ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, June 5, 2017

බුද්ධ කාලීන සැබෑ බුදු දහම කුමක්ද?

බුදු දහම දැන් වසර ආසන්න වශයෙන් වසර දෙදහස් හයසීයක් තරම් පැරණිය.එහි ආරම්භක වකවානු තුළ පැවති ස්වරූපය කිසිවෙකුට නිශ්චිතව පැවසිය නොහැකිය.නමුත් අද පවතිනුයේ එදා බුදුන් ජීවත්ව වැඩ වසන සමයෙහි පැවති උන්වහන්සේගේ ඉගැන්වීම් බව අපි විශ්වාස කරන්නෙමු.පාරම්පරික බුදු දහම එසේ නැතහොත් ථේරවාදී සම්ප්‍රදාය දිගු කාලයක් තිස්සේ ජනප්‍රජාවගේ හදවත්තුළට රිංගවා ඇති අදහසේ හරය එයයි.කාලයක් තිස්සේ නිවැරදි දේ වශයෙන් කිසිදු ප්‍රශ්න කිරීමකින් තොරව මේ සියළුම පිළිගැනීම් ඒ අයුරින්ම මේ දක්වා අපි පවත්වාගෙන පැමිණෙන්නෙමු.එහි හරි වැරැද්ද කිසිදු ප්‍රශ්නකිරීමකින් තොරව අපි සියලු දෙනා ඒකමතිකව ගතානුගතිකව විශ්වාස කරන්නෙමු.ඊට පටහැනි වූ සියලු මතවාද ප්‍රකාශ කිරීම පමණක් නොව එසේ සිතීම පවා අවීචි මහනිරයේ හෙලන මට්ටමේ ආනන්තරිය පව්කමක් තරමට ප්‍රබල යැයි අපි අන්ධ ලෙස විශ්වාස කරන්නෙමු.ඔබ අයත් මේ සමාජකුලකයටම මමද අයත් වෙමි. පාරම්පරිකව හොඳ සිංහල බෞද්ධ දෙමාපිය පරපුරකින් පැවත එන බැවින් මමද ඔබ මෙන්ම බුදු දහමේ සාම්ප්‍රදායික මතවාද,විශ්වාසපිළිගත් කාලයක් තිබිණ.නමුදු සාම්ප්‍රදායික ප්‍රාචීන අධ්‍යාපනයෙන්ද බටහිර විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන්ද ලැබූ ශාස්ත්‍රීය ශික්ෂණයද විදර්ශනා භාවනා වැඩීමෙන් ලැබූ පුහුණුවද නිසා සාම්ප්‍රදායික ගැතිබවින් නිදහස්ව විචාරපූර්වක ආකල්පයකින් ඒ පිළිබඳව සිතීමට මට හැකියාවක් ලැබිණ.බුදු දහමේ ආදී කාලීන හැඩතල පිළිබඳව පර්යේෂණවල නියැලීමට අද මට කදිම පිටිවහලක්ව ඇත්තේ ඒ කරුණයි.

