ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, July 31, 2017

වරායක් කරගෙන යන්න බැරි නපුංසකයො රැලක්…- වරාය විකුණලා අත්පුඩිත් ගැහුවා

සමස්ථ ලංකා වරාය පොදු සේවක සංගමය ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ  (30) කොළඹ දි පැවති මාධ්‍ය හමුවකදි හම්බන්තොට වරාය බදුදිම සම්බන්ධයෙන් අදහස් පලකර සිටියා.
“හම්බන්තොට වරාය පිළිබඳ ගිවිසුම ඒ බොරු පොරොන්දු දිලා තාවකාලිකව අත්හිටවලා මේ හොර ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ. මේ ගිවිසුම අත්සන් කරන මොහෙතේ චීන නියෝජිතයා විසින් ප්‍රකාශ කළා දකුණු ආසියාවේ ප්‍රමුඛතම වරාය වශයෙන් ගොඩ නැගීම සිද්ධකරනවා කියලා. මේ ආණ්ඩුවේ ඇමතිවරු අත්පුඩි ගැහුවා. මේ හදපු වරායක් ක්‍රියාත්මක කරගෙන යන්න බැරි පාලක රැලක් පිටරටින් ආපු චීන නියෝජිතයාගේ ප්‍රකාශයට අත්පුඩි ගහන එක මොනතරම් විලිසංගයක් නැති වැඩක් ද? රටේ මේ පාලකයනේ වැරැද්ද මේ තියෙන්නේ. සියළු බලවේග එකතු කරලා ආණ්ඩුව ගෙන යන මේ වැඩපිළිවෙළ පරාජය කිරීම සඳහා වූ වැඩපිළිවෙළ අපි සකස් කරනවා.”

සිරිසේන- වික්‍රමසිංහ දුෂ්ඨ ආණ්ඩුව කැබිනට් එකත් අන්දලා…ගොන් කැබිනට් එක රවට්ටලා..පෙන්නුවේ එකක් අත්සන් කලේ තව එකක්…

CM Port කියන චීන සමාගම සමග අත්සන් කල ගිවිසුම කොයි පැත්තෙන් බැලුවත් නීතිවිරෝධී ගිවිසුමක් බවත්  මේ ගිවිසුම අවලංගු කරන්න අවශ්මේ‍ය බවත්  ගිවිසුම ක්‍රියාත්මක වීම වැළැක්වීම සඳහා ගතහැකි සෑම පියවරක්ම ගන්නා බවත් ජාතික නිදහස් පෙරමුණ නියෝජ්‍ය නායක ජයන්ත සමරවීර  (29) කොළඹ පැවති මාධ්‍ය හමුවකදි සදහන් කළා.
“තායිලන්තය හරහා අගෝස්තු මාසෙදි කපලා ඉවර වෙනවා සේද මාවත. කැපුවට පස්සේ සේද මාවත කිලෝමීටර් 1600 කින් විතර කෙටි වෙනවා. සේද මාවත කොට වෙනකොට ශ්‍රි ලංකාව හරහා යන සේද මාවතේ නැව් ටික ඔක්කෝම යන්නේ හම්බන්තොට වරායට අත වනවනා දවසකට නැව් 500ක් විතර හම්බන්තොට මාගම්පුර ඓතිහාසික වරායේ දොරකඩින් යනකොට යන නැව් ටිකට තෙල් ටික වතුර ටික සපයන්න අපිට හැකියාව තියන කොට අපිට ඇති වෙන මොකවත් නොකළත්. එතකොට ඩොලර් වැහි වහින්න ගන්නවා. ඒ ඩොලර් වැහි වහිනකොට හම්බන්තොට වරාය අපිට අහිමි වෙනවා. කාටද ඒක අයිති චීනෙට. අද දෙනවා ඒ වරාය චීනෙට, කියකටද ඇ. ඩො 1400කට.”
“සිරිසේන- වික්‍රමසිංහ දුෂ්ඨ ආණ්ඩුව කැබිනට් එකත් අන්දලා තියෙන්නේ. මේ ගොන් කැබිනට් එක එක්කෝ අන්දලා රවට්ටලා නැත්නම් කොමිස් වලට අරගෙන තියෙන්නේ.

උසස් අධ්‍යාපනය අනතුරේ හෙලන බෞද්ධ විශ්වවිද්‍යාල

අපේ රටේ මිනිසුන්ගේ නූගත්කම අඩු අධ්‍යාපන හැකියාව බුදු දහම වැනි විෂයක් පිළිබඳ ඇති මෝඩකමට එසේම බලපා ඇත. මේ මෝඩකම නොමනා අන්දමින් ආයුධයක් ලෙස භාවිතා කිරීමට මේ රටේ බොහෝ අය හුරුව සිටිති. බුදු දහම පිළිබඳව මේ රටේ සාමාන්‍ය ප්‍රජාවගේ ඇති නොදන්නාකම බහුලව අවභාවිතා කරනුයේ භික්ෂූන්ය. මේ භික්ෂූන් වර්ග කීපයකට බෙදිය හැකිය. එක වර්ගයක් නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ භික්ෂූ කොටසයි. ඔවුන්ද යළිත් අනු කොටස් කීපයකට බෙදිය හැකිය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා උපාධිධාරීයෙකු වූ නමුදු පාලි හා බෞද්ධ අධ්‍යයන විෂය ක්ෂේත්‍රයට අදාළව හා ඊට විරෝධී පරිබාහිර විෂය ක්ෂේත්‍රයකට අදාළ යැයි මේ අනු කොටසද යළිත් බෙදීමට ලක්කළ හැකිය. පාලි හා බෞද්ධ අධ්‍යයන විෂය ක්ෂේත්‍රයට අදාළවන උපාධි ලැබූ හා ලැබීම පිණිස විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන භික්ෂූ පිරිස ක්‍රමානූකූළව හීන වෙමින් පවතියි. ඒ අතර වෙනත් විෂය ක්ෂේත්‍රයන්වලට අයත් උපාධි ලැබූ හා ලැබීම පිණිස විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන භික්ෂු පිරිස අනුක්‍රමිකව වර්ධනය වෙමින් පවතියි. ගිහි පිරිස අතර මේ තත්වය වඩාත් නරක අතට හැරී ඇත. ගිහියන් අතරින්ද පුරුෂ පාර්ශවය වඩ වඩාත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට යොමුවීම ඉතාම අඩුව ඇත. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සමස්ත පිරිසගෙන් 65 % කටත් වඩා කාන්තාවන්ය.

Sunday, July 30, 2017

නපුංසක අපතයන් කෝටි ගණනක අල්ලස් මත චීනයට පැවරූ හම්බන්තොට වරාය

අප්‍රිකාවේ නාවික මර්මස්ථානයට චීන හමුදාව ඇතුළු වේ.. චයිනා මර්චන්ට් .‘ගල්ෆ් මුතු ඇටය’ වු ඩිජිබවුටි වරාය ගත් ආකාරයෙන්ම පෙරදිග මුතුකැටය වූ ලංකාව අල්ලා ගත් හැටි..
 ලෝකයේ ව්‍යාපාරික නාවික කේන්ද්‍රයක් වන අප්‍රිකාවේ ඉතියෝපියාවේ අසල පිහිටි ඩිජිබවුටි Djibouti City රතු මුහුදේ පිහිටි ගල්ෆ් හි මුතු කැටය ලෙස විරුදාවලිය ලත් අතිශයින් වානිජ වශයෙන් වැදගත් රටකි. Link
එම රටේ ඇති වටිනාම සම්පත නම් එරට වරාය යි, ලෝකයේ මිලකල නොහැකි වටිනාම නාවික මාර්ග ඔස්සේ පිහිටා ඇති ඩිජිබවුටි වරාය අද වනවිට චයිනා මර්චන්ට් හෝල්ඩින්ගස් සමාගම මිලදි ගෙන ඇත.

මේහොර තක්කඩි පිශාචයා ඵළවනු...!!!

ඇමති රවි කරුණානායක සම්බන්ධයෙන් මහ බැංකු බැඳුම්කර මගඩිය ගැන පරීක්‍ෂණ කරන ජනාධිපති කොමිසම හමුවේදී හෙලි වූ කරුණු අනුව විශ්වාස භංගයග් ගෙන ඒමට පෙර නම්බු පිටින් ඉල්ලා අස්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් යෝජනා කර තිබේ.

Saturday, July 29, 2017

හම්බන්තොට වරාය චීනයට දීම අද කොළඹදි සිදු වූ වගයි..

එදා උඩරට ගිවිසුම 1815 අත්සන් කොට රට බ්‍රිතාන්‍යයට අපේ මව්බිම දුන්නාට නොදෙවෙනි හම්බන්තොට වරාය චීනයට දීම අද එනම් 2017 ජූලි මස 29 වෙනිදා කොළඹදි සිදු විය.
හම්බන්තොට වරාය වසර 99 කට චීන මර්චන්ට් සමාගමට පැවරිමේ ගිවිසුමට අත්සන් කරමිනි.
මෙරටේ මතු පරම්පරාවට අයත් මේසා විශාල වටිනා දේපලක් චීන සමාගමට පැවරීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය නඩුවක් ගොනුකර ඇති අවස්ථාවක ශ්‍රීලංකා වරාය අධිකාරියේ පනත උල්ලංඝනය කරමින් වසර 99 ක් සඳහා බදු දීම ගැන මහා බැංකු බැදුම්කර වංචාව මෙන්ම කොමිසමක් ඉදිරියේද විභාග වනු ඇත.

Friday, July 28, 2017

කරුප්පයියාගේ පවුලම පට්ට හොරු....!!!

බැදුම්කර හොරුන් ඇමති රවිට දුන් සුපිරි නිවස වහන්න ගොස් තවත් රහස් තොගයක් හෙලිවෙයි.. මුළු පවුලම මාට්ටුයි..!!!


