මඩකලපුව ඒරාවුර්වල සිංහලයන්ට තියෙන ගැටලු නම් නිමාවක් නැහැ. ඒ ගැන අපි
නිරන්තරයෙන් සටහන් කළා. ඒරාවුර් මාර්කට් එකේ අපේ සිංහලයින්ට කඩවල් 48 ක්
තිබ්බා. යුද්ධ කාලේ ඉඩම් අත් ඇරලා ගියපු මේ අයට නැවතත් ඒවා ලැබුණේ නැහැ.
මාර්කට් ඒකේ කඩවල් ටික යුද්දෙන් පස්සේ වෙන අය අල්ලගෙන හිටියා. තමන්ගේ
උරුමය සොයාගෙන පැමිණි සිංහල ජනයා අන්ත අසරණ වුණා. අන්තිමේදී තමන්ගේ අයිතිය
වෙනුවෙන් ඒ අයට උසාවි ගාණේ යන්න වුණා.
මේ කරදර අවහිර මැද එරාවුර් අබලන් කඩ කාමරයකට වෙලා අනෝමායි එයාගේ අම්මායි
දෙන්නා පුංචි වෙළෙඳාමක් කරන් හිටියා. සිංහල අය පන්නන්න හදන අන්තවාදී
නිලධාරින් විදුලිය ලබා දුන්නේ නැහැ. අනෝමලා අවුරුදු ගාණක් තිස්සේ විදුලිය
ඉල්ලුවා. බලධාරීන්ට ලියුම් මිටි ගණන් ලිව්වා. ඒත් වැඩක් වුණේ නැහැ. අපි
පත්තරේටත් දිගින් දිගටම ලිව්වා. ඒත් විදුලිය ලැබුණේ නැහැ. අනෝමලාට විදුලිය
නැතිවෙද්දී දවසක් කොක්කක් ගහලා විදුලිය ගත්තා. ඒකට අනෝමලාට උසාවි දාලා
දඩත් ගැහුවා. අහල පහල අය ප්රසිද්ධයේම කොකු ගහලා හොරෙන් විදුලිය ගත්තා. ඒ
අන්තවාදි කණ්ණාඩියෙන් වැහිලා ඉන්න විදුලි බල නිලධාරීන්ට ඒවා පෙනුනේ නැහැ.
අනෝමා 07 වැනිදා කතා කරලා සතුටු දායක පුවතක් කීවා. අනේ මහත්තයෝ අපිට
විදුලිය නම් යන්තම් හම්බ වුණා. අපි අවුරුදු ගාණක් පුදුමාකාර දුකක්
වින්දේ. එරාවුර් බලධාරින් අපිට පුදුම වදයක් දුන්නේ. ඉතිං මහත්තයෝ ‘දිවයින’
පත්තරෙන් හැමදාම අපි ගැන හොයලා බැලුවා. අපි ගැන ලිව්වා. අපිට පුදුම
සහයෝගයක් දුන්නේ. අපි ගැන හොයා බලලා ලෝකෙට හෙළිකරපු ‘දිවයින’ පත්තරේට අපි
ස්තුතිය පුද කරනවා. ඒ වාගේම අපිට විදුලිය ගන්න උදව් කරපු සියලු දෙනාටමත්
ස්තුතියි කරනවා අනෝමා කීවාය.
සහජීවනය යටින් ලියෑවෙන නැගෙනහිර අලුත් ඉතිහාසය
මේ විසඳුනේ එක ගැටලුවක් විතරයි. ඒරාවුර් විතරක් නොවෙයි මඩකලපුව සිංහල
ගම්මාන රැසක්ම සිංහලයාට වෙච්ච අසාධාරණය ගැන කතා කරන්න කවුරුවත් නැහැ.
