ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, June 28, 2017

කේයස්‌ නමින් කවි ලියූ සාගර පලන්සූරිය...!!!

පසුගිය 22 යෙදී තිබූ ඵතුමාගේ අනුස්මරණ දිනය වෙනුවෙනි 

සාගර පලන්සූරිය 1908 – 1962

1908 මාර්තු 11 වැනි දා රත්නපුරේ කලල් ඇල්ල ගමේ උපත ලැබූ සාගර පලන්සූරිය කලක් කලල් ඇල්ලේ ආනන්ද සාගර නමින් පැවිදිව සිටියේය. කේයස් නමින් කවි ලියා ප්‍රසිද්ධයට පත් වූ සාගර පලන්සූරිය ලංකාදීප කර්තෘ මණ්ඩලයේ සහ ගුරුවරයෙකු ලෙස ද කාලයක් සේවය කළේය.
ඔහු අතින් ලියැවුණු කවි කතා රාශිය අතර සුදෝ සුදු කවි කතාව පාඨකයන් අතර බෙහෙවින් ප්‍රකට විය. එය පාදක කර ගනිමින් චිත්‍රපටයක් හා ටෙලි නාට්‍යයක්ද නිර්මාණය කෙරුණි. 1956 හොරණ මහජන මන්ත්‍රීවරයා ලෙස ද වමේ කඳවුර නියෝජනය කළ සාගර පලන්සූරියයන් 1962 ජුනි 22 වැනි වැනිදා අපට අහිමිව ගියේය.
හිටපු අගමැති බණ්‌ඩාරනායක මහතා ඝාතනයට ලක්‌ව 1960 සැප්තැම්බර් 26 වැනි දිනට වසරක්‌ ගතවීම නිමිත්තෙන් මුළු රට පුරා සමරු උත්සව සංවිධානය කිරීමට විශේෂ පසුබිමක්‌ වූයේ වමේ සහයෝගය මත ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ රජයක්‌ ගොඩනැගීම තුළිනි. ඊට සමගාමීව හොරණ ප්‍රදේශයේ ද ගුණ සමරු උත්සවයක්‌ පැවැත්වීමට හොරණ මන්ත්‍රී රත්නසිරි වික්‍රමනායක  ප්‍රධාන පාක්‍ෂිකයෝ කතිකා කර ගත්හ. විද්‍යාරත්න පිරිවෙන සහ හොරණ රජමහා විහාරස්‌ථ ස්‌වාමීන් වහන්සේලා මේ කතිකාවතට සම්පූර්ණ සහයෝගය ලබා දුන්හ. මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්‍ෂිණාවක්‌ පිරිනමා දානමය පිංකමක්‌ පවත්වා පිං අනුමෝදන් කිරීමට සියලු දෙනා එකඟත්වය පළ කළහ.සුදෝසුදු සිනමාපටය සහිතයි


 

 "Sudo Sudu (kavi)" - W. D. Amaradeva, Milton Perera and Sujatha Attanayake (Sudo Sudu, 1965) 

අපි මේ ගැන විශ්‍රාමික පිරිවෙන් අධ්‍යක්‍ෂ ජී. රත්නපාල මහතාගේ මතකය අවදි කළෙමු. "මේ දානමය පිංකමට මූලිකත්වය ගත් අය විශාල පිරිසක්‌ විද්‍යාරත්න පිරිවෙන්හි පරිවෙනාධිපති මහනුවර ධම්මරතන හිමිපාණන් අවශ්‍ය සැලසුම් සකස්‌ කළා. හොරණ පඤ්ඤාසේකර (වත්මන් හොරණ රජමහා විහාරාධිපති) ආචාර්ය හොරණ වජිරඥාණ හිමිපාණන්වරුන් මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. උඩුවේ ධම්මතිලක, මීවනපලානේ වාචිස්‌සර, හාන්දුගල්පොල පුඤ්ඤරතන (මහාචාර්ය) අවශ්‍ය කටයුතු සංවිධානය කළා. අද විවේක සුවයෙන් පසුවන (රයිගම් කෝරළ හදිසි මරණ පරීක්‍ෂක - සාම විනිසුරු) ජී. ඩී. එල්. ගුණවර්ධන, අද වයෝවෘද්ධ භාවයට පත්ව සිටින කළු පියසේන, අද ජීවතුන් අතර නැති සොයිසා ජී. ඩී. ගෝමිස්‌ වීරකෝන් - පබිලිස්‌ ගුණසේකර ප්‍රධාන පිරිස මේ දානමය පිංකමට මුල් වුණා. පළමුවැනි දානමය පිංකම සංවිධානය කළේ හොරණ පොදු වෙළෙඳපොළ ඉදිරිපිට ගොඩනැගූ විශේෂ ශාලාවකයි. පරිසරය පිළිබඳ ප්‍රශ්න නිසා අවුරුදු දෙක තුනකට පසුව හොරණ රජ මහා විහාරයේ මෙම පිංකම සංවිධානය කළා."