GLOBAL TRANPORTATION AND LOGISTIC සමාගමේ සභාපතිවරයා ඔහු සතු සේප්පුවක රුපියල් මිලියන 145 කට අධික මුදල් නෝට්ටු තැන්පත් කර තැබීම මුදල් විශුද්ධිකරණයට උත්සහ ගැනීමක් විය හැකි බව තමන් පිළිගන්නේ යැයි එම සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරියා අද බැදුම්කර කොමිසමේදී ප්‍රකාශ කළේය.
එම සමාගම 2016 වසරේදී කොළඹ නගරයේ සුඛෝපභෝගී මහල් නිවාසයක් මිලදි ගැනීම සම්බ්න්ධයෙන් බැදුම්කර කොමිසම සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ මේ බව අනාවරණ විය.
අද කොමිසමේ කටයුතු ආරම්භ වූ මොහොතේ කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන  පැවසුවේ ප්‍රාථමික වෙළදපොලේ සහ ද්විතීය වෙළඳපොලේ බැදුම්කර ගනුදෙනු හරහා පර්පෙචුඅල් ට්‍රෙෂරීස් සමාගම උපයාගත් විශාල මුදල යෙදවූයේ, කුමන ආයෝජන සඳහා දැයි යන්න කොමිසම සොයාබැලිය යුතු බවයි.වීඩියෝ සහිතයි

පැට්ටා, මෙල්වින්,ගාමිණී යහපාලන මැර හමුදාව මෙන්න

පොලීස් බාර ඇමති ඉන්නේ සූප්පුව කටේ ගහගෙන… හම්බන්තොට වරාය කියන්නේ ආණ්ඩුවේ භූමියක් නොවේ…
කළුපුල්වත්තේ බන්දු පැට්ටා, මෙල්වින්, සිංහපුර ගාමිණී, බණ්ඩාර නැමැති මැරයන් ගෙනැවිත් ඛණිජ තෙල් සේවකයන්ට පහර දුන් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.ඊයේ (27) පාර්ලිමේන්තුවේ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනාව සම්බන්ධයෙන් විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කළේ පොලීසිය සහ මැර කණ්ඩායම් ඒකාබද්ධය මේ පහරදිම කල බවයි.

මැරුණු කොටි යළි මතුවේ...!!!

අතුරුදන් හා මරා දැමූ බව පැවසූ හිටපු කොටි 200 ක්‌ රටවල් 5 ක...!!!
 අතුරුදන් වූ හෝ මරාදැමූ බවට ප්‍රචාරය වූ කොටි 200 ක්‌ රටවල් පහක සිටින බව හෙළි වී ඇත.
එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්‌මින් සුකා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ වාර්තාවකින් මේ රහස හෙළි වී තිබේ.

යුරෝපා අධිකරණය කොටි අරමුදල් තහනමත් ඉවත් කරයි

යුරෝපා අධිකරණය විසින් කොටි ජාත්‍යන්තර ජාලය සතු අරමුදල් තහනමද ඉවත්කර ඇත. මේ බව එම අධිකරණය ලබාදුන් නඩු තීන්දුවේ සඳහන් වී තිබේ
2011 සහ 2015 අතර කාලයේ කොටි අරමුදල් තහනම් කර තිබූ අතර මෙම නඩු තීන්දුව නිසා එම තහනම අවලංගු වී ඇත.
යුරෝපා අධිකරණය මෙම පියවර ගෙන ඇත්තේ යුරෝපය තුළ සිදුවූ කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරකම් ගැන කිසිදු වාර්තාවක්‌ යුරෝපා අධිකරණයට ඉදිරිපත් නොවීම නිසාය.

ආරක්‍ෂක අංශ යටතේ තිබූ තවත් උතුරේ ඉඩම් අක්‌කර 705ක්‌ අයිතිකරුවන්ට භාර දෙයි

රජයේ හා ආරක්‍ෂක අංශ වල ප්‍රයෝජනයට ගෙන තිබුණු උතුරේ වැසියන්ට අයත් ඉඩම් අක්‌කර 705 ක්‌ ඒවායෙහි අයිතිකරුවන්ට බාරදීම පසුගිය සතිය තුළ ඒ ඒ පළාත්වල ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් සිදුවී තිබේ.
එම ඉඩම් ආපසු ලැබී ඇත්තේ යාපනයේ මයිලිට්‌ටි, කන්කසන්තුරේ, මුලතිව් පළාතේ කේපාපිලව්, තෝමරන් හා කිළිනොච්චියේ පරවිපංචාන් යන පළාත් වලිනි.

Tuesday, July 25, 2017

අපේ ජාතික කොඩිය නාඳුනන බෙනේ රිලව් රංචුවක් පැරිසියෙන් මතුවේ....!!!.......!!!

ජාතික කොඩියේ ජාතික සළකුණ වන සිංහයාගේ නැට්ටෙන්  ජාතික කොඩිය ඵල්ලා  දමා සිදුකළ අමන උත්සවයක්  පසුගිය ඉරුදිනදී පවත්වා  ඇතැයි අපට වාර්තා කොට තිබුණා.අඳෝමැයි ...., මේ  උත්සවය සඳහා ප්‍රංශයේ සිටින ශ්‍රී ලංකා තානාපතියාද ඇතුළුව බෞද්ධ භික්‍ෂූන්ද සහභාගීවී සිනහමුසුව සිටිනු දක්නට ලැබිණ.ඵමෙන්ම ධර්මාචාර්‍ය වරුන් යැයි කියා ගන්නා රොත්තක්ම සිටියහ . මෙය සිදු කොට ඇත්තේ කාටත් හොර රහසේ තෝරා ගත් රිළා පණික්කයන් ,පණික්කියන් පිරිසක රැස්වීමෙනී.රටේ  ජාතික කොඩිය  වත් හරිහැටි නොහඳුණන ඵය භාවිතා කිරීමට නොදන්නා තකතීරුවන් හට රටට කළ සේවය අගයා සම්මාන දීමට ඇති අයිතිය කුමක්දැයි සෙසු ප්‍රංශවාසී ශ්‍රීලාංකික ප්‍රජාව අසති.විස්තර පහතින්

පත්තරේ දැන්වීම් දමා දරුවන්ට බලන්න අඬගහන අසනීප වූ පියා...!!!

 (24) ලංකාදීප පුවත්පතේ පළවූ එක්තරා වෙළෙඳ දැන්වීමක් මේ කාලයේ සමාජය ගැන කලකිරිමක් ඇති කරවන අනුවේදනීය පුවතක් ගෙන ඇවිත් තිබුණි.
අසනීප වූ පියෙකු තමා බලන්නට දරුවන් නොපැමිණි නිසා ඒ බව දන්වන්නට වෙනත් ක්‍රමයක් නැතියෙන්
පුවත්පතට මුදල් ගෙවා දැන්වීමක් පළකර තිබේ. මෙම සංසිද්ධිය යට සැඟවුණ කරුණු කාරණා මොනවාදැයි වැඩිදුර විස්තර නොවුණත් පියෙකුට එවන් දෙයක් කරන්නට සිදුවන තරමට පුතුන් අහක බලා තිබීම කණගාටුවට කාරණාවකි.

නැව් හොරා රාජිතයා මෙන්ම කරුප්පයියාද කොමිසම මඟහරී..!!!

ඇමැති රවිට සිතාසි...!!!
 විදේශ කටයුතු අමාත්‍ය සහ හිටපු මුදල් ඇමැති රවි කරුණානායකගෙන් සාක්‍ෂි ලබාගැනීම සඳහා අද (26 දා) යළි බැඳුම්කර ජනාධිපති කොමිසම වෙත කැඳවනු ලැබ ඇත.
ඒ අනුව සිතාසියක්‌ මගින් ඒ බව රවි කරුණානායක  වෙත කොමිසම විසින් දන්වා ඇතැයි කොමිසමේ ආරංචි මාර්ග හෙළි කරයි.
රවි කරුණානායකට ඊයේ (25 දා) ද කොමිසම හමුවට සාක්‍ෂි දීමට පැමිණෙන ලෙස ද කොමිසම විසින් දැනුම් දීමක්‌ කර තිබුණත් කැබිනට්‌ රැස්‌වීමක්‌ හේතුවෙන් ඊයේ (25 දා) දින කොමිසමට පැමිණීමට නොහැකි බව රවි කරුණානායක  වෙනුවෙන් පෙරේදා (24 දා) කොමිසම හමුවේ පෙනී සිටි නීතිඥ සඳුන් ගමගේ  කොමිසමට දන්වා සිටියේය.

කරුප්පයියා පට්ට හොරෙකු බවට අප පෙන්වා දුන් සියල්ල තවත් තහවුරුයි....!!!


ඇතැම් මාධ්‍ය රෙදි නැතුව කරුප්පයියා වැනි පට්ට දූෂිත දේශපාලන හොරුන් පිම්බීමට කඩේ යද්දී අප ලංකානිව්ස් ඇතුළු අතලොස්සක් පෙරමුණේ සිට නිර්භයවම මේ හොරුන්ට ඵක දිගට පහර දුනී. ඒ කළ හෙළිදරව් ප්‍රමාණාත්මකව වර්ධනය කරමින් තවත් දෑ කරළිය හමුවට ඵමින් පවතී මේ ඒ තවත් සිදුවීමකී. 
බැදුම්කර බෑණා ඇමති රවීට ලක්‍ෂ 14ක මාසික කුලියට ගෙයක් අරන් දීලා…
 මහ බැංකු බැදුම්කර මගඩියේ ප‍්‍රධාන චූදිතයෙක් වන පර්පෙච්චුවෙල් ට‍්‍රෂරීස් අධිපති අර්ජුන් ඇලෝෂියස් විසින් මුදල් ඇමති රවි කරුණානායකට කොළඹ පිහිටි අධි සුඛෝපබෝගී මහල් නිවාසයක් කුලී මුදල් ගෙවමින් ලබා දුන් බව බැදුම්කර මගඩිය සම්බන්දයෙන් පරීක්‍ෂා කරන ජනාධිපති කොමිසම හමුවේ හෙලි විය.

Sunday, July 23, 2017

පස් වැනි වරටත් සීනි සමග කොකේන් කිලෝ 160 ක් අල්ලයි..!!! රිෂාඩ් නිදහසේ ...!!!

