ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, June 4, 2017

රාජිත යනු රටම ගිණි තබන කාළකණ්නි අපතයෙක්....!!!

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් 2017/04/26 වැනි දින පැවැත්වූ එස්‌. ඡේ. වී. චෙල්වනායගම් සමරු දේශනය තුළින් දේශපාලනික සහ යුදමය ඝට්‌ටනවලින් ගහන දීර්ඝ කාලීන උතුරු/ දකුණු අර්බුදය විසඳීමට ඇති නොහැකියාව තවදුරටත් සනාථ වේ. ඔහු එම දේශනයේදී දෙමළ බෙදුම්වාදයේ නිර්මාතෘවරයකු වන වෙල්ලාල කුලයට අයත් චෙල්වනායගම්ව අති මහත් ප්‍රශංසාවට ලක්‌ කරන්නේ ඔහු දෙමළ ජාතියේ ගැලවුම්කාරයා වශයෙන් දෙවියන් වහන්සේ විසින් පත් කරන ලද නියෝජිතයෙකු වශයෙන් හඳුන්වමිනි. රාජිතගේ එම "දේශපාලන" කතාවේ අරමුණ දෙමළ ඡන්ද ඩැහැ ගැනීම සහ ද්‍රවිඩ සන්ධානය එක්‌සත් ජාතික පක්‌ෂය තුළ රඳවා ගැනීම බව ඉතා පැහැදිලියි.

 උතුරේ ප්‍රධාන ඇමැති විග්නේශ්වරන් විසින් නිරතුරුවම සිංහල නායකයන් "යක්‌ෂයින්" යෑයි පෙන්වීමට දරන ක්‍රියාවලිය ආරම්භ කර ඇත්තේ රාජිත ප්‍රශංසා මුඛයෙන් කතා කරන චෙල්වනායගම්ලා බව කිව යුතුය. විග්නේශ්වරන් සිය උතුරු පළාතේ ප්‍රධාන ඇමැති ධුරයේ නිල බලය පාවිච්චි කරමින් කිසිදු ඓතිහාසික හෝ සනාථ කළ හැකි හේතුන් මත පදනම් නොවී ඩී. එස්‌. සේනානායකගේ සිට මහින්ද රාජපක්‌ෂ දක්‌වා සිටි සියලුම සිංහල නායකයින් දෙමළ ජාතියේ "සමූල ඝාතක පාපතරයින්" සේ හංවඩු ගසමින් දෙමළ ජනයා තුළ සිංහලයන්ට එරෙහිව දැඩි වෛරය ආරෝපණය කරමින් සිටී. නමුත් යටත් විජිත කාලයේ පටන් සිංහල බෞද්ධයන් "යක්‌ෂයන්" ලෙස හුවා දැක්‌වීම දෙමළ නායකයන්ගේ සහ ඔවුන්ගේ නියෝජිතයින් සැලසුම් සහගත ලෙස කරන ක්‍රියාවක්‌ බැව් බුද්ධිමත් ජනතාව දනී.

එසේ නම් විග්නේශ්වරන්ගේ මෙම දකුණේ සිංහලයින් "යක්‌ෂයින්" සේ පෙන්වන වෛරී ආකල්පය දෙමළ දේශපාලන සම්ප්‍රදායට අනුකූල වේ. උතුරේ පවත්වා ගෙන යන "සිංහල බෞද්ධ" විරෝධී දේශපාලනය, වෙල්ලාල නායකයින් හට තමන් "සිංහල සතුරන්ගෙන්" දෙමළ අයිතීන් ආරක්‌ෂා කිරීමට බැඳී සිටින ගැලවුම්කාරයින් සේ පෙනී සිටීමට ඉවහල් වී තිබේ. නමුත් දෙමළ දේශපාලනයේ ගමන් මඟ තීරණය කරන මෙම වෙල්ලාලයන්ගේ එම සිංහල බෞද්ධ විරෝධී දේශපාලනය තුළ සැඟවුණු දෙයක්‌ද ඇත. එනම් තමන් ක්‍රියාත්මක කරන අන්තවාදී කුල භේදය යටපත් කිරීමට එම උපක්‍රමය යොදා ගැනීමයි. සුළු ජාතීන්ට අසාධාරණකම් කරන්නේ යෑයි යන ඉතා මනා ලෙස සැලසුම් කොට චෝදනා කරන එම උපක්‍රමය සාර්ථක වී ඇත්තේ එය සත්‍ය නිසා නොව වසර ගණනාවක්‌ තිස්‌සේ දිනපතා නොකඩවා එය පවසන බැවිනි.

