ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, June 8, 2017

අප යා යුතු සැබෑ මඟ කුමක්ද?

බොහෝවිට බුදු දහම පිළිබඳව සමාජයේ ව්‍යාප්තව තිබෙන ඇතැම් මතවාද නිවැරදි නැත. සාමාන්‍ය පොදු ජනතාව හා බුදු දහමේ ප්‍රතිපත්තිගරුක පිළිවෙත අතර ඇති පරතරය දිනෙන් දින වැඩි වෙමින් ඇත. ඒ හැඩස පිරවීමට එතැනට පැමිණ ඇත්තේ බුදු දහමේ නමින් ඉදිරිපත්ව ඇති විවිධ මිථ්‍යා මතවාද හා විවිධ බාහිර අභිචාර සංස්කාර විධික්‍රමයි. මෙසේ දිනෙන් දින පොදු ජනතාව බුදුරදුන්ගේ ඉගැන්වීම් වෙතින් දුරස්වීමට බොහෝ හේතු සාධක ඇත. අද මෙරට අධ්‍යාපන පද්ධතිය ඉංග්‍රීසි භාෂාවත් විද්‍යා හා තාක්ෂණික විෂය ධාරාවත් පදනම්කොට ඇත. පොදු සාමාන්‍ය ජනතාවගේ දූ දරුවන් අධ්‍යාපනය ලබන මෙරට රාජ්‍ය අධ්‍යාපන පද්ධතියේ පදනම හැරවුම් ලක්ෂයකට ගමන්කර තිබේ. මේ අනුව දැනට සිටින පරම්පරාවටද වඩා ඉදිරි ආනාගතයෙහි මේ අධ්‍යාපන පද්ධතිය මඟින් බිහිවන අනාගත පරපුර බුදු දහම වෙතින් දුරස්වනු ඇත. එහි පෙරයම් ලක්ෂණ දැනටද සාමාන්‍ය සමාජයෙහි විද්‍යමාන වෙමින් පවතියි. ත්‍රිපිටක පාලි බුදු දහම සම්බන්ධයෙන් නම් එය කිසිසේත්ම යහපත් ලක්ෂණයක් නොවේ.රටක ස්වභාවික උරුමය වෙතින් අනාගත පරම්පරාව දුරස්වෙමින් පැවතීම දියුණුවීමේ යහපත් ලක්ෂණයක් ලෙසට හඳුනාගත නොහැකිය.ඊනියා විදේශීය අධ්‍යාපන සංකල්පවලින් මොළ ශෝධනය කරගත් අය මේරට දියුණුවීමට ඇති ප්‍රධාන බාධකය ලෙස බුදු දහම හඳුන්වති.ඔවුන්ට අනුව ත්‍රිපිටකය,පාලි භාෂාව පමණක් නොව සිංහල බසද මෙරට දියුණු කිරීමට ඇති ප්‍රධාන බාධාවන්ය.ඔවුන් කියන ඊනියා දියුණුව වනාහී හැකිතාක් කොන්ක්‍රීට් ගොඩවල් ඉදිකිරීමෙන් ලබන භෞතිකදියුණුව මිසක අන් යමක් නොවේ.