අදත් බණ්‌ඩාරනායක ගුණ සමරු පිංකම හොරණ රජමහා විහාරස්‌ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීම ගැන අදාළ සංවිධාන සහ කෘතගුණ දත් ජනතාවට බණ්‌ඩාරනායක දර්ශනයට ගරු කරන ජනතාව ප්‍රණාමය පළ කරති.

1956 සමාජ දේශපාලන බලවේගයට ජීවය දුන් හොරණ හිටපු මන්ත්‍රී සාගර පලන්සූරිය මහතා මේ කාලය වන විට දැඩි ලෙස රෝගාතුර භාවයට පත්ව සිටියේය. උගුරේ පැවැති ආබාධයක්‌ නිසා ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගෙන සිටි ආචාර්ය සාගර පලන්සූරිය විද්වතාණන් පෑලියගොඩ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙහි පර්යේෂණ අංශයේ සේවයෙහි නියුක්‌තව සිටියේය.

අපි සාගරයක්‌ තරම් පුළුල් වූ සාගර පලන්සූරිය කවියාගේ අවසන් ගමන ගැන  පලන්සූරිය මහත්මියගෙන් විස්‌තර විමසමු.

1958 එක දවසක්‌ දහවල් ගෙදර ඇවිත් මහත්මයා යමක්‌ මට කීවා අත් දෙකෙන් රඟපාලා.

අභිනයෙන් කී ඒ දේ මට තේරුනේ නෑ. මං ඇහුවා ඔයා නාට්‍යයක්‌ පෙන්වන්න හදනවද කියලා. එතකොට එයාට හොඳටම කේන්ති ගියා. පස්‌සෙ පුටුවක හිඳගෙන කඩදාසියක ලියල පෙන්නුව මගේ කටහඬ නැතිව ගියා කියලා. ඒ සමඟම කඳුළු බින්දු දෙකක්‌ ඇස්‌ දෙකෙන් රූරා ගලා හැලුණා. මට දරාගන්න බැරි ශෝකයක්‌ ඇති වුණා. ඉන් පසු දිගින් දිගටම බෙහෙත් කළා.

ඒ කතාවත් සමඟ කටහඬ පිළිබඳව සාගර ලියූ කවියක දෙපදයක්‌ අපට සිහිපත් වේ.

"මිහිරක්‌ කිසි දිනක මගෙ හඬෙහි නොතිබිණ

ගැඹුරක්‌ බරක්‌ එහි ඇති බව ද පැවසින"


යළිත් ඇගේ ශෝකාකූල හඬට සවන් දෙමු.

ඊට පසුව විදේශීය රටකට ඔහුව එක්‌කර ගෙන ගියා. 1958 අගෝස්‌තු ජාතිවාදී කෝලාහල සමයේ සියලු මන්ත්‍රීවරුන් තම ඡන්ද කොට්‌ඨාසවල සිටිය යුතු යෑයි අගමැති බණ්‌ඩාරනායක මහතා කළ ඉල්ලීම අනුව සාගර පලන්සූරිය මහතාත් ආපසු සිය රටට ආවා. බෙහෙත් ගැනීම ද අඩාල වුණා. ඉන් පසු දොස්‌තර ඇන්තනීස්‌ මහතාගෙන් ප්‍රතිකාර කළා. ශල්‍යකර්මයක්‌ ද කළා. නමුත් සුවයක්‌ නැහැ. පසුව යළිත් එංගලන්තයේ විශේෂඥ ප්‍රතිකාර ගැනීමට ගියා. නමුත් ලැබුණේ තරමක සුවයක්‌ පමණයි.

