ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, June 4, 2017

“තමාගේ නඩුවට තමාටම පෙනී සිටීම”

නීතිය නො දැනීම සමාවට කරුණක් නො වේ යන්න සහ තමාගේ නඩුවට තමාටම පෙනී සිටීමට ඇති අයිතිය
බහුතරයක් වූ සිංහල ජනතාවට වලංගු නො වේ.
 නීතිය නො දැනීම සමාවට කරුණක් නො වේයන්න නීතියේ පිළිගත් නීති සිද්ධාන්තයකි. එය සෑම රටකම පිළිගත් නීති කරුණකි. මන්ද නීතිය නො දන්නවා යන්න හෝ අවබෝධයක් නො තිබුණාය යන්න මේ නීති සිද්ධාන්තය මගින් පූර්ණ ලෙසම බැහැර කරවයි. ලංදේසි යුගයේ සිටම බටහිර ජාතීන්ගේ අධිකාරියට යටත් වී සිටි ලාංකිකයින් 1815 සිට නීති පනවා ගත්තේ ඉංග්‍රීසි භාෂාවෙනි. නීති පමණක් නොව අනු නීති වන ගැසට් පත්‍ර පවා පළ කරවා ගත්තේ ඉංග්‍රීසියෙනි.
එමෙන්ම තමාගේ නඩුවට තමාටම පෙනී සිටීමටහෝ නීතීඥවරයෙකු මගින් පෙනී සිටීමට ඇති අයිතියද ලෝකය පිළිගත් නීතියේ පාලනයේ ලක්ෂණයකි.

ඒ අනුව වර්ෂ 1815 සිට නීතිය නො දැනීම සමාවට කරුණක් නො වේයන්න සහ තමාගේ නඩුවට තමාටම පෙනී සිටීමටඇති අයිතිය සිංහල බස කථාකරන බහුතරයක් වූ ලංකාවට වලංගු නො වූයේ තමන් නො දන්නා භාෂාවකින් නීති පැනවෙන සහ නඩු විභාග කෙරෙමින් පැවති විටය.
වර්ෂ 1948 ලංකාවට නිදහස ලැබුණ බව පැවසුවද ඉහත නීතිය නො දැනීම සමාවට කරුණක් නො වේයන්න සහ තමාගේ නඩුවට තමාටම පෙනී සිටීමේ අයිතියලංකාවේ බහුතර සිංහල ජනතාවට වලංගු වීමක් වර්තමානයේ පවා සිදු වී නැති බව පෙන්වා දීම මෙම ලිපියේ අරමුණයි.
නීතිය නො දැනීම සමාවට කරුණක් නො වේයන්නට සහ තමාගේ නඩුවට තමාටම පෙනී සිටීමටයන්නට පනවනු ලබන නීති ගැන ජනතාවට අවබෝධයක් ලැබීමට පරිසරයක් තිබිය යුතුය. ඒ සදහා නීතීඥවරයෙකු ම විය යුතු නැත. ස්වාධීන රටවල රජයන් විසින් සියලු නීති සහ අනු නීති ජනතාවගේ භාෂාවෙන් පළ කිරීම මගින් නීතිය නො දැනීම සමාවට කරුණක් නො වේයන්න සහ තමාගේ නඩුවට තමාටම පෙනී සිටීමසදහා අවශ්‍ය පසුබිම සකස් කිරීම සිදු කරයි. දියුණු යැයි සැළකෙන ප්‍රංශය, එංගලන්තය, ඇ. එ. ජනපදය, චීනය, ජපානය, රැසියාව වැනි රටවල් එහි බහුතර ජනතාවගේ භාෂාවෙන් නීති සම්පාදනය කිරීමත්, නඩු විභාග කිරීමත්, නඩු තීන්දු ලබා දීමත් සිදු කරයි.