නමුදු ගැටලුව ඇත්තේ එලෙස ලබන යම් ප්‍රගතියක් වේ නම් එය අපට සැබෑ දියුණුවක් ලෙස සැලකිය හැකිද යන්නයි.සමහරුන්ට අනුව දියුණුව යනු පංචකාම සම්පත් හැකිතාක් ගොඩගසා පංච ඉන්ද්‍රීයයන් පිනවීමේ අවස්ථා උදා කරගැනීමයි.කාමය ඔවුන්ට ඉතා වටිනා සම්පතකි.එබැවින් කාමය උලුප්පා හුවා දක්වන සෑම අවස්ථාවක්ම ඔවුන්ට අනුව ඊනියා දියුණුව මූර්තිමත් කරවන සාධක වේ.ඒ අනුව මවකට ඇති අගය නොව ස්ත්‍රී සිරුරේ හැඩතල කාමය උලුප්පන අයුරින් ඉස්මතුකර දැක්වීම ඊනියා දියුණුවේ අගනා සාධකලෙස ඔවුහු කල්පනා කරති.නූතන වෙළඳ ආර්ථික රටාවේ ප්‍රධාන කේන්ද්‍රීය හරයවනුයේ ද එයයි.වාහන ටයර් හා මෝටර්රථ අමතරකොටස් අලෙවිකර ගැනීමට පවා ඔවුන්ට ස්ත්‍රී සිරුර ප්‍රධාන වෙළඳ උපක්‍රමයක් වනුයේ මේ හේතුව නිසාය.අඩුවැඩි වශයෙන් සෑම වෙළඳ දැන්වීමකම යටිපෙළතුළ සැඟවුණු කාමසංකේත බොහෝ සූක්ෂම පොදු ජනතාවගේ සිත්සතන්තුළ ජාගර ආශා කුළුගැන්වීමටම යටිපෙළ ලෙස සකස්කරනුයේ මේ පාරිභෝගික අධිපාරිභෝජනවාදී අර්ථක්‍රමයතුළළ කාමය ප්‍රධානම උත්ප්‍රේරකය ලෙස භාවිතාවන බැවිනි.මේ අධිපාරිභෝජනවාදී භෞතික අර්ථක්‍රමයතුළ ඊට ප්‍රතිපක්ෂව ඉගැන්වීම් ඉදිරිපත්කරන සෑම දෙයකටම ඔවුහු එරෙහි වෙති.මේ අනුව කාමයෙහි සැබෑ ආදීනව කියා දෙන බුදුන්ගේ ඉගැන්වීම්වලට පමණක් නොව ප්‍රාචීන භාෂාශාස්ත්‍ර පාදකවූ සාම්ප්‍රදායික අධ්‍යාපනයටද ඔවුහු එරෙහි වෙති.යම් රටක පාලන බලය හොබවන නායකයන්ගේ ජීවිත හා පාලන පරමාදර්ශවලටද මේ සංකල්ප බෙහෙවින් බලපානු ලබයි.යම්කිසිරටක පවතින ප්‍රධාන පරිපාලන ක්‍රමවේදය,අධ්‍යාපනය හා ජනතා සිතුම්පැතුම් භෞතිකවාදය පදනම් කරගත්තක් නම් බලයටපත්වන කුමන අයෙකුටවත් එම ක්‍රමවේදයෙන් බැහැරවීමට ඉඩනොලැබෙන වටපිටාවක්ද සකස්ව තිබෙන බවද ඒ සමඟම අප අමතක නොකළ යුතුය.මේ සියලු කරුණුකාරණා සැලකිල්ලට ගැනීමේදී ඒ සෑම කරුණකටම වඩා ඉදිරියෙන් සිටිනුයේ රටක අධ්‍යාපනයයි. අධ්‍යාපනය මඟින් ජනතා සිතුම්පැතුම්,ආකල්ප සියල්ල සකස් කෙරෙයි.
සිනමා,වේදිකා නාට්‍ය,ටෙලි නාට්‍ය,ගද්‍ය පද්‍ය සාහිත්‍ය,සිතුවම්,පුවත්පත්,සඟරා,පොත්,වෙළඳ දැන්වීම්, ප්‍රචාරණය ආදී  සියලු සන්නිවේදන මාධ්‍යවල භෞතිකවාදී සමාජ ආකල්පතුළ කාමයට ප්‍රධානත්වයම ලැබී ඇතිබව පෙනීයයි.ඒතුළ පුරුෂ රුවට වඩා කාන්තා රුව කාමය උලුප්පාලීම පිණිස බහුලව භාවිතා කෙරේ.මාතෘත්වය කාන්තාවකගේ හුවා දැක්විය යුතු අගය වුවද නූතන වාණිජකරණයතුළ අලෙවිවන ප්‍රධානම මෙවලම කාමය වන නිසා ස්ත්‍රියකගේ සිරුරු හැඩතලතුළ සැඟව ඇති කාමය ඉවතට ඇදදමා හැකිතාක් ඉහළ ලංසුවලට අලෙවිකිරීම වෙළඳ දැන්වීම්කරණයතුළ කැපී පෙනෙන ලකුණක් වී තිබේ. එබඳු සාහිත්‍ය කෘතිවල සාහිත්‍යමය වටිනාකම කවර මට්ටමක පැවතියද හුදෙක් නාරිරුව යෙදීම ප්‍රබල ප්‍රචාරක උපක්‍රමයක් බවට නූතනයේ පත්ව ඇති බස්රථ පොළවල,දුම්රිය වේදිකාවල හා පදින වේදිකා ආදියේ අලෙවිය පිණිස ඇති එබඳු සාහිත්‍යකෘතිවල පිටකවර හා තාප්ප බිත්තිමත අලවා ඇති වෙළඳ දැන්වීම්වල ආකාරය අනුව පැහැදිලිව දැකගත හැකිය.