ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, June 25, 2017

සැමියාගෙන් දරුවො නොලද නිසා මල්ලීගෙන් දරුවකු ලබාගත් බිරිය ගයන ‘මූදු පතුල යට ඉඳලා....!!!

මුහුදු රස්සාව කරන සැමියා සමග කසාද බැඳ කාලයක් යනතුරුත් දරුවන් නොලද නිසා බිරියක සමාජයෙන් ගැරහුම් ලබනවා. දරුවන් ලබන්නට බැරි වඳ කාන්තාවක්ය කියා සමාජය විසින් කොන් කළ ඇය එම අභියෝගය ජයගන්නට උපායක් කල්පණා කරනවා. සැමියා සහ ඥාතීන් දරුවා ලබන්නට විවිධ භාර හාර වෙන අතරේ සැමියාගේ මල්ලී සමග ඇය කතරගම ගොස් භාරයක් වෙන්නට සූදානම් වෙනවා. මුහුදු රස්සාවේ යායුතු නිසා සැමියාට එයට එක්වන්නට බැරිවෙනවා. වෙළෙන්දෙකුවූ සැමියාගේ මල්ලී සමග කතරගම ගිය ගමනේදී මෙම කාන්තාව ඔහු සමග අනියම් ඇසුරක් පවත්වනවා.VIDEO
කතරගම ගොස් ටික කලකින් ඇගේ සියලු දොම්නස් දුරුකර දරුවෙකු බිහිකරන්නට ඇය සමත් වනවා.
පාසල් කාලයේ සිට බොහෝ අය රසවින්ද වේදිකා නාට්‍ය ගීතයක් තමා ‘මූදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා – පෙණ කැටියක පාකරලා-මගෙ දෝතට පුතු ආවා‘
මේ ගීතයේ සරල අර්ථය දරු නැළවිල්ලක් විදිහට පෙනුණත් ඒක අනියම් ඇසුරකින් ලබන මව් පදවියක් ගැන කියැවෙන සංකීර්ණ අර්ථයක් තියන ගීයක් බව දන්නෙ ටික දෙනයි. 1962දී ගුණසේන ගලප්පත්තිගේ ‘මූදු පුත්තු‘ නමැති වේදිකා නාට්‍යයේ තමා එම ගීය ගායනය වන්නේ.
සමාජයෙන් ඇයට ලැබුණු ගැරහුම් නැතිවී ඇය ජයගන්නවා.
සැමියාගේ මල්ලීත් සැමියාට යම් යම් සමාන හැඩහුරුකම් ඇති නිසා දරුවාගේ ජානමය ලක්ෂණත් වැඩි වෙනසකට ලක්වන්නේ නැහැ.ඇත්තටම දරුවා සැමියාගේ මල්ලීට දාව ඉපදුණත් සැමියා සිතන්නේ ඒ දරුවා තමාගේ බවයි.
නමුත් මේ රහස මේ දෙදෙනා අතර පමණක් තිබෙන දෙයක්.
කතාවෙ හැටියට මේ දරුවාට තාත්තලා දෙන්නගේම සැලකුම් ලැබෙනවා.
මෙම අවුලට පැටලුණ කාන්තාව ගැන මූදු පුත්තු නාට්‍යයේ විස්තර වෙනවා.
මේ නාට්‍යයේ දරුවා ලද කාන්තාවට රඟපෑවෙ නාට්‍යයේ නිෂ්පාදිකාවද වුණ සෝමලතා සුබසිංහයි. සැමියා හා මල්ලීට රඟපෑවේ නිහාල් ප්‍රනාන්දු හා සිරිල් වික්‍රමගේයි.ගර්ෂියා ලෝකාගේ යෙර්මා නාට්‍යයේ අනුවර්තනයක් ලෙස ගුණසේන ගලප්පත්ති මෙම නාට්‍යය නිර්මාණය කළා.
මුහුදු පතුල යට ඉඳලා ගීතයේ අන්තිම කොටසේ දරුවාගේ පියවරුන් දෙදෙනාගේ සැලකිලි ගැන දැක්වෙන්නේ මේ විදිහටයි.
//වෙරළෙන් කිරි කවඩි සොයා කෙනෙක් පුතුට ගෙන එනවා
තවත් කෙනෙක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා//
//ඒ කවඩියි මේ පබළුයි එක නූලේ අමුනනවා
ඒවායින් හවඩි සදා පුතුගෙ ඉණේ පළඳනවා// 

ගුණසේන ගලප්පත්ති


සැමියාගේ දරුවෙකු නොවුණත් ඔහුගේ රුව දරුවාට ලැබීම ගැන ඇය පවසන්නේ මේ විදිහටයි.
සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිළිසෙනවා
සුදු පාටින් ටිකිරි හිනා පුතුගෙ මුවින් ගිලිහෙනවා//
මෙම කතාව සරල අර්ථයෙන් සැලකුවොත් කාන්තාව කරන්නේ හරි දෙයක් නෙමේ. ඇය නරක ගැහැණියක් වැනි අදහස් සමහරුන්ට මතුවන නමුත් නාට්‍යය මුළුමණින් නැරඹීමෙන් පසු ඇගේ ක්‍රියාව සාධාරණීකරණය කරන්නට අවශ්‍ය හේතු ගොඩක් අපට පෙන්වා දෙනවා.
මාස ගණන් පවුලෙන් දුරස්වී සිටින මුහුදු රස්සාව කරන සැමියෙකු ලද කාන්තාවක විඳින දුක් ගැහැට, ඇගේ ආශාවන් සඵල නොවීමේ සංකීර්ණ මනෝභාවයන් මෙන්ම සමාජ පීඩනය හමුවේ උපායශීලී ලෙස ඒවා ජයගැනීමට ඇය යොමුවීම මෙම කතාවෙන් කියා දෙනවා.
ඇය ඇගේ අභිමතාර්ථ ජයගත් ආකාරය ගීතයේ මුල් පදපේලි වලින් ප්‍රකාශ වෙනවා.
//මූදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා
පෙණ කැටියක පාකරලා
මගෙ දෝතට පුතු ආවා
ගීතයේ වීඩියෝවක් පහතින්

රත්තරං ටික | මූදු පුත්තු නාට්‍යයෙන් - [ගුණසේන ගලප්පත්ති]

 හින්නිහාමි- මං සන්තෝස නැත්තෙ නැහැ. ඒ වුණාට හිතට හරි බයයි.

සරා- ඒ පළමුවෙනි වතාව හින්දා. තව මාස දෙක තුනක් යනකොට උඹට ආසා හිතේවි. උඹ ගැන ම ආඩම්බර හිතේවි. පස්මාසෙ පිරුණහම අතපය එහාට මෙහාට විසි කරනවාලු.

හින්නිහාමි- එතකොට වේදනාවක් දැනෙන්නෙ නැද්ද සරාක්කේ?

සරා- පිස්සු! අම්ම කෙනෙකුට තවත් නැහැල්ලු ඒ වගේ සම්පතක්. ඒක හරියට පියාඹන්න බැරි කුරුලු පැටියෙක් මිට මොළවාගෙන ඉන්නවා වගෙයි. කුරුලු පැටියාගේ පියාපත් වදින කොට අල්ල රිදෙනවයැයි?

-ගුණසේන ගලප්පත්තිගේ මූදු පුත්තු (1962) නාට්‍යයෙන්. මූදු පුත්තු, ගර්ෂියා ලෝකාගේ යෙර්මා නාට්‍යයේ අනුවර්තනයකි.

(උපුටනය- අභිනය 4- ගුණසේන ගලප්පත්ති සමරු කලාපයෙන්.)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.