සහජීවනයේ කියන වචනයෙන් ඒ සියල්ල යටපත් කරලා ඒ පැත්තේ අමුතුම කතාවක්
ලියෑවෙනවා අලුත් ඉතිහාසයක් මැවෙනවා. වෙහෙර විහාර ඩෝසර් කරලා කටුකම්බි
වැටවල් ගහලා කොටු කරලා ගල් කණු උගුල්ලලා දාන අන්තවාදීන් සිංහලයින් අපේ ඉඩම්
කොල්ල කාපු අය අද අහිංසකයෝ වෙලා සහජීවනයට මුවා වෙලා අහිංසකයින් වගේ මුව
හමක් පොරෝගෙන මෙන්න සිංහලයින් අපේ ඉඩම් අල්ලනවෝ කියලා ලෝකෙට ඇහෙන්න කෑ
ගහනවා. අපේ කොන්දක් නැති පාලකයන්ටත් ඒවා ඇහෙද්දි හදවත පිච්චිලා යනවා. බලයට
එන්න උදව්කරන නිසා කලගුණ සලකන්නත් එපැයිනේ. ඒ නිසා අපි හෙටත් මොන බාධක
ආවත් එරාවුර් විතරක් නොවේ සියලුම අසාධාරණයට ලක්වෙච්ච ජනයා වෙනුවෙන් පෙනී
සිටිනවා.
ගෙයි නිවසයි පන්සලට දිලා කටු මැටි ගෙයට ගිය යුවළක්
අම්පාර පන්නල්ගම මලියතැන්න ජයබෝධිරාම පුදබිම ඉතා සුවිශේෂි පුදබිමක්.
මෙම පුදබිමට තමන්ගේ නිවසත් කුඹුරක් එක්ක ඉඩමත් පූජා කළේ කුමන පදිංචි
ජයමාන්න යුවළ. පන්සලට ඒ ඉඩම දීලා මේ දෙන්නා දැන් ඉන්නේ කටු මැටි ගේක.
මෙම පුදබිමට වැඩම කරපු දොඩම්ගොඩ මහින්දානන්ද හිමියෝ මෙම පුදබිමේ ඉන්න
පොඩි හාමුදුරුවරුත් එක්ක එකතු වෙලා ලොකු= වැඩක් කරන්න ගත්තා. ගිනියම්
අව්කුටුකේ මැද මේ පුංචි හාමුදුරුවරු බදාම අනනවා, ගල් අදිනවා. වෙහෙසක්
බලන්නෙ නැතිව දිගටම වැඩ. ලොකු හාමුදුරුවෝ මේසන් හැන්දත් අරන් මේ පන්සලේ
දාගැබ හදනවා. ඒ විතරක් නොවෙයි ධර්ම ශාලාව වලාකුළු බැමි ඇතුළු සියලුදේ
ඉදිවෙන්නේ මහින්දානන්ද හිමියන්ගේ සුරතින්.
මේ පුදබිම ගැන අපි ‘ඉරිදා දිවයිනට’ ලිපියක් ලිව්වා. මනුස්සකම තියෙන
දෙස් විදෙස් බොහෝ දෙනෙක් ඒ ලිපියට ඉහළ ප්‍රතිචාරයක් දැක්වූවා. අපේ
හාමුදුරුවෝ සැතපෙන්නට ඇඳක් පවා නැතිව මෙට්ටයක් බිම දාගෙන සැතපිලා විටෙක
දාන වේල පවා නොමැතිව කහට කෝප්පයක් වළඳලා පහස නිවාගෙන කරන මේ අරගලයට බොහෝ
දෙනෙක් උදව් උපකාර කළා. ඒ මේ පුද බිම ගොඩනගන්න.
අපේ ලිපිය දැක්ක මහරගම පදිංචි ජයසිංහ මහත්මිය ඇතුළු පිරිසක් මෙම
විහාරස්ථානේ ධර්මශාලාව ගොඩ නගන්න උදවු කළා. ඒ අයත් මෙම පුදබිමට ආවා. ඒ
සමාධි පිළිsම වහන්සේ නමක් සමගින් අට විසි පිsළිම වහන්සේලා අලංකාර රන් සිවි
ගෙයක තැන්පත් කරගෙන. ඒ සියල්ල මහා පෙරහරකිsන් මෙම ධර්ම ශාලා භුමියේ
තැන්පත් කළා. ඊට පස්සේ රණවිරු සෑයේ සතරැස් කොටුවේ තැන්පත් කරන්න තිබුණ
සර්වඥ ධාතුන් වහන්සේ වැඳපුදා ගන්නට අවස්ථාව ලැබුණා.