බුදු දහම මුල්කාලීන ස්වරූපයෙන් වෙනස්ව යාම ආරම්භවූයේ කෙදිනකදැයි නිශ්චිතව දැක්වීම අපහසු වුවද රහතන්වහන්සේ නමින් ප්‍රකට විමුක්තියට පත් පුද්ගලයන්ගේ ක්ෂයවීම සමඟම ආරම්භවූබව නම් පැවසීම අපහසු නැත.මන්ද දහම ප්‍රතිවේධකර එබඳු අවබෝධයකට පත්වීමට දහම නිර්මලව පැවතීම අවශ්‍ය වන බැවිනි.එසේ නම් අපට මෙහිදී ගැටළු කීපයක් ඇතිවීම නොවැළැක්විය හැකි කරුණක් වනු  ඇත.මේ පවතිනුයේ දහමේ පැවති හැඩය නොවේ නම් එහි නිවැරදි හැඩය කුමක් වියයුතුද? එසේ දහම වෙනස්වීමට හේතුව කුමක්ද?යනාදී ලෙස මේ පිළිබඳව ඔබට ගැවළු මාලාවක් ඇතිවන බව මම දනිමි. එසේ නමුදු මෙතැනදී නම් මම ඔබේ ඒ කිසිදු ගැටළුවකට පිළිතුරු නොදෙන්නෙමි.මම මට අවශ්‍ය සියල්ල පවසන්නෙමි.ඔබ එය කියවාගෙන යන්න.මගේ විග්‍රහකිරීම අවසානයේ ඔබගේ ගැටළු සියල්ලට නිසි පිළිතුරු ලැබෙනු ඇත.මන්ද එය විග්‍රහකිරීම අවශ්‍යය.එසේ නොමැතිව එක්වර එම ගැටළුවලට පිළිතුරු ලබාදීමට ගියහොත් ලබාදෙන ඒ පිළිතුරු නිසි පරිදි වටහාගැනීමට ඔබට අපහසුබව මා දන්නා බැවිනි. මා මෙහි 6 ඉලක්කම ඔබ ඉදිරියේ තබා ඔබගෙන් එම අංකය කුමක්දැයි අසන්නෙමි.එය අංක හය බව ඔබ පිලිතුරු දෙනු ඇත.නමුත් එය අංක නවය අනිත් පැත්තට සටහන් කිරීමබව පැවසිය හැකිය. එකම ඉලක්කම විවිධ පැතිවලින් නරඹන කීප දෙනෙකුට සංජානනයවනුයේ කීප ආකාරයකටය.බුදු දහම පිළිබඳවද මේ ප්‍රකාශය වලංගුය.එදා විවිධ අයට බුදුන් වහන්සේ ලබාදුන් උපදෙස්,විග්‍රහ අද අප වටහා ගනුයේද සංජානනය කරගනුයේද එදා ඒ අය ඒවා බුදුරදුන් වෙතින්ම සංජානනය කරගත් ආකාරයටම නොවේ.එසේම කටපාඩමින් රැකගෙන පරම්පරාවෙන් පවත්වාගෙන වසර දහස් ගණනක් තිස්සේ රැක ගෙන පැමිණියේද මුල්කාලීනව බුදු මුවින්ම දේශනාකළ අර්ථයෙන්ම නොව ඒ අයට සංජානන වන ස්වරූපයෙනි.මෙය කියවන ඔබ ගිහියෙකු හෝ පැවිද්දෙකු වියහැකිය.දහම පිළිබඳ දැනුම මඳ අවශේෂ සමාජයට මිසක මට ඔබගේ බාහිර හැඩය වැදගත් නැත.මට වඩාත් වැදගත් යමෙකුගේ මානසික හැඩයයි.
දහමේ මූලික හැඩය ප්‍රායෝගිකත්වයයි.ප්‍රායෝගිකත්වය නොමැති බුදුදහමක් බුදුන් වහන්සේ දේශනා නොකළ සේක.නමුදු අද ශේෂව පවතින බුදුදහමේ හැඩය සකස්ව ඇත්තේ එහි එදා පැවති සජීවිගුණය පවතින අයුරින් නොවේ.මූලිකපාලි දේශනා,අට්ඨකථා,ටීකා,ටිප්පනී,කෝෂ ග්‍රන්ථ මේ සියල්ලෙහිම මූලික අර්ථය බුද්ධ වචනය ශාස්ත්‍රීයව විග්‍රහකිරීමයි.මේ ශාස්ත්‍රීයත්වයතුළ ප්‍රායෝගිකත්වය ගිහිලීයාමට කරුණු සැලසී තිබේ.