“නීතිය නො දැනීම සමාවට කරුණක් නො වේ” (Ignorantiajuris non excusat)යන්න නීතියේ පිළිගත් නීති සිද්ධාන්තයකි. එය සෑම රටකම පිළිගත් නීති කරුණකි. මන්ද නීතිය නො දන්නවා යන්න හෝ අවබෝධයක් නො තිබුණාය යන්න මේ නීති සිද්ධාන්තය මගින් පූර්ණ ලෙසම බැහැර කරවයි. ලංදේසි යුගයේ සිටම බටහිර ජාතීන්ගේ අධිකාරයට යටත් වී සිටි ලාංකිකයින් 1815 සිට නීති පනවා ගත්තේ ඉංග්‍රීසි භාෂාවෙනි. නීති පමණක් නොව අනු නීති වන ගැසට් පත්‍ර නිවේදන පවා පළ කරවා ගත්තේ ඉංග්‍රීසියෙනි.
එමෙන්ම “තමාගේ නඩුවට තමාටම පෙනී සිටීමට” හෝ නීතීඥවරයෙකු මගින් පෙනී සිටීමට ඇති අයිතියද ලෝකය පිළිගත් නීතියේ පාලනයේ මූලික ලක්ෂණයකි.
ඒ අනුව වර්ෂ 1815 සිට “නීතිය නො දැනීම සමාවට කරුණක් නො වේ” යන්න සහ “තමාගේ නඩුවට තමාටම පෙනී සිටීමට” ඇති අයිතිය සිංහල බස කථාකරන බහුතරයක් වූ ලාංකිකයන්ට වලංගු කර ඇත්තේ තමුන් නො දන්නා භාෂාවකින් නීති පැනවෙන සහ නඩු විභාග කෙරෙමින් පැවති අවස්ථා වලදීය.
වර්ෂ 1948 ලංකාවට නිදහස ලැබුණ බව පැවසුවද ඉහත “නීතිය නො දැනීම සමාවට කරුණක් නො වේ” යන්න සහ “තමාගේ නඩුවට තමාටම පෙනී සිටීමේ අයිතිය” ලංකාවේ බහුතර සිංහල ජනතාවට වලංගු වීමක් වර්තමානයේ පවා සිදු වී තිබේද? යන්න විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි.
“නීතිය නො දැනීම සමාවට කරුණක් නො වේ” යන්නට සහ “තමාගේ නඩුවට තමාටම පෙනී සිටීමට” යන්නට පනවනු ලබන නීති ගැන ජනතාවට අවබෝධයක් ලැබීමට පරිසරයක් තිබිය යුතුය. ඒ සදහා නීතීඥවරයෙකු ම විය යුතු නැත. ස්වාධීන රටවල රජයන් විසින් සියලු නීති සහ අනු නීති ජනතාවගේ භාෂාවෙන් පළ කිරීම මගින් “නීතිය නො දැනීම සමාවට කරුණක් නො වේ” යන්න සහ “තමාගේ නඩුවට තමාටම පෙනී සිටීම” සදහා අවශ්‍ය පසුබිම සකස් කිරීම සිදු කරයි. දියුණු යැයි සැළකෙන ප්‍රංශය, එංගලන්තය, ඇ. එ. ජනපදය, චීනය, ජපානය, රුසියාව වැනි රටවල් එහි බහුතර ජනතාවගේ භාෂාවෙන් නීති සම්පාදනය කිරීමත්, නඩු විභාග කිරීමත්, නඩු තීන්දු ලබා දීමත් සිදු කරයි.
නීති මූලාශ්‍ර
නීති මූලාශ්‍ර යනු නීතිය සොයා ගත හැක්කේ කොහෙන්ද? යන්නයි. නීති මූලාශ්‍ර යන කාණ්ඩයට පාර්ලිමේන්තුව සම්මත කරන පනත් මෙන්ම ඉහළ අධිකරණ තීරණ ද යන දෙකම ඇතුළත් වෙයි. එනම් නීතිය දැනගැනීමේදී පාර්ලිමේන්තුව සම්මත කරන පනත් මෙන්ම ඉහළ අධිකරණ තීරණ ද දැනගෙන තිබම අනිවාර්‍යය/ අත්‍යවශ්‍ය වෙයි. සංවර්ධිත රටවල පාර්ලිමේන්තුව සම්මත කරන පනත් මෙන්ම ඉහළ අධිකරණ තීරණ ද එම රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් ලබා දෙන හෙයින් එම රටවල ජනතාව නීතියේ මූලාශ්‍ර පිළිබද පැහැදිලි අවබෝධයක්/ දැනීමක් ලබා ඇත.පොදු තත්ත්වය වන්නේ යමක් පිළිබද දැනීමක් හෝ අවබෝධයක් ලබා ගැනීමට පළමුව කියවීමට හැකි විය යුතු වීමය.ප්‍රංශය, එංගලන්තය, ඇ. එ. ජනපදය, චීනය, ජපානය, රුසියාව වැනි රටවල් බහුතර ජනතාවගේ භාෂාවෙන් පාර්ලිමේන්තුව සම්මත කරන පනත් මෙන්ම ඉහළ අධිකරණ තීරණ ද ලබා දෙන හෙයින් “නීතිය නො දැනීම සමාවට කරුණක් නො වේ” යන්න සදහා අවශ්‍ය සියලු නිර්ණාකයන් එම රටවල ජනතාවට වලංගුය.
මෙම ලිපිය මගින් විසදීමට යන්නේ සංවර්ධිත රටවල පවතින එකී තත්ත්වය ලංකාවේ බහුතරයක් වූ සිංහල ජනතාවට ද වලංගු වේද? යන පැනයට පිළිතුරයි. ලංකාවේ පාලන ආයතන තවමත් පාලනය වන්නේ යටත් විජිත තත්ත්වයේ ආකාරයෙන් හෙයින් එයට පිළිතුරු සෙවීම අසීරු නොවේ. පැටලී ගිය නූල් බෝලයක පැටලුම් ලෙහන ආකාරයට සියුම්ව සහ නීතියට අනුව පිළිතුරු සෙවීමට මෙම ලිපියෙන් ලංකාවේ බහුතරයක් වූ සිංහල ජනතාව දිශානති කිරීම ද අපේක්ෂා කරයි.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් “නීතිය නො දැනීම සමාවට කරුණක් නො වේ” යන්න සහ “තමාගේ නඩුවට තමාටම පෙනී සිටීමට” ඇති අයිතිය ස්ථිර කර තිබේද?
වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාවේ මෙසේ දැක්වේ.