දකුණේ සිංහලයින් දෙමළ ජාතියේ පරම සතුරන් සේ පෙන්වීම තුළින් ඔවුනට ලෝකයේ දියුණුම ප්‍රචාරක ආයතනයකින්වත් ලබා ගත නොහැකි දේශපාලන වාසියක්‌ ලබා ගැනීමට හැකි වී තිබේ. එමඟින් ඔවුන් "බහුතරයට" ගොදුරු වූ "අහිංසකයින්" ලෙස පෙනී සිටිමින් ලෝකයේ දේශපාලන අනුකම්පාවද ලබා ගෙන තිබේ. නමුත් යථාර්ථය එය නොවේ. පවතින දත්තයන් අනුව බහුතරයේ අසාධාරණයට ගොදුරු වන්නේ යෑයි කියනු ලබන මොවුන්ගේ විශේෂයෙන් වෙල්ලාලයින් ලංකාවේ වැඩිම වරප්‍රසාද ලබන ප්‍රජා කොට්‌ඨාසයක්‌ බව සනාථ වී තිබේ.

ජී. ජී. පොන්නම්බලම් විසින් මෙම "ආඳෝනාව" පළමුවෙන්ම සිය පැය 10 ක දේශනයක්‌ මඟින් සෝල්බරි කොමිසම වෙත ඉදිරිපත් කළ නමුත් එම කොමිසම එය ඉවත දැමුවේ සනාථ කළ හැකි කිසිදු සාක්‌ෂියක්‌ ඒ තුළ නොතිබූ බැවිනි.

ඇත්ත වශයෙන්ම සුළු ජාතීන් ලෙස රටේ සිටිනුයේ ප්‍රධාන වශයෙන් දෙමළ, මුස්‌ලිම් සහ ඉන්දීය දෙමළ ජනතාවයි. එසේ නම් ඇත්තෙන්ම බහුතරයෙන් සුළුතරයට හානි/ අසාධාරණයක්‌ වන්නේ නම් යාපනයේ දෙමළ ජනයා පමණක්‌ ප්‍රචණ්‌ඩත්වයට පෙළඹෙන්නේ ඇයි? සිංහල බහුතරය, සුළු ජාතීන්ට, චෝදනා කරන ආකාරයේ බලවත් අසාධාරණකම් කරන්නේ නම් දෙමළ කතා කරන මුස්‌ලිම් ජනයා සහ ඉන්දීය දෙමළ ප්‍රජාව සිංහලයින් සමඟ සුහදව ජීවත් වන්නේ කෙසේද? සුළු ජාතීන් දෙකොටසක්‌ ප්‍රචණ්‌ඩත්වයෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක්‌ තුළ තම ප්‍රශ්න විස¹ ගැනීමට සමත් වන විට උතුරේ වෙල්ලාලයන් පමණක්‌ එයට අසමත් වන්නේ ඇයි? මන්ද ඔවුන් එසේ සාමූහිකව සුහදතාවයෙන් සිංහලයින් සමඟ ජීවත් වීමට ඇති දැඩි අකැමැත්ත නිසාය. එසේම එසේ ගැටුමක්‌ ඇති කර නොගන්නා විට තවදුරටත් දෙමළ ජනයාගේ ගැලවුම්කාරයා ලෙස පෙනී සිටීමට නොහැකි වන නිසාය.

