ගුණසේන ගලප්පත්ති පේරාදෙණි විශ්වවිද්‍යාලයෙන් බිහි වූ විශිෂ්ටතම නාට්‍යකරුවන්
දෙදෙනාගෙන් කෙනෙකි. (අනිත් නාට්‍යකරුවා දයානන්ද ගුණවර්ධනයන්ය). මුලින් මහාචාර්ය
සරච්චන්ද්‍රයන්ගේ 'බහින කලාව හෙවත් සංස්කෘති කොමසාරිස්', 'පබාවති' වැනි නාට්‍යවල
රඟපෑ හෙතෙම පසුව 'මනමෙ' නාට්‍යයට ද නිර්මාණාත්මකව සම්බන්ධ වූයේය.
කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලයේ ගුරු වෘත්තියේ යෙදුණු ගලප්පත්ති එහිදී නාට්‍ය කීපයක්ම
නිෂ්පාදනය කළේය. 'රත්තරන්', 'සත්ව කරුණාව' හා 'අමද්‍යප වීරයා' ඒ අතර වෙයි.
මෙයින් 'රත්තරන්' (1955) මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ එනමින් යුතු නාට්‍යයේ පුනර්
නිර්මාණයකි. 'සත්ව කරුණාව' ස්වතන්ත්‍ර රචනයකි. 'අමද්‍යප වීරයා' යනු ඇන්ටන් චෙකෝෆ්ගේ
ඒකාංග නාට්‍යයකි. (ටුබැකොනිස්ට්).
'සඳකිඳුරු' (1957) ගලප්පත්තිගේ ප්‍රථම ප්‍රසිද්ධ නාට්‍යයයි. මෙහි පළමු නිෂ්පාදනය
කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලයීය සිංහල නාට්‍ය මණ්ඩලයෙනි. පසුව 1958 දී ජන රංග සභාව
මඟින් ද 1965 නව රංග සභාව මඟින් ද මෙය ඉදිරිපත් කරන ලදී. 'සඳකිඳුරු', 'මනමෙ'
නාටකයෙන් ලද උත්කර්ෂය මත නිෂ්පාදනය කරන ලද නාට්‍යයකි. මෙහි විශේෂත්වය වූයේ 'මනමෙ'
සින්දු නාඩගමක් වන අතර 'සඳකිඳුරු' කවි නාඩගමක් වීමයි. චන්ද කින්නර ජාතකය 'සඳ
කිඳුරු' නාටකයට මුලාශ්‍ර වූ කතාව විය.
සින්දු නාඩගමට වඩා කවි නාඩගම කෝලම් හා යක් තොවිල්වලින් ආභාස ලද්දකි. යක් තොවිල්වලදී
භාවිත වන යක් බෙරය කවි නාඩගම්වලදී ද යොදා ගැනේ. එසේම කෝලම් යා යක් තොවිල්වල එන
වෘත්ත හා ගායන ශෛලිය කවි නාඩගම්වලට ද අනන්‍යය.
'සඳකිඳුරු' නැටුම් නිර්මාණය බැසිල් මිහිරිපැන්නගෙනි. එහිදී බැසිල්, චාල්ස් ද සිල්වා
ගුණසිංහ ගුරුන්නාන්සේ හා අලව්වේ ජී. කේ. පීටර් අප්පුහාමිගෙන් නිර්මාණශීලී දායකත්වය
ලබා ඇත.
'සඳ කිඳුරු' විචාරය කළ රෙජී සිරිවර්ධන එය අසාර්ථක නිර්මාණයක් ලෙස දක්වා ඇත.
'සඳකිඳුරු' නිෂ්පාදනයෙන් පසු ගලප්පත්ති 'ෆුල් බ්‍රයිට්' ශිෂ්‍යත්වයක් ලැබ ඇමෙරිකාවේ
යේල් විශ්ව විද්‍යාලයට ගියේ නාට්‍ය කලාව වැඩිදුර හදාරනු පිණිසය. ඔහු නිව්යෝක්
බ්‍රෝඩ්වේ හි රඟදැක්වුණු නාට්‍ය දෙකක රඟපෑවේය. එකක් 'ටී හවුස් ඔෆ් ද ඕගස්ට් මූන්'ය.
(සුගතපාල ද සිල්වා 'ඇසළ සඳ අවන්හල' නමින් නිෂ්පාදනය කළේ මේ නාට්‍යයයි). අනික
'මැරේජ් ගෝ රවුන්ඩ්'ය.
කොන්ස්ටන්ටීන් ස්ටැනිස්ලවුස්කි විසින් ගොඩ නංවන ලද 'මෙතර්ඩ් ඇක්ටින්' (තත් විධ
රංගනය) නම් වූ රංග න්‍යාය ධර්මය ගලප්පත්ති ප්‍රගුණ කළේ ඇමෙරිකාවේය. මෙහි අර්ථය
නළුවකු කිසියම් චරිතයක් රඟපාද්දී එම චරිතයේ ආත්මයටම භාවාත්මකව කා වැදීමය. එය සම්මත
ඇරිස්ටෝටලියානු රංග සිද්ධාන්තයම විය. හර්බට් බර්ගොෆ් හා උටා නැගන් ගලප්පත්තිගේ
නාට්‍ය කලා ගුරුවරු වූහ.
