ජුලි 22 දා සීනි කන්ටේනර් වල තිබී මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් කොකේන් කිලෝ 301 ක්ද,
නොවැ. 10 දා පෙතියාගොඩ සීනි කන්ටේනර් වල තිබී මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් කොකේන් කිලෝ 32 ක් ද,
නොවැ. 24 දා ඔරුගොඩවත්තේ සීනි කන්ටේනර් වල තිබී මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් කොකේන් කිලෝ 200 ක්ද,
දෙසැ. 09 දා තේක්ක කන්ටේනර් වල තිබී මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් කොකේන් කිලෝ 800 ක්ද, අල්ලා ගන්නා ලදී

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.