වෙල්ලාල න්‍යාය පත්‍රයට දෙමළ කතා කරන සියලුම සුළු ජාතීන් ඒකරාශී කර ගැනීමට අසමත් වීම වෙල්ලාලයන්ගේ අඳෝනාවට එල්ල වූ මරු පහරක්‌ වුණි. එසේම ඔවුන්ට තම අභිමානය ගිල ගැනීමට සිදු වූයේ තමන් එසේ යෙදූ උපක්‍රමය තමන්ටම පාරාවළල්ලක්‌ වී සිංහලයාට පහර ගැසීමට මුදාහළ බලවේගයන් තමන්ටම එරෙහිව නැඟී සිටි බැවිනි. එසේ වුවද වෙල්ලාලයන් විසින් දියත් කරන ලද සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරයෙන් ගැලවීමට ඔවුන්ටද නොහැකි විය. අවසානයේ සිංහලයින්ට පහර ගැසීමට මුදාහළ "වඩුක්‌කොඩේ" කොල්ලන්ම ආපසු හැරී "වඩුක්‌කොඩෙයි සම්මුතිය" නිර්මාණය කළ නායක වෙල්ලාලයින් විනාශ කරන දමන ලදී. කෙසේ වුවද අනෙකුත් කුලයන් නිර්දය ලෙස හෙළාදකින වෙල්ලාලයන්ට දෙමළ ජනයාගේ ගැලවුම්කාරයන් ලෙස පෙනී සිටීමට හැක්‌කේ අන්තවාදී ජාතිවාදය පතුරන තාක්‌ කල් පමණි. එය පශ්චාත් නිදහස්‌ කාලපරිච්ඡේදයේ ජී. ජී. පොන්නම්බලම්ගේ සහ එස්‌. ඡේ. වී. චෙල්වනායගම්ගේ උසිගන්වන සුලු උද්ධච්ඡ, අහංකාර දේශපාලනයේ ඉතිහාසයයි. උතුරේ දේශපාලන අත්තිවාරම දැමූ ප්‍රධාන තීරණාත්මක චරිත දෙකක්‌ වන ඔවුන් දෙදෙනා අදියරෙන් අදියර යාපන ජනතාව ජාතිවාදයේ අන්තයටම ගෙන යන ලද්දේ එසේය.

