ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, June 11, 2017

වියෝව සහ මනුෂ්‍යය සංතාපය...!!! මඟඵල ලාභය සඳහා නිවැරදි පිළිවෙත කුමක්ද...?

කෙනෙකුගේ වියෝව අපට දැනෙන්නේ කෙසේද? එය එම පුද්ගලයා සමඟ අප දක්වන බැඳීම අනුව වෙනස් විය හැකිය. එසේම පුද්ගලයාගේ පුද්ගලික හා සමාජීය වටිනාකම අනුව හා ඒ පුද්ගලයා සතුව පැවති සාරධර්ම අනුව වියෝව නිසා ඇතිවන මානසික බලපෑම වෙනස්විය හැකිය. යම් පුද්ගලයෙකු සතුව උසස් සාරධර්ම පවතින්නේ නම් ඒ පුද්ගලයා සමඟ පවතින ඥාතීත්වයක් හෝ බැඳීමක් නැතිව ද අපට වියෝ දුකක් ඇති විය හැකිය. එය එසේ වන්නේ අපගේ මානසිකත්වය ඒ පුද්ගලයාගේ පැවැත්ම හා බැඳී පැවතීමයි. මේ බැඳී පැවතීම සිදු වනුයේ තෘෂ්ණාව, ඇල්ම, ආශාව හා උපාදානය නිසාය. එසේ කිසිදු ඇල්මක්, ආශාවක්, තෘෂ්ණාවක් උපාදානයක් නොමැති නම් පුද්ගලයෙකුගේ වියෝව නිසා අපට වියෝ දුකක් හට නොගනියි. ඥාතීත්වය නිසා ඇති වන මානසික බැඳීම කවර ස්වරූපයෙන් තිබේද...? ඒ පුද්ගලයාගේ පැවැත්ම අපගේ පැවැත්මට උපකාර වීම පවතින මේ මානසික බැඳීමට හේතුවයි. අපගේ පැවැත්ම රඳා පැවතීමට තිබූ උපකාර අහිමිවී යාම නිසා ශෝකය හටගනියි. එසේ නම් සත්‍ය ලෙස අපට දුකක් ඇතිවූයේ හුදු ඒ පුද්ගලයාගේ වියෝව නිසා නොව ඒ පුද්ගලයා නිසා තමන්ගේ පැවැත්මට සිදුවූ පාඩුව නිසාය.තමන්ට ඇතිවූ පාඩුව නිසා ඇතිවන මේ ශෝකය මුලුමනින්ම ආත්මාර්ථකාමී හැඟීම මත රඳා පවතින ආකාරය සිහියෙන් දකින්න.එවිට මානසික ධර්මතාවල ක්‍රියාකාරීත්වය ඔබට භාවනාවක ස්වරූපයෙන් දැක ගැනීමට ලැබෙනු ඇත. මෙය එක්තරා අයුරින් විදර්ශනා භාවනා වැඩීමේ ක්‍රමයකි. කෙනෙකුගේ වියෝවින් දුක්වීමට වඩා ඒ සංසිද්ධිය සිතේ දියුණුවට උපකාර කරගෙන මේ දිගු සසරින් එතෙර විය හැකිනම් එය වඩා ඥාණාන්විත පිළිවෙතයි.එම වියෝ දුක සත්‍යාවබෝධය පිණිස උපකාර කරගත හැකිය.අටලෝ දහම අටලෝදහමින් එතෙරවීමට උපායක් කරගත හැකිනම් කෙලෙස්මාරයාව ඔබට පහසුවෙන් පරාජයට පත්කර සදාලික ජයග්‍රාහයෙකු විය හැක.ඊට මඟ පෙන්වීම මෙහි අරමුණයි.

