නාමල් සොරා කෑ සහ උපයා ඇති ධනය දෙස බලන කල ජනතාවට ඵක ගෙයක් නොව කෝටි ගණනක් තනා දිය හැකිය.දේපල ලොව වටා ඇත.මේ ජනතාවට පෙන්නන්නේ දුගී දුප්පත් චරිතයකී.මුන්ව කරටියට නග්ගන ඵවුනට නම් ඌ ගිරවායේ කුමාරයා ය. පුහ්....!!!
නාමල් රාජපක්ෂට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගම වෙනත් සමාගමක් සමඟ කළ ගනුදෙනුවකදී අයුතු ලෙස මිලියන 30 ක මුදලක් උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදු කිරීම ඇතුළු අධිචෝදනා 11 ක් යටතේ නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට හා ගවර්ස් කෝපරේට් සර්වියස් සමාගමට එරෙහිව නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබිණි.
මහාධිකරණය විසින් නිකුත් කරන ලද නොතීසි මත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, පවිත්රිකා සුජානි බෝගොල්ලාගම හා නිත්‍යා සේනානි සමරනායක යන විත්තිකරුවන් තිදෙනා ඊයේ කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියහ. එම නඩුවේ සෙසු විත්තිකරුවන් වන නීතිඥ ඉන්දික ප්‍රභාත් කරුණාජීව හා ඔරනෙලා ඉරේසා සිල්වා යන විත්තිකරුවන්ට නොතීසි භාරදීමට ඔවුන් පදිංචි ලිපිනයට ගිය අවස්ථාවේදී ඔවුන් මේ වනවිට විදේශ ගතවී ඇති බවත් විදේශ ගත වූ පසුව කිසිදු සම්බන්ධතාවයක් නොපැවැතීම නිසා ඔවුන්ගේ ඥාතීන් නොතීසි භාරගැනීම ප්‍රතික්ෂේප කොට ඇති බවත් අධිකරණයේදී අනාවරණය විය. කෙසේ නමුත් එම විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ සම්පත් මෙන්ඩිස් හා නීතීඥ ප්‍රේමනාත් දොළවත්ත අධිකරණය හමුවේ පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් තමන්ට පෙනී සිටීමට අවසර ලබාදී ඇති බව දැක්වෙන බලය පැවැරීමේ ලිපිද විත්තියේ නීතීඥවරු අධිකරණයට ඉදිරිපත් කළහ.

අධිකරණය හමුවේ පෙනී නොසිටි සෙසු විත්තිකරුවන් සම්බන්ධයෙන් ස්ථීර මහාධිකරණ විනිසුරුවරයා හමුවේදී අවශ්‍ය ඉල්ලීම් කරන ලෙසටද විනිසුරුවරයා එහිදී විත්ති පාර්ශ්වයේ නීතීඥවරුන්ට දැනුම් දුන්නේය.
නීතීඥ ගනේෂ් ධර්මවර්ධන, විඡේසිරි අඹවත්ත සම්පත් මෙන්ඩිස්, මධුර විතානගේ අතුල ද සිල්වා, ප්‍රියන්ත දෙනියාය, ධනරාඡ් සමරකෝන් ඇතුළු නීතීඥ මණ්ඩලයක් සමඟ ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ, ජනාධිපති නීතීඥ අනිල් සිල්වා විත්තිය නියෝජනය කළහ. රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ හංස අබේරත්න පැමිණිල්ල මෙහෙය විය.

ගල් ඉන්නක් ගෙන බොරු රඟපෑමක් ඉදිරිපත් කළද ඒ පට්ට බොරුව නාමල්ගේ ඇඟ දුටුවිටම අපට සිතාගත හැකිය .ඵකදු මඩ පොදක් උගෙ කකුලක නැත .ඵහි සිටින අනික් උන්ගේ ඇඟවල මඩය.