“ශ්‍රී බුද්ධ වර්ෂයෙන් දෙදහස් පන්සිය විසි එක් වැන්නෙහි අධි නිකිණි මස පුර සටවක් නම් තිථීය ලත් දවස හෙවත් වර්ෂ එක්දහස් නවසිය සැත්තෑ හතක් වූ ජූලි මස විසි එක් වන ගුරු දින ශ්‍රීලංකාවාසී ජනතාව විසින් නිදහසේ ප්‍රකාශ කොට දෙන ලද වරමෙන්, ප්‍රජාතාන්තිකසමාජවාදීජනරජයක අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස නව ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමටත්, සම්මත කිරීමටත්, ක්‍රියාත්මක කිරීමටත් එදින තෝරා පත් කර ගන්නා ලද නියෝජිතයන්ට භාර කොට බලය පවරා දෙනු ලැබූ හෙයින් ද නියෝජන ප්‍රජාතන්තවාදය පිළිබඳ ස්ථීරසාර ජනරජ මූලධර්ම තහවුරු කරන්නාවූත් ශ්‍රීලංකාවාසී ජනතාවගේ මතු පරම්පරා වලද ධර්මිෂ්ට නිවහල් සමාජයක් බිහිකිරීමෙහිලා සහ සුරක්ෂිත කිරීමෙහිලා ඒ පරම්පරා විසින් දරන්නාවූ ප්‍රයත්නයේ දීසහාය වීමට පැමිණෙන සකල ලෝකවාසීන්ගේ ද අභිමානය සහ සමෘද්ධිය සහතික කෙරෙන අස්පර්ශනීය උරුමයක් ලෙස නිදහස, සමානාත්මතාව, යුක්තිය මූලික මානව අයිතිවාසිකම් හා අධිකරණයේ ස්වාධිනත්වය සකල ජනතාවට සහතික කරන්නාවූත් ප්‍රජාතාන්තික සමාජවාදීජනරජයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා, ඒ වරම අනුව සහ ඉමහත් බහුතර ඡන්දයෙන් තෝරා පත් කර ගනු ලැබූ එකී නියෝජිතයන් කෙරෙහි තැබූ විශ්වාසය අනුව ගෞරව බහුමානයෙන් අධිෂ්ඨාන කරන ලද හෙයින් දනිදහස් ලෙස තේරී පත් වූ ශ්‍රී ලංකාවාසී ජනතාවගේ නියෝජිතයන් වන අපි ජනතාව කෙරෙහි අපගේ ඇති බැදීම් නිහතමානයෙන් පිළිගනිමින්, පුද්ගල අභිමානය සහ නිදහස සහතික කෙරෙන ආකාරයෙන් ද සාධාරණ සමාජ, ආර්ථික සහ සංස්කෘතික පදනමක් ඉදිවන ආකාරයෙන් ද රටේ සමගිය පුනර්ස්ථාපනය වන ආකාරයෙන් ද සෙසු ජාතීන් සමග සුහදතාව වර්ධනය වන ආකාරයෙන් ද ස්වකීය අයිතිවාසිකම් සහ වරප්‍රසාද යළි දිනාගෙන ආරක්ෂා කරගැනීම පිණිස ඒ ජනතාව කළ වීරෝදාර සහ අප්‍රතිහත අරගලය කෘතඥතා පූර්වකව සිහිපත් කරමින්, එකී වරම ප්‍රකාරශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදීජනරජයේඋත්තරීතර නීතියලෙස මේආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවමෙයින් සම්මත කොටපනවම්හ.”
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාව දෙස බලන විට ලංකාවේ පවතින නීති මූලාශ්‍ර සහ අධිකරණයේ භූමිකාව “නීතිය නො දැනීම සමාවට කරුණක් නො වේ” යන්න සහ “තමාගේ නඩුවට තමාටම පෙනී සිටීමට” ඇති අයිතිය ස්ථිර කර ඇති බව පෙනී යයි. මතු පිටින් එසේ පෙනී ගියද නිවැරදි තත්ත්වය කුමක්ද යන්න විමසීමට ලක් කළ යුතුය.

