කළුතර ගංවතුරින් ගිලගත් මොහොතේ අතුරුදන්ව සිටි ඇතැම් දේශපාලනඥයින් ආධාර ද්‍රව්‍ය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ලැබීමත් සමග එම කාර්යාලවලට පැමිණ ඊට මැදිහත්වීමට පටන් ගෙන ඇතැයි රාජ්‍ය නිලධාරීහු පවසති.
ඇතැම් දේශපාලන පක්ෂ නායකයින් හිස් අතින් පැමිණ පසුව ආධාර කාර්යාලයෙන් ලබාගෙන විපතට පත් පුද්ගලයින්ට ලබා දී ඇතැයි ද වාර්තාවේ.
පළාත් සභා මන්ත්‍රීන් ප්‍රාදේශීය සභාකාර්යාලවලට පැමිණ ගංවතුරින් විපතට පත් අයට සහන ලබාදිය යුතු බව පවසමින් එම නිලධාරීන්ට කරදර කරන බව වාර්තාවේ.
යුද නාවික ගුවන් හමුදා නිලධාරීන් හා පොලිසිය නොමැති නම් අද තවත් ජීවිතයක් සමුගෙන අවසන් යෑයිද රජයේ නියෝග මත ඔවුන් හෙළිකොප්ටර් ගුවන් යානා යොදවා තමන් බේරාගත් බවද ගංවතුරින් විපතට පත්වූ ජනතාව පවසති.