මේ අනුව ඕනෑම බාල මට්ටමක සාහිත්‍ය කෘති වාණිජ වශයෙන් සාර්ථකව අලෙවිකරගත හැකි ප්‍රධානතම ප්‍රචාරක මෙවලම ලෙස ස්ත්‍රී රූපය සුලබව භාවිතාකරන අන්දම දැකගත හැකිය.යහමින් මුදල් ලැබේනම් අතමිට සරුවේ නම් ලාබාල යුවතියන්ද මේ ක්‍රමවේදයට තල්ලුවී යන අයුරක්ද නිරීක්ෂණය කළහැකිය.අයහපත් සමාජ පරමාදර්ශ අනුගමනය කිරීමට ඔවුහුද පහසුවෙන් පෙළඹීම මෙයට ප්‍රධාන හේතුවයි.පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන හෝ ජීවිතය,අනාගතය විනාශ කරගෙන හෝ ලාබාල යුවතියන් මේවාට පහසුවෙන් ආකර්ශණය වන ආකාරයට විවිධ පෙළඹවීම්ද නූතන සමාජයතුළ ක්‍රියාත්මක වේ.සමාජ ජාලා සංස්කෘතිය මීට වගකිව යුතුය.ගොසිප් වෙබ් අඩවි,සමාජ ජාලා භාවිතයෙන් පාසල් සිසුවියන්ගේ ඉගෙනීම කඩාකප්පල්වී ඇත..
පාසල්තුළ ජංගම දුරකථන රැගෙන පැමිණීමට ඉඩලබා නොදීමට නීතිසකස් කළද ප්‍රායෝගික සමාජය තුළ එය කෙරෙන ආකාරයේ ගැටලු තිබේ.මුහුණුපොත් තුළ සැරිසරන පැවිද්දන්ගේ ප්‍රමාණයද නූතන සමාජයේ අධිකව ඇත.පැවිදි භූමිකාවතුළ රැකගත යුතු විනයානූකූල පැවැත්මද මේතුළ අභියෝගයකට ලක්ව ඇත.ලාබාල පාසල්යුවතියන් ජංගමදුරකථන භාවිතකර මුහුණුපොතබඳු සමාජජාල පරිහරණයට නූතනයේ අධිකව ප්‍රවේශවීමතුළ ස්ත්‍රී දුෂණ,ලිංගික අතවර,අපහරණවීම් මෙකල අධිකවී තිබේ.වයසට වඩා මෝරාගිය අත්දැකීම් ලැබීමට ලාබාල සිසුදැරියන්ගේ ඇති නොතිත් ආශාවද මේ තත්වය උග්‍රවීමට ප්‍රධාන හේතුවකි. මේ තුළ මවකගේ භූමිකා නිරූපණයකළද හැකිතාක් රූමත් සිරුරු හැඩතල ඇති ස්ත්‍රී රූප මවකගේ භූමිකාවට ආදේශවී ඇත.මේ අනුව ලාබාල නිරූපිකාවන් මව්වරුලෙස සිදුකරන රඟපෑම් වල තිබියයුතු මවකගේ අධ්‍යාත්මික සුන්දරත්වය වෙනුවට බාහිර සිරුරෙහි ආකර්ශණය කැපීපෙනෙන සේ ඉස්මතුව දක්වා තිබේ.එබඳු දැන්වීම්,කලාකෘති නරඹන ඕනෑම අයෙකුගේ සිත්තුළට ඇතිවන හැඟීම අධ්‍යාත්මික කාරුණික හැඟීම් නොව විකෘති හැඩතලගත් කාමුක සිතිවිලිමය. එලෙස පැවසුවේ පාපි සිතකින් නොවේ.සොරෙකුට සොරා යැයි කියනුයේ එසේ කියන පුද්ගලයා සොරෙකු නිසා නොව එබඳු අයගෙන් අන්‍යයන් බේරා ගැනීමට කළයුත්තේ වරද පෙන්වාදීම වන බැවිනි. මේ සමාජයේ වැරදි දෙයට වැරදි යැයි කීමටද දැන් දැන් හොඳ අයට නොහැකිවී ඇත.මන්ද එසේ කළවිට ඔවුන් සිදුකරන වරද පිලිනොගෙන පෙන්වන අයට ඒ වරදින් දමාගසන බැවිනි. යහපත් චේතනාව පෙරදැරිව මෙබඳු දේ පෙන්වාදෙන අයටද මඩගසා නිග්‍රහකර ඒ හඬ පහසුවෙන් යටපත්කර පහත්කුණු රසයම විකුණති.
