ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, June 8, 2017

නීතියේ පාලනයට පාර්ලිමේන්තුවත්, අධිකරණත් රටේ ජනතාවගෙන් සගවා නීති නො සෑදීම ද ඇතුළත් ය.

නීතිය නො දැනීම සමාවට කරුණක් නො වන හෙයින් නීති සෑදීම කරණු ලබන්නේ රටක ජනතාවට කියවා තේරුම්ගත හැකි ආකාරයට ය. එමෙන්ව පනවනු ලබන නීති ප්‍රසිද්ධ කිරීමද සිදු කරන අතර එකී නීති සදහා ප්‍රජාවට පහසුවෙන් ප්‍රවේශය වීමට ඇති අවස්ථාවද තහවුරැ කරයි. නිතියේ පාලනය( Rule Of Law) සම්බන්ධව අත්‍යවශ්‍ය අංගයක් වන්නේ නීතියට ප්‍රවේශය වීමට ඇති අයිතිය රජයන් විසින් තහවුරු කිරීමයි.

රටක නීති සාදන්නේ පාර්ලිමේන්තුව පමණක් නො වේ. ඉහළ අධිකරණද පාර්ලිමේන්තුව පනවන පනත් අර්ථනිරෑපණය කිරීමෙන් නීති සාදයි. පාර්ලිමේන්තුව පනවන නීතිවලින් මෙන්ම ඉහළ අධිකරණ වන අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන නඩු තීන්දුවලින්ද ලංකාවේ සෑම තැනැත්තෙකුම බැදීමට ලක්වේ. පාර්ලිමේන්තුව සම්මත කරන නීති වලින් බැහැර වන බවට කිසිවෙකුට කීමට අවස්ථාවක් නැතිවා මෙන්ම අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේ තමන් පාර්ශවයක් නොවුණ බවත්, එම අධිකරණ විසින් ලබා දෙන නඩු තීන්දු වලින් බැහැරවන බවට හෝ බැදී නො සිටින බවට කිසිවෙකුට කීමට අවස්ථාවක් නැත. ඒ අනුව ලංකාවේ නීති සාදන ආයතන 3ක් ඇත.
1.     පාර්ලිමේන්තුව
2.     අභියාචනාධිකරණය
3.     ශ්‍රේෂ්ඨාධිකරණය
ඒ ආයතන 3යි.

සංවර්ධනය වූ රටවල නීති පනවන ආකාරය

සංවර්ධනය වූ රටවල් ලෙස සැළකෙන ඇ. එ. ජනපදය, චීනය, ප්‍රංශය, රැසියාව, එංගලන්තය, ඉතාලිය, ජර්මනිය, ජපානය වැනි රටවල නීති පනවන ආයතන 2ම නීති පනවන්නේ එම රටවල බහුතර ජනතාවගේ භාෂාවෙනි. ඒ අනුව එම රටවල් ශිෂ්ට ලෙසත්, පිළිගත් නිර්ණායක අනුවත්, රටට හිතවත් ලෙසත්, නීතිය නොදැනීම සමාවට කණක් නොවේ යන මූලධර්මය මත පිහිටා නීති පැනවීම සිදු කරයි.

ලංකාවේ නීති පනවන ආකාරය

ලංකාවේ නීති සාදන ආයතන 3ක් ඇත.
1.     පාර්ලිමේන්තුව
2.     අභියාචනාධිකරණය
3.     ශ්‍රේෂ්ඨාධිකරණය
පාර්ලිමේන්තුව නීති පනවන්නේ පනත් සෑදීමෙනි. අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය නීති සාදන්නේ එකී පාර්ලිමේන්තුව සාදන පනත්වලට ජීවය සහ අර්ථය දීමෙනි.