ඇමෙරිකානු ගමනින් පසු ගලප්පත්ති ඇන්ටන් චෙකෝෆ්ගේ 'ද බෙයාර්' නම් වූ නාට්‍යය
'වළගැඬියා' (1962) නමින් නිෂ්පාදනය කළේය. එහෙත් එය සාර්ථක නාට්‍යයක් නොවූයේය. බොහෝ
දෙනකු කියා සිටියේ ඇමෙරිකාවට ගොස් නාට්‍ය කලාව ඉගෙන ගෙන ආ ගලප්පත්තිගෙන් මෙවැන්නක්
බලාපොරොත්තු වීම උගහට වූ බවයි.
ගුණසේන ගලප්පත්තිගේ විශිෂ්ටතම නාට්‍යය අදත් පිළිගැනෙන, එදා මෙදාතුර මෙරට නිෂ්පාදිත
හොඳම සිංහල නාට්‍ය දහයෙන් එකක් ලෙස සැලකෙන 'මූදු පුත්තු' (1962) නිෂ්පාදනය වන්නේ
ඉනික්බිතිවය. එය ස්පාඤ්ඤ ජාතික කවි පෙදරිකො ගර්සියලෝර්කා ගේ 'යෙර්මා' නාට්‍යයේ
පරිවර්තනයක් හෝ අනුවර්තනයක් නොවීය. එය මුල් පිටපත කියවා ලද වින්දනයෙන් අලුතින් ලියූ
නාට්‍යයකි. මෙහි පෙළ රචනයට මහගමසේකර ද දායක වී ඇත.
ඇමෙරිකාවේදී ප්‍රගුණ කර ගත් ස්ටැනිස්ලවුස්කිගේ 'මෙතර්ඩ් ඇක්ටින්' රංග විධි ක්‍රමය
ප්‍රථම වතාවට ගලප්පත්ති සිංහල වේදිකාව මත අත්හදා බැලුවේ මේ නාට්‍යයෙන්ය.
'මූදුපුත්තු' සඳහා මහගමසේකරයන් ලියූ ගී නාට්‍යයේ සාර්ථකත්වයට මනා පිටිවහලක් වූයේය.
'මූදු පුත්තු' අසභ්‍ය නාට්‍යයක් ලෙස ද ඇතැමුන්ගේ ගර්හාවට ලක් විය. නාට්‍යයේ මංගල
දර්ශනයට පසු ඇතැමකු රඟහලෙන් පිටව ගියේ 'ඔන්න සිංහල වේදිකාවටත් කුණුහරුප බෝ කරලා'
යැයි පවසමිනි. 'ඒක හරිම අසභ්‍ය නාට්‍යයක්. අපේ බාල පරම්පරාව දූෂණය කරනවා. අනේ ඩියර්
ඒක බලන් ඉන්න කොට මට හිරිකිතයක් දැනුණා' යැයි ඇතමුන් කියනු ඇසුණු බව ගලප්පත්තිම
සඳහන් කර ඇත.
'මුදු පුත්තු' මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ නොමඳ ප්‍රශංසාව දිනූ නාට්‍යයකි. මෙම නාටකය
නැරඹූ ප්‍රේක්ෂකයන් ගැඹුරු රසයක් විඳ සිංහල නාටකයේ මෙතෙක් ඇති වී තිබෙන දියුණුව ගැන
උදම් වී පෙරළා යන්නට ඇතැයි සිතන බව කියන මහාචාර්ය සර්ච්චන්ද්‍ර ජීවිතයට ඉතා
කිට්ටුවෙන් සම්බන්ධ වී තිබෙන නමුත් රහසින් මිස සඳහන් නොකරන විදියේ විෂයක් ඇසුරු
කරගෙන නාට්‍යයක් රචනා කිරීමේදී දැක් වූ ධෛර්ය ගැන ද, ඉදිරිපත් කිරිමේදී
ප්‍රේක්ෂකයන් හසුරුවා තබා ගැනීමට දැක් වූ හැකියාව ගැන ද ගලප්පත්ති ප්‍රශංසාව ලැබිය
යුතු බව කියා සිටියේය.
'දේවතා එළි' (1963) ගලප්පත්තිගේ ඊළඟ නාට්‍යයයි. එයට වස්තු බීජ වූයේ බර්ටෝල්ඩ්
බ්‍රෙෂ්ට්ගේ 'ගුඩ් වුමන් ඔෆ් සෙට්සුවාන්' නම් වූ නාට්‍යයයි. (සුගතපාල ද සිල්වා පසු
කලෙක 'හිත හොඳ අම්මණ්ඩි' යන නමින් ද, විජිත ගුණරත්න 'සත්‍යාංගනාවි' යනුවෙන් ද
නිෂ්පාදනය කළේ මේ නාට්‍යයයි). ඒ අනුව බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් සිංහල නාට්‍ය රසිකයන්ට
හඳුන්වා දීමේ ගෞරවය ගලප්පත්තිට හිමි විය යුතු බව මගේ අදහසයි.