උදාහරණයක්‌ ලෙස මොවුන් දෙදෙනාම ජනප්‍රිය වූයේ ජාතිකත්වය ගැන කතා කිරීම නිසා නොව "අසාධාරණය" ගැන කතා කිරීම නිසාය. තිහේ දශකයේ සහ හතළිහේ දශකය ලෝකයේ යටත් විජිත භාවයට එරෙහිව තදබල ලෙස නැඟී සිටිය අවධියක්‌ වුවද ඒ කාලයේ මොවුන් දෙදෙනාගෙන් කිසිවෙකුත් ජාතිකත්වය පිළිබඳව වචනයකුදු කතා කළේ නැත. ජී. ජී. පොන්නම්බලම් තිහේ දශකයේ පනහට පනහ ඉල්ලූ අතර චෙල්වනායගම් හතළිහේ දශකයේ ෆෙඩරල් රාජ්‍යයක්‌ ඉල්ලීය. මොවුන් දෙදෙනාම යාපනයේ ස්‌වකීය බලය පවත්වාගෙන ගියේ එහි දේශපාලනයෙහි ආධිපත්‍යය පැතිරූ රාජ්‍ය පරිපාලනයේ නියුතු ඉංගී්‍රසි කතා කරන වෙල්ලාලයන්ගේ සහයෝගයෙනි. චෙල්වනායගම්ගේ බෑනනුවන් වන මහාචාර්ය ඒ. ඡේ. විල්සන් තම ග්‍රන්ථයෙන් කියා ඇත්තේ රජයේ තනතුරුවල සහ වෘත්තීන්හි ආධිපත්‍යය පවත්වා ගෙන ගියේ දෙමළ වෙල්ලාලයන් වන අතර, අනෙකුත් කුලයන්ගේ කෙනෙක්‌ එම තනතුරුවල සිටියේ ඉතාමත් කලාතුරකින් බවය. (චෙල්වනායගම් සහ දෙමළ ජාතිකත්වය - 1947-1976 පිටුව 140) මොවුන් දෙදෙනාම යාපනය කේන්ද්‍රීය කොටගත් තම දේශපාලනය පවත්වා ගෙන යැමට විශ්වාසය තබා තිබුණේ වෙල්ලාල කුලයේ රාජ්‍ය සේවකයින් මතය. එසේම ඔවුන් යාපනයේ මැතිවරණ කොට්‌ඨාසවල බලය පතුරුවා සිටි "වෙල්ලාල" ගම්මානවලත් සහාය ලබා ගති. එබැවින් මොවුන් දෙදෙනාම නියෝජනය කළේ සමස්‌ත දෙමළ ජනතාව නොව වෙල්ලාලයන් පමණක්‌ වන අතර, සෙසු අය පරයන් සේ හඳුන්වා ඈත් කොට තබන ලදී.

සිංහල බහු ජාතිය අතින් අතිශය පීඩාවට පත් වූ සුළුතරයක්‌ ලෙස පෙන්වීම සඳහා ඔවුන් තමන් දෙමළ වීම නිසා "දෙමළ වෙස්‌ මුහුණු" තුළ සැඟ වී සිටියහ. තවද උතුරේ පැවතෙන උග්‍ර කුල භේදය සහ හැදෙන වැඩෙන පරිසරය අනුව ඔවුන් වෙල්ලාල අයිතීන් ගැන පමණක්‌ උනන්දු වන පිරිසක්‌ වූ අතර, ඔවුන්ගේ අහංකාර අධිමානය හේතුවෙන් යාපනයේ "වෙල්ලාල" හැර වෙන කිසි දෙයකට ඉඩක්‌ නොවීය. එසේ කරමින් වුවද වෙල්ලාලයින් හට තම දේශපාලනය දකුණේ සිංහලයින්ට විරුද්ධව යෙදූ සදාකාලික සටනක්‌ බවට පත් කොට යාපනය දේශපාලනය නන්දිකඩාල් අගාධයට ගෙන යැමේ වගකීමෙන් නිදහස්‌ වීමට හැකි වූයේ සිංහල බෞද්ධ විරෝධී ආකල්පය දැඩිව පතුරා තිබූ හෙයිනි. එහි ප්‍රතිඵලයක්‌ ලෙස ජාතික දේශපාලනය යනු යාල්දේවිය මඟින් උතුරට පමණක්‌ යන දකුණට කිසිදා නොඑන දෙයක්‌ බවට පත්වුණි. ජාතික දේශපාලනය එසේ කෲර ලෙස අවුල් කළ එකිනෙකාට සතුරු කඳවුරු දෙකක්‌ බිහි වීමට හේතුවක්‌ වූයේ ජී. ජී. පොන්නම්බලම් සහ චෙල්වනායගම් වැන්නන් වන නමුත් එය එසේ බැව් පෙන්වා දුන්නේ ඉතාම කලාතුරකිනි. එබැවින් උතුරේ දේශපාලනය තීරණය කරන එකම බලය වූ වෙල්ලාලයින් තමන් උතුරේ නොපවතින, නොවැදගත් ප්‍රජාවක්‌ ලෙස ලෝකයාට පෙන්වමින් තවදුරටත් තමන්ට රිසි දේ කිරීමට සමත් විය.