නූතන වාණිජ අර්ථක්‍රමය තුළ ස්ත්‍රී සිරුර පමණක් නොව උතුම් මාතෘත්වයෙහි වටිනාකම ගැබ්විය යුතු සමස්ත ස්ත්‍රීත්වයම කාමය හුවා දැක්වීමේ වාණිජ මෙවලමක්වී තිබේ.මේ අනුව දැනුම, බුද්ධිය,ප්‍රඥාව උගත්කම, ගුණවත්කම අනුව ස්ත්‍රියකට හිමිවිය යුතු සැබෑ වටිනාකම වෙනුවට කාමයට මුල්තැන හිමි වීම නිසා ඇයගේ සැබෑ වටිනාකම පහතට වැටී ඇත.පාසල,විශ්වවිද්‍යාලය ආදී අධ්‍යාපනයට මුල්තැන ලැබිය යුතු ස්ථානවලදී පවා හුදු උගත්කමට වඩා රූපයට මුල්තැන ලැබීමතුළ කාමයට අද පවතින අධි උත්කර්ශනයේ සැබෑ ස්වරූපය කදිමට නිරූපණය වන අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.පාලි භාෂාව ත්‍රිපිටක බුදු දහම අධ්‍යයනය,පර්යේෂණය සඳහා කැපවී ඇති විශ්වවිද්‍යාල,පර්යේෂණ ආයතවලට පවා මේ තත්වයෙන් මිදීමට නොහැකිවී ඇති වාතාවරණයක සෙසු විශ්වවිද්‍යාල හා අධ්‍යාපන ආයතන ගැන කතා කිරීම පවා නිෂ්පල ව්‍යායාමයක් ලෙස පෙන්වා දියහැක.පාලි හා ත්‍රිපිටක අධ්‍යයන විෂය ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රමාණික උගතෙකු,පර්යේෂකයෙකු,බෞද්ධ මනෝවිද්‍යා පර්යේෂණ ග්‍රන්ථ කර්‍තෘවරයෙකු සේ පමණක් නොව ගුරුවරයෙකු සේ මට ඉඩලැබී ඇති භූමිකාවතුළ මට හැකි අයුරින් ඵලදායී මෙහෙවරක යෙදෙමින් පවතින ඉහතකී තත්වය පිළිබඳ අවංකවම කණගාටුවනවා හැරෙන්නට මේ සුවිශාල සමාජ පරිවර්තනය යළි ආපසු යහපත් අයට පත්කරවීම පිණිස වෙන කළහැකි වූ අන් දෙයක් මාහටද නැත. මන්ද එබඳු විශ්වවිද්‍යාල අධ්‍යයනය හා පර්යේෂණ ආයතනවලට අපගේ සේවය ලබාගැනීමට වඩා ලාබාල රූමත් ස්ත්‍රීරුවට, කාමයට ඒවායෙහි පවා මුල්තැන අද යුගයේ ලැබී ඇති බැවිනි.කොසොළ් රජු බුදුන් ධරමාන කාලයේදී දුටු සිහින සියල්ලක්ම සැබෑවන කාලයක අපට දිවිගෙවීමට සිදුව ඇති නිසාය.