එමෙන්ම වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1වැනි ව්‍යවස්ථාවේ ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී, ස්වාධීන, ප්‍රජාතාන්තික සමාජවාදීජනරජයකි. ශ්‍රී ලංකාව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදීජනරජය යනුවෙන් හඳුන්වනු ලැබේ ලෙස ව්‍යවස්ථා ගත කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වැනි ව්‍යවස්ථාවේශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපතය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ ය. පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේ ය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුළත් වන්නේ ය. ලෙස ව්‍යවස්ථා ගත කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.1වැනි ව්‍යවස්ථාවේ
  1. (1) නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද, සර්ව සාධාරණ විය යුත්තේ ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.2වැනි ව්‍යවස්ථාවේකිසිම පුරවැසියක වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොවිය යුත්තේ ය. ලෙස ව්‍යවස්ථා ගත කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.2වැනි ව්‍යවස්ථාවේ දක්වා ඇති වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොකිරීම පහත දැක්වෙන් සීමාවන්ට යටත් කර ඇත.
එනම්….
එසේ වුවද, රජයේ සේවයේ, අධිකරණ සේවයේ, පළාත් පාලන සේවයේ නැතහොත් යම් රාජ්‍ය සංස්ථාවක සේවයේ යම් සේවා නියුක්තියක හෝ ධුරයක කාර්ය ඉටුකිරීම සඳහා යම් තැනැත්තකු යම් භාෂාවක් පිළිබඳ ප්‍රමාණවත් දැනීමක් ඇතිව සිටීම සාධාරණව අවශහ් වන අවස්ථාවක ඒ සේවා නියුක්තිය හෝ ධුරය සඳහා සුදුසුකමක් වශයෙන් ඒ භාෂාව පිළිබඳ එසේ ප්‍රමාණවත් දැනීමක් සාධාරණ කාලයක් තුළදීලබාගත යුතු යයි එවැනි තැනැත්තකුට නියම කිරීම නීත්‍යානුකූල වන්නේ ය:
එසේම තව දුරටත්, එවැනි යම් සේවා නියුක්තියක හෝ ධුරයක හෝ කිසිදු කර්තව්යෙඅයක් යම් භාෂාවක් පිළිබඳ දැනීම ඇත්තේ නම් මිස ඉටු කළ නොහැකිවන අවස්ථාවලදී, ඒ සේවා නියුක්තියට හෝ ධුරයට හෝ ඇතුළත් කර ගැනීමේ සුදුසුකමක් වශයෙන් යම් තැනැත්තකුට ඒ භාෂාව පිළිබඳ ප්‍රමාණවත් දැනීමක් තිබිය යුතු යයි නියම කිරීම නීත්‍යනුකූල වන්නේ ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.2වැනි ව්‍යවස්ථාවේ දක්වා ඇති වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජන නොකිරීම ඉහත දැක්වෙන් සීමාවන්ට යටත් කර තිබුණද එය කිසි විටක ලංකාවේ බහුතරයක් වූ සිංහල ජනතාවට “නීතිය නො දැනීම සමාවට කරුණක් නො වේ” යන්නට  සහ “තමාගේ නඩුවට තමාටම පෙනී සිටීමට” ඇති අයිතියට පටහැනිව නීති මූලාශ්‍ර පවත්වාගෙන යාමට සහ නඩත්තු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණවිනිසුරුවරුන්ටඅභිමතය දීමක් ලෙස සැළකිය නො හැකිය.

තමාගේ නඩුවට තමාටම පෙනී සිටීමට ඇති අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ආරක්ෂා කර දී ඇති ආකාරය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13. (1) ව්‍යවස්ථා මගින් නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව මිස කිසිම තැනැත්තකු සිරභාරයට ගැනීම නොකළ යුත්තේ ය. යම් තැනැත්තකු සිරභාරයට ගනු ලබන්නේ යම් හේතුවක් මත ද ඒ හේතුව ඒ තැනැත්තාට දැන්විය යුත්තේ ය.ලෙස නියම කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13. (3) ව්‍යවස්ථා මගින්වරදක් සම්බන්ධයෙන් යම් තැනැත්තකුට විරුද්ධව චෝදනා නගනු ලැබ ඇත්තේ ද, ඒ තැනැත්තාට, නිසි අධිකරණයක් විසින් පවත්වනු ලබන සාධාරණ නඩු විභාගයක දීපෞද්ගලිකව ම හෝ නීතිඥවරයකු මගින් හෝ කරුණු ක්‍රියා සිටීමට හිමිකම් ඇත්තේ ය.ලෙස නියම කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13. (5) ව්‍යවස්ථා මගින් වරදකරු යයි ඔප්පු කරනු ලබන තෙක් සෑම තැනැත්තකු ම නිර්දෝෂී යයි පුර්වානුමාන කළ යුත්තේ ය… ලෙස දක්වා ඇති අතර එසේ වුව ද, විශේෂ වූ සිද්ධි ඔප්පු කිරීමේ භාරය, චූදිත තැනැත්තකු වෙත නීතියෙන් පවරනු ලැබිය හැක්කේ ය. ලෙස නියම කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 ව්‍යවස්ථාවේ නඩු කටයුතුවලදී ප්‍රසිද්ධියේ නඩු විභාග පැවැත්විය යුතු බව ට නියම කර ඇති අතර එයට සීමාවක් ලෙස දක්වා ඇත්තේ සීමිත අවස්ථාවලදී පමණක් නඩු කටයුතුවලට කෙළින් ම සම්බන්ධතාවක් නොමැති තැනැත්තන් අධිකරණයෙන් බැහැර කළ හැකි බව දක්වා ඇත.
එකී 106 ව්‍යවස්ථාව මෙසේ ය.
  1. (1) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යටතේ පිහිටුවන ලද නැතහොත් පාර්ලිමේන්තුව විසින් නියම කොට පිහිටුවන ලද සෑම අධිකරණයක ම, සෑම විනිශ්චය අධිකාරයක ම හෝ වෙනත් සෑම ආයතනයක ම නඩු විභාග, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව ප්‍රසිද්ධියේ පැවැත්විය යුත්තේ ය. සියලූ තැනැත්තන්ට, ඒ නඩු විභාගවලට නිදහසේ පැමිණ සිටීමට හිමිකම් ඇත්තේ ය.
  2. (2) එවැනි යම් අධිකරණයක, විනිශ්චය අධිකාරයක හෝ වෙනත් ආයතනයක විනිශ්චයකාරවරයකු හෝ මූලාසනාරූඨ නිලධරයකු විසින්, යෝග්‍ය යයි තමා සලකන කවර අවස්ථාවක දීවුව ද ස්වකීය අභිමතය පරිදි,
(අ) පවුලේ අනොන්‍ය සම්බන්ධතා පිළිබඳ වූ නඩු කටයුතුවල දීහෝ
(ආ) ලිංගික කාරණා පිළිබඳ වූ නඩු කටයුතුවල දීහෝ
(ඇ) රාජ්‍ය ආරක්ෂාව හෝ මහජන ආරක්ෂාව තහවුරු කිරීම පිණිසහෝ
(ඈ) ඒ අධිකරණයේ, විනිශ්චය අධිකාරයේ හෝ වෙනත් ආයතනයේ සීමාව ඇතුළත යථා පැවැත්ම සහ සුරක්ෂිතභාවය තහවුරු කිරීම පිණිස,
ඒ අධිකරණයේ, විනිශ්චය අධිකරණයේ හෝ වෙනත් ආයතනයේ නඩු කටයුතුවලට කෙළින් ම සම්බන්ධතාවක් නොමැති තැනැත්තන් ඉන් බැහැර කළ හැක්කේ ය.

