නීතිඥ ලක්ෂාන් ඩයස් විසින් පැය 24 ක් ඇතුළත රටේ ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බවත් නැතහොත් ඔහු නීතිඥ වෘත්තියෙන් නෙරපා හැරීමට කටයුතු කරන බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.
මෙරට
කතෝලික පල්ලි 166කට පසුගිය කාලයේදී පහර දී ඇති බවට දෙරණ රූපවාහිනියේ අලුත්
පාර්ලිමේන්තුව වැඩසටහනේදී නීතීඥ ලක්ෂාන් ඩයස් විසින් කරන ලද ප්‍රකාශය
සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ අසත්‍ය ප්‍රකාශ
සිදුකිරීම සම්බන්ධයෙන් නීතිඥවරයා සමාව ගත යුතු බවත්, එම වගකීම ඉටුනොකළහොත්
ඔහු නීතිඥ වෘත්තියෙන් නෙරපා හැරීමට ලබන සඳුදා වන විට අවශ්‍ය පියවර ගන්නා
බවයි.
අද (17) කිලිනොච්චියේ මාන්කුලම් ප්‍රදේශයේ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ ජාතීන් අතර අසමගිය වර්ධනය වන අන්දමේ හා වෛරය ඇතිකිරීමේ ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
ක්‍රිස්තියානි ආගමික ස්ථාන 166ට හාමුදුරුවරුන් විසින් පහරදී ඇති බවට ටී.වී දෙරණ ආයතනයේ “අලුත් පාර්ලිමේන්තුව” වැඩසටහනට එක්වෙමින් නීතිඥ ලක්ෂාන් ඩයස් විසින් ප්‍රකාශ කළ බවත්, ඒ සම්බන්ධයෙන් තමන් අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් විමසා සිටි බවත්, එහිදී එවන් ප්‍රහාරයක් සිදුනොවූ බවට අගරදගුරු හිමියන් අවධාරණය කළ බවත් අමාත්‍යවරයා කියා සිටියා.
දෙරණේ අමු කෙප්ප ඇද බෑ NGO නඩයට ජනපතිගෙන් උත්තර ….පල්ලි 166 ක් බෞද්ධ භික්ෂුන් කැඩුවායි කියන්නේ අමු බොරුවක්...!!!

අද
රට තුළ ජාතිවාදි ගැටුම් ඇති කිරීමට පිරිසක් කටයුතු කරන බව ජනාධිපති
මෛත්‍රිපාල සිරිසේන පවසයි. මහනුවර අස්ගිරිය පැවති උත්සවයකට එක් වෙමින් ඔහු
මේ බව කියා සිටියා.
සිංහල ,දමිළ ,ඉස්ලාම් ,කතෝලික මේ සෑම ආගම් තුළම නොසන්සුන්තාවයක් ඇති කිරීමට මෙන්ම ගැටුම් ඇති කිරීමට අන්තර්ජාලය ,ෆේස්බුක් කටයුතු කරන බවටද ජනාධිපතිවරයා චෝදනා කළා.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ,
“මීට පෙර දිනක සන්ද්‍යාවේ රාජ්‍ය නොවන මාධ්‍ය ආයතනයක තිබුණා වැඩසටහනක්.මම ඒක බලාගෙන හිටියේ.ඒ වැඩසටහනට ආපු එක්තරා අයෙක් කිව්වා මේ රටේ කතෝලික මුස්ලිම් පල්ලි 166 කට පහර දීලා තියනවා කියලා.ඒ නිවේදකයා ඇහුවා ඔබ වගකීමකින්ද මේ බව ප්‍රකාශ කරන්නේ කියලා.ඒ පුද්ගලයා කියනවා පල්ලි 166 පහර දිලා කියලා.මම ඇහුවා අගරදගුරු තුමාගෙන් මේ ගැන ඇත්ත මොකක්ද කියලා.මේ කතාව ඇත්තද කියලා මම ඇහුවා.උනහන්සේ කිව්වා ඒ සම්බන්ධයෙන් මට කිසිම දෙයක් වාර්තා වෙලා නෑ කියලා. කාදිනල් හිමිපාණන් කිව්වා එහෙම දෙයක් සිදු නොවුණ බවට තමා ප්‍රසිද්ධියේ මාධ්‍යට ප්‍රකාශ කරන්නම් කියලා. අපි ජාතික සංහිදියාව ශක්තිමත් කරගත් ප්‍රතිපත්තියක් තුළ ඉදිරියට යෑමේදී ඊට එරෙහි පිරිස් නොයෙක් ආකාරයට රට නොසන්සුන් කරන්න ක්‍රියා කරන බවක් පේනවා.”
මෙරට කතෝලික පල්ලි 166කට පසුගිය කාලයේදී පහර දී ඇති බවට දෙරණ රූපවාහිනියේ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේදී නීතීඥ ලක්ෂාන් ඩයස් විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙනුයි ජනාධිපතිවරයා මෙලෙස අදහස් ප්‍රකාශ කලේ.
තමන් ඒ ගැන අගරදගුරු තුමාගෙන් විමසුවද එවන් දෙයක් සිදුව නැතැයි තහවුරු කල බවද ජනාධිපතිවරයා කියා සිටියා.