විදර්ශනා භාවනාවේදී සිදු කරනුයේ යෝගාවචරයාහට සත්‍ය දැකීමට හැකි මානසික පසුබිමක් ඇතිකර ගැනීමයි. මෙහි දී සිහිය හා ප්‍රඥාව මුලික කරගෙන ඇතිවන සමාධිය තුළින් වඩ වඩාත් සිහිය හා ප්‍රඥාව දියුණු තියුණු කිරීම සිදු කරනු ලබයි. එයින් සිහිය හා ප්‍රඥාව දියුණුවන අතර ශෝකය තුනී වෙයි. මේ ලෝකයේ සාමාන්‍ය අය සිතනුයේ කෙනෙකුගේ වියෝවකදී මරණයකදී හැකිතාක් විලාප නඟා හැඩීම කළ යුතු දෙයක් බවයි.සැබෑ දුකක් ඇතිව හෝ නැතිව ශෝකය හුදු ප්‍රදර්ශනාත්මක ලෙසින් අන්‍යයන්ට පෙන්වීමට ක්‍රියා කිරීම සැබෑ බෞද්ධ පිළිවෙත නොවේ.කිසිදු ශෝකයක් නැතිව සිහි ප්‍රඥා ඇතිව ක්‍රියා කිරීමේ හැකියාව ඇත්තේ කාමරාග හා පටිඝ යන සංයෝජන සමුච්ඡේද ප්‍රහාණයකළ අනාගාමී මඟ ඵල මට්ටමේ ගිහි හෝ පැවිදි ආර්ය පුද්ගලයන් හට පමණකි. නමුත් ස්වකීය මවගේ, පියාගේ බඳු ඉතා සමීපතම ඥාතියෙකුගේ වියෝවකදී,මරණයකදී වුවද සිහි ප්‍රඥා ඇතිව කටයුතු කිරීමේ හැකියාව ඇති කර ගැනීමට ගිහි හෝ පැවිදි ඕනෑම අයෙකුට විදර්ශනා භාවනා වඩා තිබීම විශාල උපකාරයකි. ඒ බව මට ඉතා හොඳින් අවබෝධ වූයේ මගේ මවගේ මරණයේදීය. ඊට පෙර වාහන අනතුරකට මුහුණපෑමේ දී ද මට එය වැටහී තිබිණ.විදර්ශනා භාවනා පුහුණුව, එම මානසික අභ්‍යාසය කෙතරම් සැබෑ ජීවිතයේදී උපකාර වන්නේදැයි වටහා ගැනීමේ හැකියාව මේ ජීවිතයේ ගැටලුවලට මුහුණපෑමේදී දැකගත හැකිය.
 සමහරු විදර්ශනා භාවනා කරන්නේ යම් යම් ප්‍රතිඵල අපේක්ෂාවෙනි. ඔවුන්ගේ එම විදර්ශනා භාවනා පුහුණුව අසාර්ථකවීමට බලපාන ප්‍රධාන හේතුවද එයයි. එනම් ප්‍රතිඵල අපේක්ෂාවෙන් භාවනා අභ්‍යාස සිදු කිරීමයි. භාවනා අභ්‍යාසයක් යනු මානසික පුහුණුවකි. මනස පුහුණු කරනුයේ ඉලක්කයක් අරමුණු කර වුවද එම ඉලක්කය පිළිබඳව විවිධ කල්පනාවන් හා බලාපොරොත්තු ඇතිව අපේක්ෂිත මානසික අභ්‍යාස සාර්ථක කරගත නොහැකිය.එසේ බලාපොරොත්තු සිතේ තබාගෙන මානසික අභ්‍යාසයන්හි නිරතවීමේදී සිත ක්‍රියාකරනුයේ මානසික අභ්‍යාසයෙන් අපේක්ෂිත අරමුණ පිළිබඳ තෘෂ්ණාව උපදවන ආකාරයෙනි.එවිට භාවනානුයෝගියා නොදැනුවත්ව තෘෂ්ණාව වර්ධනය කරයි.නමුත් පංචකාම වස්තු අරමුණු කර උපදින තෘෂ්ණාවට වඩා මේ තෘෂ්ණාව ඉතා සියුම් බැවින් අවබෝධ කරගැනීමට අපහසුය. විදර්ශනා භාවනා කරනුයේ මඟඵල අරමුණු කරගෙනය.