“තමාගේ නඩුවට තමාටම පෙනී සිටීමට” ඇති අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් ආරක්ෂා කර දී ඇති තවත් ව්‍යවස්ථාවකි 126. 2 ව්‍යවස්ථාව. එහි මෙසේ දැක්වේ.

“තමාට සම්බන්ධ එවැනි යම් මූලික අයිතිවාසිකමක් නැතහොත් භාෂා අයිතිවාසිකම යම් විධායක ක්‍රියාවක් මගින් හෝ පරිපාලන ක්‍රියාවක් මගින් කඩ කොට ඇති බවට හෝ කඩ කිරීමට අත්‍යාසන්නව පවතින බවට යම් තැනැත්තකු විසින් දෝෂාරෝපණයක් කරනු ලබන අවස්ථාවක ඔහු විසින් ම නැතහොත් ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයකුගේ මාර්ගයෙන්, එතැන් පටන් මාසයක් ඇතුළත, එම කඩ කිරීමෙන් සහනයක් හෝ පිහිටක් ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටින ඉල්ලීමක්, තත්කාලයේ බලපවත්නා අධිකරණ රීතිවලට අනුකූලව ශ්‍රේෂ්ඨාධිකරණය අමතා ඉදිරිපත් කරන ලිඛිත පෙත්සමක් මගින් කළ හැක්කේ ය. එවැනි ඉල්ලීමක් පිළිබඳව ක්‍රියා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයයෙන් පූර්ව අවසරයක් ලබා ගැනීමෙන් පසුව පමණක් එවැනි ඉල්ලීමක් පිළිබඳව ක්‍රියා කරගෙන යා හැක්කේ ය. එසේ අවසරය ඉල්ලා සිටි විට අවස්ථාවෝචිත පරිදිඒ අවසරය ප්‍රදානය කිරීම හෝ අවසරය දීම ප්‍රතික්ෂේප කිරීම හෝ විනිශ්චයකාරවරයන් දෙදෙනකුට නොඅඩු සංඛ්‍යාවක් විසින් කළ හැක්කේ ය. ”

“තමාගේ නඩුවට තමාටම පෙනී සිටීමට” ඇති අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් ආරක්ෂා කර දී ඇති ඉතා වැදගත් අනු ව්‍යවස්ථා දෙකකි 134.2 සහ 134.3 අනු ව්‍යවස්ථා. ඒවා මෙසේ ය.

134.2 ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ස්වකීය අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමේ දීඒ යම් නඩු කටයුත්තක කවර වූ හෝ පාර්ශ්වකරුවකුට ඒ නඩු කටයුත්තේ දීපෞද්ගලිකව ම හෝ නීතිඥවරයකු මගින් නියෝජනය කරනු ලැබීමෙන් හෝ කරුණු කියා සිටීමට අයිතිවාසිකම් ඇත්තේ ය.

134.3 ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ පරිච්ඡේදය යටතේ ස්වකීය අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමේ දීවෙනත් යම් තැනැත්තකුට හෝ වෙනත් යම් තැනැත්තකුගේ නීත්‍යනුකූල නියෝජිතයාට හෝ අවශහ් යයි අධිකරණයට පෙනී යා හැකි පරිදිකරුණු කියා සිටීමට ස්වකීය අභිමතය පරිදිඉඩ සැලසිය හැක්කේ ය.

ඉහත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන මෙන්ම නීතිය නො දැනීම සමාවට කරුණක් නො වේ යන්න සහ තමාගේ නඩුවට තමාටම පෙනී සිටීමට ඇති අයිතිය ස්ථිර කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධානයක් ලෙස 23.4 අනු ව්‍යවස්ථාවද සැළකිය හැකිය.
එය මෙසේ ය.
23.4ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීම ආරම්භ වීමට පෙරාතුව බලාත්මක වූ සියලු නීති සහ අනු නීති හැකිතාක් ඉක්මනින් සිංහල සහ දෙමළ භාෂාවලින් ගැසට් පත්‍රයෙහි පළ කරනු ලැබිය යුත්තේ ය.

එමෙන්ම අධිකරණ ඉදිරයේ අභියෝග කළ නොහැකි වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ vi වැනි පරිච්ඡේදයවනරාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම්පරිච්ඡේදයේ 27.6 අනු ව්‍යවස්ථාවද නීතියනොදැනීමසමාවටකරුණක්නොවේයන්නසහතමාගේනඩුවටතමාටමපෙනීසිටීමටඇතිඅයිතියස්ථිරකළ සහ එහි වගකීම රජයට පැවරී ඇති අනු ව්‍යවස්ථාවකි.
එය මෙසේය.
කිසිම පුරවැසියකු, වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ රැකියාව හේතුවෙන් යම් කිසි අශක්නුතාවකට පත් නොවන පරිදිපුරවැසියන්ට දියුණු වීමට සම ප්‍රස්තාවන් සැලසීමට රජය වගබලා ගත යුත්තේ ය.