1960 පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. සාගර පලන්සූරිය මහතා මන්ත්‍රි ධුරයෙන් නිදහස්‌ වීම සැලකුවේ මහා බරකින් නිදහස්‌ වීමක්‌ වශයෙන්. අපට මේ අවස්‌ථාවේ සාගර බොහෝ කාලයකට පෙර ලියූ කවියක්‌ සිහිපත් වේ.

මම දොර නොබින්දෙමි ආවෙමි විවට දොරෙන්

ජය හෝ පරාජය ආයුතු පරිදි වරෙන්

නිදහස්‌ වන්ට මා උසුලන මිහිරි බරෙන්

උපකාරයක්‌ නොපතමි, කිසි කෙනෙකු කෙරෙන්


මේ කාලේ සාගර මහත්මයා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ අධ්‍යක්‍ෂ වශයෙන් කටයුතු කළා. ප්‍රතිකාර දිගටම ගත්තා. මේ විදියට කාලය ගත වුණා. 1961 අලුත් අවුරුදු දවසේ සුබ නැකතින් කිරිබත් කමින් දරුවෝ තුන්දෙනයි මාවයි ළඟින් තියාගෙන කියූ වචන ටික තවමත් මගේ හදවත පසාරු කරනවා.

"මේ අවුරුද්දේ විතරයි මං ඔයාගොල්ලොත් එක්‌ක අවුරුදු කන්නෙ. ලබන අවුරුද්දෙ මං නෑ. අම්මත් එක්‌ක පුතාල අවුරුදු කන්න."

ඒ කියමන මං විශ්වාස කළේ නෑ. අවුරුදු ගෙවෙන කොටම 17 වැනිදා මහත්මයා රෝහලට ඇතුළත් කළා. සනීප වුණා. ආයිත් අමාරු වුණා. නාහෙට කටට දාපු බටවලින් බෙහෙත් දුන්නා. අවසන් දවසෙ (1961 ජුනි 21 දා) මට කීවා මං අද මැරෙනවා. හාමුදුරුවන්ට එන්න කියන්න මට පිරිත් කියන්න කියලා. මගේ ආරාධනාව පරිදි විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ කුලපති කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර, යක්‌කඩුවේ ප්‍රඥාරාම, නාත්තන්ඩියේ පඤ්ඤාකර, කොටහේනේ පඤ්ඤාකිත්ති හිමිවරුන් රෝහලට වැඩම කළා. පිරිත් දේශනා කර පිරිත් නූල් බැන්දා. පිරිකර පූජා කරල හයියෙන් සාධු කීවා. හාමුදුරුවනේ මං වඩින්න කියල ආරාධනා කළේ ආයෙත් මේ ආත්මයේ මට ඔය කහපාට දකින්ඩ ලැබෙන්නේ නැති හින්දයි. අද මං මැරෙනවා කියන විටම කිරිවත්තුඩුවේ හාමුදුරුවෝ ශෝකබරිතව බලා සිටියා.

එදා දවසෙම කීවේ මැරෙන බවයි. දරුවෝ තුන්දෙනා හොඳින් බලාගන්න කීවා. ඊට පස්‌සේ කීවා කොහෙන් හරි තන කිරි ටිකක්‌ ගෙනත් දෙන්න කියලා. අපේ ඥාතියකුගේ තන කිරි ටිකක්‌ ගෙනල්ල පෙව්වා. ඊට පස්‌සෙ කීවා ඉඳිආප්පයි කිරි හොඳියි ගෙනත් දෙන්න කියලා. ඒ ආහාරයත් පොඩ්ඩක්‌ ගත්තා. මගෙ වයස දහයේදී තමයි තාත්තා මැරුණේ. එතකොට තාත්තගෙ වයස පනස්‌ තුනයි. දැන් මට පනස්‌ තුනයි. මගෙ ලොකු පුතාගෙ වයසත් දහයයි.

