මන්ත්‍රී බහුතරයක් අත්සන් කරලා...!!!
උතුරු පළාත් සභාවේ ප්‍රධාන ඇමැති සී. වී විග්නේෂ්වරන්ට එරෙහිව එම පළාත් සභාවේ මන්ත්‍රීවරුන් බහුතරයකගේ අත්සනින් යුතුව විශ්වාස භංග යෝජනාවක් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේට භාර දී ඇත.
පෙරේදා (14 වැනිදා) සවස භාර දී ඇති මෙම විශ්වාස භංග යෝජනාවට 38 දෙනකුගෙන් සමන්විත සමස්ත පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසෙන් 21 දෙනකු අත්සන් කර තිබේ.
උතුරු පළාත් සභාවේ ඇමැතිවරු හා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ද සමඟ විපක්ෂයේ මන්ත්‍රීවරුද විශ්වාසභංගය අත්සන් කළ පිරිස අතර වෙති.
පළාත් සභාවේ ගැටලු දිනෙන් දින උග්‍ර වන බවත් ඒවා විසඳීමට ප්‍රධාන ඇමැතිවරයා අපොහොසත්ව ඇති බවත් මන්ත්‍රී කණ්ඩායම විශ්වාස භංගය මගින් පෙන්වා දී ඇත.
දූෂණ හා අක්‍රමිකතා සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාවක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පළාත් අධ්‍යාපන ඇමැති ටී. කුරුකුලරාජා හා කෘෂිකර්ම ඇමැති පී. අයින්ගරනේෂන් යන මහත්වරුන්ට සිය තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස පෙරේදා පැවැති පළාත් සභා රැස්වීමේ දී ප්‍රධාන ඇමැතිවරයා විසින් දැනුම් දී තිබුණි. එමෙන්ම අනෙකුත් පළාත් ඇමැතිවරුන් දෙදෙනාගේද තනතුරු අත්හිටුවීම් කිරීමට පියවර ගෙන තිබුණි. පළාත් සභාවේ ඇති වූ මෙම තත්ත්වයත් සමඟ එහි අර්බුදය උත්සන්න විය.
මේ පිළිබඳව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේගෙන් කළ විමසීමකදී කියා සිටියේ විශ්වාස භංගය පිළිබඳ තමා සෑහීමකට පත් වූවොත් සිය බහුතරය සහතික කරන ලෙස ප්‍රධාන ඇමැති විග්නේෂ්වරන්ට ලිඛිතව දැනුම් දෙන බවයි.
මන්ත්‍රීවරුන් පිරිස භාර දුන් විශ්වාස භංග යෝජනාව නිවැරදි එකක්ද යන්න මේ වන විට අධ්‍යයනය කරමින් සිටින බවද මෙහි ඇති අත්සන් නිවැරදිද යන්නත් මන්ත්‍රීවරුන් කැමැත්තෙන් අත්සන් කළේද යන්නත් තමා සොයා බැලිය යුතු බවද රෙජිනෝල්ඩ් කුරේ පැවසීය.
මේ සියල්ල නිවැරදිව සිදු වී ඇති බව තහවුරු වුවහොත් පමණක් මහ ඇමැතිවරයාට ලිඛිතව ඉදිරි ක්‍රියා මාර්ග දැනුම් දෙන බවද හෙතෙම කියා සිටියේය.