රට ලෝක ප්‍රසිද්ධත්වයට හැරවූ සුසන්තිකාට අපහාස කරන ජනතාවගේ මුදලින් නඩත්තුවන දයාසිරි නම් පිම්පි අපතයා..!!!
එදා සුසන්තිකා එස්.බී.ට බොරු චෝදනා එල්ල කලා.. අද මට බොරු චෝදනා.. එස්බීයි, මමයි හරි.. සුසන්තිකා වැරදියි..- දයාසිරි
සුසන්තිකා නගන චෝදනා සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකරගෙන් විමසූ විට ඇමැතිවරයා මෙසේ පැවසීය.
සුසන්තිකා ක්‍රීඩා අමාත්‍යාංශයට කරන චෝදනා සියල්ල බොරු. ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකාවක් හැටියට එයාව පත්කරලා තිබුණත් පැත්ත පළාතේ එන්නේ නැහැ. නමුත් අපි එයාට මාසෙකට රුපියල් 60,000 ක වැටුපක් ගෙවනවා. තමන්ගෙ රාජකාරියවත් හරියට කරන්නේ නැතිව කොහොමද එයා චෝදනා කරන්නේ.
එයා ඔය ඔලිම්පික් පදක්කම විකුණනවා කියන්නේ වෙන දෙයක් බලාපොරොත්තුවෙන්. මෙයාට ඕන කරලා තියෙනවා ඔස්ටේ්රලියා යන්න. අන්න ඒකයි හේතුව. මෙයා එදා එස්. බී. ඇමැතිතුමාට බොරු චෝදනා එල්ල කළා. අද මටත් බොරු චෝදනා එල්ල කරනවා...!!!
ආසියාවේ කළු වෙළඹ හිගමනට වැටේ.. සුසන්තිකා ඔලිම්පික් පදක්කම වෙන්දේසියේ දමා විකුණයි..VIDEO
ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් ගෙන දෙමින් 2000 වසරේදී ඔස්ටේ්රලියාවේ පැවති ඔලිම්පික් තරගාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගත් සුසන්තිකා ජයසිංහ අද වන විට පත්ව ඇති දැඩි ආර්ථික අපහසුතා හේතුවෙන් සිය ඔලිම්පික් පදක්කම වෙන්දේසි කිරීමට තීරණය කර ඇත. (එම තරගාවලියේදී රන් පදක්කම දිනූ මේරියන් ජෝන්ස්ට එල්ල වූ තහනම් උත්තේජක චෝදනාව සනාත වූ නිසා සුසන්තිකාට රිදී පදක්කම පිරිනමනු ලැබින)
තම වසර 25ක් තරම් ක්‍රීඩා දිවියේ එදා මෙදා තුර කසිම දිනෙක ක්‍රීඩාව මෙරතම් පහලට වැටී නැතැයිද ඇය සදහන් කරයි.
ක්‍රීඩා අමාත්‍යංශයේ උපදේශිකාවක ලෙස තමන්ට මෙතෙක් කලක් ලබා දුන් වැටුපද කපා දමා ඇතැයි පවසන ඇය තමන් සතුවන වටිනාම වස්තුව වන ඔලිම්පික් පදක්කම වෙන්දේසි කර ජීවිකාව ගෙන යන්නට උත්සාහ දරන බවද සදහන් කරයි. ‘ඔලිම්පික් පදක්කමක් දිනූවා කියා නිකං කන්න බොන්න දෙන්නේ නෑ..’- සුසන්තිකාගේ ඔලිම්පික් පදක්කමටත් ක්‍රීඩා ඇමති දයාසිරි අපහාස කරයි..[Video]
ඔලිම්පික් පදක්කමක් දිනූ පමණින් ගෙදරට වී සිටියාම කන්න බොන්න දෙන්නේ යයි සිතන්නේ යිය ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර පවසයි.
ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ සිය ආර්ථික අගහිගකම් නිසා ඔලිම්පික් පදක්කම විකුණා දමන්නේ යයි කල ප්‍රකාශයට පිලිතුරු ලෙස ඔහු මෙසේ කියා සිටියේය.