පියදාස පලන්සූරිය මහතා තම ආදරණීය සහෝදරයාගේ ජීවිතය තවත් කාලයකට බේරා ගැනීම සඳහා කොත්මලයට ගිහින් තිබුණේ ගුප්ත විද්‍යාඥයෙකුගේ පිළිසරණ පතමිනි. "මහත්මයා දැන් ඔබගේ සහෝදරයා මාරයා සමඟ සටනක්‌ කරනවා. අවසන් හුස්‌ම හෙළන්නට ඔබ එනතුරු බලා සිටිනවා." යෑයි ඔහු පවසා ඇත. පියදාස පලන්සූරිය මහතා ආපසු එන අතරමඟදී මෝටර් රථය අනතුරකට භාජනය වී වෙනත් මෝටර් රථයකින් රෝහලට පැමිණෙන විට සාගර කවියා දකුණු ඇළයට හැරී සිය පෙම්බර බිරිඳගේ අත වැරෙන් අල්ලා ගෙන සිටියේය.

හැඬූ කඳුළින් යුතුව චන්ඳ්‍රා පලන්සූරිය මහත්මිය තවදුරටත් මෙසේ පැවසුවාය.

ඉතිං එයා මගේ අත හැරලා අයියගෙ (පියදාස පලන්සූරිය) අත අත ගෑවා. ඊට පස්‌සෙ හොඳට ඇස්‌ දෙක විවර කරලා මං දිහෑ බැලුවා මට මතකයි. මාව සිහිය නැතුව මහත්මයාගේ මුහුණ මත ඇද වැටුණා.

උපුටනය - ආචාර්ය සරත්චJද්‍ර ජයකොඩි - 98.11.22 ලංකාදීප

හිටපු මන්ත්‍රී සාගර පලන්සූරිය කවියාගේ ජීවන සුසුම් සීතල රාත්‍රියේ සුළං රැළි සමඟ පාවී ගියේය. කැලණියේ පිලපිටියේදී ගිහි පැවිදි විද්වතුන්, කලාකරුවන්, කවියන්, ලේඛකයන්, මැති ඇමැතිවරුන් ප්‍රධාන මහා ජන ගඟක්‌ මැද සාගරගේ ආදාහන උත්සවය සිදුකෙරිණි. මහා පෙරහරකින් බුංගිරියේ හේනක කන්දේ ජන්ම භූමියට භෂ්මාවශේෂ

රැගෙන ගොස්‌ තැන්පත් කරන ලද්දේ මෑණියන් සහ දයාබර බිරිඳගේ සහභාගිත්වයෙනි.

කවියකු, ලේඛකයකු, ගුරුවරයකු, අනුවාදකයෙකු, ගත්කතුවරයකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තමන් උපන් දේශයට තම මුළු මහත් ජීවිතයම කැප කළ මේ උදාර මිනිසා ගැන අදත් රයිගම්පුරවරයේ හොරණ ප්‍රධාන මුළු මහත් දේශයේ කෘතවේදී ජනතාව කතා බස්‌ කරති. ඔහු කිසිවක්‌ සමාජයෙන් බලාපොරොත්තු නොවූයේය. ඔහු තමන් සතු සියල්ල සමාජයට ප්‍රදානය කළේය. ආදරණීය බිරිඳ චJද්‍රd කළල්ඇල්ලේ බුංගිරියේ හේනක්‌කන්දේ ගල් කුළ මත පිහිටි සාගර කවියාගේ සිහිවටනය වෙත සෑම වසරකම ජුනි 22 දා ගොස්‌ මල් පහන් දල්වා පූජෝපහාර පැවැත්වුවාය. එ පමණක්‌ නොව ඈ පදිංචි නිවස ඉදිරිපස බුදු කුටියෙහි නිතිපතාම දයාබර සාගර වෙනුවෙන් පහන් දල්වා ගුණ ගායනා කළාය.

කැලණියේ පිලපිටියේ පැවැති ආදාහන උත්සවයේදී තම හිත මිතුරු පී. බී. කවි කතාවක්‌ කළේ දෙනෙතින් ගලා එන කඳුළු බිඳු පිසදමමිනි.

සාගර ජීවත්ව සිටියදීම සාගරගේ ඇරයුම පරිදි පී. බී. අල්විස්‌ පෙරේරා සාගරගේ අවමංගල උත්සවයේදී කරන කවිකතාව සාගරටත් හිතමිතුරු නාරම්පනාවේ විමලරත්න කුමාරගමටත් ඇහෙන්නට බොහෝ ඉස්‌සර ගායනා කළේය.