කේ. ඩැනියෙල් විසින් රචිත "කානල්" නමැති නවකතාවෙහි එම අප්‍රසන්න යථාර්ථය, එනම් යාපනයේ සංස්‌කෘතිය මුළුමනින්ම හැඩගස්‌වන ප්‍රධාන සාධකය "වෙල්ලාලකත්වය" බැව් සනාථ කරයි. වෙල්ලාලයින් අනෙකුත් කුලවල ජනයා කෝවිල්, පාසල්, ගොවිපළවල්, පල්ලි, පොදු වාහන යනාදියෙන් හැකිතාක්‌ දුරට ඈත් කොට තනිවම වෙනම ජීවත් වූ අයුරු ඩැනියෙල් මහතා තම කෘතියෙන් කදිමට පෙන්වාදී ඇත. අඩු කුලේ දනන්ගේ මංගල අවමංගල කටයුතු සිදුකරන ආකාරය පවා තීරණය කොට ඇත්තේ වෙල්ලාලයන්ය. වෙල්ලාල චාරිත්‍ර සහ නීති උල්ලංඝනය කරනවුන් අමානුෂික ලෙස පහර දී මරා දැමූ අවස්‌ථා පවා විය. ඔවුන් ජලය බිංදුවක්‌වත් අඩු කුලේ ජනයා හා බෙදා නොගත් අතර, තම "පාරිශුද්ධ නෙත්" දූෂණය වන බැවින් දවල් කාලයේදී අඩු කුලයේ දනන්හට පාරේ ගමන් කිරීම පවා තහනම් කොට තිබිණ. වෙල්ලාලයින්ගේ එම අතිශය මර්දනය හමුවේ වෙල්ලාලයන්ගෙන් පිට කිසිවෙකුට යාපන අර්ධද විපයේ දේශපාලනයෙහි නිරත වීමට ඉඩ නොලැබුණි.

යාපන සංස්‌කෘතිය වැඩවසම් යුගයෙන් මාරු වූයේ වෙල්ලාල ආධිපත්‍යයටය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස වෙල්ලාලයෝ උතුරේ දේශපාලනයද ඒ තුළින් ජාතික දේශපාලනයද හසුරු වන එකම සාධකය විය. සත්‍යය එය වුවද උතුරේ දේශපාලන භූ දර්ශකය විශ්ලේෂණය කිරීමේදී එම අතිශය වැදගත් සාධකය ගිලිහී තිබේ. අද රාජිත සේනාරත්න වැන්නන් කරන්නේද තම දේශනයන් තුළින් එය යටපත් කිරීමයි. වෙල්ලාලයන්ගේ එම තීරණාත්මක භූමිකාව සඟවා තැබීම, ඔවුනට තම නින්දිත දේශපාලනයේ දිගටම නිරතව සිටීමට රුකුලක්‌ වී තිබේ. නුතන ලෝකයේ කුල භේදය මත ක්‍රියා කිරීම යාපනය තුළ හෝ පිටතදී හෝ කළ නොහැකි නිසා ඔවුනට මතවාදී සංකල්ප නමැති වෙස්‌ මුහුණු ඇවැසි විය. ඔවුනට දෙමළ ජනයාගේ ගෞරවය සහ විශ්වාසය දිනාගත හැකි වන්නේ දෙමළ ජනයාට පිළිගත හැකි පුළුල් භාණ්‌ඩ නාමයක්‌ තුළින් පමණි. යටත් විජිත සහ වැඩවසම් යුගයන්හි ඔවුන් වෙල්ලාලයින් වීම පිළිබඳව උඩඟු වී සිටියත් නූතන යුගයේ ඔවුනට වෙල්ලාලයන් සේ පැවතීමට නොහැක. ඔවුන් යාපනය තුළ අභිමානයෙන් යුතුව තමන් වෙල්ලාල යෑයි හඟවන නමුත් යාපනයෙන් පිටත ශිෂ්ට ලෝකයට අවතීර්ණ වන විට හඳුන්වන්නේ "දෙමළ" ලෙසිනි. ඔවුන් එම "මුහුණු දෙක" තමන්ගේ බලය සහ වරප්‍රසාද තබා ගැනීමට සහ වර්ධනය කර ගැනීමට තැනට ගැලපෙන අයුරින් වරින් වර පළඳමින් සිටී. උදාහරණ ලෙස ලන්ඩන් නුවරදී ඔවුන් වෙල්ලාල ලෙස පෙනී නොසිටින්නේ බ්‍රිතාන්‍යයන් කුල භේදය පිළිකුලින් යුතුව බැහැර කරන බැවිනි. ලන්ඩන් නුවර ඔවුන් පෙනී සිටින්නේ සිංහල බහුතරය විසින් දැඩි අසාධාරණයට ලක්‌ කළ "දෙමළ ජාතිකයන්" ලෙසිනි. නමුත් යාපනයට පැමිණි විගස එම සංවෘත සමාජය තුළ ඔවුන් චෙල්ලාල වේශය යළි ලබා ගනිමින් තමන්ට "උරුම" පහසුකම්/වරප්‍රසාද භූක්‌ති විඳියි. කෙටියෙන් කිවහොත් ඔවුන්ගේ අනන්‍යතාව තීරණය කරන්නේ ඔවුන් ඒ මොහොතේ සිටින්නා වූ භූගෝලීය ප්‍රදේශයයි. යාපනයේ දෙමළ නමැති දුම්පටලය පිටුපස වෙල්ලාලයින් මෙන්ම යාපන දේශපාලන යථාර්ථයද සැඟ වී සිටින කරුණ මෙයින් පැහැදිලි වේ.