එදා පැවතියේ අලිඛිත දහමක් වුවද අද පවතිනුයේ ලිඛිත දහමකි.ලේඛගත පාලිය ද අද ව්‍යවහාර නොවන බසකි.සංරක්ෂණයට මූලික තැනක් දීමට සිදුවීම නිසාම නොදැනුවත්ව වාගේ ප්‍රායෝගිකත්වය පිළිබඳව අවධානය යොමුකිරීමට අවකාශ මඳවී ඇත.බුදුරදුන් ජීවමාන කාලයේදී උන් වහන්සේගේ අනුගමනය කිරීමෙන් ධර්මප්‍රතිවේධයට පත් විශාල පිරිසක් වූහ.එකල ධර්ම ඉගෙනීම හා ප්‍රතිවේධය යන දෙකම ස්වකීය කාර්යභාරයන් ලෙස සැලකිනි.බුදුරදුන් හා සමකාලීන ප්‍රමුඛ ශාවකයන් පිරිනිවීමෙන් පසු කාලයේදී ක්‍රමිකව සංරක්ෂණ අවශ්‍යතාව වඩාත් ඉස්මතුවිය.තවතවත් කල්ගතවීමේදී  ප්‍රතිවේධ අවශ්‍යතාව යටපත්කරමින් සංරක්ෂණ අවශ්‍යතාව මුල්තැනට පත්විය.ත්‍රිපිටක ධර්මසංගායනා පැවැත්වීම,ධර්මප්‍රචාරය යන කරුණුවලට එහිදී මූලිකත්වය ලැබිණ.එකම භික්ෂු පිරිස වුවද සංරක්ෂණ අවශ්‍යතාව හා ප්‍රතිවේධ අවශ්‍යතාව යන දෙආකාරයක අරමුණු පාදනම්කරගත් ගුරුකුල දෙකක් බවටද පත්විය.සංරක්ෂණ අවශ්‍යතාව අරමුණුකළ භික්ෂුගුරුකුලය ග්‍රාමවාසී යන නමින්ද ප්‍රතිවේධ අවශ්‍යතාව අරමුණු කරගත් භික්ෂු ගුරුකුලය ආරණ්‍යවාසී යන නමින්ද හැඳින්විණ.තවත් කල්ගතවීමේදී මේ පිරිස් දෙක අතරින් ග්‍රාමවාසී ගුරුකුලය ධම්මකථික ලෙසද ආරණ්‍යවාසී ගුරුකුලය පාංශුකුලික ලෙසද නම් විය. නියඟ,දුර්භික්ෂ,රෝගබිය ආදී ස්වභාවධර්මයෙහි අනර්ථකාලී බලපෑම හමුවේ කල්ගතවීමේදී ප්‍රතිවේධයට වඩා ධර්ම සංරක්ෂණ අවශ්‍යතාව මූලිකත්වය ගනු ලැබිණ.සසුන්ඉතිහාසයේ පැවති සුප්‍රසිද්ධ විවාදයකදී පංශුකූලිකයන් අභිභවා ධම්මකථිකයන් ජයගනුලැබීම මෙහි පැහැදිලි හැරවුම් ලක්ෂය සේ දැක්විය හැකිය.
සැබවින්ම ප්‍රතිවේධ ධර්මයක් ඇත.නමුදු එය අද පවතින ධර්මප්‍රතිරූපකයෙන් වැසී ඇත.එය යම් අයෙකු විසින් සිතාමතා කළ ක්‍රියාවක් නොවේ.කාලාන්තරයක් මුළුල්ලේ ක්‍රමිකව සිදුවූ දෙයකි.සැබෑ සජීවිබුදුදහම සොයා යා හැකිය.එය සෙවීමෙන් අත්පත් කරගත යුත්තකි.තමතමන්ගේ දෘෂ්ටිග්‍රහණය අනුව සිදුකරන්නා වූ අර්ථකථන නිසා සිදුවී ඇත්තේ දහමේ සැබෑ සජීවි ස්වරූපය වැසී යාමකි.දහමේ සැබෑ ස්වරූපය ප්‍රයත්න දරා හෙළිපෙහෙළි කර අවබෝධ කරගැනීමේ පොදු වුවමනාවක් මෙන්ම පෞද්ගලික වුවමනාවක් මාහටද ඇත.ලාබාල ගැටවර වියේ සිට මැදිවිය දක්වා ජීවිතයේ විශාල කාලසීමාවක් පාලි ත්‍රිපිටක දහම අධ්‍යයනය හා පර්යේෂණ කිරීමට මා කැපකලේද මේ නිසාමය.