ජාතිවාදී හැඟීම් අවුස්සන ඇතැම් දේශපාලනඥයන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් රජය කිසිදු පියවරක් නොගෙන ඊට ප්‍රතිචාර දක්වන භික්ෂූන් වහන්සේලා නිහඬ කිරීම සඳහා රජය දරන උත්සාහයට බලවත් අප්‍රසාදය පළ කරන බව සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥනරතන හිමියෝ නිවේදනය කර සිටියි.
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභා රැස්වීමේදී ගත් තීන්දු පිළිබඳව අස්ගිරි නාහිමියන් රජය වෙත නිකුත් කරනු ලැබූ සම්පූර්ණ නිවේදනය මෙසේය.
අප මාතෘභූමියටත්, සිංහල ජාතියටත්, සම්බුද්ධ ශාසනයටත්, යම් අභියෝගයක් පැමිණි කල එහි ආරක්ෂාව වෙනුවෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේ හැම කල්හිම ජීවිත පරිත්‍යාගයෙන් යුතුව ක්‍රියා කළ බව අප කවුරුත් දන්නා කරුණකි. වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ සිංහල ජාතියටත්, බෞද්ධ භික්ෂූන් වහන්සේටත් මුහුණ දීමට ඇති අභියෝග හමුවේ තවදුරටත් නිහඬව සිටීම යෝග්‍ය නොවන බව අපගේ හැඟීමයි.
එය භික්ෂුන් වහන්සේ සතු ඓතිහාසික වගකීම පැහැර හැරීමක් වනවා සේම, අනාගතයේ පිළියම් කළ නොහැකි ගැටලු රාශියකට අපට මුහුණ දීමට එය තුළින් ඉඩකඩ සැකසෙනවා ඇත. මේ නිසා අප අස්ගිරි මහා විහාරයේ කාරක මහා සංඝ සභාව පහත සඳහන් කරුණු කෙරෙහි සංහිඳියාවෙන් යුතු සමාජයක් ගොඩනැඟීමට ප්රයත්න දරන ජනාධිපතිතුමන්, අගමැතිතුමන් ප්රමුඛ රජයේ අවධානය යොමු කරනු කැමැත්තෙමු.
ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවගේ ආවේගකාරී හැසිරීම් රටාව හා අදහස් ප්‍රකාශන ශෛලය අප කිසිසේත් අනුමත නොකරන නමුත්, උන්වහන්සේගේ මතවාදය බැහැර නොකරන්නෙමු. උන්වහන්සේ ඉදිරිපත් කරන කරුණුවල සත්‍ය අසත්‍යතාවය සොයා බලා පිළියම් කරනු වෙනුවට එම සිදුවීම් උපයෝගී කරගනිමින් සමස්ත භික්ෂු සමාජයම අවඥවට ලක් කරමින් වාමාංශික යයි කියාගන්නා සහ බෞද්ධ පරිසරයක හැදුන වැඩුන දේශපාලනඥයන්ද, සමාජ ක්‍රියාකාරීන් හා විවිධ සංවිධාන කිසිදු ගෞරවයකින් තොරව භික්ෂූන් වහන්සේලා විවේචනය කරමින්, නම පමණක් කියමින්, ආමන්ත්‍රණය කරමින් ප්රවෘත්ති සාකච්ඡා නිවේදන හා ලිපි පළකිරීම් අප තරයේ හෙළා දකින අතර අපගේ සිංහල හා බෞද්ධ සංස්කෘතිය තුළ අතීතයේ පටන් පැවත එන පරිද්දෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් සිය නමින් ඇමතිය හැක්කේ වැඩිහිටි භික්ෂුවකට පමණක්ය යන්න ද මෙහිදී සිහිපත් කරමු.
ජාතිවාදී හැඟීම් අවුස්සන ඇතැම් දේශපාලනඥයන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් රජය කිසිදු පියවරක් නොගෙන ඊට ප්‍රතිචාර දක්වන භික්ෂූන් වහන්සේලා නිහඬ කිරීම සඳහා රජය දරන උත්සාහයට අපගේ බලවත් අප්‍රසාධය පළකරන අතර මේ නිසා ඉදිරියේදී රට තුළ නොසන්සුන්කාරී පසුබිමක් ඇතිවුවහොත් ඒ සම්බන්ධ සම්පූර්ණ වගකීම දැඩිසේ අවධාරණය කරමු.