යාපනය තුළ වෙල්ලාලයින් සහ දෙමළ ජාතිකයින් අවස්‌ථානුරූපීව බලෙන් එකතු කළ ප්‍රජාවන් දෙකක්‌ වේ. ලංකාවේ දේශපාලන විශ්ලේෂණයේ මෙම කරුණ නොදැක්‌වීම මූලික වරදකි. යථාර්ථය වනුයේ යාපන සමාජයේ සියලුම ස්‌ථර ආවරණය කරන දෙමළ දේශපාලනයක්‌ එහි නොමැති වීමයි. ඇත්තේ වෙල්ලාල දේශපාලනය පමණි. 1939 දී ජී. ජී. පොන්නම්බලම් විසින් උසි ගැන්වුණු නාවලපිටිය ජාතිවාදී කෝලාහලවල සිට 1976 වඩුක්‌කොඩෙයි සම්මුතිය දක්‌වාද අවසාන වශයෙන් නන්දිකඩාල් දක්‌වාද යාපනය ඇද ගෙන ගියේ එම "වෙල්ලාල" දේශපාලනයයි. යටත් විජිත සහ වැඩවසම් යුගයේ සිට "වෙල්ලාල වඩුක්‌කොඩේ සම්මුතිය" විසින් නිර්මාණය කරන ලද ප්‍රභාකරන්ගේ නායකත්වය දැරූ "කොල්ලන්" ගේ අවසානය දක්‌වා යාපනයේ ඉරණම පියවරෙන් පියවර තීරණය කළේ වෙන කිසිවෙක්‌ නොව වෙල්ලාලයන්ය.