මඟඵල අරමුණුකොට සිදුකරන භාවනාවේදී වුවද අවසාන ඉලක්කය පිළිබඳව තෘෂ්ණාව, උපාදානය, ඇල්ම සහිතව මනසිකාර පැවැත්වීම සිදුකරන මානසික අභ්‍යාසයට විශාල හානියකි. එවිට භාවනානුයෝගියා නොදැනුවත්වම සිත භාවනාවෙන් පිට පැන නොදැනුවත්වම අති සියුම් ලෙස තෘෂ්ණාව ඔස්සේ ගමන් කරයි.එවිට එබඳු අයෙකුට මගේ සිත සමාධිගතවිය,මඟඵල උපන්නේය,සෝවාන් සකෘදාගාමී අනාගාමී රහත් වීමියැයි සියුම් උපක්ලේශයන් ඇති විය හැකිය. මෙය සම්පූර්ණයෙන් භාවනාවෙන් පිට පැනීමයි.අවාසනාව නම් පුද්ගලයා මෙයට සම්පූර්ණයෙන්ම රැවටීමයි. එබඳු අය පළමු තමා රැවටී පසුව මම අසුවල් අයෙක්මි යැයි සෙසු සමාජයද රවටන්නෙකු බවට පත්වේ. බුදු දහම පිළිබඳව ශූර ලෙස තර්ක කිරීමේ හැකියාව තිබූ පමණින් යමෙකු මඟඵල ලාභියෙකු වන්නේ නැත.සැබෑවටම මඟඵල ලාභීහු එසේ සමාජයතුළ කැපී පෙනීමට නොයති.
ගිහි හෝ පැවිදි වේවා මේ ජීවිතය නම් අටලෝ දහමතුළ රැඳී පවතින්නකි.එම අටලෝ දහමේ අකම්පිත ලෙස කටයුතු කිරීමේ හැකියාව කෙනෙකුහට ලැබෙනුයේ සාර්ථක ලෙස සිදුකරන විදර්ශනා භාවනා පුහුණුව මඟිනි. සැබෑ මාර්ගඵල ලාභියෙකු හඳුනාගත හැක්කේ සැබෑ ජීවිතයතුළ අටලෝ දහමට මුහුණ පෑමේදී මෙසේ අකම්පිතව කටයුතු කිරීම තුළ මිසක අහසින් යෑමේ, විවිධ සෘද්ධි ආදී විජ්ජා ක්‍රියා ප්‍රදර්ශනය හා බුදු දහම පිළිබඳව ලබා ඇති ශූර තර්ක හැකියාවතුළ  නොවේ.සැබෑ මඟඵල ලාභියා ඉතා සරළය.චාම්ය.සත්‍යවාදීය.සත්‍යයට මුහුණ දෙයි.කොතරම් විශාල පාඩුවක් සිදු වුවද මුසාබස් නොකියයි. සමාජ සම්මතයට නොව ධර්ම සම්මුතියට ගරු කරන්නෙකි.ප්‍රසිද්ධිය,ලාභ,ප්‍රශංසා,කිර්ති නොසොයයි. උගත්කම තිබුණද නොතිබුණද සිහිය හා ප්‍රඥාව ඇත.බාහිර ඔපයට වඩා අභ්‍යන්තර හරය අගයකරයි. පොදු ජනයා අගය කර සලකන පංචකාම ගුණිත ස්ථාන ඇසුරු කිරීමට වඩා කායික මානසික විවේකය සහිත විසිය හැකි ජන ශුන්‍ය භූමි,වෘක්ෂලතා,කඳු පර්වත සහිත ස්වභාවික පරිසර තත්වවල විසීමට ප්‍රිය කරයි. කායික මානසික ප්‍රීණනයට වඩා හුදු කායික මානසික පැවැත්ම අරමුණු කර පමණක් වෙසෙයි. ආහාර පාන, වස්ත්‍ර, නිවාස හා ඖෂධ යන ප්‍රත්‍ය පරිහරණය කරනුයේද මේ සරළ පැවැත්ම අරමුණු කර පමණකි. ඉහත දක්වා ඇති බොහෝ තත්ව සැබෑ අයුරින් විදර්ශනා භාවනා මානසික පුහුණුවේ නිරත යෝගාවචරයෙකු තුළ අනුක්‍රමිකව වර්ධනය වේ.