පසුගිය වසරේ ජුනි 14 වෙනිදා සිට හය වැනි වරටත් මහා පරිමාණ කොකේන් තොගයක් ඊයේ රත්මලාන බොරුපන රජයේ ආර්ථික මධ්‍යස්ථානයට ආනයනය කරන ලද සීනි කන්ටේනරයක තිබී අල්ලා ගන්නා ලදී. මෙය සීනි සමග කොකේන් අල්ලා ගත් පස්වන අවස්ථාවයි. එක් අවස්ථාවක් ඉක්වදෝරයේ සිට ආ තේක්ක ලී කන්ටේනරයක් තුල කොකේන් තොගයක් තිබිණ. ඊයේ ඇල්ලූ තොගයට කොකේන් කිලෝ 160 ක් අඩංගු වූ අතර ඒවා කිලෝ 16 පැකට්ටු ලෙස පැකට් 10 ලෙස තිබිණ. ඒවායේ වටිනාකම රුපියල් කෝටි 300 ක් පමණ වේ.

‘පූර්ව මුස්ලිම් ජාතිකයන්ගෙන්‘ විශේෂ පණිවිඩයක්.... !!!

ඉස්ලාම් ආගම මිත්‍යාවක් බවත්, එය ප්‍රමාණයට වඩා ඇදහීමෙන් අතිශය භයානක ප්‍රතිඵල අත්වන බවත් ඉස්ලාම් ආගම අතහැර ගිය අයගේ සංගමය (පූර්ව මුස්ලිම් ජාතීන්) මෙරට මුස්ලිම් ජනතාව වෙන විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම නිකුත් කර ඇති එම මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.
මුස්ලිම්වරුන් ඉස්ලාම් දහම ගැන ප්රවේසම් විය යුතුය – ලාංකික පුර්ව මුස්ලිම් සංගමය
හිතවත් මුස්ලිම් සහෝදර / සහෝදරියන් වෙත !
ඉස්ලාම් ආගම වෙනත් ආගම් හා සමාන හුදෙක් මිත්‍යා විශ්වාසයක් බව ඔබ දැනුවත් වීම ඉතා වැදගත්. එය සීමාව ඉක්මවා විශ්වසකිරීමෙන්/ඇදහීමෙන් භයානක ප්‍රතිඑල අත්විය හැක.
ඔබ විශ්වාසකරන ආකාරයටම අපද මෑතක් වනතුරු එය එසේ විශ්වාස කල නමුත් පසුව එය මිථ්යාවක් බව මනාව තේරුම් ගෙන එම විශ්වාසයන්ගෙන් ඉවත්වීමට කටයුතු කළෙමු. අපගේ අතීත අත්දැකීම සහ ඔබගේ වර්තමාන ක්‍රියාපිළිවෙත් සලකා බලන කල, අප ඔබට අවධාරණය කරන්නේ ලක්වාසී සියල්ලන්ගේම සුභසාධනය හා යහපත් ජීවිතය තකා ප්‍රවේසෙමෙන් කටයුතු කිරීම ඉතාමත් වැදගත් බවයි.නිවේදනය පහත දැක්වේ.

දේශාභිමානත්වය ජාතිවාදයේ ලේබලයෙන් නවතාලීමට තැත් දරණ කාළකණ්නි යහපාලුවන්ට ...!!!

ඥානසාර හාමුදුරුවන් උද්වේගකාරී ලෙස හැසිරෙන බවටත් ප්‍රකෝපකාරී ලෙස ආගම් වාදය සහ ජාති වාදය අවුස්සන බවටත් චෝදනා ලැබ ඇත. මෙය බෞද්ධ භික්ෂුවකට උචිත නොවන බවත්, උන් වහන්සේ වනගත ව කමටහන් වැඩිය යුතු බවත්, වැඩි වැඩියෙන් බණ දේශනා කරන්නට පෙළඹිය යුතු බවත්, ඇසෙන නෑසෙන ලෙස බිම බලාගත්වන ම මුදු මොලොක් ලෙස ම අදහස් පළ කළ යුතු බවත් බොහෝ දෙනෙකු පවසන්නේ ය.
උන්වහන්සේලා නිහඬව කමටහන් වැඩියහොත් විදේශීය අන්තවාදීන්ට තම මූලධර්මවාදී මත පතුරුවා බෞද්ධයින් තම ආගම් වලට හරවා ගැනීමේ කාර්යය ඉතා පහසුවෙන් කළ හැකි ය. නමුත්, ඔවුන්ගේ ඒ අන්තවාදී අරමුණ ඉටු කර සිංහල බෞද්ධයින් විනාශ කිරීම කළ නොහැකි වී ඇත්තේ අද භිෂුන් වහන්සේලා බෞද්ධයා සහ බුද්ධ සාසනය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවී කටයුතු කරන නිසා ය. මෙය හඳුන්වන්නේ පර්යාප්ති සාසනය යනුවෙනි. අද ලංකාවේ තවමත් බුද්ධ සාසනය නොනැසී පවතින්නේ පර්යාප්ති සාසනය හේතුවෙනි. සමහරක් බෞද්ධ රටවලින් බුද්ධ සාසනය නැතිවී යාමට හේතු වූයේ භික්ෂූන් වනගත ව, සාමාන්‍ය ජනතාවගෙන් ඈත් ව විදර්ශනා වැඩූ නිසා ය. භික්ෂූන් සාමාන්‍ය ජනතාව සමඟ ගැටෙන තරමට බුද්ධාගම ද සුරැකෙනු ඇත.

ඉස්ලාම් අන්තවාදීන් ඉන්දුනීසියාවේ පන්සල් 6ක් ගිනිතබා වනසයි !!!

ඉන්දුනීසියාවේ බෞද්ධ විහාරස්ථාන 6ක් ගිනිතබා විනාශ කර ඇති අතර, ඉන්දුනීසියානු බලධරීන් උපුටා දක්වන විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම ගිනී තැබීම සම්බන්ධයෙන් ඉස්ලාම් භක්තිකයන් 7ත් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට එරට පොලීසිය කටයුතු කර ඇති බවයි.
උතුරු සුමාත්‍රා දූපතේ, තන්ජුන් බාලි නගරයේ පිහිටි මෙම විහාරස්ථාන එරට සුළුතර චීන ජාතිකයන් සිය ආගමික කටයුතු සදහා භාවිතා කර ඇතැයි සදහන්. සුමාත්‍රා දූපතේ ජීවත් වන චීන කාන්තාවක්, ඇගේ නිවස අසල පිහිටි මුස්ලිම් පල්ලියෙන් නැගෙන අධික ශබ්දය පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසුව බෞද්ධ සහ කොන්ෆියුසියස් දහමට සම්බන්ධ පන්සල්වලට ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.

ලෝක උරුම කමිටුව දඹුලු විහාරය ස්‌මාරක ලැයිස්‌තුවෙන් ඉවත් කිරීමට කිසිම තිරණයක්‌ ගෙන නැත....!!!

පුරාවිද්‍යා උපදේශක සභාව බොරුවක්‌ දඹුලු සෙල්ලම තාම ඉවර නෑ..!!!
.මෙයින් පෙනී යන්නේ අගමැතිවරයාගේ සහ ඇමතිවරයාගේ බලය යටතේ මධ්‍යම සංස්‌කෘතික අරමුදල් පනත හරහා සිද්ධස්‌ථාන පාලනය කිරීමට ගත් නිහීන උත්සාහයකි. දෙමල ඩයස්‌ පෝරාවෙන් සහ එන්.ජී.ඕ. බත් බැලයන්ගෙන් යෑපෙන එමෙන්ම ජාත්‍යන්තර කමිටු ඉදිරියේ දණින් වැටෙන ආණ්‌ඩුව ඊට එරෙහි වන ඕනෑම බලයක්‌ ශූන්‍ය කිරීමට මුළු ගැන්වෙන බව මෙම සිද්ධියේදී පෙන්නුම් කර තිබේ. නව ව්‍යවස්‌ථාවක්‌ සැකසීමේදී ජාත්‍යන්තරය සහ ජගත් එන්.ජී.ඕ. වල ඉලක්‌කයක්‌ පරිදි ලංකාව අනාගමික රාජ්‍යයක්‌ බවට පත් කිරීම වත්මන් රජයේ අභිප්‍රායයි. බුද්ධාගම ප්‍රමුඛස්‌ථානය හිමිවන නව වන වගන්තිය ඒ මගින් අහෝසි වේ. පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ව්‍යවස්‌ථාදායක සභාවේ කමිටු නිර්දේශ මගින් එය තහවුරු වේ. දඹුලු විහාරය දළදා මාළිගය ඇතුළු සාංඝික දේපළ පාලනය සංඝයා වහන්සේලා වෙතින් ඉවත් කර රජය මගින් පාලනය කිරීම පිණිස පසුබිම සකස්‌ කරලීමට මධ්‍යම සංස්‌කෘතික අරමුදල යොදා ගැනීම මේ උපායයි. දඹුලු විහාර භාරකාරත්වය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යම් එකඟතාවකට පත්ව සිටිද්දී පවා එයට ඇමතිවරයා විසින් බාධා පමුණුවන්නේ එම කපටි උපාය සාර්ථක කරගැනිමටයි. එසේම ලෝක උරුම කමිටුව විසින් දඹුලු විහාරය ස්‌මාරක ලැයිස්‌තුවෙන් ඉවත් කිරීමට කිසිම තිරණයක්‌ ගෙන නොතිබියදීත් ජනතාව ඉදිරියේ බොරු බේගල් ඇදබාන්නේ ජාත්‍යන්තරය ඉදිරියේ පවා මහා සංඝරත්නය හෑල්ලුවට ලක්‌ කිරීමටයි. නමුත් අවසානයේ අසමත්භාවයට පත් වන්නේ පවත්නා ආණ්‌ඩුවම බව කවුරු කවුරුත් සිහි තබා ගත යුතුය.සම්පූර්ණ  හෙළිදරව්ව පහතින්....

නේපාලයේ ප්‍රජා රේඩියෝ විප්ලවයක පෙරගමන්කරුවා... සාගර්මාතා

ප්‍රජා රේඩියෝ (Community Radio) සඳහා ලොව පුරා පිළිගත් නිර්වචනයන් තිබෙනවා. ප්‍රජාව විසින් කළමනාකරණය කරන, ප්‍රජාව විසින්ම නඩත්තු කරනු ලබන හා නිශ්චිත භූමි පෙදෙසක ප්‍රජාවට සේවය කරන රේඩියෝ සේවයන් එම කාණ්ඩයට අයත්.රජයෙන් පවත්වා ගෙන යන රේඩියෝ, වාණිජ මට්ටමෙන් කරන රේඩියෝ යන කාණ්ඩ දෙකට සාමාන්තරව ප්‍රජා රේඩියෝ ද මෑත දශකවල ලොව බොහෝ රටවල දියුණු වී තිබෙනවා.