කුල භේදය වෙල්ලාලයන්ගේ ජාන තුළ කෙතරම් දුරට කි¹ බැස ඇත්දැයිද කිවහොත් වරෙක ඔවුන් දෙමළ ජාතිය තුළ තම ආධිපත්‍යය තබා ගැනීම සඳහා "ගොවිගම" කුලයේ සිංහලයින් සමඟ අත්වැල් බැඳ ගැනීමට පවා සූදානම් විය. අඩු කුලයන් කෙරෙහි ඔවුන් දැක්‌වූ වෛරය කොතෙක්‌ද යත් "ගොවිගම" සිංහලයින් සමඟ දේශපාලන සන්ධානයකට ඒමට පවා 1920 වර්ෂයේදී වෙල්ලාලයින් සාකච්ඡා කොට ඇති බව විල්සන් තම පොතෙහි සඳහන් කොට ඇත. බලසම්පන්න "ගොවිගම" දේශපාලනඥයින්ගෙන් සමහරෙක්‌ "කරාව" කුලයේ පුද්ගලයින් කෙරෙ පිළිකුල් සහගත ආකල්පයක්‌ දක්‌වන්නේ යෑයි කියමින් එය දඩමීමා කරගෙන වෙල්ලාල දමිළයින් 1954 දී කොළඹ නගර ශාලාවේදී රහසිගත ලෙස එවන් සන්ධානයක්‌ පිළිබඳව සාකච්ඡා කළ බවට සාක්‌ෂි තිබේ. "සිලෝන් ටැමිල්" හෙවත් ලංකා දෙමළ වෙල්ලාලයින් "ගොවිගම" සිංහලයින් සමඟ එකතු වීමේ ප්‍රවණතාවයක්‌ තිබූ බව දිස්‌වන්නේ ඔවුන් නිදහසින් පසුව "ගොවිගම" කුලයට අනුව සකස්‌ වූ එක්‌සත් ජාතික පක්‌ෂයට (1948-1956) දැක්‌වූ සහයෝගය නිසාය. එ.ජා.ප. රජයන් තුළ (සිලෝන් ටැමිල්) "ලාංකීය දෙමළ" දේශපාලනඥයෝ ඉතා වැදගත් වාණිජ කර්මාන්ත, කර්මාන්ත පර්යේෂණ, ධීවර, නිවාස යනාදී අමාත්‍යාංශ දැරීම එම කරුණ සනාථ කරන්නකි. (ඒ. ඡේ. විල්සන්, රේස්‌, රිලිජන්, ලැන්ෙච්ඡ්, ඇන්ඩ් කාස්‌ට්‌ ඉන් ශ්‍රී ලංකා පී 466) ඇත්තෙන්ම වෙල්ලාලයන් දෙමළ ජාතියට පමණක්‌ නොව අනෙකුත් ජාතීන්ටද තදබල තර්ජනයක්‌ වූයේ එලෙසිනි.

ජාතික දේශපාලනය විශ්ලේෂණය කිරීමේදී මඟ හැරී ඇති සහ ඕනෑකමින් අතහැර දමා ඇති පුරුක වූයේ වෙල්ලාලයින්ගේ මෙම ජාති ද්‍රෝහී භූමිකාවයි. දෙමළ ජාතිය රැකීමේ මුවාවෙන් සිංහල බෞද්ධ විරෝධී විෂ දෙමළ ජනයා තුළ එන්නත් කරනු ලැබූවේ වෙල්ලාලයින් විසිනි. මුස්‌ලිම්/ ඉන්දීය දෙමළ ජාතීන් සාමකාමීව සිය ප්‍රශ්න විස¹ ගන්නා විට වෙල්ලාලයින් පශ්චාත් නිදහස්‌ කාලවකවානුවේ යාපනය යුද්ධයට ඇද දැමුවේ ඒ ආකාරයෙනි. තමන්ගේ එම දුෂ්ට ක්‍රියාපටපාටියට ඔවුන්ම වන්දි ගෙවුවේ තමන්ම බිහිකළ "කොල්ලන්" අතින් විනාශ වීම තුළිනි.