පවත්නා නීති රීති වෙනස් කිරීමට යැමෙන් අර්බුදකාරී වටාපිටාවක් සමාජය තුළ ඇතිවීමට හේතුවක් වන බවක් ද පෙනී යයි. සිංහල හා බෞද්ධයන් එල්ලකරගෙන සිදුකරනු ලබන නව නීති රීති හඳුන්වා දීමට යැම මෙම අර්බුදයට මූලිකම හේතුවයි. එබැවින් පවත්නා නීති රීතිවල යම් වරදක් තිබේ නම් පමණක් ඒ පිළිබඳ සාකච්ඡා කොට තීරණයකට එළඹිය යුතු නමුත් පවත්නා නීති රීති, ගැටලුකාරී තත්ත්වයන් ප්‍රමාණවත් බව අපගේ හැඟීමයි. ජාතික සංහිඳියාවට මුවා වී සිදුකරනු ලබන රක්ෂිත හා ඒ ආශ්රිත ඉඩම් මංකොල්ලය, උතුරු නැඟෙනහිර පුරාවස්තු විනාශ කිරීම, වහා නතර කිරීමට රජය කටයුතු කළ යුතු බව වහා අවධාරණය කරන අතර මේ සඳහා ජනාධිපතිතුමාගේ මැදිහත්වීම තවදුරටත් සිදුවිය යුතු බව අවධාරණය කරමු. භික්ෂූන් වහන්සේලා අතීතයේ සිට වැඩ වාසය කරමින් දියුණුවට පත් කළ ඓතිහාසික සිද්ධස්ථාන පාලනයට පුරාවිද්‍යා විෂය භාර අමාත්‍යවරයා අත්තනෝමතිකව කටයුතු කරමින් පෞරාණික සිද්ධස්ථාන ආරක්ෂා කිරීම හා සංවර්ධනය පසෙක තබා එම ස්ථාන සංචාරක පාරාදීසයන් බවට පත් කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ගය වහා නතර කළ යුතු බව දැනුම් දෙමු.
සිංහල ජාතිය වඳ කිරීමට ඇතැමුන් ගන්නා උත්සාහයන් පිළිබඳව පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය මගින් විවිධ වාර්තාවන් පළ කරන අතර ඒවගේ සත්‍ය අසත්‍යතාව සොයා නිසි පියවර ගැනීම රජයේ සුවිශේෂ වගකීමක් බව සිහිපත් කරමු. නිරන්තරයෙන් සිංහල බෞද්ධ ජනතාව මෙන්ම භික්ෂූන් වහන්සේලා අප දැනුවත් කරන අතර ඒ අනුව බුදුදහමට එරෙහිව බෞද්ධයන් කියාගන්නා පිරිස් මෙන්ම අන්‍යාගමිකයන් විසින් කරනු ලබන විවිධ ප්‍රකාශන හේතුවෙන් බොහෝ සේ පාරම්පරික බෞද්ධ චර්යාධර්මවලට අනුකූල සිංහල සමාජය වියරුවට මංපෙත් විවර කරන මෙහෙයුමක් ක්‍රියාත්මකව පවත්නා බව දැනගන්නට ඇත. එසේම බුදුදහම හා බෞද්ධ සංස්කෘතිය විකෘති කරන ප්‍රකාශන පාලනය කිරීම සඳහා රජය මගින් කෙටුම්පත් කර ඇති බෞද්ධ ප්‍රකාශන නියාමන පනත් කෙටුම්පත වහාම සම්මත කොට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද අවධාරණය කරමු.
ලංකාවේ බෞද්ධ ජනතාව නිරන්තරයෙන්ම අන්‍යාගම්වලට ගරු කරමින් එසේම ඒවායේ පැවැත්ම සඳහා කටයුතු කළ පිරිසක් බව මෙරට සියලු අන්‍යාගමිකයන් තරයේ සිත් තබාගත යුතු කරුණකි. එවැනි සහනශීලීත්වයක් ලබාදුන් බෞද්ධ හර පද්ධතියට නිගරු කරන අන්‍යාගමික ක්‍රියාවන් අපි තරයේ හෙළා දකිමු. එබැවින් දේශීය හා විදේශීය කුමන්ත්‍රණ තුළින් සිංහල බෞද්ධයාට සිදුවන මෙම අසාධාරණ හමුවේ ෙත්‍රෙනිකායික මහ නාහිමිවරු ප්රමුඛ මහා සංඝරත්නයත්, දේශහිතෛෂී ජනතා බලවේගයත් එක්සත්ව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කර සිටිමු.
සංඝ සභා සම්මතයෙන් සකස් වූ මෙම නිවේදනය අස්ගිරි විහාර පාර්ශ්වයේ මහා නායක ස්ථවිරයන් වන මා විසින් පිළිගෙන ප්‍රකාශයට පත් කරමි.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Wednesday, June 21, 2017
තවත් නිහඬ වනු බෑ.. භික්ෂුන් නිහඩ කිරීමට ගන්නා උත්සාහයට අප විරුද්ධයි..-
Posted by
lankanews
at
June 21, 2017
Labels: anti Buddhist, asgiri himi, bbs, bodubala sena, dambara amila, galaboda aththe gnanasara himi, gamini viyangoda, malwathu asgiri, puravesi peramuna, sanhidiyawa, yahapalanaya
තවත් නිහඬ වනු බෑ.. භික්ෂුන් නිහඩ කිරීමට ගන්නා උත්සාහයට අප විරුද්ධයි..-
2017-06-21T22:59:00+02:00
lankanews
anti Buddhist|asgiri himi|bbs|bodubala sena|dambara amila|galaboda aththe gnanasara himi|gamini viyangoda|malwathu asgiri|puravesi peramuna|sanhidiyawa|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