මේ යෝගාවචරයා ගිහි හෝ පැවිදි විය හැකිය. ගිහි හෝ පැවිදි බව බාහිර ස්වරූපයක් පමණකි.අභ්‍යන්තර චිත්ත දියුණුවට එය කිසිසේත් අදාළ නොවේ. පැවිදිබව භාවනා පුහුණුවට ප්‍රයෝජනවත්වනුයේ ආරණ්‍ය සේනාසනගතව බවුන් වඩනඅය සම්බන්ධව මිසක ගම්වල හෝ නගරවල අති සුඛෝපභෝගී පන්සල්වල වැඩසෙමින් ඒවායෙහි විහාර කර්මාන්ත නව ඉදිකිරීම් දැවැන්ත ටියුෂන් ව්‍යාපාර, ජ්‍යෝතිෂ, නක්ෂත්‍ර, වෙදකම්, යන්ත්‍ර, මන්ත්‍ර, හදි හූනියම් වශී ගුරුකම් ආදියෙන් පෞද්ගලික ධනවත්කම් රැස්කරමින් සිටින අය සම්බන්ධව නොවේ. ඇතැම්විට ඊට වඩා හොඳින් භාවනාවට අවශ්‍ය කායික මානසික විවේකය ලබාගත හැකි ගිහියෙකුට විදර්ශනා භාවනා පුහුණුව සාර්ථක කරගත හැකිය. විදර්ශනා භාවනාවේදී වැදගත්වනුයේ නියමිත පරිදි භාවනා පුහුණුව ලැබීම මිසක බාහිර ඔපය ඔස්සේ එල්ඹී කටයුතු කිරීම නොවේ.එබඳු බාහිර ඔපයක් අවශ්‍යවනුයේ පංච කාම ගුණය උස්කර හඟින සාමාන්‍ය ප්‍රජාවටය.සැබෑ විදර්ශනා භාවනානුයෝගියෙකුට බාහිර ඔපයෙහි එල්ඹ කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් නැත.බාහිර ප්‍රජාව කුමක් පැවසුවද ඒ සියල්ල නෑසු කන් ඇතිව ස්වකීය විදර්ශනා භාවනා පුහුණුවේ අනලස්ව යෙදීම යෝගාවචරයෙකුගේ ප්‍රධානතම කාර්ය වේ.

ස්ත්‍රී පුරුෂ බව වුවද විදර්ශනා භාවනාව පුහුණුව සම්බන්ධව එතරම් ලොකු වැදගත්කමක් නැත. ස්ත්‍රී පුරුෂ බව අනුව මිනිස් මොළ අභ්‍යන්තර සැකැස්ම හා ස්නායු නියුරෝන සෛල සම්බන්ධතාවයේ යම් යම් විවිධතා ඇතද විදර්ශනා භාවනාව සාර්ථක කර ගැනීමට එය ලොකු ගැටලුවක් නොවේ. ගැටලුව ඇත්තේ ඒ පිළිබඳ සමාජ ඇති ආකල්පවල පමණකි.ශ්‍රී ලාංකික බෞද්ධ සමාජය බුද්ධකාලීන භාරතීය ජන සමාජයටද වඩා විවිධ මිථ්‍යා විශ්වාස, ඇදහිලි,වත්පිළිවෙත්වලින් ආකූලව,ව්‍යාකූලව ඇති ප්‍රජාවක් බව දක්නට ලැබේ. ඒ නිසාම ත්‍රිපිටකයේ ඇති සැබෑ බුද්ධ දේශනාවලට හාත්පසින්ම වෙනස් විවිධ මත ආකල්ප මේ සමාජයේ බහුලව ව්‍යාප්තව වී තිබේ. එය විදර්ශනා භාවනා පුහුණුවක යෙදෙන්නෙකුහට බාධා පමුණුවයි. විදර්ශනා භාවනාව මානසික අභ්‍යාසවල නිරතවීම යනු සැබවින්ම ස්නායු පද්ධතිය හා මොළයේ රසායනික ද්‍රව්‍ය ක්‍රියාකාරීත්වය සමඟ සිදු කරන එක්තරා ආකාරයක කටයුත්තකි.