* විඳින දුක කියන්න කෙනෙක් නැහැ මහත්තයෝ
'පපුව පිච්චි පිච්චි ජීවත්වෙන
මට පුළුවන් උපකාරයක් කරන්න'
30 හැවිරිදි තිදරු මව හැඬූ කඳුළින් කියයි...!!!ඔබගේ කාරුණික අවධානයට...!!!
සැමියා
තම දරුවන් සහ තමා අතහැර යැම නිසා ජීවත්වීමට මගක්
නොමැතිවීමෙන් ජීවිතය පවා එපාවන තත්ත්වයක් උදාවී ඇති බව
වයස අවුරුදු 30 ක තිදරු මවක් වන දෙල්ගොඩගේ දෝන සුදර්ශිකා
සඳමාලි (ජා.හැ. අංකය 198761403232) පවසා සිටින්නීය.
දැනට මොරටුව ලක්ෂපතියේ කුලී නිවාසයක දිවිගෙවන තමාට මෙම 15
වැනිදා එම කුලී නිවසෙන්ද ඉවත්වන ලෙස දන්වා ඇති නිසා
සිව්හැවිරිදි තම දියණියද සමඟ මහපාරට වැටීමට සිදුවන බව ඇය
පවසන්නීය.
දරු තිදෙනාගෙන් වැඩිමහල් දරු දෙදෙනා (වයස 10 සහ 8)
සැමියාගේ මවට භාරදුන් බවත් තමා ළඟ සිටින සිව්හැවිරිදි
දියණිය සහ තමා නඩත්තු වන්නේ මහලු පියා කුලියක් කර ගෙනෙන
මුදලකින් බවත් ඇතැම් දිනවලට කුසට අහරක් පවා නොමැතිව
දිවිගෙවන බවත් ඇඬූ කඳුළින් ඇය පවසන්නීය.
තම දුක්බර ජීවිතය ගැන අදහස් දක්වන ඇය මෙසේ පවසන්නීය.
මහත්තයෝ ළමයින්වයි මාවයි අතහැරලා මගේ සැමියා එයාගේ ගම වන
මොරටුවට වෙලා ඉන්නවා. දැන් අවුරුදු ගණනාවක් මාව දරුවන්ව
බලන්න ආවේ නැහැ. ලොකු පුතාවයි පොඩි පුතාවයි මම සැමියාගේ
අම්මාට භාර දුන්නා. ඒ ඒගොල්ලන්ව ජීවත් කරවන්න මට කිසිම
හැකියාවක් නැතිs නිසා. දැන් පොඩි දුවට අවුරුදු 4 යි. එයාව
පෙර පාසලකටවත් යවන්න පුළුවන්කමක් මට නැහැ. මගේ වයසක
තාත්තා තැන් තැන්වල කුලී වැඩ කරලා කීයක්හරි සොයාගෙන
ඇවිල්ලා මාව නඩත්තු කරන්න පුදුම විදිහට මහන්සි වෙනවා.
එයාගේ වයසේ හැටියට වැඩකරන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි එයා
ඉන්නේ. දැන් අපි ඉන්න කුලී ගෙයිනුත් යන්න කිව්වා. අපිට
යන්න තැනක් නැහැ. දරුවන් එක්ක මහ පාරේ තමයි ඉන්න වෙන්නේ.
දුව බලාගන්න ඕන නිසා මේ තියන තත්ත්වය උඩ මට රස්සාවක්
කරන්න පුළුවන්කමකුත් නැහැ.
මේ දුක මට කියන්න කෙනෙක් නැහැ. උදේ එළිවෙච්ච වෙලාවේ ඉඳලා
පපුව පිච්චි පිච්චි තමයි ඉන්නේ. අනේ මම ගැන නෙවෙයි මගේ
දරුවෝ ගැන හිතලවත් මට පුළුවන් විදිහට උපකාරයක් කරන්න
කියලා පිංවතුන්ගෙන් ඉල්ලනවා.
මට කියලා ස්ථිර ලිපිනයක් නැහැ. දුරකථන අංකයක් නැහැ.
පුළුවන් කමක් තියෙනවා නම් අපේ අසල්වැසියකුගේ දුරකථන
අංකයක් වෙන 0712276321 අංකයට කතා කරලා මොන විදිහක හෝ
උපකාරයක් කරන්න පුළුවන් නම් කියන්න. ඔය මහත්වරුන්ට
නෝනාවරුන්ට පිං සිද්ධ වෙනවා.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Sunday, June 11, 2017
ඔය මහත්වරුන්ට නෝනාවරුන්ට පිං සිද්ධ වෙනවා. ...!!! ඔබගේ කාරුණික අවධානයට...!!!
Posted by
lankanews
at
June 11, 2017
Labels: help, help family, help person, lankanews, need your help, please help, please help family
ඔය මහත්වරුන්ට නෝනාවරුන්ට පිං සිද්ධ වෙනවා. ...!!! ඔබගේ කාරුණික අවධානයට...!!!
2017-06-11T22:18:00+02:00
lankanews
help|help family|help person|lankanews|need your help|please help|please help family|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