අපේ රටේ තවමත් ලෝක නිර්වචනයට අනුකූල වන ප්‍රජා රේඩියෝ කිසිවක් නැහැ. රජයේ ගුවන්විදුලි සංස්ථාව 1980 සිට ඉදිරියට පවත්වා ගෙන ගිය ග්‍රාමීය විකාශයන් කීපයකට මේ ප්‍රජා රේඩියෝ ලේබලය වැරදි සහගත ඇලවූ බව නම් අපි දන්නවා.

දකුණු ආසියාවේ සැබෑ ප්‍රජා රේඩියෝ ඇරඹුණේ හා වැඩිපුරම පරිණාමය වී ඇත්තේ නේපාලයේ. විසි වසරක ප්‍රජා රේඩියෝ අත්දැකීම් දැන් නේපාලයට තිබෙනවා. ඉන්දියාව හා බංග්ලාදේශයද ඊට පසු ප්‍රජා රේඩියෝ සඳහා අවසරදීම පටන් ගත්තා. ශ්‍රී ලංකාව (තොරතුරු නීතිය මෙන්) පමා වී හෝ මේ මගෙහි යයිද යන්න තවමත් පැහැදිලි නැහැ.

Saturday, July 22, 2017

කාළකණ්නි දේශපාලුවෙකුගේ තවත් එක් අපාධයක්....!!!

කඳපොල බෲක්‌සයිඩ් වතුයාය සුපිරි හෝටල් සංකීර්ණයකට බිලිදෙයි....!!! අක්‌කර 300යි බද්ද අවුරුදු 99යි...!!!

 උමා ඔයේ කඳුළු කඳුරටින් වියෑකී යන්නටත් පෙර තවත් කඳුළු කතාවක්‌ සීතල නුවරඑළියෙන් වාර්තා වේ. ඒ තවත් සුවිසල් හෝටල් ව්‍යාපෘතියක්‌ සඳහා නුවරඑළියේ අති සංවේදී ප්‍රදේශයක්‌ වන කඳපොල උඩපුස්‌සැල්ලාව වතු යායෙන් අක්‌කර තුන්සියයක්‌ අවුරුදු අනූනමය (99) බදු පදනම මත "කොම්පැණිකාරයකුට" විකුණන්නට කැබිනට්‌ අනුමැතිය ඉල්ලා සිටීම නිසාය.

අමාත්‍යාංශ මණ්‌ඩල සංදේශ අංක 2017/22 යටතේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය සහ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය යන අමාත්‍යාංශ දෙකේ අමාත්‍යවරුන් වන කබීර් හෂීම් සහ මලික්‌ සමරවික්‍රම යන ඇමැතිවරුන්ගේ අත්සනින් යොමුකර ඇති මෙම කැබිනට්‌ පත්‍රිකාව ප්‍රකාරව, නුවරඑළිය නගරයට නැගෙනහිරින් කිලෝ මීටර් 14 ක දුරින් හා මුහුදු මට්‌ටමේ සිට මීටර් 1761 ක උසකින් යුතු හෙක්‌ටයාර් 385 (අක්‌කර 962) කින් සමන්විත කඳපොල "බෲක්‌සයිඩ්" වතුයායේ අක්‌කර තුන්සියයක්‌ (300) මෙසේ දැවැන්ත හෝටල් ව්‍යාපෘතියක්‌ සඳහා ලබාදීමට අනුමැතිය ඉල්ලයි.

සමස්ත ජාතියම නිවටුන් කළ නපුංසක යහපාලන හැත්ත....!!!

එක්‌සත් ජාතීන්ගේ සංගමයේ මානව හිමිකම් සහ ත්‍රස්‌ත විරෝධී විෂයය සම්බන්ධව පත් කර ඇති විශේෂ නියෝජිතයකු වන බෙන් ඉමර්සන් නමැත්තා මෙම මස (ජුලි) 4 වැනිදා දින 10 කට ලංකා රජයේ ආරාධනාවෙන් දිවයිනට පැමිණියේය. ඔහු මෙහි පැමිණියේ අප ජාත්‍යන්තර නීතියට අනුකූලව ත්‍රස්‌තවාදයට එරෙහිව යුද කර ඇත්දැයි බැලීමට සහ "සංහිඳියාව" සඳහා සම්මත වූ ජිනීවා යෝජනාවට අනුව රජය ඒ සම්බන්ධයෙන් මෙතෙක්‌ ගෙන ඇති පියවර කවරේද යන්න සොයා බැලීමටය. රජයේ දේශපාලනඥයන්, හමුදා ප්‍රධානීන්, නීතිපති මෙන්ම, සිරගෙයි ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ රඳවා සිටින කොටි ත්‍රස්‌තවාදීන්ද හමුවූ මොහු සිය වාර්තාව සමඟ කොළඹ එක්‌සත් ජාතීන්ගේ සංගමයේ කාර්යාලයේදී මාධ්‍ය සාකච්ඡාවක්‌ ද පවත්වා පිටව ගියේය. මොහු පිටව ගියේ නිකම්ම නොවේ. යුද අපරාධ කළ හමුදා භටයන්ට විරුද්ධව කටයුතු කිරීම ප්‍රමාද යෑයිද, ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත දෙමළ ජනයාට අසාධාරණයක්‌/හිංසා කිරීම සඳහා යොදා ගත්තේ යෑයිද, ලංකාව සම අනුග්‍රාහකත්වය දැක්‌වූ ජිනීවා යෝජනාව පූර්ණව ක්‍රියාත්මක නොකළොත් ඉදිරියේදී දරුණු විපාකවලට මුහුණදීමට සිදුවේ යෑයිද යනුවෙන් දැඩි තර්ජනයක්‌ ද කළ පසුවය.

කාමයේ වරදවා හැසිරීම සහ නූතන සමාජය....!!!

බෞද්ධ සමාජ ප්‍රතිමානය නම් පංචශීල ප්‍රතිපදාවයි. එය සමාජය කෙරෙහි මෛත්‍රී පූර්වකව පැවතිය යුතු මූලික ස්ථාවර පහක් පිළිබඳව පෙන්වා දෙනු ලබයි. මෙහි අන්තර්ගතව ඇත්තේ ප්‍රාණ ඝාතය, සොරකම, සාවද්‍ය මෛථුනය, මුසාවාදය හා මත්ද්‍රව්‍යය යන සමාජගත පැවැත්ම බිඳ හෙළීමට ආධාර වන මූලික කරුණු පහකින් වැළැක්වීම යහපත් ‍බව පෙන්වා දෙයි. මෙයින් කාමේසු මිච්ඡාචාරා යන තෙවන කරුණින් අදහස් වන්නේ සාවද්‍ය මෛථුනයෙන් වැළකීමයි. මෙහි සඳහන් සාවද්‍ය මෛථුනය යනු කුමක්ද? සාම්ප්‍රදායික අර්ථකථනයන්හි දැක්වෙන්නේ විවාහ දිවියෙන් පරිබාහිර ලිංගික ඇසුරෙන් වැළකීම සාවද්‍ය මෛථුනය බවයි.
මෙසේ අර්ථ දැක්වීම වැරදි නොවුණත් එම අර්ථ දැක්වීමේ එක්තරා සීමා සහිත බවක් පවතින බව පෙනෙයි. කිසියම් සංකල්පයකට නිර්වචනයක් සැපයීමේ දී අදාළ නිර්වචනය මඟින් එකී සංකල්පය මුළු මනින්ම විග්‍රහ නොවී එහි එක් දේශයක් පමණක් පැහැදිලි කිරීමේ දුර්වලතාවය මෙහි විද්‍යමානය. දැනට මෙරට ක්‍රියාත්මක වන රෝම ලන්දේසි නීති ක්‍රමය අනුව අන්‍යෝන්‍ය ප්‍රතිවිරුද්ධ ලිංගික ස්ත්‍රියක් හා පුරුෂයෙක් එක් වී ඔවුන්ගේ විවාහය නීත්‍යානූකූල ලෙස ලියාපදිංචි කිරිමෙන් අනතුරුව ඔවුන් අඹු සැමියන් ලෙස එක්ව ජීවත්වීම ඇරඹීම සම්ප්‍රදායයි. මෙකී අඹු සැමියන් ලෙස දිවි ගෙවීම යනු සමාජ සම්මත ලෙස විවාහ සංස්ථාවට ඇතුළත්ව ඔවුන් දෙදෙනා අතර පමණක් ලෙස සීමා කරනු ලබන නීත්‍යානූකූල ලිංගික ඇසුරයි. මෙහි කිසිදු ගැටළුවක් නොමැත. සමාජය මෙය එකහෙළා අනුමත කරන බැවිනි. විවාහ වී දූදරුවන් ලැබීම සමාජ සම්මතය ලෙස ද සැලකෙන හෙයිනි.

සතොස විදේශයෙන් ගෙන්වන සහල් තොගවල සගවා කුඩු-කොකේන් ගෙන්වයි..

සතොස විසින් විදේශයින්ගෙන් ආනයනය කරන සහල් තොග සමග මත්කුඩු හා කොකේන් තොග පිටින් ගෙන්වන බවට සමස්ථ ලංකා ආපන හිමියන්ගේ සංගමය චෝදනා කරයි.
මෙරටට ගෙන්වන සියළුම භාණ්ඩ පරීක්‍ෂා කල හැකි ක‍්‍රමවේදයක් නොමැති වීම රටක් ලෙස ලැජ්ජාවට කරුණක් යයි එම සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙයි.
අදාල සම්පූර්ණ නිවේදනය මෙසේය.

රිෂාඩ් අපතයාගේ කුඩු මෙහෙයුම අස්සේ කුඩු නාලිකා මෙහෙයුමක් හෙළිවේ...!!!

ඇමති බදියුදීන් රූපවාහිනී ගුවන් විදුලි නාලිකා දෙකක් අරඹයි.. රට පුරා විකාශනය සූදානම්..!!!