ඉහත ව්‍යවස්ථා සමග කියවීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 23. (1)ව්‍යවස්ථාව විධායකය සහ ව්‍යවස්ථාදායකය විසින් බහුතර සිංහල ජනතාවගේ  නීතිය නො දැනීම සමාවට කරුණක් නො වේ යන්න සහ තමාගේ නඩුවට තමාටම පෙනී සිටීමට ඇති අයිතිය ස්ථිර කළ වැදගත් අනු ව්‍යවස්ථාවක් ලෙස සැළකිය හැකිය.

එය මෙසේ ය.
  1. (1) ව්‍යවස්ථාවේ සියලු ම නීති සහ අනු නීති පැනවීම නැතහොත් සෑදිම ද, එකී සියලු ම නීති සහ අනු නීති පළ කිරීම ද, ඉංග්‍රීසි භාෂාවෙන් වූ පරිවර්තනයක් ද ඇතිව සිංහල සහ දෙමළ භාෂා දෙකෙන් ම විය යුත්තේ ය ලෙස දැක් වේ.

නීතිය නො දැනීම සමාවට කරුණක් නො වේයන්න සහ තමාගේ නඩුවට තමාටම පෙනී සිටීමසදහා අවශ්‍ය තත්ත්වයන් පනත් වලට අදාලව පාර්ලිමේන්තුව විසින් සපුරා තිබේද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 3, 12.1, 12.2, 13.1, 13.3, 13.5, 23.1, 23.4, 27.6, 106, 126.2  134.2 සහ 134.3 ව්‍යවස්ථා සහ අනු ව්‍යවස්ථා සැළකීමේදී   ලංකාවේ බහුතර ජනතාව වන සිංහල ජනතාවට පාර්ලිමේන්තුව විසින් පනවන ලද නීති/පනත් වලට අදාලව “නීතිය නො දැනීම සමාවට කරුණක් නො වේ” යන්න සහ “තමාගේ නඩුවට තමාටම පෙනී සිටීම” සදහා අවශ්‍ය තත්ත්වයන් සපුරා ඇති බව පෙනී යයි.
එහෙත් නීතියේ අනෙක් මූලාශ්‍රය වන උපරිමාධිකරණ නඩු තීන්දු මගින් පහළ අධිකරණ සහ ජනතාව බැද තබනඑනම් අධිකරණ පූර්ව නිදර්ශන ක්‍රියාවලියේදී ලංකාවේ බහුතරයක් වූ සිංහල ජනතාවට මේ වනතෙක්“නීතිය නො දැනීම සමාවට කරුණක් නො වේ” යන්න සහ “තමාගේ නඩුවට තමාටම පෙනී සිටීම” සදහා අවශ්‍ය තත්ත්වයන් සපුරා දී නැති බවත් පැහැදිලි වේ. එය තවදුරටත් පැහැදිලි කිරීම අවශ්‍ය වෙයි. එනම් අධිකරණය නඩු විභාග කිරීමේදී පාර්ලිමේන්තුව සම්මත කරන නීති මත පිහිටාම කටයුතු නො කරයි.
අධිකරණය විසින් සිය තීන්දුවට එළඹීමේදී  ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය විසින් පෙර ලබා දී ඇති තීන්දු කෙරෙහිද අවධානය යොමු කරයි. එහිදී“නීතිය නො දැනීම සමාවට කරුණක් නො වේ” යන්න නිවැරදි නොවන බවත් “තමාගේ නඩුවට තමාටම පෙනී සිටීම” සදහා ඇති අයිතිය අහිමි වී ඇති බවත් බහුතරයක් වූ සිංහලයන්ට බලපාන්නේ ඒ අවස්ථාවේ දී ය. ඉහත පාර්ලිමේන්තුව සම්මත කරන නීති මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය මෙයට පෙර ලබා දී ඇති නඩු තීන්දු කෙරෙහි අවධානය යොමු කිරීමේදී ද අධිකරණයේ අවධානය යොමු කළ යුත්තේ බහුතර සිංහල ජනතාවට “නීතිය නො දැනීම සමාවට කරුණක් නො වේ” යන්න සහ“තමාගේ නඩුවට තමාටම පෙනී සිටීම” සදහා අයිතිය ආරක්ෂා කර දී තිබුණේද යන්නයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 3, 12.1, 12.2, 13.1, 13.3, 13.5, 23.1, 23.4, 27.6, 106, 126.2  134.2 සහ 134.3 ව්‍යවස්ථාවල හැකි තරම් “නීතිය නො දැනීම සමාවට කරුණක් නො වේ” යන්න සහ “තමාගේ නඩුවට තමාටම පෙනී සිටීම” අයිතිය ආරක්ෂා කර දුන්නදශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණවිනිසුරුවරුතමන්ගේ නඩු තීන්දු ලිවීමේදී එකී අයිතිය ආරක්ෂා කරන ආකාරයට කටයුතු කරන්නේද යන්න ජනතාව සැළකිල්ලට ලක් කළ යුතුය. මෙය විනිසුරුවරුන්ට හිම පහසුකම් හෝ භාෂාව පිළිබද ගැටළුවක් පමණක් විය නො හැකිය. මෙය ජනතාවගේ . “නීතිය නො දැනීම සමාවට කරුණක් නො වේ” යන්න සහ “තමාගේ නඩුවට තමාටම පෙනී සිටීම” ඇති අයිතිය පිළිබද වූ ජනතාවගේ පරමාධිපතය සම්බන්ධ ගැටළුවකි. මෙය විසදා දීම පාර්ලිමේන්තුව විසින් කළ යුත්තකි.