'දෑස නිසා' (1964) ගලප්පත්තිගේ තවත් අගනා නාට්‍යයකි. මේ සඳහා වංග කෙටිකතාවක් සහ
සද්ධර්ම රත්නාවලියේ සහ ධම්ම පදට්ඨ කතාවේ එන චක්කුපාල කතා වස්තුව ඇසුරු කර ගැනුණු බව
කියැවෙයි. එසේම ජොන් මිල්ටන් සිංජ්ගේ 'ද වෙල් ඔෆ් ද සෙන්ට්' නාට්‍යයෙන්ද කිසියම්
නිර්මාණාවේශයක් ලබා ඇති බව විචාරකයෝ සඳහන් කරති.
ගලප්පත්ති 'දෑස නිසා' නිපදවූයේ තම මෝටර් රථය විකිණීමෙන් හා බිරිඳගේ රන් අභරණ උගස්
තැබීමෙන් ලබාගත් මුදලිනි. ඊට 1964 රාජ්‍ය නාට්‍ය උළෙලේ එකම සම්මානයක්වත් ලබා
නොදීමෙන් ගලප්පත්තිට කිසියම් අසාධාරණයක් සිදු කළේය. 'නාට්‍ය අනු මණ්ඩලය මගේ නාට්‍යය
මරලා දැම්මා' ඔහු පුවත්පතකට කියා තිබිණි. ඔහු එහිලා මෙසේ ද කියා ඇත.
'මගේ උත්සාහය, ඩාදිය, සල්ලි මට නැති වුණා. යන්න ගිය ගමනේ අතරමඟ මගේ පය පැකිළී මා
බිම ඇද වැටුණා. මට නාට්‍ය කරන්න තරම් ශක්තිය තිබුණේ නැහැ. මං මානසික ලෙඩෙක් බවට පත්
වුණා'.
'ලිය තඹරා' (1967) ප්‍රංශ ලේඛක ෂොන්පෝල් සාර්ත්රෙ ගේ 'ඩර්ටි හෑන්ඩ්' නම් වූ
නාට්‍යයේ මූලික තේමාව ගත් නාට්‍යයකි. මෙය දේශපාලන නාට්‍යයකි. මුල් කෘතිය අපේ රටට
ගැළපෙන සේ මෙහිදී සකස් කර තිබිණි.
ගලප්පත්ති ජපන් නාට්‍යයක් ද සිංහල වේදිකාවේ රඟදක්වා ඇත. ඒ කිතුචි කං ගේ 'චිචි
කපුරු' නම් වූ නාට්‍යයයි. ඒ 'තාත්තා' නමිනි. (1969). (මෙහි පරිවර්තනය මහාචාර්ය ආරිය
රාජකරුණාගෙනි).
ගලප්පත්ති අවසානයට නිෂ්පාදනය කළේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකයන්ගේ 'මහහේනේ
රීරියකා' කතාව ඇසුරෙන් සැකසුණ 'මහහේනේ කතාව' (1975) ය. (ඩික් ඩයස් ඊට ඉහත මේ කතාවම
ඇසුරෙන් වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කර ඇත). 'මහහේනේ කතාව' අසාර්ථක නිපැයුමක් යන්න
විචරක මතයයි.
ගලප්පත්ති ගුවන් විදුලියට ද නාට්‍යයක් රචනා කළේය. ඒ 'කාලි යකින්නිය' නම් වු
නාට්‍යයයි.
ගලප්පත්තිගේ දෙබස් රචනය ඉතා විශිෂ්ට මට්ටමේ තිබිණි. තමාට චිත්‍රපට දෙබස් ලිවීමේදී
මොහුගේ ශෛලිය පූර්වාදර්ශ වූ බව තිස්ස අබේසේකර සඳහන් කර ඇත.
ගුණසේන ගලප්පත්තිට සංගීතය පිළිබඳව ද කිසියම් විඥානයක් තිබිණි. මහාචාර්ය සරච්චන්ද්‍ර
සඳහන් කර ඇති ආකාරයට ඔහු යක් බෙර වාදනයට සහජ හැකියාවක් දැක්වූවෙකි. එසේම ඔහු මද්දල්
වාදනයට ද දක්ෂයකුව සිටියේය.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Sunday, June 25, 2017
වේදිකාවේ නව මං සෙවූ විශිෂ්ටයා ගුණසේන ගලප්පත්ති....!!!
Posted by
lankanews
at
June 25, 2017
Labels: 1962, gunasena galappaththi, lankanews, mudu puththu drama, sinhala stage drama, somalatha subasinghe, srilankan drama, srilankan stage dramas
වේදිකාවේ නව මං සෙවූ විශිෂ්ටයා ගුණසේන ගලප්පත්ති....!!!
2017-06-25T03:04:00+02:00
lankanews
1962|gunasena galappaththi|lankanews|mudu puththu drama|sinhala stage drama|somalatha subasinghe|srilankan drama|srilankan stage dramas|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
