ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, June 13, 2017

මුදල් සඳහා රට පාවා දෙන හාල්පාරු දේශද්‍රෝහී ලෝයර්ස්ලාගේ කට වසා දුන් අනගි නියෝගය....!!!

ද්විතියික වෙළෙඳපොළේ බැඳුම්කර පාඩුව ගණනය කරන්න - කොමිසම විගණකාධිපතිට නියෝග කරයි...!!!
 මුදලට ජනතාව පාවා දෙන නීති තිරිසනුන් අඳුනාගන්න
 අර්ජුන මහේන්ද්‍රන්  වෙනුවෙන් පෙනී සිටින නීතිඥ චානක ද සිල්වා  සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු දැඩි විරෝධය පළ කළත් කොමිසම එම විරෝධතා ප්‍රතික්‍ෂේප කළේය.
 2015.02.01 දින සිට 2016.03.31 දින දක්‌වා නිකුත් කරන ලද භාණ්‌ඩාගාර බැඳුම්කර ද්විතියික වෙළෙඳපොළේ ගනුදෙනු වූ ආකාරය සහ එම මිල ගණන් අනුව රජයට සහ වෙනත් ව්‍යවස්‌ථාපිත ආයතනයකට අලාභයක්‌ සිදුවී තිබේද යන්න සොයා එසේ අලාභයක්‌ සිදුවී ඇත්නම් ඒ අලාභය කොපමණද යන්න ගණනය කරමින් වාර්තාවක්‌ ඉදිරිපත් කරන ලෙස ඊයේ (13 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි  රජයේ විගණකාධිපති ගාමිණී විඡේසිංහට නියෝග කළේය.

රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉල්ලීමක්‌ සලකා බැලූ කොමිසම එම ඉල්ලීම පිළිගන්නා බව සඳහන් කරමින් රජයේ විගණකාධිපතිවරයාට එසේ නියෝග කරන ලදී.
එම ඉල්ලීම සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්  වෙනුවෙන් පෙනී සිටින නීතිඥ චානක ද සිල්වා  සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු  දැඩි විරෝධය පළ කළත් කොමිසම එම විරෝධතා ප්‍රතික්‍ෂේප කළේය.

එසේ බැඳුම්කර නිකුතුවලට අදාළ ද්විතියික වෙළෙඳපොළ තොරතුරු සපයන්නේ නම් තවදුරටත් සිදුව ඇති අලාභ ගණනය කළ හැකි බවත් ඒ අනුව අලාභය තවත් ඉහළ යා හැකි බව තමා විගණකාධිපති වාර්තාවේ සඳහන් කර ඇති බවත් රජයේ විගණකාධිපති ගාමිණී විඡේසිංහ  කොමිසමට කියා සිටියේය.
පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිහාල් ප්‍රනාන්දු කීවේ මේ ගැන සෙවීමට කොමිසමේ උප ලේඛනය අනුව බලයක්‌ නොමැති බවයි. නීතිඥයන් ඉදිරිපත් කරන ලද කරුණු ගැන කොමිසම අවධානය යොමු කිරීමෙන් පසු එම විරෝධතා ප්‍රතික්‍ෂේප කළ කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි  මෙසේ ප්‍රකාශ කළේය.

2017.01.02 - 7 දිනැති ගැසට්‌ පත්‍රයේ සඳහන් මෙම කොමිසමේ උපලේඛනය සලකා බලන ලදී. එහි 'බී' ලෙස සඳහන් කරුණට ද ඒ සමඟම උපලේඛනයේ සඳහන් සෙසු කරුණුවලට ද කොමිෂන් සභාවේ අවධානය යොමුකරන ලද අතර ඉදිරිපත් කර ඇති විරෝධතා පිළිගතහොත් එම කරුණු පරීක්‍ෂා කර බැලීම විශේෂයෙන් උප ලේඛනයේ 'බී' කරුණෙහි සඳහන් කරුණු පරීක්‍ෂා කිරීම වැළැක්‌වීමට මෙම විරෝධතාව මගින් සිදුවනවා ඇත. ඒ නිසා එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරනවා.

එසේම මෙම කොමිසම වෙත දී ඇති මැන්ඩේ පත්‍රය අනුව පැහැදිලිවම සඳහන් වන්නේ භාණ්‌ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමෙන් පසුව ඒවා විකුණා ඇති ආකාරය සහ එහි රටාව පිළිබඳව අධ්‍යයනයක්‌ කිරීම අවශ්‍ය වන බවයි. ඒ අනුව එම කරුණු සඳහා මෙම ඉල්ලීමට කොමිසම ඉඩ දෙනවා. ඒ අනුව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක  විසින් කර ඇති ඉල්ලීමට ඉඩ දෙමින් එම ඉල්ලීම අනුව කටයුතු කරන ලෙස විගණකාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

අදාළ විගණනය සඳහා විගණකාධිපතිවරයාට නියෝගයක්‌ කරන ලෙස ඉල්ලා සිටියේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක  විසිනි.

කොමිසම යළි අද (14 දා) උදේ 9.45 ට රැස්‌වේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.