 ඇමති රිෂාඩ් බදියුදීන් විසින් රූපවාහිනී නාලිකාවක් හා ගුවන් විදුලි නාලිකාවක් ආරම්භ කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති බවට මාධ්‍ය වාර්තා පල වෙයි.
මෙම නාලිකාවන් රට පුරා විකාශණය කිරීම සදහා ආණ්ඩුවෙන් අවසර ලබා ගැනීම සදහා ඇමතිවරයා මේ දිනවල දැඩි වෙහෙසක් දරමින් සිටින බවත් එය සාර්ථක මට්ටමට පැමිණ ඇති බවත් සදහන්ය.

අශෝක ධර්මය කුමක්ද....?

අශෝක රජු පිළිබඳ විවිධ පුවත් පවතී. ඒ රජු කාලයකදී පැවිදි වී සිටි බවට පවා ඇතැම් විද්වතුන් තුළ මතයක් පවතී. නමුදු ඒ සඳහා පිළිගත හැකි සාධක කිසිවක් හමු වී නැත. අශෝක රජු මුලින් ප්‍රචණ්ඩ බව ගරුකර සලකා ක්‍රියා කිරීමත්, දෙවනුව ධර්මිෂ්ට බව ගරුකර සලකා ක්‍රියා කිරීමත් බොහෝ දෙනෙකුගේ උණුසුම් කතාබහට හේතු වී තිබේ. කෙසේ නමුදු අශෝක රජු රාජ්‍යත්වයට පැමිණීම පිණිස එකල භාරතයේ රට අභ්‍යන්තරයේ පැණ නැඟී තිබුණා වූ බොහෝ අභ්‍යන්තර කැරළි කෝලාහළ හා යුද්ධ සංසිඳුවීමට අවශ්‍ය වූයෙන් ඒ සඳහා මුළු ශක්තිය යෙදවීය. මේ නිසා බොහෝ මනුෂ්‍ය ඝාතන ද සිදු විය.
 මේ හේතුව නිසාම අශෝක රජු චණ්ඩාශෝක ලෙස ප්‍රකට විය. නමුත් ක්‍රමයෙන් බෞද්ධ භික්ෂුවක් වෙතින් සද්ධර්ම ශ්‍රවණය ලබා දහම් රසය විඳ ගත් පසු ඒ අනුව කටයුතු කිරීමට ඉටා තමන් එතෙක් කළ මනුෂ්‍ය ඝාතන ක්‍රියා සියල්ල අත්හැර, රටවල් ආක්‍රමණය කිරීමෙන් වැළකී, සියළු රටවල් වෙත තමන් රස විඳී දහමේ සිසිලස ලබා දීමට ක්‍රියා කළ බැවින් අශෝක රජු චණ්ඩාශෝක ලෙස හැඳින්වීම බැහැර වී ඒ වෙනුවට ධර්‍මාශෝක ලෙස හැඳින්විනි.

රාජිත නැව් හොරා තප්පුලන ගෙරි වදන්....!!!

මේ දේශපාලන කාළකණ්නීන් තැන තැන වපුරන සමාජ විරෝධාකල්පයන් නිසා රටේ බහු ජාතිය වන සිංහල ජනතාවට මහත් ව්‍යයසනයක් සිදුවේ. වරක් මේ තිරිසන් මානවයා සිය මෝඩ පුත්‍රයා   සමග මුලතිව් ප්‍රදේශයට ගොස් ද්‍රවිඩයන් අමතා සිංහලයන් පතුරු ගැසුවේය .මේ රාජිත නැමති රටේ අවාසනාවට පහළවූ තක්කඩියා කළ සමාජ විරෝධී කථාවක සම්පිණ්ඩනයකී.


සියලු ජාතින්ට සම අයිතිය දිය යුතුයි.. මුස්ලිම් රටවල වෙනත් ජාතීන් ද ඉන්නවා..

බේරුවල අබේපිටිය ඉක්රා කාර්මික විද්‍යාලයේ 25 වන සැමැරුම් උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන්පැවැත්වීණි.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය  තිරිසනා,...

සිංහල ළමුන්ට මත්ද්‍රව්‍ය බෙදන තම්බි වෙළෙන්දෝ රටපුරා .....!!!

දරුවන් මත්වෙන සීනි බෝල විකුණූ වෙළෙන්දා රිමාන්ඩ්...!!!


 මත්වන ආකාරයේ සීනි බෝල හා ටොෆි අලෙවි කළ බව කියන නාත්තන්ඩිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු 20 දා පස්‌වරුවේ මාරවිල මහෙස්‌ත්‍රාත් මහේන්ද්‍ර රාජා  අගෝස්‌තු 2 දා තෙක්‌ රක්‌ෂිත භාරයට පත් කරන ලදී.
මොහු නාත්තන්ඩිය වලහපිටිය පාරේ මොහොමඩ් නිෂාම් මරික්‌කාර් නමැත්තෙකි.

මාරවිල පොලිසිය පැමිණිල්ල මෙහෙය වූ අතර මුදලට ජාතිය පාවා දෙන අපතයෙක් වන නීතිඥ ලලන්ත සරච්චන්ද්‍ර  විත්තිය වෙනුවෙන් පෙනී සිටියේය.

මං උප ජනාධිපති වෙනවා..- ඇමති මනෝ...!!! මීළඟ පිළිලය

නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව මගින් උප ජනාධිපතිනම් තුනක් ඇති කරන බවත් ඉන් එක උප ජනාධිපති ධුරයක් තමනට හිමිවන බවත් ඇමති මනෝ ගනේෂන්  විසින් සදහන් කර ඇත.
ඇමතිවරයා විසින් මේ බව සදහන් කර ඇත්තේ තමනට හිතවත් ව්‍යාපාරිකයින් පිරිසකටය.

Thursday, July 20, 2017

දීපියව්...රටම කාපියව් යහපාලන නපුංසකයෙනිී...!!! ජනතාව දෙස් තබති...!!!

මුලතිව් කෙප්පාපිලව් අක්‌කර 189 ක්‌
මුල් හිමිකරුවන්ට භාරදෙයි....!!!

මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්‌ථානය යටතේ තිබූ ඉඩම් අක්‌කර 189 ක්‌ යළි මුල් හිමිකරුවන්ට පෙරේදා (19 වැනිදා) යුද හමුදාව විසින් භාරදී ඇත.
මුලතිව්, කෙප්පාපිලව් ප්‍රදේශයේ අක්‌කර 189 ක්‌ මෙසේ යළි මුල් හිමිකරුවන්ට ලබාදී තිබේ. කෙප්පාපිලව් ප්‍රදේශයේ එම ඉඩම් මුහුදුබඩපත්තු ප්‍රදේශීය ලේකම් කාර්යාලයේදී මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්‌ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්‌ඩලික විසින් ජනතාවට නිල වශයෙන් භාරදීම සිදුකෙරිණි.

වළගම්බා රජු සඟුන්ට පූජා කළේ දේශපාලකයන් ‍පෝෂණය කරන්න නොවේ…සංරක්ෂණය මුවාවෙන් එන්න හදන්නෙ මොකටද...?

වළගම්බා රජු සඟුන්ට පූජා කළේ වෙනත් ස්ථාන හෝ දේශපාලකයන් ‍පෝෂණය කිරීමට නොවන බව රංගිරි දඹුලු උරුමය සුරැකීමේ සංවිධානය පවසයි.
රංගිරි දඹුලු උරුමය සුරැකීමේ සංවිධානය විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එහි ප්‍රධාන සංවිධායක උපාලි රන්ජිත් සදහන් කළේ ඇමැතිවරයාගේ අරමුණ වී තිබුණේ පන්සල් අතර භේදයක් ඇති කොට මුදල් උත්පාදනය කරන රැකියා උත්පාදනය කරන වාණිජකරණයට නතු කිරීමේ වැඩපිළිවෙළක් ඇති කිරීම වන අතර ඇමැතිවරයාට වැරදුණු තැනද එය බවයි.

කරුප්‍පයියා ගේ කරුංකා සහ කොකේන්.....!!! ලංකාව විනාශ කරන බදුර්දීන් අපතයා එලවා දමන්න...!!!

කොකේන් තොගය ගෙන්වා ඇත්තේ ප‍්‍රබල ඇමතිවරයෙක්.. බදියුදීන් ද පැටලේ.. මෙන්න සියළු තොරතුරු..
පසුගිය 20  දිනයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද කොකේන් මත්ද‍්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 3.2 (කෝටි 320) ඉක්මවන බව පොලීසිය පවසයි. රත්මලාන විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ සතොස ගබඩාවකට ගෙනයමින් තිබූ සීනි කන්ටේනරයක තිබූ කොකෙන් කිලෝ 3230ක් ඊයේ දිනයේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.වීඩියෝ සහිතයි

Sunday, July 16, 2017

වරදකරු වීරයා කර වීරයා දඟ ගෙට දැක්‌කවීම ...!!!

රහස්‌ පොලීසියෙන් හිටිහැටියේ අත්අඩංගුවට ගත්
කවුද මේ කොමදෝරු ඩී.කේ.පී.දිසානායක

මේ එළඹ තිබෙන්නේ වීරයා දංගෙඩියට දක්‌වන තරග ඉසව්ව යෑයි කිව්වාට වරදක්‌ නැත. වසර දෙකහමාරක්‌ තිස්‌සේ යහපාලනය විසින් කරන ලද කිසිම දෙයක්‌ නැතැයි රටම කීවද එල්ටීටීඊ ඩයස්‌පෝරාව නම් කියනු ඇත්තේ, මේ ටික කාලයට මාර දේවල්නේ කරගත්තේ..., කියලාය. ඒ තරමට වීරයන් පේළියක්‌ දඟ ගෙයට දක්‌කන්නට යහපාලනය බරටම වැඩ කර තිබේ. කොමදෝරු ඩී.කේ.පී. දසානායක පිළිබඳ කතාන්දරය ද අවාසනාවට, එවැනි වර්ගයේ තවත් කතාවකි.
හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක දැන් සිටින්නේ රහස්‌ පොලිස්‌ අත්අඩංගුවේය. ඔහුට එල්ල වී ඇති චෝදනාව වනුයේ යුද සමයේ නිරායුද තරුණයන් පිරිසක්‌ පැහැරගෙන ගොස්‌ කප්පම් ගෙන ඝාතනය කිරීමේ සිද්ධියට අනුබල දීමය. එය පහසුවෙන් අහක දැමිය හැක්‌කක්‌ නොවේ. නමුත් විකෘතියේ ලිප මත ඉදෙන ද්‍රෝහියාගේ බත් හැලිය තුළ වරදකරු වීරයා කර වීරයා දඟ ගෙට දැක්‌වීම අතිශය පහසු සහ ලාබ කටයුත්තකි.