දැනට මා දන්නා හා අවබෝධකරගෙන ඇති බුදුදහම සමාජයේ ප්‍රචලිතව පවතින ජනප්‍රිය බුදු දහමෙන් වඩවඩාත් ඈතට ගොස් තිබේ.ඇතැම් දේ පැවසිය හැකිය නමුදු ඇතැම් දේ පැවසිය නොහැකිය.එසේ පැවසිය නොහැක්කේ පැවසුවහොත් ඔබ තදින් උරණවන බව මා හොදින්ම දන්නා නිසාය.සාම්ප්‍රදායිකව තදින් වැළඳගෙන සිටින ජනප්‍රිය මත කොපමණ නිවරදි දෙයක් පිණිස හෝ නැතිවයද්දී ගිහිපැවිදි භේදයකින් තොරව මිනිසුන් දැඩිව කෝපවනබව මම වටහාගෙන සිටිමි. මගේ ප්‍රතිරූපය පිළිබඳව කිසිදු ගැටළුවක් මට නැත.මම ප්‍රතිරූප නඩත්තු නොකරමි.නමුදු සාධිකාරී බවට ඇහුම්කන් දෙන ස්වරූපයක් සමාජයේ පවතින නිසා මෙසේ යම් තරමින් හෝ අදහසක් ඔබ වෙතට ගෙන ඒමට මට හැකිව ඇත.මෙය කියවන ඔබ මා මිථ්‍යාදෘෂ්ටිය ව්‍යාප්තකරන්නෙකු යැයි හංවඩු ගැසුවහොත් ඒ මතයම දරණ ඔබ වැනි තවත් අය සිටියහැකි නිසා ලිපි මඟින් මේ අදහස්ටිකවත් කීමට මට ‍නොහැකිවේ. එබැවින් වැරදි මත පිළිගන්නා බහුතරයක් මැද සම්පූර්ණ සත්‍යය දනිතත්,එය පැවසීමේ අනතුරක්ද තිබේ.
සජීවී සැබෑ මුල්කාලීන බුදු දහම අන්තවාදී බවින් තොරය.එසේම ස්වභාවය (nature) පාදක කරගත්තකි. බුදුරදුන් තමන්වහන්සේව හඳුන්වාගනු ලැබුවේ තථාගත යන පදයෙනි.එය පරමාර්ථ සත්‍ය අවබෝධකර ගත් තැනැත්තා හැඳින්වීමට යොදනලද පුරාණ යෙදුමකි.තථ යනු ස්වභාවය,පරමාර්ථය යන අරුත් දේ. ආගත නම් පාලි භාෂාවෙන් පැමිණි යන අරුතයි.තථ+ආගත=තථාගත ලෙස මෙය සැකසී ඇත. පරමාර්ථය හෙවත් ස්වභාවය අවබෝධ කරගත්,නැතහොත් පරමාර්ථයට හෙවත් ස්වභාවයට පැමිණි තැනැත්තා යන අදහස තථාගත යන පදයේ තිබේ. විශ්ව ක්‍රියාකාරීත්ව අනුව සිය පැවැත්ම සකස්කරගත් යන අදහසද මෙහි ගැබ්ව ඇත. සත්‍යාවබෝධයෙන් තොර සාමාන්‍ය අය විශ්වක්‍රියාකාරීත්වයට එරෙහිව යන්නන්ය. ඔවුන්තුළ පින්පව්,කුසල්අකුසල් මේ හේතුව මත පවතියි.පරිපූර්ණ වශයෙන් විශ්ව ක්‍රියාකාරීත්වයට අනුගතවූ අයගේ ක්‍රියා පින්පව්,කුසල්අකුසල් ආදියෙන් තොර පූර්ණ ක්‍රියාපමණක් වන්නේද එබැවිනි.විශ්වක්‍රියාකාරීත්වයට හේතුඵල ධර්මතාව පදනම්වේ.හේතුඵලධර්මතා අවබෝධයෙන් විශ්වක්‍රියාකාරීත්වයට අනුව සිය පැවැත්ම සකස්කරගත හැකිය.රහතන්වහන්සේ කෙනෙකු බිහිවනුයේ මේ පූර්ණ අවබෝධයට පත්වීම නිසාය.එය අවබෝධ කරගැනීම පහසු නැත.අපහසුද නැත. පහසු නැත්තේ ඔබ මේ තාක් දරණ සියලු දෘෂ්ටි මතවාද ආදියෙන් ඉවත්වීම පහසු දෙයක් නොවන බැවිනි. අපහසු නැත්තේ සියල්ලේ සැබෑ ස්වභාවය එය නිසාය. ස්වභාවය(nature) වෙතට අවධානය, සිහිය යොමු කිරීම විදර්ශනා භාවනාවේ මූලික ලක්ෂණයකි.