නීතියේ පාලනය පැවතිය යුතු රටක් ලෙස ශ්‍රී ලංකාවේ විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ යන පාලන ආයතන ත්‍රිත්වය බහුතර සිංහල ජනතාව කෙරෙහි සිදුකරන මේ අසාධාරණය සම්බන්ධව බුද්ධියෙන් විමසා පිළියම් යෙදීම වහා ඇරඹිය යුතුය.
ඒ අනුව “නීතිය නො දැනීම සමාවට කරුණක් නො වේ”යන්න නිවැරදිව අදාල වීමට සහ “තමාගේ නඩුවට තමාටම පෙනී සිටීම”ඇත් අයිතිය ආරක්ෂා වීමසදහා නීතියේ මූලාශ්‍රයක් වන උපරිමාධිකරණ නඩු තීන්දු ලංකාවේ බහුතරයක් වන සිංහල ජනතාවගේ භාෂාවෙන් ලබා දීම අත්‍යවශ්‍ය වෙයි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර දැනට වසර 40කට ආසන්න කාළයක් ගත වුණද ලංකාවේ බහුතරයක් වූ සිංහල ජනතාවට සිදු වී ඇති මේ අසාධාරණය ගැන විවෘත සාකච්ඡාවක් මෙතෙක් ඇති වී නො තිබීම රටේ ජනතාවගේ නෛතික සාක්ෂරතාවයේ සහ නීතියේ පාලනයේ දුර්වල මට්ටමත් ජනතාවගේ නෛතික නිදහසේ තත්ත්වයත් මැනවින්කියා පායි.
ලංකාවේ උපරිමාධිකරණ වන ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය විසින් තීන්දු ලබා දෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි. 1815 සිට බ්‍රිතාන්‍යයන් ඉංග්‍රීසියෙන් පමණක් නීති පනවමින් සහ නඩු තීන්දු ලබා දෙමින් ලංකාවේ ජනතාව පාලනය කළා මෙන් වර්තමානයේද උපරිමාධිකරණ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නඩු තීන්දු ලබා දෙමින් සිංහල ජනතාවට හිමි විය යුතු“නීතිය නො දැනීම සමාවට කරුණක් නො වේ” යන්නට පැටහැනිව සහ “තමාගේ නඩුවට තමාටම පෙනී සිටීම” සදහා ඇති අයිතිය අහිමි කරමින් සිටිති.
මෙම ලිපිය ආරම්භයේ දී දක්වා ඇති පරිදි දියුණු රටවල තත්ත්වයත් ලංකාවේ පවතින තත්ත්වයත් නීතියේ පාලනයේදී සමාන නො වේ. එම රටවල ශ්‍රේෂ්ඨාධිකරණ රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් සිය තීන්දු ලබා දෙන හෙයින් බහුතර ජනතාවගෙන් සගවා නඩු තීන්දු ලබා දෙමින් විනිසුරුවරුන්ට ක්‍රියා කළ හැකි පරිසරයක් තැනීම වළක්වාගෙන ඇත. නමුත් ලංකාවේ නීතිමය තත්ත්වය එසේ නො වේ. ලංකාවේ උපරිමාධිකරණ විනිසුරුවරුන් ලබා දෙන තීන්දු බහුතරයක් වූ සිංහල ජනතාවගේ භාෂාවෙන් ලබා නො දෙන හෙයින් බහුතර ජනතාවක් වෙත එකී තීන්දුවල ඇති නෛතික තත්ත්වය හෝ පැහැදිලි කිරීම ලගා නොවේ.
මුල් නඩු තීන්දුව තම භාෂාවෙන් කියවීමටසිංහල ජනතාවට අවස්ථාව නො ලැබෙන අතර පුවත් පත් වාර්තා හෝ වෙනත් නීතිමය නොවන මාර්ගයෙන් පමණක් අසම්පූර්ණ තොරතුරු ලබා ගනී. බහුතර ජනතාවට එහි නිවැරදි තත්ත්වය සංනිවේදනය නො වේ. එනම් උපරිමාධිකරණ විනිසුරුවරුන් සිය තීන්දු ලංකාවේ බහුතර ජනතාවගේ භාෂාවෙන් විවෘත නො කර සුළු පිරිසකට පමණක් විවෘත වන පරිදි ඉංග්‍රීසියෙන් පමණක් ලබා දීමෙන් සමාජයට බලවත් නෛතික අකටයුත්තක් සිදු කරයි. මෙය නීතියේ පාලනය පවතින රටකටකිසිසේත් සුදුසු නො වේ. ලංකාවේ බහුතරයක් වූ සිංහල ජනතාවට නො තේරෙන ලෙස ඉංග්‍රීසියෙන් පමණක් සිය තීන්දු ලබා දෙමින් අධිකරණ පූර්ව නිදර්ශන න්‍යාය අනුව ජනතාව එකී තීන්දු වලින් බැද දැමීම පාර්ලිමේන්තුව විසින් වහා පාලනය කළ යුතුය.