Saturday, July 15, 2017

මීතොටමුල්ල ඛේදවාචකය එතැනමයි ….ජනතාවට උන්හිටි තැන් නෑ ….ආණ්ඩුව ඇග බේරා ගනී !!!

මීතොටමුල්ල මහා ඛේදවාචකය සිදූවී ජුලි 14 දිනට තෙමසක් ගත වුවද එම ප්‍රදේශයේ ජනතාව තවදුරටත් අර්බුදතා මාධ්‍යයේ ජීවත් වන බව කොළොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ ප්‍රධාන සංවිධායක නුවන් බෝපගේ පවසයි.මීතොටමුල්ල ඛේදවාචකයෙන් මිය ගිය පිරිස සිහි කරමින් ඔවුන්ගේ නම් සටහන් කල සමරු ඵලකයක් අද මීතොටමුල්ල කුණු කන්ද අභියසදී විවෘත කෙරුණා.
ඒ ප්‍රදේශයේ පදිංචිව සිටින ජනතාවගේ මැදිහත් වීමෙන්.එහිදී අදහස් දක්වමිනුයි නුවන් බෝපගේ මේ අදහස් පල කලේ.
මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීමෙන් නිවාස 98 ක් සම්පුර්ණයෙන් විනාශ වූ අතර සිද්ධියෙන් අනතුරුව තවත් පවුල් ගණනාවකට එම ප්‍රදේශය හැර යාමට සිදුවූයේ එය අවදානම් කලාපයක් ලෙස නම් කිරීම හේතුවෙනි.වීඩියෝ

යහපාලන සංහිඳියා කාළකන්ණීගේ ඇස් පාදා ගත යුතු ඵෛතිහාසික නඩු තීන්දුව.....!!!

නාවක්‌කුළියට බුදු එළිය විහිදුවන්න දෙමළ නඩුකාරතුමිය දුන් ඓතිහාසික නඩු තීන්දුව...!!!
ඉදිකිරීම් කඩිනම් කරන්නැයි නියෝග කරයි.!!!


 නාවක්‌කුලිය ජීවත් වන සිංහල පවුල් 57 කගේ ආගමික කටයුතු කරන සමිද්ධි සුමන විහාරයේ ඉදිකරන චෛත්‍ය මූලික අවශ්‍යතාවයක්‌ බැවින්ද කෙතරම් නීති රීති තිබුණද රජය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළින් 9 වන වගන්තියෙන් බුද්ධාගමට ප්‍රමුඛතාවය ලබා දී ඇති බැවින් මූලික නීතියට ගරු කරමින් නඩුව ඉවතට දමන ලදී. ප්‍රාදේශීය සභාවට නියෝග කර සිටියේ නීතිරීති අනුව විත්තිකාර හිමියන්ට චෛත්‍ය ඉදි කිරීමට අවශ්‍ය අනුමැතිය ප්‍රමාදයකින් තොරව ලබා දෙන ලෙසය. එමෙන්ම රජය බුදු දහමට ප්‍රමුඛතාවය ලබා දී ඇති බැවින් විත්තිකාර හිමියන් කිසිදු බැඳුම්කරයක්‌ යටත් නොකර නිදහස්‌ කරන බවද පැවසීය.

 උතුරු පළාතේ යාපනය දිස්‌ත්‍රික්‌කයේ නාවක්‌කුලිය දඹවල ශාන්තිපුර, යාපනයේ ඇති එකම සිංහල ගම්මානයයි. පවුල් 57 ක්‌ පදිංචි මෙම ගම්මානයේ සිංහල බෞද්ධ ජනයාගේ ආගමික කටයුතු සිදුකරන විහාරස්‌ථානය "සමිද්ධි සුමන විහාරයයි" සමිද්ධි සුමන විහාරය බුද්ධ ශාසන අමාත්‍යාංශය යටතේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විහාරස්‌ථානයකි.

Friday, July 14, 2017

මුස්ලිම් සංවිධානයකින් දැඩි ප‍්‍රහාරයක්..!!! (VIDEO)

මංගලාරාම විහාරයේ ලේකම්වරයාට මුස්ලිම් සංවිධානයකින් දැඩි ප‍්‍රහාරයක්..කැලයකට ගෙනගොස් අතපය කඩයි.


මඩකලපුව මංගලාරාම විහාරස්ථානය ලේකම්වරයාට මුස්ලිම් සංවිධානයක් පහරදී ඇති බව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරථන හිමි පවසනවා
ලේකම්වරයාට අතපය කැඩෙනකම් පහරදී ඇති බවත් මේ වන තෙක් මඩකලපුව පොලිසිය ඒ සදහා නීතිමය පියවරක් ගෙන නොමැති බවත් සමාජජාලා වෙත වීඩියෝවක් නිකුත් කරමින් සුමනරතන හිමියන් පවසයි.(VIDEO)

නිර්ප්‍රභූ බුදු දහම හා ප්‍රභූ බුද්ධාගම

මෙරට විවිධ වර්ගයේ බෞද්ධ භික්ෂූහු සිටිති. බොහෝ අයගේ භික්ෂූත්වය ඇත්තේ නමේ සහ හැඳ පෙරවන කහ රෙදිවල පමණකි. චර්යාවෙන් නම් නොවේ. ඒ අතරිනුත් සමහරු රහත්හුය. සමහරුන්ට දේශපාලන උණ විකාරවල් වැළඳී ඇත.  සමහරු පාතාල මැරයන්, චණ්ඩීන් පරිදි වේදිකාවල රඟදෙති. අයෙකු අතපය විසි කර කතාබහ කරද්දී තවත් අය මරාගෙන මැරෙන්නට හදති. මේ රටේ ඇත්තේ මේ රටටම ආවේණීක පුදුම විදියේ බුද්ධාගමක්ය. මේකට ශ්‍රී ලාංකික බෞද්ධ මොඩලය යැයි කීවද වරදක් නැති තරමට එහි අනන්‍යතාව කැපී පෙනෙයි. ශ්‍රී ලංකාවේ ප්‍රභූ බුද්ධාගමත් තිබේ. නිර්ප්‍රභූ බුද්ධාගමත් තිබේ. ඒ අතරින් ප්‍රභූ බුද්ධාගමට අතීතයේ සිටම රාජ්‍ය අනුග්‍රහය ලැබී ඇත. අතීතයේ තිබූ රාජ්‍ය අන්‍රග්‍රහය එලෙස තබා ගැනීමට මෙකලද භික්ෂූ සංස්ථාව ලොකු උත්සාහයක් දරණ බව ජන සන්නිවේදන මාධ්‍ය තුළ දැකගත හැකිය. ප්‍රභූ බුද්ධාගම රාජ්‍ය උරුමය ලබා ගැනීමට හා ලැබූ රාජ්‍ය උරුමය එලෙසම රැක ගැනීමට ඈත අතීතයේ සිටම රජවරු උත්හාස දරන ලද බව ශ්‍රී ලාංකික ඉතිහාසය මනා සාධකයකි. ඈත අතීතයේ භාරතයෙහි බ්‍රාහ්මණයන් ඔවුන්ට හා හින්දු ධර්මයට රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීමට හා ලැබූ රාජ්‍ය අනුග්‍රහය එලෙසම පවත්වා ගැනීමට විශාල වෙහෙසක් දරණ ලද බව මනුස්මෘතිය හා භගවත් ගීතාව වැනි හින්දු මූලාශ්‍ර අනුව පැහැදිලි වේ. එසේම අතීත භාරතීය රජවරු රාජ්‍ය බලය ලැබීමට හා එය තහවුරු කර ගැනීමට හින්දු බ්‍රාහ්මණයන්ගේ අනුග්‍රහය පැතූ බවටද ඉහත එම කෘති සාධක සපයයි. මේ අනුව බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර යැයි කුල සතරකට බෙදී තිබූ පැරණි භාරතීය සමාජයේ වර්ණාශ්‍රම ධර්ම, කුලභේදය ආදී දේ දැඩිව බලපැවැත්විණ. පැරණි භාරතීය සමාජයේ බ්‍රාහ්මණ වංශිකයන්ට පහළින් සිටි ක්ෂිත්‍රියන්හට ඊට ඉහළින්ම සිටි බ්‍රාහ්මණයන්ගේ පක්ෂපාතීත්වය හා කැමැත්ත ලබා ගැනීමේ අවශ්‍යතාව තිබිණ. කුල ක්‍රමය අනුව ඉහළින් සිටියද බ්‍රාහ්මණයන්ට රාජ්‍ය බලය නොවූ බැවින් රාජ්‍ය බලය තිබූ ක්ෂිත්‍රියන්ගේ සහයෝගය සමාජයේ බලවත්කම ලැබීම පිණිස බ්‍රාහ්මණයන්ට උපකාරී විය. මේ නිසා බ්‍රාහ්මණයන් හා අතීත භාරතීය රජවරු රාජ්‍ය බලය සඳහාම එකිනෙකාගේ පිට කසා ගනිමින් උනුන් හා පක්ෂපාතීව කටයුතු කළහ. භාරතයට සමගාමීව ශ්‍රී ලංකාවේද ඈත අතීතයේ සිට බුද්ධාගම හා රාජ්‍ය බලය සමඟ දක්නට ඇත්තේ මීට සමාන තත්වයකි. විශේෂයෙන්ම මෙරට මහින්දාගමනයේ සිටම ව්‍යාප්ත වූයේ බුදුරදුන් ජීවමාන සමයේ භාරතයේ තිබූ බුදුදහමට වඩා වෙනස් අමුතු මොඩලයක වූ බුද්ධාගමකි.

Thursday, July 13, 2017

යහපාලන නපුංසක කාළකණ්නීන්ගේ බේගලය සහ ඇත්ත...!!!