ඔබගේ සිරුර, සිතිවිලි, ආවේග,කරුණු ආදී කුමන කරුණක් අරමුණු කරගෙන හෝ එහි මුලික ස්වභාවය පිරික්සීම විදර්ශනාභාවනාවේ මූලික කාර්යයි. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා,ධම්මානුපස්සනා ආදී වශයෙන් සතර ආකාරයකින් ස්වභාවය කෙරෙහි සිහියද අවධානයද යොමුකිරීම මෙහිදී සිදුවේ. එහිදී කිසිවක් යටපත් කරන්නේ නැත.කිසිවකින් පළායන්නේද නැත. සිහියෙන් හා අවධානයෙන් අරමුණ දෙස පිරික්සුම් නුවණ යොමු කිරීමක් පමණක් සිදුකරනු ලබයි.මේ පිරික්සීම නිසා නුවණ,සිහින දියුණු තියුණුව යයි. පිරික්සීම සමඟම වඩවඩාත් ස්වභාවය(nature) වෙතට අවධානය,සිහිය යොමුවේ. මනස,සිරුර දෙකම ස්වභාවයට අනුකූල වේ.සියළු කායිකක්‍රියා, සිතිවිලි, හැඟීම්, ආවේග,සියල්ලතුළ ස්වභාවය පමණක්ම දකියි.
මේ ගැඹුරු පරමාර්ථ තථය,වනාහී නිවනයි.නිවීම නම් ස්වභාවයෙන් ඔබ්බට යන්න යළිත් ස්වභාවය අනුව සකස්වීමතුළ දැනෙන මානසික සචේතනික බවයි. සෙලවීම, කැඩීම,බිඳීම ස්වභාවයෙහිම ලක්ෂණය මිසක අන්යමක් නොවනබවට ඇති අවබෝධය සිත ගැඹුරු නිශ්චලත්වයට පමුණුවයි.කාය,චිත්ත ක්‍රියාකාරීත්ව දෙකෙහි සමෝධානික තුළින් විශ්වක්‍රියාකාරීත්වය අවබෝධකර ගැනීම නිසා සිත අකෝප්‍ය බවට පත්වේ. සමස්ත විශ්වක්‍රියාකාරීත්වයතුළ පුද්ගල සම්මුතිය දියැවී යයි. පුද්ගල අනන්‍යතා ගොඩනැඟීම නතර කරයි. මේ ගැඹුරු අවබෝධයතුළ පුද්ගලයෙකු නැත. විශ්වක්‍රියාකාරීත්වය අනුව නාමකය පවත්වයි.ස්නායුපද්ධති පවතින නිසා වේදනා දැනීම් තිබුණද ඒ වේදනා දැනීම්ද විශ්වක්‍රියාකාරීත්වයේ ලක්ෂණයක් මිසක පුද්ගල ලක්ෂණ ලෙස නොදකියි.විශ්වයේ පවතින සියළු ධර්මතාවලට හිතකර ලෙසටම සිය නාමකය පවත්වයි. පුහුදුන් බවේ ලක්ෂණ පුද්ගල ප්‍රතිලාභයි. ආර්ය බවේ ලක්ෂණ විශ්ව ධර්මතාවලට හිතකරවන ප්‍රතිලාභයි. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරමාස, කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන දිට්ඨි, අවිජ්ජා ආදී  සේ විග්‍රහවූ සංයෝජන හටගැනීමට මුල්වනුයේ පුද්ගල ප්‍රතිලාභයි.පුද්ගල ප්‍රතිලාභවල සිට විශ්ව ප්‍රතිලාභ කරා නාමකය සකස්වනුයේ සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් ආදී අනුක්‍රමික මානසික මට්ටම් ලෙසිනි. 

ත්‍රිපිටචාකාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.