වර්තමානයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු තීන්දු ලියන ආකාරය සැළකිල්ලට ලක් කිරීමේ දී ලංකාවේ ජීවත්වන සීමිත පිරිසකට“නීතිය නො දැනීම සමාවට කරුණක් නො වේ” යන්න සහ “තමාගේ නඩුවට තමාටම පෙනී සිටීම” සදහා ඇති අයිතිය ආරක්ෂා කරන ආකාරයට ලියවෙනු දක්නට ලැබේ. එමගින් බහුතර සිංහල ජනතාවට බලවත් අසාධාරණයක් වීම නොවැළක්විය හැකිය. මන්ද රටේ බහුතරයක් වූ සිංහල ජනතාවට “නීතිය නො දැනීම සමාවට කරුණක් නො වේ” යන්න සහ “තමාගේ නඩුවට තමාටම පෙනී සිටීම” සදහා ඇති අයිතිය මෙහිදී උල්ලංඝණය වන හෙයිනි.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4.ඇ ව්‍යවස්ථාව අනුව නීතිය අනුව පාර්ලිමේන්තුව විසින් ම ක්‍රියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද, පරිහාර හා බලතල සම්බන්ධයෙන් විනා ජනතාවගේ අධිකරණ බලය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කොට පිහිටුවන ලද හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගන්නා ලද නැතහොත් වෙනත් යම් නීතියකින් ඇති කොට පිහිටුවන ලද අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන මගින් පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කළ යුත්තේ ය, යන විධානය අනුව ක්‍රියා කරමින්බහුතර සිංහල ජනතාවට උපරිමාධිකරණ මගින් සිදුවෙමින් පවතිනමේ වෙනස්කම නිවැරදි කිරීමට පාර්ලිමේන්තුව ක්‍රියා කළ යුතුය. එසේ නොකර බහුතර සිංහල ජනතාවට “නීතිය නො දැනීම සමාවට කරුණක් නො වේ” සහ “තමාගේ නඩුවට තමාටම පෙනී සිටීම” සදහා අයිතිය ඇති බව ප්‍රකාශ කිරීම සුදුසු නො වේ. සාධාරණ නො වේ. ඒ මත පිහිටා දඩුවම් නියම් කිරීම යුක්ති සහගත නො වේ.
1970 සමගි පෙරමුණු ආණ්ඩුව බලයට පැමිණීමට පෙරද ලංකාවේ නීති කටයුතුවල අභියාචනා විභාග කළ එංගලන්තයේ රාජාධිකරණයේ විනිසුරුවරුන්ද මේ වැරැද්ද මේ අකාරයටම සිදු කළහ. වැරද්දක් නිවැරදි කිරීම ලැජ්ජාවට හේතු නොවේ. මන්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වැනි ව්‍යවස්ථාව අනුවශ්‍රීලංකා ජනරජයේ පරමාධිපතය පිහිටා ඇත්තේ ජනතාව කෙරෙහි ය.එහිදී ලංකාවේ බහුතරයක් වූ සිංහල ජනතාවට අහිමි වී ඇති“නීතිය නො දැනීම සමාවට කරුණක් නො වේ” යන්න සහ “තමාගේ නඩුවට තමාටම පෙනී සිටීම” සදහා ඇති අයිතිය දආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙළ ගැසීමට ජනතාවට අයිතියක් ඇත.
සාමාප්තිය
එංගලන්තයේ රාජාධිකරණය සතු කරගෙන තිබූ අභියාචනා අධිකරණ බලය ඉවත් කරනු ලැබූයේත්, වර්තමානයේ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවන ලද්දේත් ජනතාවගේ පරමාධිපතය බලය යෙදවීම මගිනි.
ලංකාවේ විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලධාරීන් මේ සම්බන්ධව විමසිලිමත් වී නීතියේ පාලනය තහවුරු කරනු ඇතැයිද, බහුතර ජනතාවගේද නෛතික අයිතිවාසිකම් තහවුරු කරනු ඇතැයි ද සිංහල ජනතාව බලාපොරොත්තු සහගත විය යුතුය.
රටක ජනතාවගේ නෛතික සාක්ෂරතාවය වර්ධනය කිරීම සදහාත් විදේශීය රටවල නෛතික බලපෑම් වලින් ආරක්ෂා වීම සදහාත් එම රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු තීන්දු ලිවීම අත්‍යවශ්‍යවෙයි.
එසේ නොකර ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීමෙන් හෝ විශ්‍රාමික විනිසුරුවරුන් ඒවාට පත් කළ පමණින් හෝ නීතියේ පාලනය තහවුරු නොවේ. සිදුවන්නේ නීතියේ පාලනය කිහිප දෙනෙකුගේ හිත සුව පිණිස පමණක් යෙදවමයි.ඉන් බලවත් අගතියක් වන්නේ බහුතර සිංහල ජනතාවට ය.

නීතීඥ අරුණ ලක්සිරි  උණවටුන
 B.Sc(Col),PGDC(Col)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.