මිථ්‍යා මත විවිධ අන්ධ විශ්වාස ආදියෙන් බැහැරවීම එය සාර්ථකව සිදු කිරීමට විශාල උපකාරයකි. ගුරුවරයෙකු අවශ්‍ය යැයි සඳහන්වනුයේ මේ සියලු කරුණුවලින් සන්නද්ධ පුහුණුකරුවෙකුගේ සේවය ලබා ගැනීම මිසක ගුරුවරයෙකුට තවත් අයෙකු මාර්ගඵල ගැන්විය යන ලාමක අදහසින් නොවේ.මෙකල එබඳු වූ ගුණවලින්යුතු ගුරුවරයෙක් සොයාගැනීම කණ කැස්බෑවා විය සිදුරින් අහසබැලීමට දෙවෙනි නොවේ. නොසුදුසු ගුරුවරු ඇසුරු කිරීමද ගුරු ඇසුරකින් තොරව භාවනා කිරීමටද වඩා ඇතැම්විට අනර්ථකාරී විය හැකිය.කෙතරම් උත්සාහ කළද සුදුසු ගුරු ඇසුරක් ලබාගත නොහැකි නම් භාවනා නොකර නිකම් සිටිනවාට වඩා ලිහිල් ලෙස භාවනාව අරඹා ස්වකීය පුද්ගලික අත්දැකීම් උපකාර කරගෙන පසුව තම භාවනාව දියුණු කරගත හැකිය.භාවනාව අත්තුංසනයට හෝ පරම්භවනය පිණිස යොදා නොගන්න.හුදු භාවනාව පුහුණුව මානසික අභ්‍යාසයක නරතවීමක් බවට පමණක් පත්කරගනු මැනවි.කයෙහි සුවතාව පිණිස ශාරීරික වර්ධන මධ්‍යස්ථාන ඇසුරුකර පුහුණුවීම්වල නිරතවන්නාක් සේ අටලෝ දහම හමුවේ අකම්පිත මානසික පැවැත්ම අරමුණුකරගෙන පමණක් විදර්ශනා භාවනා අභ්‍යාසවල නිරතවන්න.එය විදර්ශනා භාවනා කිරීමේ නිවැරදි පිළිවෙතයි.කිසිවිටක එහි ප්‍රතිඵල අපේක්ෂාව යටිසිතට හෝ අරමුණු කර නොගන්න.ඔබ නොදැනුවත්ම තෘෂ්ණාව ඇතිවී භාවනාව ආසාර්ථකවීමට එය ප්‍රබල හේතුවකි.
මගේ මව අවුරුදු 73 ක් ආයු වළඳා ශල්‍යකර්මයක් සිදුකර හදිසියේ මිය යාමෙන් පසු ලියන පළමු ලිපිය මෙයයි. වයස අවුරුදු 5 දී පියා වියෝවීමෙන් පසු මා ආදරයෙන් රැක බලාගත් මවගේද වියෝගය මගේ හදවතට එක්කළ ප්‍රබල මානසික කම්පනය මඳකට හෝ තුනී කර ගැනීම මෙය ලිවීමේ අපේක්ෂාව වූ අතර තව එබඳු අත්දැකීම් ඇති මේ සමාජයේ බොහෝදෙනෙකුට සිය දුක තුනීකොට බියකරු සසරින් නිදහස්වීම පිණිස මෙය දහම් පහුරක් කරගැනීමට හැකියාව ලැබේවා යැයි පතමි.තෙරුවන් සරණයි.
රාජකීය පණ්ඩිත, ත්‍රිපිටචාකාර්ය, අභිධර්ම විශාරද
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ (PhD)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.