1815 බ්‍රිතාන්‍යයන් ලංකාව යටත් කරගත් අවසථාවේ සිට නිදහස ලැබෙන අවස්ථාව දක්වාන නීති පනවන ලද්දේ සහ රාජාධිකරණ නඩු තීන්දු ලබා දෙන ලද්දේ ඉංග්‍රීසි භාෂවෙනි. මෙය ලොව පිළිගත් නීති පනවන ක්‍රමය නො වේ. රටක ජනතාවගේ භාෂාවෙන් ඉහළ අධිකරණ තීරණ සහ පාර්ලිමේන්තුව සම්මත කරන පනත් නො ලියවෙන අවස්ථාවක එය නිදහස්, ස්වෛරී, ස්වාධීන රාජ්‍යයක තත්ත්වය ලගා කර නො ගනී.
ඒ අනුව පාර්ලිමේන්තුව පනවන නීති (පනත්) සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂාවලින් පනවනු ලබයි. එහෙයින් පාර්ලිමේන්තුව පනවන නීතිය නො දන්නවා යැයි කියා පැවසීමමට ලංකාවේ කිසිම පුරවැසියකුට හැකියාවක් නැත. එහෙයින් පාර්ලිමේන්තුව පනවන නීති කියවා දැනගෙන ඒ අනුව තම චර්යාව හැඩගස්සවා ගැනීමට සෑම තැනැත්තෙකුටම එනම් දුප්පත් සහ පොහොසත් බේදයක් නොමැතිව, බලවත් සහ දුබල බේදයක් නො මැතිව හැකියාවක් ඇත. ඒ අනුව තීරණය කළ හැක්කේ ලංකාවේ පාර්ලිමේන්තුව ශිෂ්ට ලෙසත්, පිළිගත් නිර්ණායක අනුවත්, රටට හිතවත් ලෙසත්, නීතිය නොදැනීම සමාවට කරුණක් නො වේ යන මූලධර්මය මත පිහිටා නීති පැනවීම සිදු කරන බවයි.
එසේ වුවත් ලංකාවේ නීති සාදන අනෙක් ආයතනවන අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය නීති සාදන්නේ ලොව දියුණු රටවල පිළිගත් නිර්ණායකවලට අනුවද යන්න 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4. ඇ ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව සුපරීක්ෂාකාරී විය යුතුය. මන්ද අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය නීති සාදන්නේ සීමිත පිරිසකට එනම් පොහොසතුන්ට සහ බලවතුන්ට දැනගත හැකි ආකාරයට ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් බව පැහැදිලිවම පෙනෙන්ට තිබේ. අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නඩු තීන්දු ලබා දුන්නද ලංකාවේ සියලුම ජනතාව එම තීන්දු වලින් බන්ධනයක් ඇති කරයි. කිසිවකුට එකී නඩුවට තමා පාර්ශවයක් නොවූ බව පවසා එකී තීන්දුවෙන් බැහැරවීමට අයිතියක් හිමි නොවේ. එනම් ඉංග්‍රීසි භාෂාව නො දන්නා අයට තමන් ඉංග්‍රීසි නො දන්නේ යැයි පවසා එකී අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු වලින් බැහැර යාමට හැකියවක් නැත. මෙය ශිෂ්ට ලෙසත්, පිළිගත් නිර්ණායක අනුවත්, රටට හිතවත් ලෙසත්, නීතිය නො දැනීම සමාවට කරුණක් නො වේ යන මූලධර්මය මතත් පිහිටා විමසීමට ලක්කිරීමේදී නීතියේ පාලනයෙන් බැහැර කරුණු රැසක් දක්නට ලැබෙන බව පැහැදිලිය.

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නඩු තීන්දු ලබා දෙන ක්‍රමවේදය පිළිගත් තත්ත්වය නොවන බවට විවාදයක් තිබිය නො හැකිය. මන්ද නීති පැනවීමේදී ජනතාවගෙන් සගවා නීති පැනවීමක් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් අනුමත නො කරන හෙයිනි. නමුත් අද දිනයේද එම දෝශය දිගටම සිදුවන හෙයින් නම් කළ යුත්තේ බ්‍රිතාන්‍යයන් රජුට එරෙහිව වර්ෂ 1215 දී ගෙන එන ලද මැග්නා කාර්ටා මෙන් නිල ලියවිල්ලක් ජනතාව විසින් සිය පරමාධිපත්‍ය බලය යටතේ කෙටුම්පත් කිරීමට පියවර ගැනීමයි.

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බහුතර ජනතාවගේ නො වන භාෂවකින් නඩු තීන්දු ලබා දෙන ක්‍රමය වෙනස් කිරීම අධිකරණ අමාත්‍යංශය විසින් සිදු කළ යුතු නෛතික වගකීමක්ද වෙයි.

නීතීඥ අරුණ ලක්සිරි  උණවටුන  B.Sc(Col),PGDC(Col)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.