ඇමතිගේ දැවැන්ත නිවසේ කෝටි ගණනක ගෘහ භාණ්ඩ ඇණැවුම ප්රකට සමාගමට.. වෙනත් ඇණැවුම් බාර ගැනීම නවතා දමයි..!!!
ආණ්ඩුවේ ප්රබල ඇමතිවරයෙක් විසින් කොළඹ ප්රදේශයේ ඉදිකරමින් ඇති සුපිරි නිවසක් සදහා ගෘහ භාණ්ඩ නිපදවීම සදහා ඇණැවුමක් මෙරට ප්රසිද්ධ ගෘහ භාණ්ඩ සමාගමකට ලබා දී තිබේ.
මෙම සුවිසල් ඇණැවුම නිසා එම සමාගම ඉදිරි මාස තුනක කාලයේදී වෙනත් නිසිම ඇණැවුමක් බාර නොගැනීමට තීරනය කර ඇත.
මෙම ඇණැවුමේ නටිනාකම රුපියල් කෝටි ගණනක් යයිද වාර්තා වෙයි. අදාල සුපිරි නිවාසය රුපියල් කෝටි 20කට වඩා වැඩි මුදලක් වියදම් කර ඉදි කර ඇතැයිද පැවසෙයි.
මෙම ප්රබල ඇමතියරයාගේ ඇමතිකම පසුගිය කැබිනට් සංශෝධනයේදී වෙනස් විය.