එක්‌ සොඳුරු සැන්දැවක සාගර සහ පී. බී. තම හිත මිතුරු විමලරත්න කුමාරගම (ආදායම් පාලක නිලධාරි) සොයා හඟුරන්කෙතට ගමන් ගත්හ. ඒ පිළිසඳර මධ්‍යයේ සාගර පී. බී. ට මෙසේ කීවේය.



මා මළ විටදි පී. බී. දෙණ අසල එම

වැලපී කියන කවි ඇසුමට රිසිමි මම

කේයස්‌ කියු අදහස ගැන කරනු කිම

මම කවි කීමි එය ලීවේ කුමර ගම




(මෙම කවි පෙළ ඒ දවස්‌වල මීවදය කවි සඟරාවේ පළවිය.)

කඳුරුලියක මගින් උල්පත පරිදි උනා

වැලිs කතරකට මෙපමණ දුර සිහිල ගෙනා

දිය වැල මෙතෙක්‌ දැක්‌වූ මඳ කොමළ හිනා

බිහිසුණු හිරේ සැඩ කිරණින් නතර වුණා



මහ ගල් පවා දෙදරන්නට පහර දිදී

වැජඹුණු අපේ රන්වන් කුළු ගෙඩිය නිදී

ඒ ගල් යළිදු පැලවී ගෙන ඉහළ ඇදී

අසලින් යනෙන අසරණයගෙ ඇඟට වදී

වෙහෙසක්‌ නොදැන අත් දෙක හබලට දැරුව

සැඩ දිය පහර ඉහළට පැදගිය ඔරුව

රැදුණ අතරමඟ ලෝ දහමට හුරුව

දියවැල් තැවෙයි මෙය ඉවසන්නට බැරුව


සාගර කවියා අපේ දෙනෙත් මට්‌ටමෙන් ඔබ්බට ගොස්‌ හරියටම වසරක්‌ම පිරෙද්දී 1962.06.22 වැනි දින බී. බී. අල්විස්‌ පෙරේරා හිත මිතුරා 'දවස්‌ පුවත්පතට විශේෂාංග ලිපියක්‌ කවියෙන්ම ලීවේය. මේ එහි පළමුවැනි කවියයි.

කේයස්‌ පහන් ටැඹ හෙළ කවි රජ දානේ

ඇද ගෙන වැටී සැඟවී මරණය සීනේ

වසරක්‌ ගත වුණ පසුවුන දින ගානේ

සෙවනැලි දුටිමි මම වැලපෙන සඳ පානේ


ඒ පමණක්‌ නොවේ.

සාගර පලන්සූරියගේ මුළු මහත් චරිතාපදානයත් ඔහුගේ නිර්මාණ චාරිකාවත් ලියූ පොත් පත් සමූහයාත් අළලා සිය සොඳුරු හිතවතා පී. බී. අල්විස්‌ පෙරේරා මුද්‍රිත පිටු 175 න් යුත්ව 'කේයස්‌' නමින් කවි පොතක්‌ ම ලීවේය. කුමාරගම කවියාගේ කඳුළු මගින් නිර්මාණය කළ හරවත් පෙරවදනක්‌ ද ඒ පොතට එක්‌ කළේය.

කේයස්‌ කාව්‍ය සංග්‍රහයේ අවසානම කවිය අපි යළි යළිත් සාගර ස්‌මරණය කරමින් කියවමු.

අපේ සිත්තුළ නැඟෙන සෝකී හැඟුම් කෙසෙලක බෙදා ගන්නද

ඔබ දැවූ තැන පොළව හාරා එතුළ සදහට නිදා ගන්නද

නැතොත් ඔබගේ අළු වඩාගත් මහා ගල්කුළ බදා ගන්නද

අනේ· සාගර - අනේ· කේයස්‌ කෙසේ අප සිත හදා ගන්නද?

 

 සුදෝසුදු සිනමාපටය
 උපුටනය කේයස්‌ - කර්තෘ පී. බී. අල්විස්‌ පෙරේරා

පිටු 175 - 1961 අගෝස්‌තු

බන්ධුල ආර්. ගුලවත්ත

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.