කාමය හලාහල විෂක්,ගිනි අඟුරක්, සර්ප හිසක් ලෙස විග්‍රහකරන බුදුන්ගේ ඉගැන්වීම් කාමය,ඉන්ද්‍රීය ප්‍රීණනය ප්‍රධානතම හා එකම හරය කරගත් නූතන අධිපාරිභෝජනවාදී සමාජක්‍රමයතුළ ඇගයීමට ලක් නොවීමට ප්‍රධාන හේතුව කාමාශාවෙන් පෙළෙමින්,කාමපරිලාහයන්ගෙන් දැවෙමින් තැවෙමින් කරන කියන සෑම දෛනික කටයුත්තකදීම කාමය උලුප්පාගත් සමාජයක කාමගරුක පිරිස් රහසේ යටිසිතින් ප්‍රතිපත්තිගරුක බුදුදහමට දක්වන දැඩිඅකමැත්තයි.ඔවුන්ට අනුව සතර සතිපට්ඨානය,විදර්ශනා භාවනා ක්‍රම,සප්ත විශුද්ධි,ත්‍රිලක්ෂණ,ආර්‍ය්‍ය අෂ්ටාංගික මඟ,චතුරාර්‍ය්‍ය සත්‍යය ආදිය අදට නොගැලපෙන දේය. ඔවුන්ට අනුව අදට ගැලපෙන දහම රාත්‍රී සමාජශාලා දිවියත්,අඩ නිරුවත් විලාසිතාත්,මත්පැන්මත්ද්‍රව්‍ය භාවිතයත්,අශ්ලීල අධිකාමසේවනයත්,අසම්මත පහත් ග්‍රාම්‍ය ඇවතුම් පැවතුමත් පමණකි.මේ සියල්ල කාමය උලුප්පා දක්වන නූතන සමාජ ඇගැයුම් බවට පත්කරවා තිබේ.නුතන ජනසන්නිවේදන මාධ්‍ය පවා මූලික අවධානය ලබාදී ඇත්තේ මෙබඳු නූතන සමාජ ඇගැයුම් සමාජගත කිරීමට මිසක නිවැරදි දේ සමාජයට ලබාදීමට නොවීම දැඩි අවාසනාවන්ත තත්වයකි.විශාල වශයෙන් මේ අංශයට ලැබෙන දැවැන්ත ජනමාධ්‍ය තල්ලුව මැද නිවැරදි බුදු දහම සමාජගත කිරීමට ස්වල්ප දෙනෙකු දරණ ප්‍රයත්නය විශාල අලියෙකු අබියස කූඹියෙකු හා සමානවූවකි.එසේ කරමින්ම විශාල සමාජ පරිවර්තනයක් පැතීම ද නිෂ්ඵලය.සමාජය මේ තරමින් හෝ විනාශයට තල්ලුවී නොදී තමන්ට හැකි ප්‍රමාණයකින් යහමඟට ගැනීමට කූඹියෙකු දරණ උත්සාහයට සමානව හෝ වෑයමක් දැරීමද කිසිදු දෙයක්නොකර සිටීමට වඩා නම් හොඳය.සැබවින්ම බුදු දහමට පක්ෂපාතීව මේ දැවැන්ත අධිපරිභෝජනවාදී කාමය ගරුක සුවිශාල සමාජ ආකල්ප ප්‍රවාහ සමඟ උඩුගං බලා සටන් කිරීමද අපට දැඩි වෙහෙසකි.නමුදු  සිතට සැනසීමකි. කාමය ගරුක ආකල්පවලට සමාජයේ මුල්තැන හිමිවෙද්දී කාමයේ ආදීනව පවසන්නාට ලැබෙනුයේ නින්දාව,ගර්භාව,නොසැලකිල්ල පමණකි.කාමගරුක ලොවක සැබෑ තතු විදසුන් නුවණින් දැකසිටින බැවින් කිසිදු දෙයකින් අකම්පිත බවේ අවබෝධය පමණක් අපගේ තනිනොතනියට සැමදා ළග සිටියි.

රාජකීය පණ්ඩිත, ත්‍රිපිටචාකාර්ය, අභිධර්ම විශාරද
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ (PhD)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.