එදා සිටම වෙල්ලාලයින් විසින් දියත් කළ මෙම කුමන්ත්‍රණය ලොවට හෙළි කිරීමට හෝ එම මිථ්‍යාව අභියෝගයට ලක්‌ කිරීමට බුද්ධිමත් නාභිගත ක්‍රියාදාමයක්‌ කිසිදා අප රටේ නොවීය. එස්‌. ඡේ. වී. චෙල්වනායගම් විසින් "තමිල් පයසුම් මක්‌කල් අයියකම්" නමින් පොදු පෙරමුණක්‌ සැදීමට ගත් තැත ව්‍යර්ථ වූයේ දෙමළ කතා කරන ජනයා අතර සිංහලයෝ සුළු ජාතීන්ට අසාධාරණකම් කරන්නේය යන්න පිළිබඳව පොදු මතයක්‌ නොතිබූ බැවිනි. වෙල්ලාලයින් එම "මතය" ඉතා පහසුවෙන් තවදුරටත් ගෙන ගියේ බලලෝභී සිංහල දේශපාලනඥයින් සහ බුද්ධිමත් යෑයි කියා ගන්නා අපතයින් රැලක්‌ සුළු ජාති ඡන්ද ඩැහැ ගැනීම සඳහා එම මතය තහවුරු කරන අයුරින් ප්‍රකාශ කිරීම හේතුවෙනි. එහි අවසාන ප්‍රතිඵලය වූයේ දෙමළ මර්දනකාරී වෙල්ලාලයින් දමිළ ජනයාගේ ගැලවුම්කාරයින් ලෙස තවදුරටත් වැජඹීමට හැකි වීමයි. අදටත් නල්ලුර් කෝවිලට කුලහීනයින්ට ඇතුළු වීමට නොහැක. ඩෙල්ෆ් දූපතේ පවා කතෝලික වෙල්ලාලයන්ගේ පල්ලිවලට කුලයෙන් අඩු කතෝලිකයින්ට යැමට නොහැක. පහත් කුලේ දෙමළ ජනයාට එසේ සලකන වෙල්ලාලයින් සමස්‌ත දෙමළ ජනයාගේ ගැලවුම්කාරයා ලෙස පෙනී සිටින්නේ "සිංහල බෞද්ධයින්" දෙමළ ජාතියේ හතුරන් බව දක්‌වමින් ඔවුන්ගෙන් තමන්ව ආරක්‌ෂා කරන බව පෙන්වමිනි. වෙල්ලාලයන්ගේ උගුල එයයි. එම උගුල තවදුරටත් සඟවා ගැනීමට උපකාරී වන්නේ රාජිත සේනාරත්න වැන්නන් එම උගුල ඇටවූ චෙල්වනායගම් වැනි අය දෙමළ ජනයා ගලවා ගැනීමට දෙවියන් වහන්සේ විසින් පත් කළ නියෝජිතයන් යෑයි කරන ප්‍රකාශයි. ද්‍රවිඩ සන්ධානයේ සහයෝගය ලබා ගැනීමට සහ දේශපාලන වාසි ලබා ගැනීමට යථාර්ථය යටපත් කරමින් සිංහල දේශපාලනඥයින් එසේ හැසිරීම තුළින් උතුරු දකුණු අර්බුදය තව තවත් තීව්‍ර වනවා මිස කිසිදා නොවිසඳෙනු ඇත. රාජිතටත් වෙල්ලාලයන්ටත් එම තත්ත්වය උචිත වුවත් සමස්‌ත සිංහල සහ දෙමළ ජනතාවට අවශ්‍ය එය නොවේ. ඔවුනට අවශ්‍ය සාමයෙන් සමාදානයෙන් ජීවත් වීමටය. ඒ සඳහා එයට බාධා වන සියලුම සාධකයින් හොඳින් හෝ නරකින් ඉවත් කිරීමට සියලු දෙනාම සූදානම් විය යුතුය.

රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර 
  (මහින්දපාල මහතා ඉංගී්‍රසි බසින් ලියූ ලිපියකින් කරුණු උපුටා ගන්නා ලදී.)
 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.