හිමිනමකගේ දෑතින් නිමවූ දාගැබ රණවිරු සෑයවෙයි
අන්තිමේ මහින්දානන්ද හිමියන්ගේ සුරතින් ඉදිවුණ සෑ රදුන් රණවිරු සෑය
නමින් නම් කරමින් එහි සතරැස් කොටුවේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කළා. ඒ
නීත්ත යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරි රුවන් දෙහිගල මහතාගේ සුරතින්.
ඊට පස්සේ රණවිරුවන් කළ මෙහෙයට උපහාරයක් ලෙස රණවිරු ස්මාරකයක් සහ
අරන්තලා භික්ෂු ඝාතනය පිළිබිඹු වන ස්මාරකයටද මුල්ගල තබනු ලැබුවා. මෙම
අවස්ථාවට නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී මෙත්තානන්ද සිල්වා, නීත්ත යුද හමුදා
කඳවුරේ අණ දෙන නිලධාරි රුවන් දෙහිගල, දමන පල්ලේෙච්න පොලිස් මුරපොළේ
ස්ථානාධිපති සෞම්‍ය බාලසිංහ යන මහත්වරුන් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක්
සහභාගි වුණා.
එම අවස්ථාවට සහභාගිවූ සියලුම දෙනාට දිවා ආහාරය ලබා දෙන්නට නීත්ත සහ බක්මිටියාව යුද හමුදාවේ රණ විරුවන් කටයුතු කර තිබුණා.
නීත්තේ උක් ගොවියා අඬහැරයට තුති පුදයි
වැස්ස නිසා මේ දවස්වල ගොඩක් හානි වුණා. ඒත් අම්පාර ගිනිsයම් අව්
කුටුකෙන් කරවෙනවා. වැව් හරියටම පිරිලා නැති නිසා වගා කරන්න වතුරත් මදි.
බලධාරින්ගේ නොසැලකිල්ල නිසා නීත්ත ප්‍රදේශයට එක්ගල්ඔයෙන් සහ මලයාඩිය
වැවෙන් නිසි පරිදි ජලය නොදෙන නිසා ඒ වගා බිම් මාස කිහිපයක ඉඳන් වේලිලා කර
වෙන්න ගත්තා. මේ ගැන මුලින්ම සටහන් කළේ අඬහැරයෙන්. පස්සේ ‘ඉරිදා
දිවයිනෙත්’ සටහන් කළා. නිත්තේ උක් ගොවින්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කළ
වාරිමාර්ග බලධාරීන් අන්තිමේදීs සිහි නුවණ පෑදුනා. දැන් නීත්තට කරදරයක්
නැතිව වතුර දෙන්න අක්කරපත්තුව සහ එක්ගල්ඔය වාරිමාර්ග බලධාරින් කටයුතු
කරන්න ගත්තා.
වතුර නැතිව වගාව බාල වුණා. සරු අස්වැන්නක් මේ පාර උක් ගොවින්ට දැන්
වතුර දුන්නත් ලබා ගන්න බැහැ. නියම වෙලාව්දි නිසි දේ නොකිරීම නිසා අන්ත අසරණ
වුණේ නීත්ත උක් ගොවියයි. අනේ පින් සිද්ධවෙනවා අපි ගැන මාධ්‍යයෙන්
හෙළිකරලා මෙහෙමවත් වගාව බේර ගන්න අපිට උදව් කළාට. නීත්aතේ උක් ගොවියා
අඬහැරයට හදවතේ නැගෙන ස්තුතිය පුදකළා.
සුසන්ත අමර බන්දු
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Friday, June 9, 2017
අන්තවාදී නිලධාරීන්ගෙන් බැටකන එරාවූර් සිංහලයන්ගේ ඉරණම !!!
Posted by
lankanews
at
June 09, 2017
Labels: elam tamil, elangu tamil, jafna sinhala, jafna sinhala people, lankanews, muslim agenda, poor sinhala people, sanhidiyawa, yahapalanaya
අන්තවාදී නිලධාරීන්ගෙන් බැටකන එරාවූර් සිංහලයන්ගේ ඉරණම !!!
2017-06-09T21:22:00+02:00
lankanews
elam tamil|elangu tamil|jafna sinhala|jafna sinhala people|lankanews|muslim agenda|poor sinhala people|sanhidiyawa|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