ආණ්ඩුව කියනවා ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් දවසකට ලක්ෂ 80ක ආදායමක් ලබනවාලු. රු 1,500 ටිකට් එකක් විකුණලා දවසකට ලක්ෂ 80ක් හොයන්න දවසකට සංචාරකයින් 5,333ක් එන්න ඕනෑ. ඒ කියන්නේ වසරකට ලක්ෂ 19.5ක් සංචාරකයින් එන්න ඕනෑ දඹුලු ලෙන් විහාරය නරඹන්න. නමුත් 2015 දී ලංකාවට පැමිණි මුළු සංචාරකයින් ගණන ලක්ෂ 18යි. මෙහෙම අතේ පත්තු වෙන බොරු ආණ්ඩුවේ ඇමතිවරුන් කියන්නේ සඟ රුවන පිළිබඳ ගෞරවය විනාශ කරන්න. පන්සලෙන් ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්න පටන් අරන් තවම මාස 4යි. මීට කලින් ටිකට් විකුණුවේ ආණ්ඩුවෙන්. එහෙම නම් දඹුල්ලේ ටිකට් විකුණලා හොයපු කෝටි ප්‍රකෝටි ධනයට මොකද ඇයි ඒ ධනයෙන් මේ චිත්‍ර සංරක්ෂණයට කටයුතු නොකලේ කියන එක ආණ්ඩුව රටට කියන්න ඕනෑ.
 ආණ්ඩුව අද දඹුළු විහාරය පිළිබඳ බොරු වපුරමින් සමස්ත ජාතිය නොමග යවමින් ඉන්නවා. ස්වාමින් වහන්සේලා දඹුළු විහාරයේ ඓතිහාසික උරුමය විනාශ වෙන්න ඉඩ හැරලා තිබෙනවා. ඇමතිතුමා උත්සාහ කරන්නේ මේ උරුමය රැක ගන්නයි කියලා වැරදි මතයක් රට තුල හදන්න ආණ්ඩුව උත්සාහ කරනවා.
දඹුළු ලෙන් විහාර සොයා ගත්තේ ගිය මාසයේ නම් මේ කතාව විශ්වාස කරන්න පුළුවන්. නැතිනම් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවා ගත්තේ ගිය මාසයේ නම් මේ කතාව විශ්වාස කරන්න පුළුවන්. පසුගිය වසර 35 පුරා දඹුළු ලෙන් විහාරයේ සංරක්ෂණ කටයුතු භාරව සිටියේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවයි සංස්කෘතික ත්‍රිකෝණ අරමුදලයි. දැනට ඒ ආයතන දෙකම තියෙන්නේ අකිල විරාජ් කාරියවසම් නපුංසක කාළකණ්නි ඇමති  යටතේ. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවයි සංස්කෘතික ත්‍රිකෝණ අරමුදලයි කියන මේ දෙපාර්ශවය අතර තිබුන ගැටුම නිසා තමයි මේ පන්සලට ලොකුම හානිය සිදු වුණේ.

කුකුලන් බාර ඇමති කිකිලියන් එක්ක ගැටෙනවා බිත්තර අනතුරේ….!!!

නංගි අපි බදින්නේ කවද්ද?පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ බඳිමු අයියා ..!!!

ණ්ඩුවේ ගැටුම් හේතුවෙන් රට අනතුරේ වැටන ආකාරය ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මාධ්‍ය හමුවකට එක්වෙමින් අනාවරණය කළා. “දැන් බලන්න සංස්කෘතික ඇමති නපූ... පන්සලත් එක්ක පිං පෙට්ටියත් එක්ක ගැටෙනවා. සංස්කෘතිය අනතුරේ. රිලාසිරි ක්‍රීඩා ඇමති ක්‍රීඩයින් එක්ක ගැටෙනවා. ක්‍රීඩාව අනතුරේ. සෞඛ්‍ය ඇමති නැව් හොරා වෛද්‍යවරුන් එක්ක ගැටෙනවා. සෞඛ්‍ය අනතුරේ. කුකුලන් බාර ඇමති කිකිලියන් එක්ක ගැටෙනවා. බිත්තර අනතුරේ. හරකුන් භාර ඇමති එළදෙනුන් එක්ක ගැටෙනවා. කිරි ටික අනතුරේ. අට පාස් පඹ ජනාධිපති නපු...අගමැති එක්ක ගැටෙනවා. ආණ්ඩුව අනතුරේ.” “අද කාටුන් එකක් මම උදේ පාන්දර දැක්කා. එක තරුණියක් අහනවා අනිත් තරුණියගෙන් අර කොල්ලා පස්සෙන් එනවා බං බදින දවස අහ අහ මොකද්ද මම මේකට කියන්නේ කියලා. අනිත් තරුණිය උත්තර දෙනවා පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ බදිමු කියලා කියන්න කියලා. ඒ පළාත් පාලන මැතිවරණය දින නියමයක් නැතුව කල් යනවා වගේම පළාත් සභා මැතිවරණයත් ඒ ආකාරයෙන්ම මැතිවරණ සිතියමින් අකුලන්න මේ ආණ්ඩුව කටයුතු කරන බව අපි ඉතා වගකීමෙන් යුතුව අනාවරණය කරනවා.

දායකයන් සංඝයාට පුදන දෑත් ආණ්ඩුවට ඕනලූ....!!!

බණ-පිරිත්වලට වඩින භික්‍ෂූන්ට පූජා කරන පිරිකර එකතු කරගෙන එන්නට ආණ්ඩුවෙන් නිලධාරියෙක්..?

භික්‍ෂූන් වහන්සේලා බණ පිරිත්වලට වැඩම කිරීමේදී බූජා කරන අට පිරිකට එකතු කරගෙන යන්නට ආණ්ඩුවෙන් කිසිවෙකු හෝ එවාවිදැයි අද සිදුවන දේ දෙස බැලූ විට කල්පනා වන බව රාවණ බලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පවසති.
උන් වහන්සේ මේ අදහස් පල කලේ අස්ගිරි මහා විහාරයේදී එම පාර්ශවයේ මහා ලේකඛාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සමග පැවති සාකච්චාවකදීය.VIDEO

හිවල් කුමන්ත්‍රණ උතුරේ...!!!

UN විශේෂ නියෝජිතයින් උතුරේ අධිකරණ විනිසුරුවන් මුණ ගැසි රහස් සාකච්ඡා..!!!


 මානව හිමිකම් සම්බන්ධයෙන් වූ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්ෂන්  ඇතුලු පිරිසක් උතුරු පළාතේ අධිකරණ විනිසුරුවන් සමඟ විශේෂ සාකච්ජාවක් වවුනියාව මහාධිකරණ සංකීර්ණයේදි පවත්වනු ලැබීය.
වව්නියාව මහාධිකරණ සංකීරණයට පැමිණි මෙම පිරිස පිළිගනු ලැබුවේ වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍ර සෂි මහේන්ද්‍රන් විසිනි.

Tuesday, July 11, 2017

ජවිපෙ හෙළුව රටටම හෙළිවෙයි-මැයි රැළියට වරාපිටිය විදුහලෙන් ළමුන් ගෙනත්.. රුපියල් 200ක මුදලක්ද අයකර ගෙන”

අම්පාර, මහඔය අධ්‍යාපන කොට්ඨාසයේ වරාපිටිය විදුහලේ ගුරුවරුන් පිරිසක් විසින් පසුගිය මැයි පළමු වැනිදා කොළඹ බී.ආර්.සී පිටියේ පැවැති මැයි රැලියකට පාසල් සිසුන් තිස්දෙනෙකු සහභාගි කරවීම පිළිබඳව මහඔය අධ්‍යාපන කාර්යාලය මගින් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.
මෙම මැයි රැලියට සහභාගි වූ දරුවෙකුගේ පියෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මහඔය කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ කේ.බී. ධර්මදාස  මේ පිළිබඳ සොයාබලා තිබේ.
එහිදී පාසලේ ගුරුවරයෙකු විසින් තමන්ව මැයි රැලියට අරගෙන ගිය බවට සිසුන් කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාට ලිඛිතව සාක්‍ෂි ලබාදී තිබේ.අදාළ විදුහලේ ගුරුවරුන් දෙදෙනෙකු සහ ගුරුවරියක විසින් තමන් රැගෙන ගිය බවට මෙම රැලියට සහභාගි වූ සිසුසිසුවියන් විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරයාට ලබාදෙන ලද ලිපියේ සඳහන්ව තිබේ.

මේ NGO බත්බැළයන් වහාම බැද දමන්න” (වීඩියෝ)

“සිරිසේන මහත්තයෝ….- මේ NGO බත්බැළයන් වහාම බැද දමන්න” (වීඩියෝ)පුරවැසි බලයේ අමුතු චණ්ඩියෙක් වන වී. අංගොඩ නැමැත්තාගේ පවුලේ සමාගමකට සංහිදියා ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 250ක් වෙන් වී ඇති බව බොදු බල සේනා සංවිධානය පවසයි.ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පූජ්‍ය මාගල්කන්දෙ සුදත්ත හිමියන් මේ බව කියා සිටියේය. එහිමියන් දැක්වූ අදහස් ඇතුළත් වීඩියෝව පහතින්.

මේ තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන වරදාන හා වරප්‍රසාද....

මන්ත‍්‍රීවරුන්ට හිමි වරප‍්‍රසාද
1. වෛද්‍ය රක්ෂණයත් ලක්ෂ තුන හමාර දක්වා වැඩි කරයි.
2. මන්ත‍්‍රීවරයෙකුගේ මාසික වැටුප රුපියල් 54,285 කි.
3. පාර්ලිමේන්තු සභා වාරය පැමිණීම වෙනුවෙන් දිනක දීමනාව රුපියල් 500.
4. කොළඹින් බැහැර අයට නිල නිවාසයක් (ව.අඩි. 900 ක දෙමහල් නිවස).
5. රාජකාරි හා පෞද්ගලික දුරකථන පහසුකම් සඳහා බිල්පත් ගෙවීම.
6. තීරු බදු රහිත වාහනයක් (වසර 5 කට වරක් ගත හැකිය) බොහෝ විට මෙම වාහන බලපත‍්‍රය ලක්ෂ 3040 ක ලාභයක් ඇතිව විකිණීම සිදු වේ.
7. ඉන්ධන දීමනාව (බස්නාහිර පළාතෙන් පිටත) පෙට‍්‍රල් වාහනයක් සඳහා රුපියල් 50,000 (ඞීසල් වාහනයක් සඳහා රුපියල් 20,000)
8. කාර්යාල, නිවාස හා ජංගම දුරකතන බිල් ගෙවීම.
9. දේශීය හා බටහිර වෛද්‍ය පහසුකම් නොමිලයේ.
10. නිරෝගී ශරීර සෞඛ්‍ය සඳහා ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන පහසුකම්.
11. විශේෂඥ වෛද්‍යවරයෙකු නියම කරන බෙහෙත් ඖෂධ වර්ග පවා නොමිලයේ ලබා ගැනීමේ පහසුකම්.

12. වසර 5 ක පාර්ලිමේන්තු නියෝජනයෙන් පසු විශ‍්‍රාම වැටුප් හිමිකම.
13. ලිපි ද්‍රව්‍ය පහසුකම් නොමිලේ.
14. ලැප්ටොප් පරිගණකයක්.
15. ෆැක්ස් යන්ත‍්‍රයක්.
16. විදේශ සංචාර.
17. කාර්ය මණ්ඩලය සඳහා දුරකථන පහසුකම්.
18. ආරක්ෂක නිළධාරීන්.
19. බාධක වලින් තොරව පාර්ලිමේන්තුවේ රැුස්වීම් වලට සහභාගි වීමට හා ඒමට මාර්ග පහසුකම් සැපයීම.

ඇමතිවරයෙකුට හා නියෝජ්‍ය ඇමතිවරයකුට හිමි වරප‍්‍රසාද (මාසිකව මුදල් හිමිවීම්ද ඇතුළත්ය)

Monday, July 10, 2017

මහ සඟරුවනට නිග්‍රහකිරීම

ව්‍යවස්‌ථාව ගැන වාදය දිගින් දිගටම ඇදී යන බව පෙනේ. ත්‍රෙනිකායික මහ නාහිමිවරුන් නව ව්‍යවස්‌ථාවට විරෝධය පළ කිරීම ගැන පුරවැසි බලය නම් සංවිධානය කලබලයට පත් වී ඇත. එහි සාමාජිකයෝ දැන් මහා සංඝරත්නයේ ස්‌ථාවරය විවේචනය කරති. මොවුන්ගේ අරමුණ කුමක්‌ද? කෙසේ හෝ නව ව්‍යවස්‌ථාව සම්මත කර ගැනීමය. නව ව්‍යවස්‌ථාව මගින් රට සුරපුරයක්‌ වනු ඇත්ද? නැත. මේ ඊනියා සිවිල් සංවිධානවලට අවශ්‍යව ඇත්තේ හොඳින් හෝ නරකින් තම ඉලක්‌කය සපුරා ගැනීමය.
නව ව්‍යවස්‌ථාවක්‌ කෙටුම්පත් කළහොත් ඒ පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කරන බව ජනපතිවරයා මහනුවරදී පොරොන්දු විය. රටේ නායකයා වශයෙන් ජනපතිවරයා මහ සඟරුවනේ අදහසට ගරු කර ඇත. එය මෙරට සම්ප්‍රදායයි. නමුත් ඊනියා සිsවිල් සංවිධානවලට රටේ සම්ප්‍රදාය බලවත් ප්‍රශ්නයක්‌ වී ඇති බව පෙනී යයි. ඔවුන්ට අවශ්‍ය මහ නාහිමිවරුන්ගේ මතය අලුයම ලූ කෙළ පිඩක්‌ මෙන් ඉවත දමන්නද?. මේ සිවිල් සංවිධාන සැබැවින් ම සිංහල බෞද්ධ ස්‌ථාවරය පිළිගන්නා බවක්‌ පෙනෙන්නට නැත. සංහිඳියාව වෙනුවෙන් සිංහල බෞද්ධ ස්‌ථාවරය පිටුදැකිය යුතු යෑයි මොවුන් පවසන්නේද?

අපතයන්ට තව මදිලු.....!!!

වාහන ගන්නයි ගෙවල් හදන්නයි
ඇමැතිලා තවත් කෝටි 20ක්‌ ඉල්ලති....!!!
පරිපූරක ඇස්‌තමේන්තුව පාර්ලිමේන්තුවට
ඇමැතිවරුන් කිහිපදෙනකුට අලුතින් වාහන මිලදී ගැනීමට සහ නිල නිවාස අලුත්වැඩියා කිරීම වෙනුවෙන් වැය කළ රුපියල් දහනවකෝටි හැත්තෑ ලක්‍ෂ නවදහස්‌ තුන්සියයක (197,009,300) අතිරේක මුදලක්‌ ඉල්ලා (07 දා) පාර්ලිමේන්තුවට තවත් පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ආණ්‌ඩුව විසින් ඉදිරිපත් කරන ලදී.


ආණ්‌ඩු පක්‍ෂයේ සංවිධායක, ඇමැති ගයන්ත කරුණාතිලක  මෙම පරිපූරක ඇස්‌තමේන්තුව පාර්ලිමේන්තුවට ගෙන ආවේය.
ඒ අනුව ඇමැතිවරුන්  දෙදෙනකුට, නියෝජ්‍ය ඇමැතිවරයකුට, උතුරේ ආණ්‌ඩුකාරවරයාට, ජනාධිපති කාර්යාලයට සහ විදේශයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල කිහිපයකට අලුතින් වාහන මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් දොළොස්‌ කෝටි දසලක්‍ෂ අනූඅට දහස්‌ හයසියයක්‌ ඉල්ලා ඇත.

බැඳුම්කර මගඩිය සහ මෑන් ඔෆ් ද මැච්...!!!

ගිය ආණ්‌ඩුව අවුරුදු දහයක්‌ තිස්‌සේ ඇනූ ඇනිල්ල මේ ආණ්‌ඩුව විසින් අවුරුද්දක්‌ තුළ අනා නිම කරන ලද බවත්, මෙහෙම ගියොත් ආණ්‌ඩුවක්‌ නැති රටක්‌ හෝ රටක්‌ නැති ආණ්‌ඩුවක්‌ බිහිවීමට ඉඩ ඇති බවත් අපි පසුගිය සතියේ කතුවැකිය මගින් කීවෙමු. එසේ කියා දින හතරක්‌ ගත වූ කල මේ ආණ්‌ඩුව අප සිතන තරම් කොන්ද පණ නැති ආණ්‌ඩුවක්‌ නොවන බැව් පසක්‌ විය. ඒ ඉදිරි මාස හය තුළ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම ව්‍යාපාර කටයුතුවලින් ඉවත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව දුන් නියෝගය නිසාය. ශ්‍රී ලංකා මහ බැංකුව ආණ්‌ඩුවේ ආයතනයකි. පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ යනු ශ්‍රී ලංකාවේ සුවිශාලතම මූල්‍ය අපරාධය ලෙස සැලකෙන බැඳුම්කර මගඩියට සම්බන්ධ බවට සැක කෙරෙන ආයතනයය. මේ ආයතනය මූල්‍ය වෙළෙඳපොළේ ගනුදෙනුවලින් හය මාසයකට ඉවත් කරමින් දුන් තීන්දුවේ තිගැස්‌ම මේ වන විට රට පුරා පැතිර ගොස්‌ තිබේ. එයින් දුර්මුඛ වූ සියලු හොරු ද සියලු වංචනිකයෝ ද මේ මොහොතේදී සිය වල්ග මුව තුළ රුවාගෙන හප හපා සිටිති. ඔවුන් මේ සිටින්නේ හොඳකට නොවන බව ආණ්‌ඩුව වටහා ගත යුතුය. ආණ්‌ඩුව දුර්වල වන ඊළඟ ආසන්නම මොහොත එළැඹෙන තුරු ඔවුන් බලා සිටිනවා ඇත. ඒ මොහොත එළැඹුන වහාම ඊළඟ බැඳුම්කර වංචාවට හෝ ඒ හා සමාන මූල්‍ය වංචාවකට ඔවුන් පිවිසෙනු ඇත්තේ තප්පරයට කිලෝ මීටර් හැටේ වේගයෙනි. බිස්‌නස්‌ නැති හය මාසයක්‌ යනු ඉතාම නිද්‍රශීලී කාලයකි. එහි අරුමය දන්නේ බිස්‌නස්‌ කරමින් සිට ඇනගත් උදවිය පමණි.

ඩෙංගු මදුරු දෂ්ටනයෙන් බේරීමට ස්‌වභාවික මදුරු විකර්ශක ගල්වන්න...!!!

මේ දිනවල රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු උණ රෝගයට හේතු වී ඇති ඩෙංගු මදුරුවන්ගේ දෂ්ට කිරීම වැළැක්‌වීම සඳහා පැඟිරි තෙල් ඇතුළු ස්‌වභාවික මදුරු විකර්ශක සිරුරෙහි ආලේප කරන ලෙස වසංගත රෝග විශේෂඥයෝ මහජනතාවගෙන් ඉල්ලා සිටිති.
මදුරුවන් දෂ්ට කිරීමෙන් වැළකී සිටීමට පැඟිරි තෙල්, කුරුඳු තෙල්, ලෙමන් යුකැලිප්ටස්‌ තෙල්, සේර තෙල් සම මත මදුරුවන් දෂ්ට කරන ස්‌ථානවල ආලේප කළ යුතු බව ඔවුහු කියා සිටිති.
මෙයට අමතරව මදුරුවන් දෂ්ට කෙරෙන උදැසන හා සවස්‌ කාලවල නින්දට යන කුඩා දරුවන්, ඇවිදීමට නොහැකි ඇඳෙහි සිටින වැඩිහිටියන් හා රාත්‍රි කාලයේ සේවය කරන සේවකයන් මදුරු දැලක්‌ භාවිත කිරීම අත්‍යවශ්‍ය බව ජ්‍යෙෂ්ඨ වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්‌  පැවසීය.

තවත් කොටියෙක් නිදහස්....!!!

දුම්රිය මාර්ගය පිපිරවීමට තැත් කළැයි චෝදනා ලත් සැකකරු නිදහස්‌ කොළඹ - කටුනායක දුම්රිය මග පිපිරවීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ජෙයරාම් රාමනාදන් නමැත්තා කොළඹ විශේෂ අධිකරණය විසින් නිදහස්‌ කර ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.